Tuesday, August 16, 2011

ඒකශ්‍රැතිධර යෝගය



 යෙදෙන ආකාරය -
              තුන,පහ,නවය,එකොලහ ස්ථාන වල සියළුම ග්‍රහයන් සිටීමෙන් මෙම යෝගය උදාවේ.

 විපාක - සුභ යෝගයකි.යෝගය හැදින්වීමට යොදා ඇති නාමයේ අර්ථයෙන් කියැවෙන ආකාරයටම "එක් වරක් ඇසූ පමණින් ධාරණය කරගත හැකි" හැකියාවක් මෙම යෝගය පිහිටි අයට ලැබේ.බර වැඩ කර ජීවත් වන්නෙක් නොවේ.රැකියාව සදහාද ඥාණයම යොදාගනී.

 විශේෂ සටහන්
             මෙම යෝගයද සිංහාසණ යෝගය මෙන්ම දුර්ලභ යෝගයකි.දෙක,හය,අට,දොළහ සියළුම ග්‍රහයන් පිහිටීමෙන් ඇතිවන සිංහාසන යෝගය පිහිටි හා මෙම ඒකශ්‍රැතිධර යෝගය පිහිටි අයගේ කේන්දරවල පිහිටන පොදු ලක්‍ෂණයක් වන්නේ "හතර කේන්ද්‍රය හිස් වීමයි." යෝගදෙකේම ශ්‍රමණ යෝගය සැඟවී ඇති අතර ගුරු,කුජ ග්‍රහයන්ගේ සුභ අසුභ දෘෂ්ටි කේන්ද්‍රස්ථාන වලට වැටීම අනුව ශ්‍රමණ යෝගය ඉස්මතු වීම නොවීම බොහෝ දුරට තීරණයවේ.ලේඛකයන් මුද්‍රණ ශිල්පියන් ,භාෂා පරිවර්තකයන් බිහිකරවන යෝගයකි.මෙය ධන යෝගයක් ලෙස දක්වා නැතත් දෙක හා එකොළහ ග්‍රහ පිහිටීම යහපත් වන විට තම ඥාණය මෙහෙයවා ධනය උපයයි.නමුත් මෙම යෝගය පිහිටි අය මුදල් පසුපස හඹා යැම අඩුවෙන් කරන්නන්ය.

16 comments:

තිරිසනා said...

11 වැන්නාධිපතිය 11 ඉඳල 2 වැන්නාධිපතියත් 11ටම සෙට් වෙලා 10 වැන්නාධිපතියත් 11ට වගේ සෙට් වුනොත් කොහොමද ආතල් එක?:P

Chamantha Thilina said...

මේ ඒකශ්‍රැතිධර යෝගය තියෙන කේන්දරයක් මට හම්බ උනා.."මෙම යෝගය පිහිටි අය මුදල් පසුපස හඹා යැම අඩුවෙන් කරන්නන්ය" යන කියමන ඵම කේන්දරයත් සමග 100%ක් ගැලපෙනවා..හතර කේන්ද්‍රය හිස් වූ විට ගුරු,කුජ ග්‍රහයන්ගේ දෘෂ්ටි කේන්ද්‍රස්ථාන වලට වැටීම තව ටිකක් පැහැදිලි කරල දෙනවද අය්යේ....???

jhothishalanka said...

@තිරිසනා
ආතල් කියන්නේ ෆුල් ආතල්..හතර මහ නිධානෙ පහළ වුනා වගේ තමයි.

jhothishalanka said...

