Wednesday, October 17, 2012

දළ ජන්ම කේන්ද්‍රයක් නිවැරදිව සාදන අයුරු උගනිමු - හතරවන කොටස

  9 වෙනි පාඩම (නවාංශකයට චන්ද්‍රයා පිහිටුවීම,නැකැත් පාද සෙවීම හා දශා අපහරණය ගැනීම.)




       මෙම පාඩමට නැවත අඩශ්‍ය වන  පඤ්චාංග ලිතේ කොටස්




ඉහත දක්වා ඇත්තේ ජන්මියා උපන් මොහොත වන විට එදින උදේ වරුවේ තිබූ නැකත එලෙසම පවතින අවස්ථාවට අදාළ ගණිතයයි.ඇතැම් අවස්ථාවල ජන්මියා උපන් මොහොත වන විට එදින උදේ වරුවේ තිබූ නැකත ගෙවී ඊට පසු නැකත උදා වී ඇති අවස්ථා හමුවේ.ඉහත 9 වෙනි පාඩම වචනවල අර්ථයන් සමග නිසි ලෙස උගත් අයකුට එවැනි අවස්ථාවන් වලදී ගණනය කල යුතු අ‍ාකාරය අමුතුවෙන් විස්තර කල යුතු නැතත් එවැනි ආකාර අවස්ථාවකදී ගණනය කරන අයුරුද පහත දක්වා ඇත.

 ඉහත දැක්වූ උදාහරණයේ 1968 නොවැම්බර් 16 සෙනසුරාදා උදයාදී 33 පැය විනාඩි 59 ට උත්‍රපල් නැකත ගෙවී හත නැකත ලබයි.මෙදින රාත්‍රී 10.50 උපන් අයකුට නැකත,පාදය,දශා අපහරණය ගණින අයුරු බලමු.
  වටහා ගැනීමේ පහසුව සලකා ඉහත  පාඩමට පරිදි,
    රාත්‍රී 10.50 ට අදාළ සූර්හ උදයාදී ගණන =  42 පැය විනාඩි 02 හමාරයි = 42.02 ලෙස ගනිමු.
      (මෙම සූර්ය උදයාදී ප්‍රමානය ගණින අයුරු ඉහත 4 පාඩමින් දක්වා ඇත.එය නැවත සවිස්තරව දැක්වීම අනවශ්‍යය.)
     උදයාදී 33 පැය විනාඩි 59 ට උත්‍රපල් නැකත ගෙවී හත නැකත ලබන නිසා ජන්මියා උපන් උදයාදී 42 පැය විනාඩි 02 වෙලාවට ඇත්තේ හත නැකතයි.ඒ අනුව ජන්මියාගේ උපන් නැකත හත නැකතයි.මෙම හත නැකත ගෙවෙන්නේ පසුදින එනම් 1968 නොවැම්බර් 18 රවි දින උදයාදී 30 පැය විනාඩි 54 ටයි.(පඤ්චාංග ලිතේ අදාළ කොටස බලන්න.)
   ඉහත  9 පාඩම පරිදි,                                                                               
                                                                                                                   පැය    විනාඩි
     නැකතක සාමාන්‍ය ගණන                                                                    =   60        00
     උපන් නැකතට පෙර නැකත වූ උත්‍රපල් නැකතේ ගණන අඩු කරන්න.          =   33        59
                                                                                                                ---------------
                                                                                                                 26        01
     උපන් නැකත හත එහි පැය විනාඩි එකතු කරන්න.                                        30        54
                                                                                                                ---------------
     මෙය උපන් හත නැකතේ (මෙදිනට අදාළ) සම්පූර්ණ ගණනයි                      56         55
     එය විනාඩි කරන්න.                                                                                x60
                                                                                                                ----------------
    හත නැකතේ සම්පූර්ණ විනාඩි                                                                 3415

