Wednesday, June 15, 2011

සුභ නැකැත් සෑදීම 3

                      කේවල සිද්ධි යෝග 7     
 කේවල සිද්ධි යෝග 7 චූල නක්‍ෂත්‍ර ක්‍රමයේදී භාවිතා කරන සුභ නක්‍ෂත්‍ර ක්‍රමයකි.හදිසියේ කළ යුතු නමුත් පඤ්චාංගය සුභවී තමන්ට සුභ අයුරින් ඇති විශේෂී සුභ නැකතක් ආසන්නයේ නොමැති විට යොදා ගැනෙන මෙම නැකැත් ක්‍රමය ගැන වැටහීමක් ලබා ගෙන තිබීම ජ්‍යොතිෂවේදීන්ට මෙන්ම අන් අයටත් ප්‍රයෝජනවත්ය.නමුත් එදිනට නියමිත නැකත කුමක්දැයි දැන සිටීම අවශ්‍ය නිසා මෙම චූල නක්‍ෂත්‍ර ක්‍රමය භාවිතා කිරීමට පඤ්චාංග ලිතකින් එදිනට නියමිත නැකත කුමක්දැයි බැලීමට හැකියාවක් තිබිය යුතුය.(බොහෝ පරිඝණක ජ්‍යොතිෂ මෘදුකාංග වලින් යම් වේලාවක යෙදී ඇති නැකත ලබා ගත හැකි වුවත් දිනයක් පුරා නැකත් ලබන ගෙවෙන වේලාවන් දැන ගැනීමට පඤ්චාංග ලිතකින් පඤ්චාංගය බැලීමේ හැකියාව අවශ්‍යවේ.) 

    කේවල සිද්ධි යෝගය යෙදී ඇති විට බොහෝ දෝෂ භංග කෙරෙන නිසා පංචාංග දෝෂ සහිත දිනකෙ මෙන්ම ඉරිදා,අඟහරුවාදා,සෙනසුරාදා දිනයක වුවද ප්‍රතිඵලදායක සුභ වේලාවක් තෝරා ගත හැක.මෙහිදී ඔබ දැන සිටිය යුත්තේ අදාළ දිනය තුල ලබන නැකැත පිළිබදව පමණි.

  ආදිත්‍ය  හස්තා       - ගුරු  පුෂ්‍ය යෝගා
  බුද්ධානු රාධා        -  ශනි රෝහිණිච
  සෝමේච සෞම්‍යා  -  භ්‍රගු රේවතීච
  භෞමා ශ්විනී         -  කේවල සිද්ධි යෝගා.

  ඉරිදා හත නැකතද
  බ්‍රහස්පතින්දා පුෂ නැකතද
  බදාදා අනුර නැකතද
  සෙනසුරාදා රෙහෙණ නැකතද
  සදුදා සුවණ නැකතද
  සිකුරාදා රේවතී නැකතද
  අඟහරුවාදා අස්විද නැකතද

       යෙදී තිබෙන විට කේවල සිද්ධි යෝගය යෙදේ.


  මෙය සතියේ දින පිළිවෙලට ගත් විට 
       ඉරිදා  - හත 
       සදුදා -සුවණ
       අඟහරුවාදා - අස්විද
       බදාදා - අනුර
       බ්‍රහස්පතින්දා  - පුෂ
       සිකුරාදා  - රේවතී
       සෙනසුරාදා - රෙහෙණ 

4 comments:

සංකල්ප said...

මම පුෂ නැකතේ නිසා ම්ම බ්‍රහස්පතින්දා, ඒ කියන්නේ අද කරන වැඩ සාර්තක වෙනවද ?

jhothishalanka said...

@මධුරංග
මෙතනදී බලන්නේ තමන් උපන් නැකත නෙවෙයි.එදිනට නියමිත නැකතයි.පුෂ නැකත ඇති බ්‍රහස්පතින්දා දිනවල මෙම යෝගය උදාවේ.අද තියෙන්නේ මුල නැකත

Anonymous said...

මහත්මයානනි තමා සතු දැනුම සමාජ ගත කිරීමට ගන්නා වෙහෙස ගැන අගය කරමි.මෙම යොගය ගැන සදහන් ඉහත සදහන් වු "ගරු පුෂ්‍ය " යැයි සදහන් වූ තැන "ගුරු පුෂ්‍ය " ලෙස සදහන් විය යුතුයි නෙද.මෙය ටයිප් කිරීමෙදී සිදු වූ වැරදීමක් ලෙසයි මගෙ හැගීම.එහෙම නෙද.

jhothishalanka said...

ඔව් ඔව්.ස්තූතියි නිවැරදි කිරීමට.ඔන්න ලිපියේත් වැරැද්ද හැදුවා..

Related Posts Plugin for WordPress, Blogger...