Friday, December 30, 2011

හත අධිපති සිටින ස්ථානය අනුව සහකරු සහකාරියගේ ස්වභාවය

  යම් අයකුගේ ජන්ම කේන්ද්‍රයේ හත්වැන්න ඔහුගේ හෝ ඇයගේ විවාහයට වැඩිම බලපෑමක් ඇති කරන ස්ථානයයි.මෙම හත්වැන්නට අධිපති ග්‍රහයාගේ පිහිටීම හා එම ග්‍රහයා සම්බන්ධවන යෝග සංයෝග දෘෂ්ඨි හා කාරක අනුව විවාහය සිදුවන ආකරය හා විවාහ සහකරුගේ ස්වභාවය ඔහු සිටින දිශාව තත්ත්වය හා වෙනත් ලක්‍ෂණ ජ්‍යොතිෂ ආචාරීන් දක්වා ඇත.මෙම ලිපියෙන් හත අධිපති ග්‍රහයා සිටින ස්ථානය අනුව සහකරු හා සහකාරියගේ ස්වභාවය දක්වා ඇති ආකරය ඉදිරිපත් කර ඇත.මෙම විස්තර බොහෝ දුරට නිවැරදි නමුත් ග්‍රහයන්ගේ බල දුබලතා සංයෝග දෘෂ්ඨි හා කාරකත්වය අනුව තරමක් වෙනස් වන අවස්ථ්ද ඇත.

  ප්‍රථමයෙන්ම තමන්ගේ කේන්ද්‍රයො හත අධිපති ග්‍රහයා කවුරුන්ද යන්න දැන ගනිමු.ඔබගේ ලග්නය අනුව හත අධිපති ග්‍රහයා කවුරුන්ද යන්න පහතින් බලා ගන්න.

  ලග්නය        හත අධිපති ග්‍රහයා
  මේෂ            සිකුරු(ශුක්‍ර)
                     (ජන්ම කේන්ද්‍රයේ මෙම සිකුරු ග්‍රහයා දක්වා ඇත්තේ "ශු" යනුවෙනි)
  වෘෂභ             කුජ(අඟහරු)
  මිථුන              ගුරු(බ්‍රහස්පති)
  කටක              ශනි(සෙනසුරු)
  සිංහ                ශනි(සෙනසුරු)
  කන්‍යා             ගුරු(බ්‍රහස්පති)
  තුලා               කුජ(අඟහරු)
  වෘශ්චික           සිකුරු(ශුක්‍ර)
  ධනු                බුධ
   මකර               සදු
   කුම්භ              රවි
   මීන                බුධ




හත අධිපතියා,
1)  ලග්නයේ නම් තමන්ගේ අදහස් වලට ගැලපෙන සහකරුවෙක් හෝ සහකාරියක් ලැබේ.කුජ ,ශනි වැනි පාප ග්‍රහයෙකු නම් විවාහය පමා විය හැකියි.

2) දෙවැන්නේ නම් ධනවත් සැමියෙකු හෝ බිරිදක් ලබයි.විවාහයෙන් පසු පෙර සිටි තත්ත්වයට වඩා දියුණු වේ.නමුත් සැමියා බිරිදගේ ආදරය කල්ගතවන විට අඩුවන බව කියයි.

3) තුනේ නම් ප්‍රසිද්ධ වික්‍රමාන්විත අයෙක් සමඟ විවාහය යෙදේ.විවාහයෙන් පසු බොහෝ වෙනස්කම් යෙදේ.

4) හතරේ නම් ගේ දොර ඉඩකඩම් දේපළ ඇති අයෙක් ලැබේ.විවාහයෙන් පසු දෙදෙනාගේ සම්බන්ධය වඩාත් වැඩිවේ.

5) පහේ නම් අධ්‍යාපනය ලබන ස්ථානයෙන් ඇතිවුනු ප්‍රේම සම්බන්ධයකින් විවාහය සිදුවේ.උගත් අයෙක් ලැබේ.දෙපාර්ශ්වයේ ඥාතීන් අතර ප්‍රශ්ණ ගැටළු ඉස්මතු විය හැකියි.

6) හයේ නම් වැඩි තොරතුරු නොදන්නා දුරබැහැර අයෙක් සමඟ විවාහය යෙදේ.සහකරුගේ හෝ සහකාරියගේ අසනීප වංචා වැනි දුර්වලතා පසුව හෙලිවේ.කල්ගත වන විට දෙදෙනා අතර යම් යම් විරුද්ධ කම් මතුවේ.

7) හතේ නම් තමන්ගේ සිතට ගැලපෙන අයෙක් ලැබේ.දෙදෙනා තුලම එකිනෙකාට ගෞරවයක් බැදීමක් ඇත.විවාහ දිවිය ගැන අවධානය වැඩිය.කුජ ,ශනි වැනි පාපී ග්‍රහයෙකු වන විට මෙම සුභදායක තත්ත්වය අඩුවේ.

8) අටේ නම් ශරීර ශක්තිය අඩු ධෛර්ය උත්සාහය අඩු අයෙක් විවාහයට ලැබේ.කෙසේ වුවත් ඔහුග් හෝ ඇයගේ ධනයෙන් තමාට යැපීමක් ඇත.

9) නවයේ නම් ගුණ යහපත් වාසනාවන්ත අයෙක් විවාහයට ලැබේ.නමුත දෙදෙනාග ලිංගික ඇසුර බොහෝ දුරට අඩුවිය හැකියි.

10) දහයේ නම් රැකියාව හේතුවෙන් විවාහය යෙදීමට වැඩි ඉඩකඩයි.රැකියාවක නියුතු කාර්්‍යක්‍ෂම කෙනෙකු ලැබීමට ඉඩ තිබේ.

