Monday, May 16, 2011

නිවැරදි ශ්‍රී සම්බුද්ධ ජන්ම කේන්ද්‍රය කුමක්ද?

 ක්‍රි.ව 1956 වසරේදී බුද්ධ ජයන්තියක් ලෝකයේ බෞද්ධ රටවල් සියල්ල වාගේ එකතුව මහා ඉහලින් සැමරූ බවත් එය 2500 වැනි බුද්ධ ජයන්තිය ලෙස සැමරූ බවත් මගේ වැඩිහිටියන් විසින් පවසා ඇත.1956 වසරේදී 2500 වැනි බුද්ධ ජයන්තිය සැමරුම තිබුණි නම් 2011 වසරේදී යෙදෙන්නේ 2550 වැනි සැමරුම විය යුතු වුවත් 2600 වැනි සම්බුද්ධජයන්තිය ලෙස ලේබල් කර ඇත්තේ මන්දැයි අයකුට ගැටළුවක් පැන නැගිය හැක.2011 වසරේ වෙසක් පෝ දිනට බුදු රදුන් බුදුවී වසර 2600කි.පිරිනිවන් පා වසර  2550 කි.මෙම සැමරුම් දෙකේ වෙනස දැන් වැටහේ යැයි සිතමි.ඒ පිළිබදව ඊට වැඩි විස්තරයක් අනවශ්‍යය.

 මේලිපිය ලිවීමේ ප්‍රධාන අරමුන ලෙස දැක්විය යුත්තේ ගෞතම මුනිදුන්ගේ සත්‍ය ජන්ම කේන්ද්‍රය පිළිබදව අදහස් දැක්වීමක් කිරීමය.මෙය කියන විටම ඇතැම් අයට එකවරම සිතට එන්නේ ජ්‍යොතිෂය බුද්ධාගමට සම්බන්ධ කිරීමට මේ ලේඛකයා උත්සාහ කිරීමකට සූදානම් වීමක් බවයි.එය වැරදි වැටහීමකි.මා කිසි විටෙක මේ බ්ලොගය තුල බුදුදහම හා ජ්‍යොතිෂය එකිනෙකට සම්බන්ධ කොට ලිපි දක්වා නැත.බුදුදහම ජ්‍යොතිෂය හෝ වෙනත් විද්‍යාවක් අනුසාරයෙන් විග්‍රහ කිරීම අමනෝඥ ක්‍රියාවකි.මා මෙහිදී කතා බහ කරන්නේ බුද්ධ කේන්ද්‍රය පිළිබදව පමනි.බුද්ධ කේන්ද්‍රය පිළිබදව වැඩිපුර කතා කරමින් ඒ අනුව  බුද්ධ චරිතයේ විශේෂ අවස්ථා කීපයක් පිළිබදව කතා කරනවා හැර උත්තරීතරවූ බුදු දහමට ජ්‍යොතිෂය සම්බන්ධ කිරීමක් මෙම ලිපිය තුල නොවන බව අවධාරණය කළ යුතුය.ගෞතම බුද්ධ ශාසනය තුල මුලින්ම රහත් භාවයට පත්වූයේද දෛවඥයෙක් බව කීවොත් ඔබ මා සමඟ උරණ වනු ඇත.නමුත් එය සත්‍යයකි.සිදුහත් කුමරුගේ නම් තැබීමේ උත්සව අවස්ථාවට පැමිණි දෛවඥ බමුනන් අතර සිටි ලාබාලතමයා වූ කොණ්ඩඤ්ඤ  බමුණා කුමරුගේ නළලේ වූ දක්‍ෂිණාවෘත ඌර්ණ රෝම ධාතුව හා වෙනත් පුරුෂ ලක්‍ෂණ සලකා සිදුහත් කුමරා ඒකාන්තයෙන් බුදුවන බව අනාගත වාක්‍ය පැවසුවේ ජ්‍යොතිෂයේම අංගයක් වූ දේහ ලක්‍ෂණ විද්‍යාව අනුව සලකමිනි.එමෙන්ම සිදුහත් කුමරුගේ නම් තැබීමේ උළෙලට සහභාගී වූ අනිත් බමුණන්ද පසුව එය වටහා ගෙන සිදුහත් කුමරු බුදුවන විට තමන් ජීවත්ව නොසිටියත් ඒ වන විට ජීවත් වන කොණ්ඩඤ්ඤ බමුණා සමග බුදුන්ගෙන් ප්‍රථම ධර්මය ඇසීමට තම දරුවන් හතර දෙනෙකු කොණ්ඩඤ්ඤ බමුණාගේ ප්‍රධානත්වයට භාර කළේය.පස්වග මහනුන්ගෙන් ඉතිරි හතර දෙනා මෙම පිරිසයි.
   සිදුහත් බෝසතානන්ගේ ජන්ම කේන්ද්‍රය පිළිබදව මත කිහිපයකි.නාඩි පත් තීරුවල ලියවුනු කේන්ද්‍ර හා විවිධ ජ්‍යොතිෂ පඩිවරු දක්වා ඇති ආකාරයට බුද්ධ කේන්ද්‍රය සදහා නිර්දේශ කේන්ද්‍ර සටහන් සංඛ්‍යාව 10 කට නොඅඩු ගනනකි.ජ්‍යොතිෂයේදී වේදයේදී හා අන්තර්ජාතිකව භාවිතා කෙරෙන වර්ෂ ක්‍රම නිසා ඇතිවන පැටලීම් වෙනස්කම් නිසා මෙලෙස බුද්ධ කේන්ද්‍රය සදහා විවිධාකාරවූ නිර්දේශ කේන්ද්‍ර සටහන් ඉදිරිපත් වී ඇති බව දැක්විය හැක.ඇත්තටම වසර 2500 ක් යනු කාල වකවානු දින පැටලීමට තරම් විශාල කාලයක් නොවේ.බුද්ධ කේන්ද්‍රය පිළිබදව විස්තර දැක්වීමට පෙර ඉහත සදහන් කළ වර්ෂ ක්‍රම පිළිබදව විස්තර කිරීමක් අත්‍යාවශ්‍ය බැවින් ඉතා සරල වශයෙන් එම වර්ෂ ක්‍රම ගැන පත දක්වා ඇත.


 ක්‍රිස්තු වර්ෂ ක්‍රමය.
      මෙය විසින් අංකනය කෙරෙන දින දර්ශන යුගය පදනම් වී ඇත්තේ ජේසුස් වහන්සේගේ උපත හෝ පිළිසිඳීම සිදුවූවා යැයි සාම්ප්‍රදායිකව පිළිගැනෙන වසර මතය. මෙම යුගය ඇරඹීමට පෙර වූ කාලවකවානුව හැඳින්වීමට සිංහල භාෂාවෙහි භාවිත වන්නේ ක්‍රිපූ හෝ ක්‍රී.පූ. ලෙස සංක්‍ෂිප්ත කෙරෙන ක්‍රිස්තු පූර්ව යන්නයි.
වසර 525 දී ක්‍රිස්තු වර්ෂ දින වකවානු ක්‍රමය සකස් කෙරුනද, මෙම කුමය බටහිර යුරෝපයෙහි ප්‍රචලිත ලෙස භාවිත වීම සිදුවූයේ 8වන සියවසෙහිදීය. කතෝලික විශ්වකෝෂයට අනුව, පාප් වහන්සේ තුමන් පවා ලිපි ලේඛන මත දින යෙදුවේ රාජ්‍යත්ව වර්ෂයන් අනුව වන අතර, ක්‍රිව භාවිතය ක්‍රමයෙන් යුරෝපය තුල සාමාන්‍ය භාවිතයක් බවට පත් වූයේ 11වන සිට 14වන සියවස අතරතුර කාල වකවානුවේදීය.ඳ4ක්‍ෂ වසර 1422 දී, ක්‍රිස්තු වර්ෂ ක්‍රමය අනුගමනය කිරීමට එකඟ වූ අවසාන බටහිර යුරෝපීය රට බවට පෘතුගාලය පත්විය.
     මෙම වර්ෂ ක්‍රමයේදී ජූලියන් හා ජෝර්ජියන් ලෙස කැළැන්ඩර් ක්‍රම දෙකක් ඇති අතර ජූලියන් කැළැන්ඩරය ජූලියස් සීසර් විසින් භාවිතය ආරම්භ කළ බවත  බවත් සදහන්ය ජෝර්ජියන් කළෙැන්ඩරය පිළිබද විස්තරයක් මෙතනින් බලන්න
පසු කලෙක නැවත එය සංශෝධනය කළ නිසා අද වන විට ජෝර්ජියන් හා ජූලියන් කැළැන්ඩර එක සමානය.මේ වනවිට ගතවන්නේ 2011 වෙනි ක්‍රිස්තු වර්ෂයයි.


 ශ්‍රී බුද්ධ වර්ෂ ක්‍රමය.
     ගෞතම බුදු රදුන්ගේ පරිනිර්වානය සිදුවූ වෙසක් පෝ දිනයේ සිට ඊලඟ වෙසක් පෝය දක්වා වූ වසරක කාලය මිණුමක් ලෙස මෙම වර්ෂ ක්‍රමය නිර්මාණය වී ඇත .ඒ අනුව මේවනවිට ගතවන්නේ 2555 වෙනි ශ්‍රී බුද්ධ වර්ෂයයි.


