Friday, August 26, 2011

සිහින පලාඵල - 2 (මල් පළතුරු සිහිනෙන් දැකීම)

   
 1)  මල් උයනක් දුටුවොත්
             සුවිශේෂී විනෝද චාරිකාවක්

 2) මල් පොකුරක්
            ඉතා රූමත් පෙම්වතියක් හෝ පෙම්වතෙකු ලැබේ.

 3) රතු නෙළුම් මල්
           ආගමික ස්ථානයකදී ප්‍රේම සම්බන්ධයක් හට ගනී

 4) සුදු නෙළුම් මල්
          ආගමික නායකයන්ගෙන් උදවු උපකාර

 5) නිල් මානෙල් මල්
          නිධන් වස්තු ලැබේ.

 6) සුදු මානෙල් මල්
         ප්‍රිය දසුන්

 7) රෝස මල්
         සතුට සැනසුම, ව්‍යාපාර දියුණුව

  8) කහ පාට මල්
         ශරීරය අභ්‍යන්තර රෝගයක ලකුණු

  9) මිනී මල්
         වංචාවන්ට හසුවේ.

  10) දාස් මල් වැනි කුඩා මල්
         වාසිදායක ලෙස බලාපොරොත්තු සඵල වේ.

  11) වද මල්
          දුක් කරදර හා රෝග ඇතිවීම

  12) සුවද මල් එකතු කරනවා දැකීම
            ජයෙන් ජය

  13) පරවූ මල් දැකීම
            හදිසි අනතුරු හා උවදුරු ඇතිවේ.

  14) අන්නාසී
            හදිසි ධනලාභ

  15) අඹ
            සතුටුදායක ආරංචි

  16) දොඩම්
            පවුලේ වැඩිහිටියකුට අසනීප

  17) ඇපල්
           ප්‍රසිද්ධියට පත්වේ.

  18) කොමඩු
           සිතට සහණය ලබේ.

  19) දිවුල්
           ඉහළම ධනලාභ

  20) බෙලි
           දරු සම්පත්

  21) මිදි
            පවුලේ සතුට හා ව්‍යාපාර දියුණුව සැලසේ.

  22) කුරුම්බා
             දරුවෙකුට කරදරයක්

  23) ලොවි,ජම්බු
              අවමානයට පරාජයට පත්වේ.

  24) කොස්
           ජීවිතයේ වැදගත් ජයග්‍රහණයක්

  25) තැඹිලි
          ප්‍රශඅසා ලැබේ.

  26) වියලි මිදි
          නිවසේ ප්‍රීතිය දියුනුව

  27) සැපදිල්ලා
          ධනවත් හිතවතුන්ගෙන් උදවු උපකාර ලැබේ.

   28) මැංගුස්
            මිතුරන් සතුරුවේ.

   29) පොල්
           පුත් රුවනක්

   30) දෙල්
           ව්‍යාපාර දියුනුව

   31) වැල වරකා
            කරන කටයුතු වලින් ජය ලැබේ.

   32) පුවක්
           බලාපොරොත්තු සුන්වේ.

   33) දෙහි
           වැඩි ලාභ ලබන්නට ගොස් පාඩු සිදුව්ම් අත්වේ.

   34) පළතුරු ගොඩක්
             චරිතය ඝාතනයවේ.
          

7 comments:

යසියා said...

එක එක දර්ශන මාලාවන් සමග සිහිනයක පලාපල වලට සම්බන්දයක් තියෙනවද???

jhothishalanka said...

@යසියා
ඉස්සර හිටපු ඉසිවරු සිහින පලාඵල දක්වල තියෙන්නේ හොද නරක දැනගෙන සතුටු වෙන්නවත් දුකට බයට පත්වෙලා අධෛර්ය වෙන්නවත් නෙවෙයි.පෙර සූදානමක් වෙන්න.සමහර හීන තියෙනවා තමයි කතන්දරයක් වගේ එක පෙලට දර්ශනය වන සමහර ඒවා අගක් මුලක් කොනක් නැති අප්‍රභංශ වගේ පේනවා.ඒ ගැනත් ඉස්සර සිටි ඉසිවරු පලාඵල දක්වලා තිබෙනවා.මේ ලිපි පෙළින් දක්වන්නේ සත්තු,මල් පළතුරු විවිධ සිද්ධි ක්‍රියාකාරකම් සිහිනෙන් දැකීම පිළිබද පලාඵලයි. මෙම සිහින පලාඵල දක්වා ඇත්තේ භරත නම් ඉසිවරයායි.

චතුර විජේකෝන් said...

හීන පේනවා නම් බොහොම අඩුයි. මල් නම් පේන්නෙම නෑ... නින්ද ගිහාම නෙවෙයි, දැං කට්ටිය හීන බලන්නේ ඇහැරගෙනම නොවැ...

හිස් අහස said...

හීන නම් පේනවා ඒත් අහරිනකොට මෙලව දෙයක් මතක නෑ .!

Anonymous said...

පිළිගන්න බෑ! ඔය සිහින ගැනයි.. පලඵල ගැනයි ඔය වගේ කතන්දර නම් හැමෝටම කියන්න පුලුවන් නේද? අනික හැමෝටම එකම හීනෙන් එකම විදියෙ පලාඵල ලැබෙන්නෙ කොහොමද?

waruni said...

mala vikara

Anonymous said...

samahara ganu lamai sobaneta kiyanava api ova piliganne na kiyala......eth 365 davasema handahan balana than vala polime...

Related Posts Plugin for WordPress, Blogger...