Monday, January 2, 2012

සංඛ්‍යා යෝග

                                                 රාහු කේතු හැර අනිත් ග්‍රහයන් හත් දෙනා (රවි,චන්ද්‍ර,කුජ,බුධ,ගුරු,ශූක්‍ර,ශනි) එකම රාශියක,රාශී දෙකක,තුනක ආදී ලෙස රාශීන් වල එක් රැස් වී පිහිටීම අනුව යෝග හතක් යෙදේ.මෙම යෝග හත එක් ලිපියකින් දැක්වූ විට පාඨකයාට අවබෝධ කර ගැනීමට හා වටහා ගැනීමට පහසු නිසා මෙම යෝග හත පිළිබදව මෙම ලිපියෙන් දැක්වේ.

      නාභස යෝග 32 න් සංඛ්‍යා යෝග යටතේ වෙන්කර ඇති මෙම යෝග හතට පෙරදිග ජ්‍යොතිෂයේදී වැදගත් තැනක් ලබා දී ඇත. ගෝල,යුග,ශූල,කේදාර,පාශ,දාමිණී,වීණා ලෙස නම්කොට ඇති මෙම සංඛ්‍යා යෝග හත වෙනත් නාභස යෝග මෙන්ම රාහු,කේතු හා යුරේනස් නැප්චූන් ප්ලූටෝ යන ග්‍රහයන් සැලකිල්ලට ගෙන නැත.
       රාහු කේතු හැර අනිත් ග්‍රහයන් සත් දෙනා එකම රාශියක ,රාශි දෙකක,තුනක ..ආදී ලෙස පිහිටන විට යෙදෙන යෝගයන් පිළිවෙලින් දැක්වුවහොත්
  1) ගෝල යෝගය
            රාහු කේතු හැර සියළුම ග්‍රහයන් එක් රාශියක තැන්පත වීම
   2) යුග යෝගය
             එම ග්‍රහයන් රාශි දෙකක තැන්පත් වීම
   3) ශුල යෝගය
             එම ග්‍රහයන් රාශී තුනක තැන්පත් වීම
   4) කේදාර යෝගය
             එම ග්‍රහයන් රාශී හතරක තැන්පත් වීම
   5) පාශ යෝගය
            එම ග්‍රහයන් රාශී පහක තැන්පත් වීම
   6) දාමිනී යෝගය(වරදාම යෝගය)
           එම ග්‍රහයන් රාශී හයක තැන්පත් වීම

   7) වීණා යෝගය
           එම ග්‍රහයන් රාශී හතක තැන්පත් වීම

 මීලඟට මෙම යෝග වල ඵල විපාක සලකා බලමු

 1) ගෝල යෝගය
          ලෝකෝත්තර දිවියකට වැඩි නැඹුරුය.භෞතික කටයුතු සැප සම්පත් විදීමේ ඉඩකඩ අඩුයි.ආයුබල හීන යෝගයකි.

  විශේෂ සටහන්ඃ
            රාහු කේතු හැර සියළුම ග්‍රහයන් එක් රාශියකට යෙදී ඇතිවන මෙම යෝගය අතිශය විරල යෝගයකි.1962 පෙබරවාරි 3 සෙනසුරාදා හවස 4.54 සිට පෙබරවාරි 05 සදුදා හවස 5.30 දක්වා කාලය තුල (මෙම කාලය ලංකාව ආශිත) මෙලෙස සියළුම ග්‍රහයන් එක රාශියක් (මකර රාශිය) එල්ලේ පිහිටීම මෑත කාලීනම අවස්ථාව විය.

   2) යුග යෝගය
           සියළුම ග්‍රහයන් රාශි දෙකක තැන්පත් වී සෑදෙන මෙම යෝගයෙන් උපන් අය චපල ගතිය.අවස්ථාවාදීය.හොද නරක තෝරා බේරා ගෙන කටයුතු කිරීම අඩුය.තැන තැන ඇවදමින් ජීවිතය ගත කරයි.ආහාර පාන පවා අනුන්ගෙන් ඉල්ලා ගැනීමට සිදුවන අවස්ථා ඇත.