 ශක වර්ෂ ක්‍රමය.(සූර්ය වර්ෂ ක්‍රමය.)
     ශක වර්ෂ ( = ශාලිවාහන ශක වර්ෂ) යනු සූර්ය වර්ෂ සඳහා සිංහලයන් භාවිතාකරන වර්ෂ ක්‍රමයයි.
මෙම ක්‍රමයම Hindu calendars, the Indian national calendar, and the Cambodian Buddhist calendar ද භාවිත කරයි.
ක්‍රි.ව.78 දී මෙම වර්ශ ක්‍රමය ආරම්භ විය.
සතවාහන අධිරාජ්‍යයයේ ((Satavahana) ශාලිවාහන රජ ((Shalivahana) ( ගෞතම්පුත්‍ර සතකර්ණී නමින්ද හැදින් වූ) තමන් ක්‍රි.ව.78දී අවන්ති නුවර (Ujjain city) වික්‍රමාදිත්තට විරුද්ධව ලැබූ විජයග්‍රහණය සැමරීමට ශාලිවහන ශක වර්ෂ ක්‍රමයය ආරම්භය කලේය. ජග්‍රහණයෙන් පසු සක Western Satraps රාජධානිය පිහිටුවන ලදී, එය ශත වර්ෂ 3 කටත් වැඩි කාලයක් පැවතින.සූර්යයා මිනයේ සිට මේෂයට සංක්‍රමනය වීම සමග මෙම ශක වර්ෂ ක්‍රමය හෙවත් සූර්ය වර්ෂ ක්‍රමය ආරම්භවේ.මේ ගත වන්නේ 1933 වෙනි ශක වර්ෂයයි.
   කිස්තු වර්ෂ ක්‍රමය තුල මාස දින සදහා ජනවාරි,පෙබරවාරි,....... හා ඉරිදා,සදුදා ...... යෙදීම් වෙනුවට මෙහිදී දුරුතු,නවම්,මැදින්,... යන චන්ද්‍ර මාස හා රවි,චන්ද්‍ර,කුජ,.... දින ක්‍රමය යොදා ගැනේ.
   මෙහි ඇති විශේෂත්වය වන්නේ ක්‍රිස්තු වර්ෂ ක්‍රමයේ මෙන් එක් එක් මාසයට විවිධවූ දින ගනන්(ජනවාරි 31,පෙබරවාරි 28 ආදී) වෙනුවට චන්ද්‍රයාගේ ගමනින් සෑදුනු පෑලවිය,දියවක,...පසලොස්වක හෝ අමාවක ආදී ලෙස වූ පුර හා අව පස තිථි 30කින් සෑම චන්ද්‍ර මාසයක්ම ක්‍රමානුකූලව ලැබීම ගෙවීම සිදු වීමයි.දිනය ආරම්භයද ක්‍රිස්තු වර්ෂ ක්‍රමයේ මෙන් රාත්‍රී 12 ට නොව එදිනෙදා සූර්ය උදාව අනුවය.


 කලියුග වර්ෂ ක්‍රමයඃ
     සූර්ය සිද්ධාන්ත ක්‍රමය අනුව පෘථිවියට නිශ්චිත ආයු කාලයක් දක්වා ඇත.කෙසේ වෙතත් මේ මතය අනුව පෘථිවියේ ආයුෂ ලෙස දක්‌වා ඇත්තේ සන්ධි සහිත මනුෂ්‍ය කල්ප 14 කි. කල්පයක්‌ යනු කාලසීමාව නිශ්චිත ඉලක්‌කම් ගණනකින් දැක්‌විය හැකි නොවේ. බුදු දහමේ සාසප සූත්‍රයේ එය පැහැදිලි කරන්නේ උපමාවකිනි. යොදුනක්‌ උස යොදුනක්‌ පළල භාජනයකට අබ ඇට පුරවා වසරකට වතාවක්‌ එයින් එක අබ ඇටයක්‌ ඉවත් කළ ද කල්පය යනු ඒ භාජනයේ අබ ඇට සියල්ලම හිස්‌වන කැලයටත් වඩා දිගු එකකි. සූර්ය සිද්ධාන්තයේ විස්‌තර කෙරෙන්නේ මනුෂ්‍ය කල්පයකට මහා යුග 71 ක්‌ ඇති බවකි. එම යුගයක කාලය සූර්ය වර්ෂ 4320000 කි. ඒ අනුව එම සංඛ්‍යාව හැත්තෑ එකෙන් වැඩිකර මනුෂ්‍ය කල්පයකට ඇති සූර්ය වර්ෂ ද එම පිළිතුර දාහතරෙන් වැඩි කළවිට සූර්ය වර්ෂවලත් පෘථිවියේ ආයුෂ ද ලබාගත හැකි වේ. 
   කෙසේ වෙතත් මෙම මහා යුගයක කාලයද කෘත, ත්‍රෙතා, ද්වාපාර සහ කලි යුගය වශයෙන් යුග හතරකට බෙදා තිබේ. ලෝකයේ විනාශයන් සිදුවන ආකාරයත් සමස්‌ත පෘථිවියේම විනාශයත් සූර්ය සිද්ධාන්තයේ විස්‌තර කර ඇත්තේ එමයුග හතර මුල්කර ගැනීමෙනි. ඒ අනුව අප ජීවත් වන පෘථිවියත් එහි ඇති සියලු ජීවී අජීවී වස්‌තුනුත් විනාශ වී යන්නේ මනුෂ්‍ය කල්පයක්‌ අවසාන යයි. මහා යුගයක්‌ අවසානයේද පෘථිවිය තුළ විනාශයක්‌ සිදුවේ. එහෙත් එය මනුෂ්‍යකල්පයක්‌ අවසානයේ වන විනාශයක්‌ තරම් නොවේ. යුග බෙදීමට අනුව පළමුව ගැනෙන කෘත යුගයේදී පෘථිවිය තුළ මිනිසුන් ජීවත් වන්නේ අනෙක්‌ යුගවලට සාපේක්‍ෂව අඩු ප්‍රමාණයකි. මෙම යුගයේදී මිනිසාගේ බෝවීමද අඩුවෙන් සිදුවේ. හැඟීූම්වලින් හීන මෙම යුගයේ ජීවත් වන මිනිසුන්ගේ පරම ආයුෂ අවුරුදු 50,000 කි. සූර්ය වර්ෂ 17,28000 ක කාලයක්‌ පවතින කෘත යුගය අවසානයේ පවතින ජීව අජීව වස්‌තූන්ගෙන් හතරෙන් පංගුවක්‌ විනාශවී යයි. සූර්ය සිද්ධාන්තය ලියූ මය සෘෂිවරයා ශාල්මලී ද්විපයේ ජීවත්ව ඇත්තේද කෘත යුගයේ ලෙස සැළකේ.


ඉන්පසුව උදාවන ත්‍රෙතා යුගයේ මිනිසාගේ සම්භවය සිදුවන්නේ කෘත යුගයේ ඉතිරි වූ ටික දෙනාගෙනි. තෘෂ්ණාවට බර හැඟීම්වලින් වැඩි මිනිසුන් සිටින මෙම යුගයේ ඔවුන්ගේ බෝවීමද ශීඝ්‍රයෙන් සිදු වේ. එහෙත් ඒ තරමට ඔවුන් වේගයෙන් විනාශ වීමද මේ යුගයේ විශේෂත්වයකි. පිරිපුන් අධ්‍යාත්මික ඥනයෙන් හෙඹි මිනිසුන් වන මේ යුගයේ වෙසෙන්නන්ගේ ආයුෂ අවුරුදු දස දහසකි. පුලස්‌ථිති අගස්‌ථි සහ රාවණා වැනි හා බලසම්පන්න සෘෂිවරුන් මේ යුගයේ ජීවත් වූවා ලෙස පිළිගැනෙයි. වසර 1296,000 සක්‌ දිගු කාල පරාසයක්‌ ඇති මෙම ත්‍රෙතා යුගය අවසානයේ පවතින සියලු දෙයින් හරි අඩක්‌ම විනාශයට පත් වෙයි. ත්‍රෙතා යුගය අවසානයේ සිදුවන විනාශයෙන් පසු උදාවන්නේ ද්වාපර යුගයයි. ද්වාපර යුගය පවතින කාල පරාසය ලෙස දැක්‌වෙන්නේ වසර 1864,000 කි. වසර දහසක ආයු කාලයක්‌ සහිත මෙම යුගයේ ජීවත්වන මිනිසාගේ හැසිරීම් රටා, මිනිසා පෙළීමටම හේතුවෙයි. අල්ලස්‌ සොරකම් වැඩියෙන් සිදුවන මේ යුගයේ මිනිසුන්ගේ දුෂ්චරිත වැඩි වැඩියෙන් ඉස්‌මතු වේ. එහෙත් මේ යුගයේ ජීවත්වන මිනිසුන්ගේ ක්‍රියා කලාපයන් හේතුවෙන් ලෝකය භෞතික අතින් දියුණු වේ. එනමුත් මෙම යුගය අවසානය වන කාලසීමාවේදී ලෝකයේ පවතින සියලුම දෙයින් හතරෙන් තුනක්‌ විනාශයට පත්වෙයි.
     පෘථිවියේ යුග බෙදීම් කර ඇති සූර්ය සිද්ධාන්තයට අනුව එහි අවසන් යුගය කලි යුගයයි. කලි යුගය යන්නෙහි අර්ථය අපිරිසිදු බව යනුවෙන්ද ඇතැමුන් අදහස්‌ කරති. එනමුත් මේයුගයේ මිනිසුන් ඥනයෙන් දියුණුය. එහෙත් මෙහි ජීවත් වන බොහෝ දෙනා අධ්‍යාත්මක දියුණුවෙන් පිරිහුණෝ වෙති. අධ්‍යාත්මික දියුණුවක්‌ ඇති අය සිටියද ඔවුන් සමාජයෙන් ඈත්ව සිසටිති. මිනිසා මේ කාලයේ අන්ධ භක්‌තියෙන්ම මුලාවේ. රාග, ද්වේශ, මෝහ අධික නිසා ඔවුන්ගේ බෝවීමද වැඩිය. එසේම භෞතික දියුණුව සහ එයින්ම ඔවුන් විනාශ වීම මේ යුගයේ දැකිය හැකි විශේෂ ලක්‍ෂණය වේ. අද පෘථිවිය මත සිටින අප ජීවත්ව සිටින්නේ මේ යුගයේයි. සූර්ය සිද්ධාන්ත මතය අනුව මෙම යුගයට ඇති කාලය සූර්ය වර්ෂ 43,2000 කි. කලි යුගය අවසානයේ පෘථිවිය මත ඇති ධාතු මූල ජීව කොටස්‌ සියල්ල විනාශව යනු බව කියනු ලැබේ. එසේම කෘත, ත්‍රෙතා, ද්වාකාර, කලියුගය යන යුග හතරම අවසන්ව ඇති බැවින් කලි යුගයක්‌ අවසානයේ මහා යුගයක්‌ද අවසාන වේ. මෙවැනි යුග 71 ගත වූ තැන මනුෂ්‍ය කල්පයක්‌ උදාව එවැනි මනුෂ්‍ය කල්ප 14 ක්‌ අවසානයේ මේ මුළු පෘථිවි පෘෂ්ඨයම විනාශ වී දැවී වායුවට එකතු වන බව කියයි. කල්ප විනාශය යනුවෙන් හැඳින්වෙන්නේ ද එයයි.


