Tuesday, August 9, 2011

දෑවැද්ද

  "අනේ පුතේ මම මේ ආවේ අපේ දුවගේ කේන්දරේ ග්‍රහ අපල එහෙම තියේද කියලා බලන්න.දුව ලඟදි කසාද බැන්දා.දෙන්න යාළුවෙලා බැන්දේ.දැන් ඉන්නේ බෑනගේ ගෙදර.බෑනා නම් අනේ හරි හොදයි.ඒත් නැන්දම්මා එක විදියක්,වෙනස් කමක් නොකලත් අපේ දුව ලොකු දෑවැද්දක් එක්ක නාපු එකට එච්චර හිත හොද නැහැ,සැරින් සැරේට ආඩපාලි කියනවලු.අනේ ඉතිං අපි වගේ දුප්පත් මිනිස්සු කොහොමද ලොකු දෑවැදි දෙන්නේ."

   " ඉතින් මුලින් කිව්වේ නැද්ද අපිට දෑවැද්දක් දෙන්න අමාරුයි කියලා."

  "කිව්වා කිව්වා.බෑනානම් අනේ ඒවා ගැන ඇහුවෙවත් නැහැ.මහ අම්මණ්ඩි තමයි ඒ ගැන කියවන්නේ."

  "ඉතින් තමන්ගේ දරුවට ඉටුවෙන්න ඕන යුතුකමක් විදියට වත් මොනවත් දුවට දුන්නේ නැද්ද?"
  
  "දරුවව අපි හිස් අතින්ම ඇරියේ නැහැ. අපිට පුළුවන් විදියට දුන්නා.ඇයි දෙයියනේ ඒ ගෑනිටත් දුවලා ඉන්න එකේ අපේ නැතිබැරි එකීට එහෙම කරන්න වටිනවාද?අනිත් එක හෙට අනිද්දට මැරිල යන වයසක අපි ඉස්සරහ ගැන හිතලවත් ඉවසන්න ඕන නේද කියල ඒ නැන්දම්මට තේරෙන්නේ නැද්ද?"

  " කෝ දෙන්න බලන්න දුවගේ කේන්දරේ බෑනගේ එකත් එක්කම.දැන් මේ දෙන්න කසාද බැදලා කොච්චර කල්ද? .............."

 " ..................................."

 "......................................"

 " අනේ පුතේ මේ අපේ පුතාගේ කේන්දරේත් මේ ගමන්ම බලල දෙන්නකෝ.මට ආයි දවසක් එන්න බැහැ."

  " මේ පුතාගේ කේන්දරේ ග්‍රහබලය හොදයි.රැකියා වාසනා බලය තියෙනවා"
  
  "අනේ ඔව් .මේ පොඩි පුතා.කලින් කේන්දරේ බැලුව මෙයාගේ අක්කාව දෙනකොට අපිට එච්චර වත්කමක් තිබුනේ නැහැ.මේ ලඟදි පුතාට හොද රැකියාවක් ලැබුණා.මටත් හරි ආදරෙන් පුතා සලකනවා."
   
  "මේ පුතා කසාද බැදලද"

  "ආපෝ ඒ ගැන මතක් කරන්න එපා.අපේ තත්ත්වෙට කොහොමවත්ම ගැලපෙන්නේ නැති හරියට කන්න අදින්න ඉන්න හිටින්නවත් තැනක් නැති තැනකින් පුතා බැන්දෙ.උන් අපේ එකාව රැවටුවා.පුතාව මෝඩයා කරලා ඒ කෙල්ල මෙයාගේ ඇගේ එල්ලුනා. ලේලි එනකොට කනේ කරාඹු ජෝඩුවක්වත් නැතිව ආවේ.ඇදන් හිටිය වස්තරේ විතරයි.ඒකත් අපේ එකා අරන් දීපු එකක්ද කොහේද.ගෑනි සැරින් සැරේට එනව මගෙත් එක්ක භජනෙට.මටනම් පේන්න බැහැ.අනේ අපේ පුතාට කොච්චර හොද තැනකින් ගෑනියෙක් ගේන්න පුළුවන්කම තියෙද්දිද මේ වහුරු කුණ උස්සන් ආවේ."
  

13 comments:

දිල් said...