  විශේෂ සටහන
          මෙම යෝගයද අතිෂය දුලභ යෝගයකි.1962 පෙබරවාරි 5 දා රාත්‍රී 11.17 ට උපන් කමල් අද්දරආරච්චිගේ කේන්ද්‍රයේ මෙම යෝගය පිහිටා ඇත.නමුත් එහි හතර වැන්නේ පංච මහා යෝග දෙකක් නීච භංග රාජ යෝග හා සදුගෙන් දොළොස්වැන්නේ සුභයන් යෙදීමෙන් ඇතිවන බලවත් අනඵා යෝග බලය නිසා ගෝල යෝගයේ ඵල අභිභවා අනඵා යෝග බලය ඉස්මතුවී ලෞකික සැප බලය හිමිවී ඇත.

 3)ශූල යෝගය
      රාශි තුනක සියළුම ග්‍රහයන් සිටීමෙන් සෑදෙන මෙම යෝගයෙන් උපන් අය  ඉමහත් ධෛර්ය ඇත්තන්ය.ධනය ලැබුණත් ධනයට දැඩි ආශා නැත.පරිත්‍යාගශීලීය.සටන්කාමීය.කලහ යුධ වලින් තුවාල කැලැල් සිරුරේ පිහිටයි.තම දක්‍ෂතාවෙන් ඵල ප්‍රයෝජන තමන්ට විදීමට ලැබෙන ඉඩකඩ අඩු අතර අනුන් ඉන් ප්‍රයෝජන ගන්නා අවස්ථා වැඩිය.පළි ගැනීමට සිතුනොත් එය කරනවාමය.

විශේෂ සටහන්
     මෙයද කලාතුරකින් දක්නට ලැබෙන යෝගයකි.බොහෝ ශූල යෝගය ඇත්තවුන් කළහකාරීය.සූර සරදියෙල් (1835 නොවැම්බර් 21 ,මේෂ ලග්නය) හා ලුතිනන් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ ජන්ම කේන්ද්‍රයන් වල මෙම ශූල යෝගය තිබී ඇත.


 4)කේදාර යෝගය
     සියළුම ග්‍රහයන් ඕනෑම රාශි හතරක තැන්පත් වීමෙන් සෑදෙන මෙම යෝගය කෘෂි හා පෂු සම්පත් ලබා දෙන යෝගයකි.සවිබල ඇති ශරීරයකි.යහගුණය ඇත්තන්ය.ඥාතී මිත්‍රාදීන්ට උපකාර කිරීමට ඉදිරිපත්වේ.අඟහිඟකම් අඩුය.අවබෝධ ඥාණය ඇතත් යමක් අවබෝධ කරගනුයේ ඉතා සෙමිනි.


 5) පාශ යෝගය 
      සියළුම ග්‍රහයන් රාශි පහක තැන්පත් වීමෙන් සෑදෙන මෙම යෝගය සුලභ යෝගයකි.හොද නරක තේරුම් ගෙන කටයුතු කරයි.බුද්ධදයට වඩා අත්දැකීමෙන් කටයුතු කර ජය ගනියි.

 6) දාමිණී යෝගය
      සියළුම ග්‍රහයන් ඕනෑම රාශි හතක සිටීමෙන් යෙදෙන මෙම යෝගයද තරමක් දුරට දුලභය.රාහු කේතු හැර අනිත් ග්‍රහයන්ගෙන් දෙදෙනෙකු පමනක් එක් රාශියක යෝගවී අනිත් ග්‍රහයන් පස් දෙනා එක් රාශියක එකා බැගින් රාශි පහක තැන්පත් වීමෙන් මෙම යෝගය යෙදේ.
    බුද්ධිමත්ය විමසිලිමත්ය.පිනට දහමට බරය.තමන්ට හැකි අයුරින් අනුන්ට උදවු උපකාර කිරීමට කැමතිය.ගව සම්ත් ලබයි.

 7) වීණා යෝගය 
      සියළුම ග්‍රහයන් ඕනෑම රාශි හතක තැන්පතා වීමෙන් යෙදෙන මෙම වීණා යෝගය ගැන මීට පෙර  ලිපියකින් සවිස්තරව දක්වන ලදී.1931 අප්‍රේල් 4 දා රාත්‍රී 2.30 ට උපන් හිටපු ඇමතිවරයෙකුවූ අභාවප්‍රාප්ත රන්ජන් විජේරත්න මහතාගේ ජන්ම කේන්ද්‍රයේ වීණා යෝගයක් විය.2012 ජනවාරි 15 16 දිනවලද මෙම දුලභ වීණා යෝගය යෙදේ.

