Tuesday, August 16, 2011

සිහින පලාඵල - 1 (විවිධ සතුන් සිහිනෙන් දැකීම)

සිහින පලාඵල - 1 (විවිධ සතුන් සිහිනෙන් දැකීම)

  1) කළු නයෙක් දැකීම
         ක්‍රමයෙන් අසරණවේ.


  2) සුදු නයා
         විශාල ධනලාභ උරුම වාසි ලැබේ.

  3) පිඹුරා
          සතුටක් කෙලවර දුකක්

  4) ලේ මාපිලා
          මානසික රෝග ඇති කරයි

   ප.ලි.
    පොළගා
          සිත් තැවුල්

  5) ගැරඩියා
          පහත් පැවතුම් ඇති ස්ත්‍රියකු හෝ පුරුෂයකු ඇසුරු කිරීමට සිදුවේ.

  6) මකුණන් දැකීම
         නිධන් රෝගයක පෙර නිමිති

  7) හිසෙහි උකුණන් සිටිනවා දැකීම
         අසමගිකම් ඉස්මතුවේ.

  8) මී මැස්සකු දැකීම
         ආධාර උපකාර ලැබේ.

  9) මී මැසි රංචුවක්
         දියුණුව ලැබේ.

  10) මී වදයක් දැකීම
          ආදරයෙන් උපරිම සතුට ලැබේ.

  11) කකුළුවා
         අමනාපකම්

  12) මාළු රැනක් දැකීම
           සුභ ආරංචියක්

  13) තෝරා හෝ මෝරකු දැකීම
           සතුරු කරදර

  14) ආඳා
           සුභ අසුභ මිශ්‍රව ලැබේ.

  15) කටුස්සා
           දියුණුව ඇණ හිටී.

  16) මකුළුවා
           අනතුරක්

  17) මැඩියා
           හදිසි අනතුරක්

  18) බඹරා
           පහත් අයගෙන් චෝදනා

   19) දෙබරා
           නොකළ වරදකට අපහාස විදී

   20) මැස්සා
            චිත්ත පීඩා

   21) පළගැටියා
            යහළු මිත්‍රකම් බිදේ

   22)  කුහුඹුවන් දැකීම
             සමාජශිලීවේ.

   23)  කළු කුහුඹුවන් දැකීම
              නඩු හඹ වලින් ජය

   24)  දළඹුවා
              වටිනා දෙයක් නැතිවේ.

   25)  රිලවා
              රෝග උපද්‍රව හා රැවටිලි වලට හසුවීම

   26)  වඳුරා
             උගත් හිතවතෙකු සතුරුකම් කරයි.

   27)  මීයා
             මිතරකු යටින් උගුලක් අටවයි.

   28)  ගැඩවිලා
             පවුලේ අමනාප කම් ඇතිවේ.

    29)  පට පනුවා
               ගෞරව සම්මානයට පාත්‍රවේ.

    30)  තලගොයා
               පහත් අයකුගෙන් පහත් ගැරහුම්

    31)  වල් ඌරා
               පහත් අයකු විශ්වාස කොට කරදරයට පත්වේ.

    32)   ඔටුවා
               ඉදිරියේදී විවිධ අගහිඟතා මතුවේ.

    33)  බැටළුවා
               ඉදිරි සාර්ථකත්වය

    34)  ගවයා
               උත්සාහයෙන් තොරවම ජය ලැබීමක්

    35) කලු ගවයා
               පවුලේ අය හා පිටස්තරයන් අතර ආරවුල්

    36) කුළු හරකා
              සතුරු කරදරයක්

    37) එළදෙන
             අනාගත දියුණුවට අඩිතාලම

    38) ලෙඩවූ එළදෙන
             කරන වැඩ අවුල්වේ.

    39) සුදු අශ්වයා
            විශාල ලාභ ලැබේ.

    40) වෙනත් පැහැ අශ්වයකු
            අසුභ දසුනකි.

    41) එළුවා
            කරදර වලින් පසු සහනයක්

    42) ගෝනා
            භේද

    43)  බල්ලා
             කරන කටයුතු අසාර්ථකවේ.

    44) බුරන බල්ලා
            ප්‍රභූ උදවු ලැබේ.

     45) බල්ලා සපා කනවා දැකීම
             හිතවතෙකු විරුද්ධවේ.

     46) බල්ලා සමඟ ඇවිදිනවා දැකීම
             හොද මිතුරකු හමුවේ.

     47) සිංහයා
             ගෞරව සම්මාන ලැබේ.

     48) ඇතා
              බලාපොරොත්තු ඉටුවේ.

     49) කොටියා
               සතුරු උවදුරු

     50) බළලා
               මිතුරකුගෙන් කරදර ඇතිවේ

     51)  වෘකයා
               පවුලේ අසමඟිකම්

     52)  නරියා
               බලාපොරෙත්ු වූ තරම් යහපත් ප්‍රතිඵල නොලැබේ.

     53)  ඉත්තෑවා
               ධන හානි

     54) වළහා
               මිතරකු අමනාපවේ

     55) මුවා
               කිසිවකු උගුලක් අටවමින් සිටී.

     56) මොනරා
               පවුලේ සැමට නිරෝගී සුව

     57)  සැළලිහිණියා
               දේව ආශිර්වාදය ලැබේ.