11) එකොලහේ නම් නිතර ආදායම් ලබන අයෙක් සමඟ කලක් ඇසුරින් විවාහය යෙදේ සහකරු සහකාරිය නිරායාසයෙන් තමා සොයා පැමිනේ.පෙර ආත්ම වල බැදීම් වැඩි අයෙකි.

12) දොලහේ නම් දියුණුවෙන් හෝ තත්ත්වයෙන් අඩු දුර බැහැර අයෙක් සමඟ විවාහය යෙදේ තමා නිසා ඔහු හෝ ඇයට අධික වියදම් යෙදේ.

11 comments:

තිරිසනා said...

මට මෙන්න මේ පුරස්නේ තියෙනව.මගේ හත්වැන්න අදිපතියා රවි 9 නීච වෙලා ඉන්නව.නමුත් අෂ්ඨක වර්ගෙන් බැලුවොත් මගේ හත්වැන්න තමා ප්‍රබලම.මොකක්ද මේකෙන් කියන්ඩ පුලුවන්??.

අපි අෂ්ඨක වර්ගෙන් හත් වැන්නේ බල දුබලකම බලන එක සාධාරණද?

jhothishalanka said...

@තිරිසනා
හත අධිපති ග්‍රහය නීච වෙලා ඉන්න විට විශේෂයෙන් රවි වගේ ග්‍රහයෙක් එලෙස ඉන්න විට පිහිටි රාශිය හා වෙනත් ග්‍රහ දෘෂ්ටි හා රවිගේ නීච වීම විපරිත ආකාරයට හෝ භංග වීමක් සිදුවේද යන්න විශේෂයෙන් සලකා බැලිය යුතුයි.ඇතැම් ජ්‍යොතිෂ ග්‍රන්ථ වල හත අධිපති දෙකේ හා නවයේ නීචවී සිටීම ස්ත්‍රීන් නිසා හිරේ විලංගුවේ හා එල්ලුම් ගස් පවා යාමට සිදුවන අසුභ තත්ත්වයක් ලෙස දක්වා ඇත.
අෂ්ඨක වර්ග ක්‍රමයෙන් හත අධිපතිගො බල දුබලතාව බැලීම ගැන මා හට ප්‍රමාණවත් දැනුමක් නැත.(නොදන්නා දෙය නොදන්නා බව කීම මගේ ක්‍රමයයි.)මේපිළිබදව දැනුවත් අයෙක් සිටිනවා ඔහුගෙන් අසා විස්තර දක්වන්නම්.

Migara said...

"හත අධිපති දෙකේ හා නවයේ නීචවී සිටීම ස්ත්‍රීන් නිසා හිරේ විලංගුවේ හා එල්ලුම් ගස් පවා යාමට සිදුවන අසුභ තත්ත්වයක් ලෙස දක්වා ඇත."

මලකෙලියයි මහරජ කිව්වලු.... මගෙ කේන්ද්‍රයේ හත අධිපති වුන ශනි 09 යෙ නීචයි නෙ. ඒකියන්නෙ මට හිරේ විලංගුවේ වැටෙන්න හරි එල්ලුම් ගස් යන්න හරි වෙනවද ? බුදු නා‍තෝ මං නැ‍තෝ....

jhothishalanka said...

@Migara
නෑ.. නෑ වැරදියට වටහා ගන්න එපා ඒ විදියට බැලුවොත් ශනි නවයේ ඉන්න සිංහ ලග්න කාරයෝ හැමෝම ගෑනු හින්ද හිරේ එල්ලඑම් ගස් යන්න වෙනවනේ.ඒක පොඩි සදහන් කිරීමක් විතරයි.

Chamantha Thilina said...

ඔනෑම ග්‍රහයෙක් නීච වීම හෝ උච්ච වීම හදුනගන්නෙ කොහොමද???

තිරිසනා said...

ඉංග්‍රීසි දින ක්‍රමයට ලැබුවා වූ මේ නව වසර ඔබතුමාට සොඳුරියකගේ මිහිරි පෙම් වදන් සවනේ වැදෙන සියලු සිතුම් පැතුම් සඵල වන පියාණන්ගේ රෝගී තත්වයන් සුවපත් වන පවුලේ සියලු දෙනා නිරෝගී සුවයෙන් කල්ගෙවීමට හැකි වන කිරි පිට කිරි ඉතිරෙන සුබම සුබ නව වසරක් වේවා........

jhothishalanka said...

@තිරිසනා & all
ඔබ සැමටත් 2012 වසර සුභ නව වසරක්ම වේවා!

තිරිසනා said...

" යම් කිසි ග්‍රහයෙක් නීච වනවිට නීච ස්ථානයට අධිපති ග්‍රහයා කේන්ද්‍රස්ථාන වන 1, 4, 7, 10 හෝ ත්‍රිකෝණස්ථාන ගතවේ නම් නීචත්වය අහෝසි වනවා."
මම මේක සිළුමිණ සයිට් එකේ දැක්කේ .මෙන්න මේ කතාවේ ඇත්තක් තියෙනවද?

SilentSahan said...

mage 11 inne..
man thula kuja 11( sinha rasjiye.. ravi kethu ekka..)

Anonymous said...

මෙතන දි දළ හා භාව කේන්ද්‍ර දෙවර්ගයක් නිසා ගැටළුවක් එනව නේද?දළ හතද ගන්නෙ භාව හතද

jhothishalanka said...

හොඳ ප්‍රශ්ණයක්..තමන්ගේ උපන් ලග්නයේ සිට හත් වැන්න අධිපතියා තමයි සලකන්නේ..හත් වැනි භාවාධිපතියා නෙවෙයි.

Related Posts Plugin for WordPress, Blogger...