බෞද්ධ දර්ශනයට අනුව සම්මා සම්බුදුවරයකු පහළ වන්නේ කල්ප විනාශයකට පසුවයි. කල්ප විනාශයකට පසුව බුදුවරයකු පහළ වීමට මිනිසා සහිත ජීවය මේ පෘථිවියේ නැවතත් ආරම්භව ක්‍රමිකව විකාශනය විය යුතුවේ. එනම් ජ්‍යෙඩතිශයට අනුව යුදග හතරකට බෙදා දැක්‌වූ පෘථිවිය කල්ප විනාශයෙන් පසු පළවන යුගය වන කෘත යුගයට නැවත පැමිණිය යුතු වේ. එහෙත් කල්ප යුගයකින් පසු නැවත උදා වන්නේ කෘත යුගයක්‌නම් නොවේ. කල්ප විනාශයක්‌ නැවත කෘත යුගයක්‌ උදාවන කාලයත් අතර වසර බොහෝ කාලයක්‌ නැවත පොළව ප්‍රකෘතිමත් තත්ත්වයට පත්වීමට ගත වෙයි. මෙම කාලය සන්ධියක්‌ ලෙසද හැඳින්වේ. ජ්‍යෙඩතිෂවේදීන්ගේ මතය අනුව මේ වනවිට එවැනි මනුෂ්‍ය කල්ප හයක්‌ ගතව තිබේ. දැන් අප ජිවත් වන්නේ එවැනි මනුෂ්‍ය කල්ප හයකුත් මහා යුග 27 කුත් ඉකුත් වී 28 වන මහා යුගයේ කලියුග වර්ෂ 5111 සේ යෑයි කියනු ලැබේ. කලියුගය ආරම්භයේදී ජ්‍යෙඩතිෂයට අනුව සෞරග්‍රහ මණ්‌ඩලය පැවත ඇත්තේ මීනාන්තයෙයි. කලියුගය අවසානයේදී සෞරග්‍රහ මණ්‌ඩලය මීනාන්තයට පැමිණෙයි. ඉන් යුගාන්තයක ලක්‍ෂණ පහළ වෙයි.    
    --------------------------------------------------------------


 සම්බුද්ධ ජන්ම කේන්ද්‍රය පිළිබදව ඉදිරිපත් වී ඇති නිර්දේශ කේන්ද්‍ර සටහන් පිළිබදව වටහා ගැනීමට ඉහත දැක්වූ වර්ෂ ක්‍රම පිළිබදව දැනුවත්ව සිටිය යුතුය.ඒවා දැක්වූයේ එබැවිනි.

 බුද්ධ කේන්ද්‍රය සදහා ඉදිරිපත් වී ඇති නිර්දේශ කේන්දු සටහන්


  * ඉන්දියාවේ සුප්‍රසිද්ධ කෞමාර හා කාකයර් නාඩි තල්පත් වල සදහන් ආකාරයට බුද්ධ කේන්ද්‍රය .එම නාඩි පත්තීරු වල බුද්ධ චරිතය එලෙසම සදහන්ව ඇති බවත් ආයුෂ කාලය අවු 80 මාස 10 දින 15ක්  බවත් එහි සදහන් බව කියැවේ
  * වෙනත් නාඩි පත් තීරු කිහිපයක දක්වා ඇති බුද්ධ කේන්ද්‍රයේ ආකාර කීපයක්
  * ශාසනික කීර්ති අතිපූජ්‍ය ශ්‍රී බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමිපානන් විසින් ඉදිරිපත් කරන ලද ශ්‍රී සම්බුද්ධ ජන්ම කේන්ද්‍රය 
  * හෙන්ද්‍රික්ද සිල්වා හෙට්ටිගොඩ ශූරීන් විසින් රචිත "ජීවිතය හ ග්‍රහයෝ" පොතේ "පලාඵල කීම " පරිච්ඡේදයේ දක්වා ඇති බුද්ධ කේන්ද්‍රය.


 ඉහත දැක්වූ කේන්ද්‍ර සටහන් පහත රූපයේ දැක්වේ.
              


  ඉහත දක්වන ලද ඇතැම් බුද්ධ කේන්ද්‍ර සටහන් වල සත්‍යතාව ගවේශනාත්මකව විමසීමේදී විශාල වශයෙන් ගැටළු සහගත තත්ත්ව මතුවේ.ඒවා කරුනු වශයෙන් පහත දක්වා ඇත.
   * හෙන්ද්‍රික් ද සිල්වා මහතා දක්වා ඇති බුද්ධ කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම කිසිසේත් සිදු විය නොහැක.ජන්ම කේන්ද්‍රයේ ශනි පිහිටීම තීරණය කිරීමේදී "උන් වහන්සේගේ චරිතය අනුව ශනි හතරේ විය හැක" වැනි වදන් භාවිතා කිරීම තුලින්ම එම කේන්ද්‍රය සත්‍ය ලෙස පිහිටීම ගැන සලකා බලා නැති බව වැටහේ.
   * කෞමාර හා කාකයර් නාඩි පත් හැරුනු විට වෙනත් නාඩි පත් වල දක්වා ඇති කේන්ද්‍ර සටහන් වල වෙසක් පුර පසලොස්වක පෝය දිනය,විසා නැකත,කටක ලග්නය ආදී කුමන හෝ එකක් හෝ කීපයක් වෙනස් වීම එම කේන්ද්‍ර සටහන්ද බැහැර කිරීමට හේතුවේ.
   * කෞමාර හා කාකයර් නාඩි පත්වල සදහන් බුද්ධ කේන්ද්‍රය ලෙස බොහෝ දෙනා පිළිගත්තත් එහි ඇතැම් අංග වල පරස්පර විරෝධී කම් ඇත.මෙම බුද්ධ කේන්ද්‍රයේ සදු සිටින්නේ රවි ගෙන් හයවැනි කොටුවේය.සාමාන්‍යයෙන් වසර 2500 කාලයක් වුවද අයනයේ වෙනස්වීම අනුව පුර පසලොස්වක දිනය තුල රවි සදු සප්තමව සිටිය යුතුමය.අනික ශනි පිහිටීමය.කලියුග වර්ෂ 2478 යනු ක්‍රි.පූ.622 වසරයි.මෙම වසරේ ශනි කුම්භ රාශියේ තිබිය නොහැකිය.