අනේ අනේ......... මෙහෙමත් මිනිස්සු......අම්මා කෙනෙකුට තමන්ගේ දුවව වටින තරමට තමන්ගේ ලේලියත් වටිනවා නම්....

Anonymous said...

ජ්‍යොතිෂලංකා.. අපරාදේ කියන්න උබට හොදට බොරු හදන්න පුළුවන්.තව දාපන්..උබේ බොරු කියවන්න නංගිලා මල්ලිලා ඉදීවි.

jhothishalanka said...

@Anonymous
මෙහි දැක්වූ දෙබස් වල ඇතැම් කොටස් කතා රසය මතු කිරීමට මා අතින් දැමූ ඒවා වුවත් මේ සිද්ධිය සත්‍ය අත්දැකීමකි.

෴ වේලාව ලගයි ෴ said...

ම්නිස්සුන්ගේ ආදරය ඔය කොයි බාධක ආවත් වෙනස් කරන්නට අප කාටවත් නොහැකිය ......

සංකල්ප said...

පුදුම මිනිස්සු නේ !!!!!
දුවට දෑවැද්ද දීගන්න බැරුව දුව බැන්ද එකාලගේ පවුලට දොස් කිය කියා පුතාගේ නෝනට ඇනුම් පද කියනවා !!!!
මෙහෙමත් මිනිස්සු. කවුරුත් බලන්නේ තමන්ගේ වාසිය විතරයි.

තිරිසනා said...

මම හිතන්නේ දෑවැද්ද ලබෙන්ඩත් පෙර පින තියෙන්ඩ ඕනෙ.7 වැන්න හා 8 වැන්න බලවත් නම් හොඳ දෑවැද්දක් සෙට් වෙයි නේද JHOTHISHALANKA ? :D

jhothishalanka said...

@තිරිසනා
හරියට හරි.සහකාරියගේ පාර්ශ්වයෙන් ලැබීම් ගැන කියන්නෙ හතෙන් අටෙන් තමයි.තිරිසනා ජ්‍යොතිෂය ගැන දන්නවනේ.ඔයා වගේ අය තමයි මේ බ්ලොග් එකට වටින්නේ.තව හොදට ඉගෙන ගන්න.ඔයාගේ කමෙන්ටුවලත් අමුතු ගතියක් වැදගත් කමක් තියෙනවා.

තිරිසනා said...

ස්තූතියි..බොක්කෙන්ම මට ඔය ආශිර්වාදය සෑහෙන්ඩ වටිනව.:D

Chamantha Thilina said...

අය්යේ..පොඩි ප්‍රශ්නයක් තියෙනව අහන්න..පොරොන්දම් 100% ක්ම ගැලපීමත් විවාහයට අසුභයි කියල මම අහල තියෙනවා..පොඩ්ඩක් පැහැදිලි කරල දෙනවද???

jhothishalanka said...

පොරොන්දම් 100%ක් කවදාවත් ගැලැපෙන්නේ නෑ චමන්ත මල්ලී. මොනා හරි දෝෂ අඩුපාඩුවක් සුළු වශයෙන් හරි තියෙනවා.පොරොන්දම් ඉතා හොදින් ගැලපීම විවාහයට හොදක් මිස නරකක් නෙවෙයි.ඔවැනි කතාවක් මා කවදාවත් අසා නැහැ.

Darshana said...

නොගැලපෙන දේ හිතේ හයියෙන් ගලප ගන්න බැරිද ?

punsara said...

ලොක්කා මේක ම්ට දැන ගන්න ඕක කේස් 1ක්
ලිංග පොරොන්දම නොගැලපුනොත් කේන්දර 2ක ගැලපෙන්නේම නැද්ද?
විවාහය අසාර්තකද?

jhothishalanka said...

@punsara ලිංග කියලා වචනේ තිබුනට ඔතන සලකන්නේ කුණුහරුප ලිංග ගැන නෙවෙයි.ඒක සංකේතයක් විතරයි.(ස්ත්‍රී,පුරුෂ,නපුංශ). ලිංග පොරොන්දම අසුභ වුවත් ග්‍රහ නැකැත් රාශි රාශ්‍යාධිපති සුභ වෙනකොට දෝෂ භංගයි.

Related Posts Plugin for WordPress, Blogger...