@චමන්ත මල්ලී
ගුරුට තමා සිටින රාශියේ සිට පස්වැනි හා නවවැනි රාශි වලට දෘෂ්ථිය වැටෙන අතර අඟහරු දෘෂ්ථි වැටීම තමා සිටින රාශියෙන් හතර හා අටවැන්නටයි.ඒ අනුව හතර කේන්ද්‍රය හිස් කේන්ද්‍රවල ගුරු කොහේ හිටියත් කේන්ද්‍රස්ථානෙකට දෘෂ්ථි වැටෙනවා.හැබැයි අඟහරු දෘෂ්ථිය කේන්ද්‍රස්ථානයකට වැටෙන්න නම් තුන,හය,නවය හෝ දෙළොස්වැන්නේ සිටිය යුතුයි.සාමාන්‍යයෙන් ගුරු සෞම්‍ය ග්‍රහයෙක් ලෙසත් කුජ(අඟහරු) පාපී ග්‍රහයකු ලෙසත් තමයි සලකන්නේ.ගුරු දෘෂ්ථිය යම් ස්ථානයකට වැටුනු විට එම ස්ථානයට අදාළ තත්ත්වයන් බැබලීමක් සිදු කරනවා.අඟහරු දෘෂ්ථිය වැටීම වැටෙන ස්ථානය අනුව සුභ අසුභ වනවා.උදාහරණයකට අඟහරු දෘෂ්ථිය 10 ට සුභ වුවත් 7 වැන්නට නරකයි.හතර කේන්ද්‍රය හිස්වූ කේන්ද්‍රවල මෙලෙස ගුරු කුජ දෘෂ්ථිය වැටීම අනුව සුභ අසුභ අඩු වැඩි වෙනවා.

තිරිසනා said...

මට පොඩී ප්‍රශ්නයක් තියෙනව.රාහු - වෘශභයටත් ,කේතු - වෘෂ්චිකයටත් උච්චයි නේද? ඒත් මේ හැම සොෆ්ට්වෙයාර් එකකින්ම පෙන්නන්නේ දෙන්නම ඉන්නේ සම අවස්ථාවේ කියල.ඒ කියන්නේ රාහු වෘශභයේත් කේතු වෘෂ්චිකයේත් හිටපු පළියට උච්ච වෙන්නේ නෑ කියන එකද?

රාහු කේතු උච්ච වුනාම හොඳද නරකද?

jhothishalanka said...

@තිරිසනා
රාහු කේතු ග්‍රහයන්ගේ උච්ච නීච රාශි පිළිබදව පැරණි පොත්පත්වල මෙන්ම පංචාංග ලිත්වලද දක්වා ඇත්තේ විවිධාකාර අයුරිනි.(උදා- ලංකා හා ඈපා පඤ්චාංග ලිත් වල රාහු කේතු උච්ච නීච වීම දක්වා ඇති අයුරු බලන්න.) ඒ නිසාම බොහෝ ජ්‍යොතිෂවේදින් පලාඵල බැලීමේදී හා වෙනත් ජ්‍යොතිෂ කටයුතු වලදී රාහු කේතු උච්ච නීච වීම ගැන කතා බහ කරමින් දැක්වීමක් කරන්නේ නැහැ.

Anonymous said...

මහත්මයාණෙනි
ග්‍රහයන්ගේ යෝග වීම සහ සංයෝග වීම යන වචන දෙකේ තේරුම එකක්ද?දෙකක්ද?

Chamantha Thilina said...

අහන්න පොඩි පුරශ්නයක් තියෙනවා...ආදිත්‍ය යෝගය කියන්නෙ මොකක්ද?? ඵයින් ලැබෙන ප්‍රතිපල මොන වගේද???? ටැංකියු....

jhothishalanka said...

Anonymous "ග්‍රහ සංයෝග" වීම යනුවෙන් අදහස් කෙරෙන්නේ ග්‍රහයන් දෙදෙනෙකු හෝ කීපදෙනෙකු එක් රාශියකට එක්රැස් වීමකි. "ග්‍රහ යෝග" ලෙස හදුන්වන්නේ විවිධාකාර නම්වලින් හදුන්වා ඇති(උදා - මාලවී යෝගය,කාල සර්ප යෝගය,සිංහාසන යෝගය..වැනි) සුවිශේෂී ආකාරයට ග්‍රහයන් සකස් වීමයි.