  බුද්ධ කේන්ද්‍රය සදහා ඉදිරිපත් වී ඇති කේන්ද්‍ර සටහන් අනුව ඉතා නිවැරදි බුද්ධ කේන්ද්‍රය ඉදිරිපත් කොට ඇත්තේ අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමිපානන් විසින් බව මගේ විශ්වාසයයි.මා එසේ කියන්නේ ආනන්ද මෛත්‍රී හිමි ඉදිරිපත් කල බුද්ධ කේන්ද්‍රය සෑම අතින්ම වාගේ නිවැරදි බව දිස්වීම සලකා බැලීමෙනි.උන් වහන්සේ ඉදිරිපත් කල බුද්ධ කේන්ද්‍රය නිවැරදි සත්‍ය බව තහවුරු වන කරුනු පහත දැක්වේ.
    * උන් වහන්සේ දක්වා ඇති බුද්ධ කේන්ද්‍රයේ උපන් වර්ෂය (ක්‍රි.පූ 620 වර්ෂය) දැනට භාවිත බුද්ධ ජයන්තියට ගැලපේ.
    * දක්වා ඇති උපන් දිනය වේලාව හා ස්ථානය අනුව වෙසක් පුර පසලොස්වක,කටක ලග්නය ,විසා නැකත .පංච යෝග වලට අදාළ ග්‍රහ පිහිටීම නිවැරදි වීම හා "ජගන්නාත් හෝරා ජ්‍යොතිෂ මෘදුකාංගය අනුව මෙම ජන්ම කේන්ද්‍රය ඒ අයුරින්ම ලැබීම.(වෙනත් බුද්ධ කේන්ද්‍රවල මෙම ලක්‍ෂණය අඩුය.)
    * සිදුහත් කුමරු වයස 29-35 අතර සය අවුරුදු දුෂ්කර ක්‍රියා කළ කාලයේදී ශනිගේ හත් අවුරුදු ඒරාශ්ඨකය ලැබීම.එමෙන්ම මෙම කේන්ද්‍රයේ ආකාරයට ශනි මහ දශාව වයස අවු 8 මාස ගනනින් ගෙවී බුධ මහ දශාව ලබා ඇත.ඒ අනුව ශනි ඒරාශ්ඨකයට ශනි මහ දශාව සම්බන්ධ නොවීම ආරක්‍ෂාව සලසා ඇත.අට අධිපති මෙන්ම 22 දෙර්කාණාධිපති ශනිගේ මහ දශාව සත්‍ය සොයන වයසේදී තිබී නැත.සාර්ථක ප්‍රතිඵල ලැබීමට මෙය හේතුවී ඇත.
      
    මෙම ලිපිය ලිවීමේදී හා ක්‍රි.පූ. වර්ෂ වලට පරිඝනක මෘදුකාංග ඇසුරෙන් කේන්ද්‍ර සෑදීමේදී අනුගමනය කළ යුතු නිවැරදි ක්‍රමය පිළිබදව මා දැනුවත් කළ දසුන් සමීර සොයුරාට විශේෂ ස්තූතිය.

 මූලාශ්‍ර - wikipedia
              http://www.budurashmiya.net/

51 comments:

Chanaka Aruna Munasinghe said...

කල්ප ගැන පැහැදිලි විස්තරයක් මේ රූප සටහනේ තියෙනවා
http://www.aathaapi.net/dwncounter.php?number=27

"ගෞතම බුද්ධ ශාසනය තුල මුලින්ම රහත් භාවයට පත්වූයේද දෛවඥයෙක් බව කීවොත් ඔබ මා සමඟ උරණ වනු ඇත."

කොණ්ඩඤ්ඤ බමුණා ගැන ඔය කතාව මගේ බ්ලොග් එකේ මම අද ලියන්න හිතාගෙන හිටියෙ. මට වඩා හොඳට ඒක ලියල තියෙනවා

Anonymous said...

An intresting article

Anonymous said...

බොහොම ස්තූතියි.මම ඊයේ පත්තරේකත් දෑක්කා බුදුහාමුදුරුවන්ගේ කෙන්දර සටහන දාලා විග්‍රහයක් කරලා තිබුනා.....

මා මේ ඔබෙන් විමසන්න කියා සිටිනා විටම තමා ඔබ මෙය දමා තිබෙන්නෙ.

මේ ලෝකේ තිබුන ප්‍රභලම කේන්දර සටහන තිබෙන්නේ උන්නාන්සේටද?
මා ඊයෙ ඈසු ගෑටලුවට පිලිතුරු දීම ගෑනත් ඔබට බෙහෙවින් ස්තූතියි මහත්මයා.....

-Nathan-

රත්ගමයා said...

මටත් ඔය ගැටලුව තිබ්බා...මොනවද මේ ටීවී වල කියන්නේ කියලා...දැන් නම් ටිකක් හරි

BOTTA (බොට්ටා) said...

Correction about the gregorian calendar usage. Refer : http://en.wikipedia.org/wiki/Gregorian_calendar

Naveen Madhawa said...

2011-1956 = 55 මෙ අවුරුද්දේ තියෙන්නෙ 2555 වැනු බුද්ධජයන්තිය..

jhothishalanka said...

BOTTA (බොට්ටා)
ස්තූතියි නිවැරදි කිරීමට.ඔන්න වැරැද්ද හරි ගැස්සුවා.

Anonymous said...

අපල කාලය පෑමිනුනු විට විශ්නු දෙවියන් බට කොළ කෑවා කියා මා අසා තිබෙනවා.මෙහි සම්පූර්ණ කතාව ඔබ දන්නවද?

මා ආසයි දෑනගන්න එය.....

හෑදින්වීමක් කරන්න විශ්නු දෙවියන් ගෑනත්.....

-Nathan-

Anonymous said...

චමන්ත මල්ලි...
මම අහල තියෙනව කතාවක් මේ කලි යුගයේදි බුදුවරු 4ක් බුදු වන බව.මේක පැහැදිලි කරනවද?

ප.ලි
මේ කතාව ඇත්ත නම් මෛත්‍ර බුදුන් බුදුවිය යුත්තේ මේ කලියුගයේ මැද භාගයේදීද?

jhothishalanka said...

chamantha malli
කලියුගය හා කල්පය යනු දෙකකි.දැන් අප ගත කරන මහා භද්‍ර කල්පය තුල සම්මා සම්බුදුවරුන් පස්දෙනෙකු පහළවේ.ඉන් බුදුවරු හතර දෙනෙක් මේ වන විට පහළ වී ඇත.පස් වෙනි බුදුවරයා මෛත්‍රී බුදුන්ය.

jhothishalanka said...

චමන්ත මල්ලී...
චානක අරුණ මුණසිංහගේ පළමු කමෙන්ටුවේ දක්වා ඇති ලින්ක් එක මගින් කල්ප පිළිබදව දැක්වෙන විස්තරය ඉතා වටිනවා.ඒක බලන්න

සංජු said...

හරිම වටින ලිපියක්. ගොඩක් නොදන්න දේ දැන ගත්තා. දැන් නම් දරුවෙක් ඉස්කෝලෙදි අහන දේකට වුණත් හොද උත්තර තියෙනවා.

පන්සල් හංදිය said...

හුඟක් වටිනවා .... නොදන්නා දේවල් දැන ගත්තා .......

බස්සා ගේ ලොකය.Bassage lokaya said...

mama kohomatawath kendara wiswasa karnne na.Oya graha taraka hamadama kerakenawa.Ithin api ewa gananaya karala nikan mithya matha walata yanawa.Budurajanan wahanse namak loketa pahala wela unwahanse ma sasaren nidahas wena akarayak desana kala.Api Bawuddhayan wasayen kala uthhe unwahansege kendare hadana eka name.Ea Sirsddarmaya wataha ganima ta uthsaha kirimai.Unwahansege ma sri saddarmaya namathi Hiru payala tibeddi oya kendara hariyata kanamadiriyek wage.Oya kendara walin kawdawath sugathiye yanna Puluwnda?mama Oba thumath ekka tarhakata nowe ma comment eka damme,mokada mama wiswasa karnne oka maha phudeyak widihatai.

Anonymous said...

ඔබ සතුව ඉලOදාරියා-දිලුම් ගේ උපන් දිනය හා වෙලාව තිබේද?
එය මෙහි සදහන් කරනවද?
නම සදහන් කරන්න එපා.
Ranathunga

jhothishalanka said...

@ranathunga
ilandariyage janma velawa ma sathuwa nehe

jhothishalanka said...

හවස 6.18 ට පමන

Chanaka Aruna Munasinghe said...

රවිගෙ ඔය කියන පිහිටුම හැම අවුරුද්දෙම මැයි 20 වෙනිදට වෙනවද. එහෙම නැත්තන් ඒක එක එක අවුරුදු වලට ඒක වෙනස් වෙනවද

jhothishalanka said...

Chanaka Aruna Munasinghe
රවි ග්‍රහයා කැති නැකතේ පිහිටී විශේෂ ස්ථානයක් එල්ලේ වසරකට වරක් පිහිටන තත්පර 50.5 ක කාලය රවිගේ විශේෂ පිහිටීමක් ලෙසද සැලකේ.රවිගේ අයනය ගනන් කිරීම සලකා මෙම විශේෂ ස්ථානය සලකුණු කොට ඇත.ඔයාගෙ උපන් දිනයේ දවසේ මේකත් වෙලා

Chanaka Aruna Munasinghe said...

@ JHOTHISHALANKA

OH . හවස 6.18 තමයි මම ඉපදිච්ච වෙලාව කියල අම්මයි තාත්තයි කිවුවෙ. මගේ කේන්දරේ හදල දීපු කෙනා කියල තියෙනවා ඒක 6.16 වෙන්න ඕනෙ කියල

jhothishalanka said...

Chanaka Aruna Munasinghe
නෑ නෑ ඔයා රවි නිරක්‍ෂය හරහා වැටෙන දිනයි මේ දින දෙකයි පටලවා ගන්න එපා.මාර්තු 21 හා සැප්තැම්බර් 23(ආසන්න) දිනදෙකේදිත් මෙහෙම දිවා රාත්‍රී කාල සමාන වෙනවා.මම කියන දින යෙදෙන්නේ වෙනින් විදියකට

Chanaka Aruna Munasinghe said...

