LANKA JHOTHISHA ARANA ලංකා ජ්‍යොතිෂ අරණ

ජ්‍යොතිෂය පිලිබඳ වැටහීමක් ඇති හා නැති සියළු ලාංකීය හා විදේශීය සිංහල ජනයා වෙනුවෙන් සකසන ලද මෙම බ්ලොග් අඩවියේ සැරිසැරීමට ඔබ සැමට සුහද ආරාධනා.

Saturday, June 2, 2012

තොටගමු රාහුල හිමි ගලේ පැළ ඉණි හිටුවයි.

      තොටගමු රාහුල හිමියන් ස්වකීය ගුරු හාමුදුරුවන් වහන්සේ වූ විදාගම මෛත්‍රී හිමියන් යටතේ ඉතා හොදින් ශාස්ත්‍ර උගත්තේය.රාහුල හිමි තුල වූ අන් අයට දෙවැනි වීමට තිබූ අකැමැත්ත ඔහුට ශාස්ත්‍ර ඉගැන්වීමේ උපක්‍රමයක් ලෙස විදාගම හිමියන් යොදාගෙන ඇති බව රාහුල හිමිගේ සාමනේර අවධියේ තොරතුරු දෙස විමසිලේලෙන් බැලූ විට පෙනීයයි.ස්වකීය ගෝල නම සමඟ කුමන හෝ ශාස්ත්‍රයකට විද්‍යාවකට අදාළ කරුණකට වාද විවාදයකට පැටලී උවමනාවෙන්ම වාගේ ගෝලනමට ජයග්‍රහන ලබා දීමක් සිදුකොට රාහුල හිමිට ශාස්ත්‍ර ඉගෙනීමට කැමැත්ත ආශාව හා බුද්ධිය වැඩි කරවීමට පෙළඹවීමක් මෛත්‍රී හිමියන් විසින් සිදු කොට ඇති බවට දෛනා අතර වාද විවාද සිදුවී ඇති ආකරය දෙස බැලූ විට පෙනී යයි.(නමුත් බොහෝ අවස්ථාවල රාහුල හිමියන් ජයග්‍රහණ කරන්නේ නියම ලෙස බුද්ධි ශක්තිය පෙන්වමිනි.)

     තත්ත්වය මෙසේ වුවත් රාහුල හිමියන් තුල වූ අන් අයට දෙවුනි වීමේ අකැමැති ලක්‍ෂණය නිසා අගතියට පැමිනි අවස්ථාද රාහුල චරිතයේ ඇත.තමාගේ ප්‍රධානම ගෝලයා වූ වෑත්තෑවේ හිමියන්ට වරක් තම නොසතුට පළ කිරීම පිණිස වෑත්තෑවේ හිමියන්ගේ අහාර බඳුන කොටස් තුනකට වෙන්කොට ආහාර  බෙදා ඉඟියක් කල බව පැවසේ.මෙම සිද්ධියෙන් සිත් බිදුනු වෑත්තෑවේ හිමියන් කෙටි කලකට උපැවිදි වූ බවත් තමන් කිසි විටෙක ගුරු වසන්සේට ද්‍රොහී නොවන බවත් එහි ආදීනව තමා දන්නා බවත් ගුරු හිමියන්ට දන්වනු පිණිස "ගුත්තිල කාව්‍යය" ලියූ බවත් ඉතිහාසයේ සදහන්ය.
    තොටගමු හිමියන් රාහුල හිමි යටතේ ජ්‍යොතිෂය උගන්නා අවධියේ සිදුවූ රසවත් කතාවක් ඇත.දිනක් විදාගම රාහුල ගුරු ගෝල දෙනම ඉදිරියට ඇති සුභ නැකැත් දින තේරීමේදී ගලක වුවත් ඉන්නක් පැලවෙන ඉතා බලගතු ගොවි නැකැතක් ඇති බව දෙදෙනාම දුටුවේය.නැකැත් වේලාව තත්පර කිහිපයකට පමනක් සීමා වී ඇති බව දුටු දෙදෙනා මෙම සුභ නැකත අත්හදා බැලීමට කතා කර ගත්තේය.
    ඔන්න ඉතින් දෙදෙනා කතාකර ගත් පරිදි සුභ නැකැත් වේලාව උදවන දිනයේ දෙදෙනාම පැළ ඉණි දෙකක් සූදානම් කරගෙන පන්සල් වත්තේ පිහිටි ස්වභාවික ගල්තාලවක් මතට වී නැකැත් වේලාව උදාවන තුරු සූදානම් වී සිටියේය.සුභ නැකැත් වේලාව අනුව ගල් තලාවේ පිහිටි සිරස් දෙබලක් මතට පැල ඉන්න දැමූ විට දෙබල හා වී ඉන්න ගල් තලාවේ නොගැලවිය හැකි පරිදි පිහිටිය යුතුය.
   ඔන්න ඉතින් ගුරු ගොල දෙනමම තම තමන්ගේ පැල ඉණි දෙක තියාගෙන තමන් තොරාගත් ගල් දෙබලට ඉන්න දාන්න ලෑස්ති වෙලා ඉන්නවා.නැකැත් වේලාව උදාවුනා. හරියටම නැකැත් වේලාවට විදාගම හිමි තමන් අතින් අල්ලන් හිටිය පැළ ඉන්න ගල් සිදුර තුලට අතෑරියා.හැබැයි රාහුල හාමුදුරුවෝ මෙතනදී අනුගමනය කලේ ටිකක් වෙනස් ක්‍රමයක්.රාහුල හාමුදුරුවෝ කලේ තමන්ගේ එක් පාදයක් ගල් සිදුර මත තබා කකුලේ මාපැටගිල්ල හා දබරගිල්ල අතර ඉන්නේ අග උල රදවා ඉන්නේ ඉහල කෙලවර අතින් අල්ලා ගෙන හරියටම නැකැත් වේලාවට පා ඇගිළි හා ඉහළින් ඉන්න අල්ලා සිටිම අතැහැර එකවර ඉන්න ගල් සිදුර මතට වැටීමට සැලැස්වීමයි.මෛත්‍රී හිමියන් ඉන්න අතින් අල්ලා උඩ සිට අතහරින ඉන්න සිදුර මතට වැටීමට වඩා ඉක්මනට රාහුල හිමිගේ ඉන්න ගල් සිදුර මතට වැටුනි.ගුරු හිමියන්ගේ ඉන්න සිදුරට වැටෙන විට තත්පර ගානක් වූ නැකැත් වේලාව ඉක්මවී තිබුනා.නමුත් රාහුල හිමිගේ පැළ ඉන්න නියම නැකැත් වේලාවටම ගල් සිදුරට ඇතුල් වීම නිසා ගල් සිදුර හාවී ඉන්න ගලේ නොගැලවිය හැකි පරිදි සවිවී කිහිප දිනකට පසු දළු ලෑවේය.