10 comments:

තිරිසනා said...

වටිනා ලිපියක්.මමත් කෑදර කාරයෙක් නොවැ.:-P

admin said...

ඔබගේ blog තුල අඩන්ගු කරුනු ඉතාමත් වටිනවා,මා කෙන්දර පිලිබදව විස්වාසයක්,නොතිබුනද, ඔබගේ blog නිසා උනන්දුවක් ඇති විය. මහට අවස්‍යයි කෙන්දරයක විවාහක පුද්ගලයෙකුගේ දරුවන් සිටින්වාද කියා දැනගන්නේ කොහොමද?.

Migara said...

පියසේන රතුවිතාන මහතා ජ්‍යෙතිෂය ඉගැන්වීම සඳහා පංති පවත්වනවාද? එතුමාව සම්බන්ධ කරගත හැකි දුරකතන අංකයක් සොයාගතහැක්කේ කෙසේද? දන්නා යම් තොරතුරක් ලබාදෙන්නේ නම් පිං.

මම මිගාර

jhothishalanka said...

@Migara
පියසේන රතුවිතාන මහතාගේ දුරකථන අංකය මා සතුව ඇත.එය මෙතන දැක්වීම කල නොහැකියි.මා දන්න තරමින් ඔහු ජ්‍යොතිෂ පන්ති කරනවා.ඔබගේ ඊමේල් එක එවන්න එය පබ්ලිෂ් නොකොට ඔබට රතුවිතාන මහතාගේ දඑරකථන අංකය දක්වන්නම්.

@indika
ඔබගේ ගැටළුවට කෙටි පිළිතුරක් දිය නොහැකියි ඔබ පලාතේ සිටින දක්‍ෂ දෛවඥයකු හමුවන්න.

Susantha said...

ගුරු සිටින තැනින් තුන් වැන්නේ චන්ද්‍රයා සිටීම (ගුරු-8 චන්ද්‍ර-11) ශකට නම් යෝගය යෙදීමක්ද?

jhothishalanka said...

@Susantha


"ශකට" හා "සකට" නමින් යෝග දෙකකි.බොහෝ දෙනා මේ දෙක පටලවා ගනී.
නාභස යෝග වල ආකෘති යෝග යටතේ යෙදන ශකට යෝගය යෙදෙන්නේ "ලග්නයේ හා 7 වැන්නේ සියළුම ග්‍රහයන් තැන්පත් වීමෙනි.මෙය ඉතා දුර්ලභ මෙන්ම අසුභ යෝගයකි(දරිද්‍ර යෝගයකි.)

ගුරු ග්‍රහයා සිටින රාශියේ සිට 6වැන්නේ ,8 වැන්නේ හෝ 12 වැන්නේ සදු සිටීමෙන් යෙදෙන්නේ "සකට" යෝගයයි.(සදු සිටින රාශිය අනුව සුභ අසුභ තීරණය වේ.ඉතා ප්‍රවේශමෙන් සැලකා බලා විමසිය යුතු යෝගයකි.ජ්‍යොතිෂය උගෙන ගන්නා අවධියේ මා හටද මෙම යෝග දෙක පැටලීම් සිදුවී ඇත.

Dush said...

මේ සාත්තර ඔව්ව මෙව්වා ඇත්තටම තියේද කියල විශ්වාස නැහැ මට

Unknown said...

Harima pahadiliyi. Mama nam igena ganna kamathiyi. Eth samahara parana poth wala thiyan eva, ada kaleth ekka galapenawada kiyala, podi prashnayak thiyanawa. Eva modern world wkata apply karanna amaruda?

Unknown said...

Yoga karaka ,arda yoga karaka grahayin yanu kumakda?
Haduna ganne keseda?

jhothishalanka said...

යෝග කාරක ග්‍රහයන්
මේෂ - ගුරු
වෘෂභ - ශනි
මිථුන -බුධ,සිකුරු
කටක - කුජ.ගුරු
සිංහ - කුජ
කන්‍යා -බුධ,සිකුරු
තුලා - ශනි
වෘශ්චික -ගුරු ,සදු
ධනු - රවි,බුධ
මකර -සිකුරු
කුම්භ - සිකුරු
මීන - කුජ,ගුරු

Related Posts Plugin for WordPress, Blogger...