සූර්යයා කර්කටක නිවර්තනයත් මකර නිවර්තනයත් අතර අක්ෂාංශ ගතවීම ඒකාකාරී රටාවක් අනුව වෙන බව මම දන්නවා. මම ඇහුවෙ ඒ ගැන නෙවෙයි. අවුරුද්දට දෙවතාවක් ( හිරු නැගීම හා බැසීම අනුව ) දවල් කාලය හා රාත්‍රී කාලය සමාන වෙන බවක් මම මීට කලින් අහල තිබ්බෙ නෑ. මම ඇහුවෙ ඒ සිදුවීම වෙන්නෙත් හැම අවුරුද්දෙම එකම දිනයෙද කියල.

සූර්යයාගේ අයනය කියන දේ ගැන මට අවබෝධයක් නෑ. ඒ ගැන ලියපු ලිපියක් තියෙනවද

jhothishalanka said...

හැම අවුරුද්දෙම එකම දිනයේ නෙවෙයි.මැයි 20 ආසන්න දිනයක මෙවැනි පිහිටීමක් ඇත.ග්‍රහයන්ගේ අයනය පෘථවියේ පූර්වායනය නිසා ඇතිවන සාපේක්‍ෂ සංසිද්ධියක් පල්ලෙහා පෝස්ට් එක බලන්න

http://lankajhothisha.blogspot.com/2011/01/blog-post.html!

Anonymous said...

තමුසෙ මහා දෙපත් නයෙක්නේ.මේ පෝස්ට් එක ලියල අතර මග කමෙන්ටුවක දාලා බුදු හාමුදුරුවන්ගේ කේන්දරේට වඩා රාමාගේ කේන්දරේ බලවත් කියලා.

jhothishalanka said...

තමුන්නාන්සෙට වලිගෙ පෑගිලා වගේ.මෙතන jhothirathne , JHOTHISHALANKA කියන්නේ එක්කෙනෙක් නෙවෙයි දෙන්නෙක්

jothiratna said...

@Chanaka Aruna Munasinghe
උපන් දිනය: 1984 මැයි 20
උපන් වෙලාව: 18:16

ලග්නය:වෘශ්චික
නවාංශකය: සිංහ
නක්ෂත්රය: ශ්රවන

සාමාන්ය:සෙනසුරු රාහු කේතු උච්ච බල සහිතව පිහිටා තිබේ.ගුරු ස්වාක්ෂේස්ත්රව ඇත.දළ වශයෙන් කේන්ද්රයේ ග්රහයන් සිව් දෙනකු ප්රබලව පිහිටා ඇති බැවින් සමාජයේ සැලකිය පිළිගැනීමක් සහිතව ජීවත් වන කෙනකු වනු ඇත.සෙනසුරු උච්ච බල සහිත බැවින් උත්සහවන්ත එමෙන්ම කය වෙහෙසා වැඩ කල හැකි කෙනෙකු විය යුතුය. පස්වෙන්නාධිපති ස්වාක්ෂේස්ත්රව දෙවැන්නේ සිටීමත්, පස්වෙන්නාධිපති ගුරු වීමත් නිසා ඉහල මට්ටමේ අද්යාපනයක් ලබනවා ඇත.සාර්ථකව පාසල් අද්යාපනය නිමවා විශ්ව විශ්ව විද්යාල මට්ටමේ අද්යාපනයක් ලබනවා නිසැකය.පාසල් කාලය තුලදී අධ්යාපනයෙන් කැපී පෙනෙන දක්ෂතා දැක්වූවෙක් විය යුතුය.නවවෙන්නාධිපති චන්ද්රයා වීමත් තෙවන්නේ පිහිටීමත් නිසා විශ්ව විද්යාල මට්ටමේ අද්යාපනයක් ලබනු ඇති අතර නොදන්නා දේ ඉගෙන ගැනීමට දැඩි කැමැත්තක් දක්වනු ඇත.එමෙන්ම කේතු පලමුවැන්නෙ වීමත් ගුරු බලවත් වීමත් නවවෙන්නාධිපති මිත්රව තෙවැන්නේ පිහිටීමත් නිසා තද ආගමික විශ්වාශ සහිත වූවෙක් වීම අනිවාර්යයි.
බාහිර පෙනුම නියෝජනය කරන පළමු වන්නේ කේතු පිහිටීමත් පලමුවෙන්නාධිපති කුජව ,කුජ 12 වීමත් ,රාහුගේ දෘෂ්ටියට පළමු වන්න ලක්වීමත්,කුජ සෙනසුරු සමග සම්බන්ද වීමත් නිසා එතරම් ප්රසන්න පෙනුමක් සහිත වූවෙක් විය නොහැක.පළමු වන්න හිස නියෝජනය කරන බැවින් පළමු කී ග්රහ සම්බන්දතා මත හිස සම්බන්ධ රෝගී තත්වයන්ටද ලක්විය හැක.කුජ ශුක්ර පිහිටීම මත තද කාමාශා සහිත පුද්ගලයෙකු විය යුතුමය.

දශා ගෙවී යන ආකාරය :
කුජ මහා දශාව:20 අප්රේල් 1993 සිට 20 අප්රේල් 2000
රාහු මහා දශාව: 20 අප්රේල් 2000 සිට 20 අප්රේල් 2018
ගුරු මහා දශාව: 20 අප්රේල් 2018 සිට 20 අප්රේල් 2034

මාස හයක කාලය සඳහා:මෙම කාලය තුල රාහු මහදෂාවේ කේතු අතුරු දශාව පවතී. මානසික අසහනය හිස සම්බන්ද අබාධ පැවතිය හැක.නොවෙම්බර් 8 න් පසු සිකුරු අතුරු දශාව ලැබීම නිසා පැවති ප්රශ්න තරමක් දුරුට මග හැරී යනු ඇත.සිකුරු විපරීත රාජ යෝග සහිතවද රාජ සම්බන්ධ යෝග සහිතවද පැවතීමත් යෝගදා වීමත් නිසා උසස් අයගේ සහයෝගය මත සහන දායි ලැබීම් මෙම කාලයේ බලාපොරොත්තු විය හැක.
නමුත් 15 නොවැම්බර් 2011 දින සෙනසුරු තුලා රාශි ගතවෙන බැවින් ඔබේ කේන්ද්රයේ 12 වැන්නට පැමිණ අවරුදු හතහ මාරක ලග්න එරාෂ්ටකයක් උදා කරනු ඇත.නමුත් තුලාවේ සෙනසුරු උච්ච බල සහිත වෙන බැවින් පළමු අවරුදු දෙකහමාරක කාලය එතරම් කටුක අත්දැකීම් ලබා නොදෙනු ඇත.නමුත් මීළඟ අව්රුදු පහක කාලය ජීවිතයේ කටුකම කාලය වනු ඇත. රාහු අතුරු දශාවක්ද ගත කරන බැවින් තව තවත් ප්රශ්න වලට මුහුන දීමට සිදු වනු ඇත. අද්යාපන කටයුතු සඳහාය මෙම කාලයේ විදේශ ගත වීමක්ද සිදු විය හැක.
රාහු දශාවෙන් පසු ලබන ගුරුගේ දශාව ජීවිතයේ ඉතා සුන්දර කාලයක් වනු ඇත.තමා ලැබූ දැනුම අන් අයට ලබාදීමෙන් මුදල් උපයනවා ඇත.(ගුරු වෘතිය වැනි). සැලකිය යුතු මට්ටමේ ධනවත් තත්වයකින් මේ කාලයේ ජීවත් වනවා ඇත. 2000 වර්ෂයේ සිට රාහු දශාව ලබා ඇති බැවින් ශරීර වර්ණය පෙරට වඩා අඳුරු පැහැයට හැරෙමින් තිබීම අනිවාර්යයි.එමෙන්ම ඉගෙනීමේ කටයුතු වල නියෙලෙනවානම් ඉගෙනීම අතරමග නැවතීමටද හේතු වනු ඇත.එම තත්වය ගුරුගේ මහදෂාව ලැබීමත් සමග එනම් 2018 සිට අඩු වී නැවත ශරීර වර්ණය පැහැපත් වනු ඇත.ඉගෙනීමේ ක්රියාවලිය නැවත නව පණක් සහිතව ආරම්භ වනු ඇත.
ඔබ විවාහ වන තැනැත්තිය ඔබට වැඩ පෞරුෂයක් සහිත තැනැත්තියක් වීම අනිවාර්යයි.ඔබට වඩා පව්ල තුල ඇයට ප්රමුකත්වය ලැබීම මත විවාහ ජීවිතයේ ගැටළු පන නැගිය හැක.රාහු සහ රවී හත්වන්නේ බැවින්ද හත කුජගේ දෘෂ්ටියට ලක්වීමද මත සමස්තයක් ලෙස විවාහ ජීවිතය සුන්දර එකක් නොවනු ඇත.අද්යාපනය හා මහන්සි වී වැඩ කිරීමෙන් ජීවිතය ජයගත් හැක.රාගාදික හැගීම් පාලනය කල යුතුය.විශේෂයෙන්ම මෙම රාහු දශාව තුල.