     -------------------------- මතු සම්බන්ධයි. ----------------------------

13 comments:

  1. කලින් අහල තිබුනත් ලියල තියෙන විදිය රසවත්..
    පුංචි ප්‍රශ්ණයක් ඒ කාලෙ වෙලාව බැලුවෙ කොහොමද...?

    ReplyDelete
    Replies
    1. ඔය ප්‍රශ්නේ බලාපොරොත්තු වුනා.දවල් කාලයේ වෙලාව මැන්නේ එළිමහන් සමතලා බිමක කෝටුවක් සිටුවා හිරු එළියෙන් ලැබෙන එහි සෙවනැල්ලේ පියවර ගනනින්.රාත්‍රී කාලයේදී සද එලියෙන් හා ග්‍රහ තාරුකා ඇසුරින් වේලාව ගන්නා අතර වැහිබර කාලගුණ සහිත දිනවල රාත්‍රී කාලයේ වේලාව ඉතා නිවැරදිව තෝරා ගැනීමටද පැරණි ප්‍රකාශ හා යාන්ත්‍රික ක්‍රම විදි තිබී ඇත.(උදා - පෑ තැටිය ,කෙසෙල් කදක් මැදින් කැපූ විට එහි මොටෙයියා මතුවන දිග ප්‍රමානය)

      Delete
    2. ආ තව එකක්.ඔරලෝසු බට්ටාගේ ඒ කිව්වේ සරල අවලම්බ සිද්ධාන්තය සුද්දෝ ඉල්ල ගත්තෙත් පෙරදිග ශිෂ්ථාචාරයෙන්නේ.කොහොමත් සරල අවලම්බය ඔරලෝසුවක් ලෙස යොදා ගැනීමේ සිද්ධාන්තය පෙරදිග අපි භාවිතා කලේ සුද්දට කලින්.පෘථිවි ගුරුත්වය හා යාන්තික ක්‍රමය උපයෝගී කරගෙන දොලන කාලාවර්තය තත්පරයක් ලෙසට සරල අවලම්බය හදලා ඒක ඔරලෝසුවක් ලෙස භාවිතා කිරීම පාණ්ඩුකාභය රජ දවසේ ඉදන්ම අපේ අය කරල තියෙනවා.වෙනසකට තිබුනේ ඒවා හැමෝගාවම තිබුනේ නැති එක විතරයි.

      Delete
    3. සිංහල තත්පර 2.5 = ඉංග්‍රීසි තත්පර 1

      Delete
    4. වැලි මාපකය ඒ කාලේ ලංකාවේ තිබිල නැද්ද....?

      Delete
  2. මේ කතාව නම් ඇත්තටම මට අමතක වෙලා තිබුනේ. මේ කතා සියල්ලම මතක් කර ලියනවට ගොඩක් ස්තුතියි අයියේ.

    තොටගමුවේ රාහුල හිමියන් විදාගම මෛත්‍රී හිමියන් යටතේ ජ්‍යෝතිෂ උගන්නා අවධියේ.......

    ReplyDelete
  3. ada tami away, digtama enwa. aswen kiywpu lipiyak.
    Jayawewa....
    Sajith (hisahsa rasikayak)

    ReplyDelete
  4. @ වෑත්තෑවේ හිමියන්ගේ අහාර බඳුන කොටස් තුනකට වෙන්කොට ආහාර බෙදා ඉඟියක් කල .........

    පිඟානේ තැන් තුනකට පලා බෙදා "පල නොකිය පලා බෙදුවා" කියල කියනව නේද?

    ReplyDelete
  5. පිෂ්ෂු කතා

    ReplyDelete
  6. ඇත්තටම ජෝතිශ්‍ය තුල මේ වගේ නෑකත් තියනවද...???

    ReplyDelete
  7. නියම කතාවක්...

    ReplyDelete
  8. බොහොම ලස්සනයි. මම මීට කලින් ගොඩක් අහල තියෙනවා පොඩි කාලේදී. රාහුල හාමුදුරුවොන්ගේ කතා කාලයත් සමග අමතක වෙලා යන දේවල් මතක් කරලා දෙනවට ගොඩක් පින් දිගටම ලියන්න රාහුල හාමුදුරුවෝ ගැන. පිඟානේ තැන් තුනේ කතාවත් ඉක්මනටම ලියන්න හොඳේ කෝරලේ ගොයියා ඕවට ගොඩක් ආසයි.

    ReplyDelete
  9. bohoma pin,,,,,,,, mamath tatagamuwe hamuduruwo gana godak igena gatta

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...