     58) කුකුළා
               දුරස් වූ ඥාතීන් ලංවේ

     59) කිකිළිය
               සතුට විනෝදය ලැබේ.

     60) කිකිළිය සහ පැටවු
               බොරු චොදනාවකට හසුවේ.

     61) වළි කුකුළා
               හදිසි ධන ලාභ

     62) ගිරවා
               මිතරකු අමනාපවේ

     63) මයිනා
               සම්පත් විනාශය

     64) කපුටා
               ශෝකදායි පණිවුඩයක් අසන්නට ලැබේ

     65) සුදු හංසයා
               ආර්ථිකය සවිමත්වේ සොර සතුරු උවදුරුද පැමිනේ

     66) කළු හංසයා
              පවුල් අවුල්

      67) වවුලා
              නොසිතූ කරදර

      68) පරෙවියා
               පැරණි පෙම් සබදතා නැවත අළුත්වේ.

      69) තාරාවා
               වැරදි සම්බන්ධ වලින් කරදර

      70) රාජාලියා
               විනිවිද දැකීමක් කරදරයකින් මිදේ.

      71) ගිජු ලිහිණියා
               සර්පයන්ගෙන් කරදර

      72) කොවුලා
               පවුලේ අඩදබර

      73) කෙබෙයියා
               ගෞරව සම්මාන ලැබේ

      74) නාද කරන පක්‍ෂියකු දැකීම
               ධන ලාභ හා සතුරන් මිතුරුවේ.

      75) කුකුළකු හඩලෑම දැකීම
                සතුට විනොදය ලැබේ.
           
           
 
         

11 comments:

නදී said...

මට කාලයක් සර්පයෝ හීනෙන් පෙනුනා මේලගදිත් එහෙම දෙයක් උනා,හීනෙන් එකෙක් කෑවත් එක්ක.

Anonymous said...

මේ තිරශ්චීන යල්පැනපු මනස්ගාත වලට අනවශ්‍ය වැදගත්කමක් දීලා මිනිස්සු මුලාකරන්ඩ එපා.
නලින් ද සිල්වා හීනෙන් පෙනුනොත් මොකෑ වෙන්නෙ;)

-සුමින්ද දේවාදිත්‍ය

Anonymous said...

ඒයි බං මේ, මම ඊයේ කැබැල්ලෑවෙක් මුත්‍රා කරනව හීනෙන් දැක්ක, මොකක්ද දන්නේ නැහැ ඒකෙ තේරුම නේ?
-සුමින්ද දේවාදිත්‍ය

Anonymous said...

හීනයක් කොහොමද අපගේ අනාගතයට බලපෑම් කරන්නෙ... මොකද? අපිට අනාගතේ කලින් දැනගන්න බැහැනෙ....

Anonymous said...

ano 1 nalinda silVa pennenne wedipurama kelani campus 1k ayatai.heenen penunoth subject fail thama!!! HEENA SAMBANDAYEN KARALA TIYANA ME VIGGRHAYA THWA TIKAK MANO VIDDEYATHMAKAWA KALOTH HODAI NEDA ??

Anonymous said...

මම ලඟදි උකුණෙක් ව දැක්කා හිනෙන්...එ වගේම ඔය කිව්ව කාරණේත් උනා.ඇත්තටම පුදුමයි..ඔබතුමාට පින් මෙවැනි දෙයක් බ්ලොග් පොස්ට් එක විදියට දැම්මාට..තවත් මෙවැනි පොස්ට් ඉදිරියට ලැබෙන්නට සලස්වන්න..

Anonymous said...

සර්පයන් හීනෙන් පෙනීමෙන් කියවෙන්නෙ, ඔබේ කේන්ද්‍රයේ තියන සර්ප යෝගයන් ක්‍රියාත්මක වෙන්න යනව කියල. අන් අයගේ ඊර්ෂ්‍යාවට ලක්වෙන එකත් ඒකෙන් ඉගි කරනවා.

යසියා said...

ඔබ තුමාට හුගාක් පි මේ වගේ දේවල් ගැන අපිට දැනුමක් දුන්න එක ගැන.. මොකද කියනවානම්... සමහර පුදුමාකාර හීන දැක්ක දවස් වලට හිත අතුලේ මොකක්දෝ සිතුවිල්ලක් කැකෑරි කැකෑරි වදදෙනවා.. ඒ හීන හොදද? නරකද?? කියල හොයාගන තිබ්බනම්,, එච්චර දුකක් විදින්න වෙන්නෙ නෑ...

සිහින් සම්බන්දයෙන් තව දේබල් දන්න පුලුවන්ද???

Anonymous said...

පිරිසිදු ජලය තියෙන ළිදක්/ වලක් වගේ දැක්කොත්..???

jhothishalanka said...

@හිම කුමාරි
මා ලඟ ඇති විස්තරයේ පිරිසිදු වතුර පිරුණු ළිදක්/වලක් දුටු විට ප්‍රතිඵලය දක්වා නැති නමුත් පිරිසිදු ජලය දැකීම වටිනා වස්තු ලැබීමක් පෙන්නුම් කරන බව දක්වනවා.

Anonymous said...

කලු නයින් ගොඩාක් ඇවිත් මාව සපා කන බව දුටුව හොත්

Related Posts Plugin for WordPress, Blogger...