-------
වැරදිච්ච තැන් තියෙනවනම් jhothisha lankata හෝ වෙනත් ජ්හොතිෂය දන්නා කෙනෙකුට අරාධනා කරනව වැරදි පෙන්නලා දෙන්න කියල.චානකගෙන් මේ කියපු දේවල් ගැන feedback එකක් බලාපොරොත්තු වෙනවා.

Chanaka Aruna Munasinghe said...

@ jothiratna

ලග්නය සහ නවාංශකය හරි. නක්ෂත්රය කියන්නේ මොකක්ද කියල දන්නෙ නෑ. නක්ෂත්ර ශ්රවන කියා මීට කලින් කොහේවත් සඳහන් වෙලා තිබ්බ බවක් මතක නෑ

පාසල් සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ගැන කියපු දේවල් නිවැරදියි. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධියක් ලැබුවා. දැනට සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලයේ දෙවන උපාධිය හදාරනවා

ආගමික විශ්වාස ගැන කියපු දේ නිවැරදියි. බුදුදහම විශ්වාස කරනවා

බාහිර පෙනුම මෙතනින් බලා ගන්න
https://www.facebook.com/media/set/?set=a.473612237931.276559.685407931&l=f9ee785961

තද කාමාශා සහිත පුද්ගලයෙකු විය යුතු බව කීප දෙනෙක්ම කියල තියෙනවා. හරි ඇති. අනිත් අයගේ කාමාශා ගැන දන්නෙ නැති නිසා තද කාමාශාද සාමාන්‍ය කාමාශාද කියල කියන්න බෑ

ඔය කියන කාලය තුළ අධ්‍යාපන කටයුතු සඳහා විදේශගතවීමක් ගැන නාඩි වාක්‍යයෙත් කිවුවා. හැබැයි කටුක කාලයක් කියන එකනම් කියවුණේ නෑ

ගුරුගේ දශාව ඇති කාලය ගැන නාඩි වාක්‍යයේ කියවුණු දේත් ඔබ කියූ දේවල් සමඟ කිට්ටුවෙන් යනවා. ( නාඩි වාක්‍යයේ ගුරුගේ දශාව කියල නෙවෙයි කිවුවෙ. ඒ වුණත් කාල වකවනු සමපාතයි )

විවාහ ජීවිතය ගැන නාඩි වාක්‍යයෙන් කියවුණු කරුණුනම් ඔබ කී කරුණු වලට වඩා එහෙම පිටින්ම වගේ වෙනස්

Chanaka Aruna Munasinghe said...

@ jothiratna

අවුරුදු 8ක කාලයක් ඇතුළත මාරක අපල කාලයක් ගැනත් තවත් කෙනෙක් (මාරයාගේ හෝරාව ලියන මාරයා) කියල තියෙනවා. හැබැයි නාඩි වාක්‍යයෙනම් එහෙම දෙයක් කියවුණේ නෑ

jhothishalanka said...

@Chanaka Aruna Munasinghe
@jothiratna
මමත් චානකගේ කේන්දරේ කලින් බලල තියෙනවා.ජෝතිරත්න විස්තර කරල තියෙන්නේ නියම සාස්ත්‍රාණුකුලව බලමින්, එයා කිව්ව වගේ 2011 නොවැම්බර් 15 සිට ශනිගේ අව් හත හමාරේ ඒරාශ්ඨකය ලැබුවත් ශනිට තුලාව උච්ච හා යෝග කාරක නිසා පලමු වසර දෙක හමාර අපල අඩුයි.මෙම ඒරාශ්ඨකයේ අවසන් වසර පහ අපල වැඩියි.රාහු මහ දශාව ඇති නිසා එම කාල සීමාවේ විවාහ බාධක තුවාල අනතුරු අවදානමක් ඇතත් උපතේ ග්‍රහ බලය (විශේෂයෙන් ශනි බලය) අනුව ජීවිත ආරක්‍ෂාව ඇත.උපන් කේන්ද්‍රයේ හත්වැන්නේ පාපී පීඩාව 12 ශනි,කුජ(කුජට හත පෙනීම),හත අට අධිපතින් හයේ යෝග වීම විවාහයට පීඩා වුවත් විවාහය සුන්දර නොවේ යැයි කීම වැරදිය.මෙම දෝෂ විෂ කැපෙන අයුරින් ස්ත්‍රී කේන්ද්‍රයක් ගැලපුනොත් මෙම දෝෂ කැපේ.කෙසේ වුවත් ජන්ම කේන්ද්‍රයේ විවාහයට පීඩාකාරී ග්‍රහ පිහිටීම වැඩියි.චානකගේ ප්‍රධාන ග්‍රහයන් රැසක් උපතේදී බලවත්ව සිටීමත් ප්‍රශල බුද්ධි හා අධෘාපන යෝග රැසක් ඇති නිසා අධ්‍යාපනය,රැකියාව අංශ සාර්ථකවේ.
චානකගේ රාගය (කාම ශක්තිය) ගැන ජෝතිරත්න කිව්දේ ජ්‍යොතිෂ සිද්ධාන්ත අනුව හරියටම හරි.මමත් ඔයගැන කිව්වා මතක ඇතිනේ.
2018 අප්‍රේල් වල ලබන ගුරු මහා දශාව ජීවිතයේ වටිනාම දශාව වුනත් නියම සුශඵල ඉස්මතුවෙන්නේ ශනි ඒරාශ්ඨකෙත් ඉවරවෙලා වයස අවු 38 විතර තමයි.
නාඩි වාක්‍යය කියන්නන් සමහර අවස්ථාවල අතින් දාලා කියන අවස්ථාත් තියෙනවා.නාඩි වාක්‍ය වල ඇතැම් අනාවැකි සත්‍ය නොවුනු අවස්ථාත් එමට තියෙනවා.
ජ්‍යොතිරත්න නියම විදියට ජ්‍යොතිෂය භාවිතා කරමින් විස්තර දක්වා තියෙනවා.අනාගතයේ එයා තවත් දක්‍ෂ වේවි.මම එයාගෙ අයි.පී. එක පරීක්‍ෂා කරල බැලුවා. දැක්ක විදියට එයා ඔස්ටේලියා ඉන්න කෙනෙක්.එයා ගූගල් එකවුන්ට් එකකින් කමෙන්ට් කලානම් තවත් හොදයි.එහෙම වුනානම් මෙකේ කමෙන්ටු කියවන අයට ඇතිවන පැටලීම් හා සැකයන් ඉවත්වෙනවා.
චානකගේ කේන්දරේ තවත් හොදින් පරීක්‍ෂා කලොත් විශේෂ දෙයක් පේනවා.ඒ තමයි එයාටත් ජ්‍යොතිෂය වගේ ශාස්ත්‍ර පිහිටනවා.ඒ සම්බන්ධ උපන් හැකියා එයාට තිබෙනවා.එයාගේ කේන්දරේ 6,12 අධිපතින් පරිවර්තනය වුනත් අට අධදපති බුධ හයේ නිසා විපරීත රාජ යෝගය සමඟ හර්ෂා,විමලා,සරලා(ගෑනු ළමයි නෙවෙයි ඒ යෝගවල නම්) යෝග තුනම පිහිටලා තියෙනවා.ගණිත මිණිත ක්‍රියා වලට අමුතු හැකියා දක්‍ෂකම් පිහිටයි.කොහොමත් ජ්‍යොතිෂය අනුව බලන විට මෙයා මාර්ගඵල ආසන්න කෙනෙක්.
මේ විස්තර මම මෙතන කිව්වෙ පෝස්ට් එක පරණ නිසා වැඩි අවධානයක් මේකට නැති නිසයි.කමෙන්ටුව ඇදිල ගියේ දෙදෙනෙකුගේ සංවාදයකට ඉඩ සැලසීමටයි.පෝස්ට් එකේ මාතෘකාවට මෙහි කමෙන්ටුවල අන්තර්ගතය සම්බන්ධ නැත.


"ලග්නය සහ නවාංශකය හරි. නක්ෂත්රය කියන්නේ මොකක්ද කියල දන්නෙ නෑ. නක්ෂත්ර ශ්රවන කියා මීට කලින් කොහේවත් සඳහන් වෙලා තිබ්බ බවක් මතක නෑ"

මෙතන වෙලා තියෙන්නේ සරල භාවිතාව නැති වීම හා යුනිකෝඩ ප්‍රශ්ණයක්
නක්‍ෂත්‍ර කියන්නේ නැකතට
සංස්කෘත භාෂාවෙන් "සුවන" නැකතට කියන්නේ "ශ්‍රාවණ" කියල. සංකේතය අහස්යානය.

jhothishalanka said...

@Chanaka Aruna Munasinghe
අර පේස් බුකියෙ තියෙන පින්තූර වලින් කඩදාසි කෑල්ලක් රෝල් කරලා සිගරැට් බොනවා වගේ පේන පොටෝ එකක් දාන්න හිතුනේ ඇයි.කනේ නිල් මල රූපෙට හේතුවනම් දන්නවා.

Chanaka Aruna Munasinghe said...

@ JHOTHISHALANKA

ඔවු. උපන් නැකත සුවණ, ඒක හරි

නාඩි වාක්‍යයේ කියල තියෙන්නෙත් අවුරුදු 38 කියලා . ඒකත් හරි.