@චමන්ත මල්ලී
ආදිත්‍ය යෝගය ලෙස හදුන්වන්නේ සදු,කුජ,බුධ,ගුරු,සිකුරු,ශනි යන ග්‍රහයන් සය දෙනා තනි තනිව රවි සමග යෝගවීමයි.යෝගවන ග්‍රහයා අනුව ආදිත්‍ය යෝගය විශේෂණ වේ. උදා - බුධ සමඟ යෝගවන විට බුධ ආදිත්‍ය යෝගය
මෙම යෝගවල ප්‍රතිඵල දැනගැනීමට අදාළ ද්වි සංයෝගයේ ඵල බැලිය යුතුය
උදා -බුධ ආදිත්‍ය යෝගය ඵල = රවි බුධ ද්වි යෝගයේ ඵල

Mahason brothood said...

ශ්‍රී විෂ්ණු දෙවියන් හා ගම්බාර දෙවියන් සම්බන්දව ලියවුනු පොත් මොනාද

jhothishalanka said...

@Mahason Brotherhood
විශ්ණු හා ගම්බාර දෙවියන් සම්බන්ධ පුරාවෘත්ත හා පුද පූජා ඇතුලත් සිංහල පොත් බොහොමයක් ඇත.නමුත් ඔබට ඉන්ටනෙට් පහසුව ඇති නිසා අන්තර්ජාලයෙන්ම මේ සදහා වූ සිංහල ලිපි කියවිය හැකියි.සිංහල යුනිකෝඩ් වලින් "විශ්ණු දෙවියෝ" , "කතරගම දෙවියෝ" කියා ටයිප් කර ගූගල් සිංහල සෙවුම් ආධාරකයෙන් පිරික්සා (සර්ච්) බලන්න.කියවා ඉවර කළ නොහැකි තරමට පුවත්පත්,සඟරා ආදියෙහි කලින් කලට පලවූ මේ හා බැදුනු ලිපි රාශියක් ලැබේ.ඉංග්‍රීසි ලිපිද රාශියකි.

samanthika madurapperuma said...

meena lagnaye kendaraye 2 wannadipathi 9 yeth 11 wannadipathi ha 12 wannadipathi senasuru 8 uchcha weemath siduweemen kumana widihe arthikayak himi wewida ayye....

jhothishalanka said...

ඔය කිව්ව විස්තරෙන් නම් ලොකු දෙයක් කියන්න අමාරුයි.මින ලග්නයේ ශනි 8 හා කුජ(අඟහරු) නවයේ සිටීම ගැන විතරයි ඉන් විස්තර කෙරෙන්නේ.කොහොමත් 2,11 අධිපතින් ක්‍ෂෙත්‍ර උච්චව සිටීම ආර්ථිකයට හොදයි.

samanthika madurapperuma said...

අය්යේ මගේ කේන්ද්‍රයේ (මීන ලග්නය ) ශනි 8 වැන්නේ උච්ච වී සිටිනවා. තව සිකුරු හා බුද 6 වැන්නේත් 2 අධිපති කුජ 9 වැන්නේත් සිටිනවා.මෙයින් මට කවර ආකාරයේ ආර්ථිකයකට හිමිකම් කියන්න හැකිවේද....ගුරු 10 වැන්නේත් සිටිනවා...

jhothishalanka said...

@samanthika madurapperuma
ඔබ දක්වා ඇති ග්‍රහ පිහිටීම් ඉතා හොදයි නීච භංග රාජ යෝගයක් සමඟ භද්‍රා,ගුරු හංස යෝග පිහිටීමත් 2,11 අධිපතින් බලවත් වීමත් ග්‍රහ මඩුල්ලේ ප්‍රධාන ග්‍රහයන් සිව්දෙනා (කුජ,ගුරු,ශනි,බුධ) උච්ච ක්‍ෂෙත්‍ර බලයෙන් පිහිටීමත් ඉතා හොදයි.උපන් තත්ත්වයට වඩා ධනයෙන් ඉහළ තත්ත්වයක් ලැබෙන බව ස්ථිරවම කිව හැකියි.දශා ක්‍රමයේ දුබලතාවක් නැත්නම් වඩාත් හොදයි.

Nishantha Lakmal said...

bohoma sthuthiy guruthuma mata obathumagen hoda pahadili kireemak labuna..sthuthiy me blog site eken mama mage jeewithayata godak dewal ekathu karagannawa...eyata boho pin....

Related Posts Plugin for WordPress, Blogger...