කේන්ද්‍රයේ ඔය කියන යෝග පිහිටීම් ගැනනම් ඇහුවෙ අදමයි. ග්‍රහයෝ 3ක් උච්ච සහ 1ක් ස්වක්ෂේත්‍ර බව විතරයි දැනගෙන හිටියේ. ජ්‍යෝතිෂය ගැනනම් දැනට තියෙන්නෙ ඉතාම සරල දැනුමක්. හැබැයි අවස්ථාවක් හම්බ වුණොත් ඉගෙන ගන්නනම් ඇත්තටම කැමතියි.ඒ කැමැත්ත තියෙන්නෙ ජ්‍යෝතිෂයේ තියෙන ගණිත ක්‍රම ගැන දැන ගන්න

නාඩි වාක්‍ය ගැන මම දැන ගත්තෙ ඒ හා සම්බන්ධ ජ්‍යෝතිශ පරම්පරාවේ කෙනෙක්ගෙන්. ඒ කෙනා මගේ යාලුවෙක්. දැනට සිංගප්පූරුවේ ඉගෙන ගන්න කෙනෙක්. තල්පත් වලින් නාඩි වාක්‍ය කියවන ශාස්ත්‍ර ක්‍රමය ගැනත් එයා යම් යම් දේවල් මට කියල දුන්නා. ඒ සමහර දේවල්නම් විශ්මයජනකයි. නාඩි වාක්‍ය ගැන ඔබේ කලින් ලිපියේ කොමෙන්ට් එකක් දැම්මා. සමහර විට ඒක මඟ ඇරෙන්න ඇති. මෙන්න ඒ කොමෙන්ට් එක
http://lankajhothisha.blogspot.com/2011/02/blog-post_27.html?showComment=1305732483001#c6936138626920906119

මාර්ගඵල ආසන්න කෙනෙක් කියන එක සහ කාම ශක්තිය ගැන කියවෙන එක පරස්පර විරෝධීයි නේද ? මාර්ගඵල ආසන්න කෙනෙක් නම් රාගය ප්‍රහීන කරපු කෙනෙක් වෙන්න එපැයි

*මේ ලිපියේ මාතෘකාවට මේ සංවාදය අදාල නැහැ කියන එක මටත් කලින් හිතුනා. ඒත් මේ සංවාදය ඇති වෙච්ච විදිහ අනුව වෙන කරන්න ක්‍රමයක් තිබ්බෙත් නැහැ නේද ? ව හම්බ වෙන්නෙ මෙතනදි විතරනෙ*

Chanaka Aruna Munasinghe said...

@@ JHOTHISHALANKA

කඩදාසියක් රෝල් කරගෙන ඉන්න එකට අදාල අනිත් පින්තූරෙ මෙතන තියෙනවා. ඒක පාටියකදි ගත්ත එකක්

https://www.facebook.com/photo.php?pid=9062209&l=7248daf8d4&id=685407931

NO SMOKING කියන එක O KING කරල තියෙනවා :D

Chanaka Aruna Munasinghe said...

ආ තව දෙයක් , රාජ යෝග කතාවත් හරි ඇති. මම දැනටම මකර අධිරාජයානෙ

"සිකුරු විපරීත රාජ යෝග සහිතවද රාජ සම්බන්ධ යෝග සහිතවද පැවතීමත් යෝගදා වීමත්"

ඔතන යෝගදා වීම කියන්නෙ මොකක්ද ?

jhothishalanka said...

@Chanaka Aruna Munasinghe
රාගයට ලොල් වෙච්ච අය ඒ ආත්මෙදිම මාර්ගඵල ලබපු අවස්ථාවලට උදාහරණ නැද්ද? නගර සෝභිණියොම කීයක් බුද්ධ ශාසනේ රහත් වුනාද? ඔයා නාඩි වාක්‍ය අහපු තැන මටත් කියනවාද?

Chanaka Aruna Munasinghe said...

ඉන්දියාවේ ශ්‍රී කාගබුන්ජර් නාඩියෙන් ඇහුවෙ. අර මම කිවුව , ඒ ජ්‍යෝතිෂ පරම්පරාවෙ මගේ යාලුවගෙ මාර්ගයෙන් ඇහුවෙ. ලංකාවෙ අගස්තිය නාඩිය තියෙනව කිවුවම එයා හිනා වුණා. මොකුත් කිවුවෙ නෑ

jhothishalanka said...

@Chanaka Aruna Munasinghe
ආ තව දෙයක් , රාජ යෝග කතාවත් හරි ඇති. මම දැනටම මකර අධිරාජයානෙ

"සිකුරු විපරීත රාජ යෝග සහිතවද රාජ සම්බන්ධ යෝග සහිතවද පැවතීමත් යෝගදා වීමත්"

ඔතන යෝගදා වීම කියන්නෙ මොකක්ද ?

මේ ප්‍රශ්නෙට උත්තර දීම ජෝතිරත්නට භාරකරමි.

jhothishalanka said...

@Chanaka Aruna Munasinghe
මටත් ඕක හිතුනා.අපි අහන්නේ නියම නාඩි වාක්‍යය නෙවෙයි කියලා.

Chanaka Aruna Munasinghe said...

@JHOTHISHALANKA

ලෝකය පුරාම තැන් තැන් වල මූලික විස්තර තල්පත් වල පිටපත් තිබුණත් මූලික විස්තර වලින් පසුව ඉතුරු විස්තර කියන තල්පත් තියෙන්නෙ ඉන්දියාවෙ එයාලගෙ පුස්තකාලෙක විතරලු

jhothishalanka said...

@Chanaka Aruna Munasinghe
මේ අය ගාව බැලමෙහෙවර කරල හරි නාඩි තල්පත් කියවනහැටි ඉගෙනගන්න ඇත්නම්..

Chanaka Aruna Munasinghe said...

@ JHOTHISHALANKA

ඒ තල්පත් කියවීම හැකියාව හැමෝටම නැල්ලු. මගේ යාලුවා ඒ පරම්පරාවෙ වුණාට එයාට ඒ තල්පත් කියවීම සම්පූර්ණ හැකියාව නෑ. එයාට කියවන්න පුළුවන් මූලික විස්තර තල්පත් විතරලු. එයින් පස්සෙ තල්පත් මකුළු දැලක් වගේලු. මූලික විස්තර වලින් අහු වෙන කොන් හරහා හොය හොය යන්න ඕනෙලු ගැලපෙන මාර්ග දිගේ.

උදාහරණයක් විදිහට නම C අකුරෙන් පටන් අරන් , අම්මගෙ නම S අකුරෙන් තාත්තගෙ නම H අකුරෙන් වගේ මූලික විස්තර 2ක් තුනක් අහු වුණාට පස්සෙ ඊලඟට කියවන්න යන්න පුළුවන් තැන් දාස් ගාණක්, ලක්ෂ ගාණක් තියෙනවලු. ඒ තැන් වලින් හරිම තැන් හොයාගෙන යන එක හැමෝටම කරන්න බැරිලු. එහෙම ගියාම ගැලපෙන දේවල් ගොඩක් අහු වෙනවලු . කාල වකවානුවත් එක්ක බලල වඩාත ගැලපෙන දේවල් තෝර ගන්න ඕනෙලු

උදාහරණයක් විදිහට,රැකියාව පරිගණක ආශ්‍රිතව ,..... , වගේ රැකියා 10ක් විතර ලැයිස්තුවක් හම්බ වුණාම පරිගණක කියන එක මේ කාලෙට සම්බන්ධයි කියල තේරුම් ගන්න ඕනෙලු. මීට අවුරුදු 100කට කලින් පරිගණක කියල වචනයක් තිබ්බෙ නැහැනෙ ( පරිගණක වලට අදාල ඒ නාඩි තල්පත් ලියා තියෙන භාෂාව ). එතකොට ඒ කාලෙ කියවපු අය ඒක ඒ කාලෙට අදාල නෑ කියල තේරුම් ගත්තලු. ඒ වගේ දැනට භාවිතයේ නැති වචන රාශියක්ම නාඩි තල්පත් වල තියෙනවලු. සමහර ඒවා අනාගතයේ එන්න තියෙන වචන. තවත් සමහර ඒවා අතීතයේ තිබිලා අමතක වෙල ගිය වචන වෙන්න ඇති

jhothishalanka said...

@Chanaka Aruna Munasinghe
බොහොම ස්තූතියි ඔබගේ අදහස් දැක්වීම වටිනා දෙයක් මෙම සංවාදයෙන් ඉගෙන ගත්තා.තාත්තට බෙහෙත් දෙන්න තියෙන නිසා මම නවතිනවා.මේ කමෙන්ට් මකන්න මුලින් හිතන් හිටියත් මම මේකෙ කමෙන්ටු එහෙමම තියනවා.

Chanaka Aruna Munasinghe said...

@ JHOTHISHALANKA

ස්තූතියි. මතෘකාවට නොගැලපෙන හින්දා කොමෙන්ටු මැකුවත් අමනාපයක් නෑ. වැදහත් කියල හිතන දෙයක් තියෙනවනම් අලුත්ම ලිපියක ලිවුවත් කමක් නෑ.

තාත්තාට ඉක්මන් සුවය ලැබේවා !!!

Chanaka Aruna Munasinghe said...

@ JHOTHISHALANKA

"රාගයට ලොල් වෙච්ච අය ඒ ආත්මෙදිම මාර්ගඵල ලබපු අවස්ථාවලට උදාහරණ නැද්ද? නගර සෝභිණියොම කීයක් බුද්ධ ශාසනේ රහත් වුනාද?"

මේක ඇත්ත වෙන්න පුළුවන්. පරමහංස යෝගානන්දතුමාගෙ ජීවිත කතාවෙ එක තැනක තියෙනවා සමහර පුද්ගලයන්ට ආශාවන් ප්‍රහීන කරන්න කලින් ඒ දේවල් උපරිමයෙන් අත්විඳලා සඃතෘප්තියක් ලබන්න ඕනෙලු

මහාවතාර් බාබාජීතුමා ලහිරි මහාසාය තුමාට තමන්ගෙ ක්‍රියා යෝග උගන්නන්න කලින් රත්තරන් මන්දිරයක් මවල ලහිරි මහාසායතුමාට ඒ මන්දිරයෙ දවසක්ම ඉන්න සැලැස්සුවලු. ඊට පස්සෙ ඒ මන්දිරය දූවිලි බවට පත් කළාලු. ලහිරි මහාසායතුමාගෙ හිතේ ගෙදරක් ගැන තිබ්බ ආශාව නැති කළේ එහෙමලු.

මහාවතාර් බාබාජිතුමා ගැන අහල නැත්තන් මම ලියපු මේ ලිපිය කියවන්න

http://status-chanaka.blogspot.com/2010/03/blog-post_18.html

jothiratna said...

@Chanaka Aruna Munasinghe ,@ JHOTHISHALANKA
මාරක අපල ගැනයි ආයු නිර්ණය ගැනයි ඉගෙන ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.දැනට දන්නේ නැති නිසා ඒගැන මුකුත් කියන්න බහ.ඒත් ඔයාට අවරුදු 7 1/2 ක ඒරාෂ්ටක අපලයක් නම් තියෙනවා.8 ක් නම් නෙවෙයි.
"2018 අප්‍රේල් වල ලබන ගුරු මහා දශාව ජීවිතයේ වටිනාම දශාව වුනත් නියම සුශඵල ඉස්මතුවෙන්නේ ශනි ඒරාශ්ඨකෙත් ඉවරවෙලා වයස අවු 38 විතර තමයි."
මේ කොටස ගැන කියන්න බලාපොරොත්තුවෙන් හිටියත් සිංහල ටයිප් කරන්න ගත්තහම අමතක උන.
"
මෙතන වෙලා තියෙන්නේ සරල භාවිතාව නැති වීම හා යුනිකෝඩ ප්‍රශ්ණයක්
නක්‍ෂත්‍ර කියන්නේ නැකතට
සංස්කෘත භාෂාවෙන් "සුවන" නැකතට කියන්නේ "ශ්‍රාවණ" කියල. සංකේතය අහස්යානය. "

ජ්‍යෝතිෂ්‍ය සම්බන්ද ඉන්දීය වචන මම ගොඩක් විට පාවිච්චි කරන්නේ.එකට හේතුව මම ඉන්දීය ජ්‍යෝතිෂ්‍ය කියවල ඉගෙන ගන්න නිසා.මම ගුරුවරයෙක් යටතේ ජ්‍යෝතිෂ්‍ය ඉගෙනගෙන නැති නිසා වචන හරියට උච්චාරණය කරන්නේ
කොහොමද කියල දන්නේ නැහැ. shravana ඉංග්‍රීසියෙන් ලියපු එක මම හිතින් උච්චාරණය කලේ ශ්‍රවන කියලයි.

"ඔතන යෝගදා වීම කියන්නෙ මොකක්ද ?

මේ ප්‍රශ්නෙට උත්තර දීම ජෝතිරත්නට භාරකරමි. "
යෝගදා කියන්නේ යෝග ලබා දෙන්නා. මේ වචනයත් ඉන්දීය වචනයක්.යෝගදා මහා යෝගදා වගේ තව වර්ග කීපයක් තියෙනවා.මේ ග්‍රහයෝ කේන්ද්‍රයේ සැලකිය යුතු බලයක් සහිතයි.ලග්නය සමගත් හෝරා ලග්නය සමගත් සම්බන්දනම් තමයි යෝගද බවට පත්වෙන්නේ.


Jothishalankata බොහොම ස්තුති සහයෝගයට.

Chanaka Aruna Munasinghe said...

@ jothiratna

ස්තූතියි. ජ්‍යෝතිෂ්‍ය කියවල ඉගෙන ගන්නව කිවුව නේද? ඒක පටන් ගත්ත විදිහයි පාවිච්චි කරන පොත් පත්, වෙබ් අඩවි ගැනයි කියන්න පුළුවන්ද ?

Chanaka Aruna Munasinghe said...

@ JHOTHISHALANKA

හර්ෂා,විමලා,සරලා යෝග ගැන සහ අදාල ග්‍රහ පිහිටීම් ගැන පොඩි විස්තරයක් කියන්න පුළුවන්ද ?

ආ තව, සුවණ නැකතේ සංකේතය අහස්යානය වුණේ කොහොමද. අපි දන්න අහස් යානය හැදුණෙ පහුගිය සියවසේදිනෙ

jhothishalanka said...

හර්ෂා යෝගය -
සයවැන්නාධිපතියා 6,8,12 යන තැනෙක පිහිටීම

සරලා යෝගය
අටවැන්නාධිපතියා 6,8,12 යන තැනෙක පිහිටීම

විමලා යෝගය
දොළොස්වැන්නාධිපතියා 6,8,12 යන තැනෙක පිහිටීම

ඔයාගෙ කේන්ද්‍රයේ මේ යෝග තුනම තිබෙනවා.

අතීතයේ අහසින් යන වාහන තිබී ඇත.ඒවා නූතන අහස්යානයට වෙනස්විය හැක.සුවන නැකතෙ සංකේතය අහස්යානය යන්න පොත්පත්වල සදහන් දෙයක්.ඇත්තටම ඔයා කියනකම් මටත් ඒ ගැන හිතුනෙ නැහැ.
https://docs.google.com/document/d/1Yn_Jou7Y8hHd99qpI0Z_SHRL4JXmFpUEfSdyG9XJWyo/edit?hl=en_US&authkey=CKyp1psO

Chanaka Aruna Munasinghe said...

@ JHOTHISHALANKA

ආ හරි. මට පොඩ්ඩක් පැටලුනා. ග්‍රහයන් අධිපතිකම් දරන රාශි සහ උච්ච වෙන රාශි වෙනස් බව දැනුයි තේරුණේ. මම මගේ සයවැන්නාධිපති රවි කියලයි හිතුවෙ

jothiratna said...

මම ජ්‍යෝතිෂ්‍ය ඉගෙන ගත්තේ තැනින් තැනින්.කොටින්ම හරිම සංකීර්ණ අපිළිවෙල ක්‍රමයකට.වැඩිපුරම වෙබ් අඩවි වලින්.පිළිවෙලකට ඉගෙන ගන්න ක්‍රමයක් JothishaLanka කියල තියෙනවා.එක වැඩිය හොඳයි කියලයි මට හිතෙන්නේ.එත් ඒ ක්‍රමයේ වැරැද්ද තමයි සිංහල ජ්‍යෝතිෂ්‍ය පිවිතුරු ජ්‍යෝතිෂ්‍ය නොවීම.ඒක පොඩි අඩුවක්.

http://lankajhothisha.blogspot.com/2011/05/blog-post_22.html?showComment=1306747287359#c4047840761853401203

Buddhika Anuradha said...

අන්තර්ජාලයේ සැරිසරන අතරේ ඔබේ බ්ලොග් අඩවිය හමු වුණා. හරිම වැදගත් වටිනා වැඩක්. එස් එල් පීපල් වෙබ් අඩවිය ඔබේ යහපත් කටයුත්තට ඉතසිතින් සුභපතනවා. "තව තවත් ඉදිරියට යන්න ශක්තිය ‌ලැබේවා"

Anonymous said...

ඔබ තුමගෙ බ්ලොග් එක නිතරම කියවන අයෙක්මි. මම ජොතිශ්ය විශ්වාස නොකල නමුත් මෙමෙ බ්ලොග් සටහන් කියවීමෙන් පසු එ පිලිබඳව විශල පහෑඳීමක් අති උනා. නමුත් මේ සම්බුද්ද කේන්ද්‍රය ගැන නම් මට එකග වීමට අපහසුය. සම්මා සම්බුදු වරයෙක් යනු සසර සාරසන්ක්ය කල්ප ලක්ශයක් මුල මැද සහ අඟ වීර්යයෙන් යුතුව පාරමී පුරා බුද්දත්වයට පත්වන්නෙකි. එබදු උතුමෙකුට අපට මෙන් බලපෑම් කිරිමට මෙබඳු දෑ වලට හැකිද? අසීමිත වීර්යක් අති විට ග්‍රහ බලපමෙන් කුමක් වලක්වන්නද?
අනික බෝධි සත්වයන් උපන් වේලාවේ තවත් බොහො දෙනා කපිල වස්තු පුර සහ ඒ ආසන්නයේ ඉපදී ඇති බව සඳහන් නොවේද? ( චන්න ඇමති, යශොදරා දේවිය, ආදීන්)ඉතින් බුදු කෙනෙකුට කේන්ද්‍ර බලපානවානම් මේ අයටත් ඒ සමාන කේන්ද්‍ර තිබිය යුතුයී නේද?

Related Posts Plugin for WordPress, Blogger...