 * මෙතනදී උපන් නැකතින් ඉදිරියට ඇති ප්‍රමානය ගණනය කරනවාට වඩා උපන් නැකතින් ගතවූ ප්‍රමාණය ගණනය කිරීම පහසුය.
                                                                                                                      පැය    විනාඩි
    උදයාදී ප්‍රමාණය                                                                                            42      02            
  උපන් නැකතට පෙර නැකත වූ උත්‍රපල් නැකතේ 16 දිනට අදාළ ගණන අඩු කරන්න.  33     59
                                                                                                                     -------------
   මෙය හත නැකතින් ගතවූ ප්‍රමාණයයි.                                                              08      03
            එය විනාඩි කල විට                                                                                 x 60         
                                                                                                                     --------------
                                                                                                                         483
 හත නැකතට හිමි සදු මහ දශාවයි.ඊට නියමිත වර්ෂ 10 න් වැඩි කරන්න.            x 10
                                                                                                                      --------------
                                                                                                                       4830

 උපන් හත නැකතේ සම්පූර්ණ විනාඩි ගණනින් බෙදන්න.   4830/3415    =  වර්ෂ 1යි ශේෂය 1415/3415
  1415 ශේෂය 12 න්(වසරකට මාස ගනන) ගුණ කර  හත නැකතේ සම්පූර්ණ විනාඩි ගණනින්(3415) බෙදන්න
                                                     = 1415 x 12/ 3415 = මාස 4  ශේෂය   3320/3415    

3320 ශේෂය 30 න්(මසකට දින ගනන) ගුණ කර  හත නැකතේ සම්පූර්ණ විනාඩි ගණනින්(3415) බෙදන්න 
                                                                  = 3320 x 30/ 3415= දින 29

 ඒ අනුව උපදින විට ගතවී ඇති දශා ප්‍රමාණය = වර්ෂ 1 යි මාස 4 යි දින 29 යි..
   
 නමුත් ජන්ම කේන්ද්‍රයේ සටහන් කෙරෙන්නේ ගතවී ඇති දශා ප්‍රමාණය නොව ඉදිරියට ඇති දශා ශේෂයයි.
  උපදින විට ඉදිරියට ඇති දශා ශේෂය = උපන් මහ දශාවේ ප්‍රමාණය - උපදින විට ගතවී ඇති දශා ප්‍රමාණය
                                                           =  වර්ෂ10 (සදු) -   වර්ෂ 1 යි මාස 4 යි දින 29 යි.
                                                          =  වර්ෂ 8 යි මාස 7 යි දින 01 යි


 නැකතේ සම්පූර්ණ ගණන 4න් බෙදූ විට 
           පාදයක ප්‍රමානය = ( පැය 56  විනාඩි  55 )/4 = පැය 14 විනාඩි 13 තත් 45
 උපන් හත නැකතින් ගතවී ඇති ප්‍රමාණය =  පැය 8 විනාඩි 3 යි
  නැකතින් ගතවී ඇති ප්‍රමාණය නැකතේ පළමු පාදයට අයත්  පැය 14 විනාඩි 13 තත් 45 ඉක්මවා ගොස් නොමැති නිසා නැකැත් පාදය පළමු පාදයයි.


        
     
         
 
             

8 comments:

Anonymous said...

සත් කලත්‍ර යොගය යෙදෙන්නෙ කොහොමද? ප්‍රතිපල මොනවද?

jhothishalanka said...

කලත්‍ර යෝගය නොව "කලත්‍ර දෝෂය" ලෙස සදහන්ය.මෙය විවාහ දෝෂයකි.
ජ්‍යොතිෂයේ "කලත්‍රස්ථානය" ලෙස හැදින්වෙන්නේ සත් වැන්නයි.
1)සත් වැන්නේ පාපී ග්‍රහයකු(කුජ,රාහු,කේතු,ශනි ප්‍රධාන ලෙසත් අව සදු හා රවි අනු ලෙසත් පාප ග්‍රහයෝ ලෙස සැලකේ.) තැන්පත් වීම.
2)හත අධිපති හා සිකුරු දෙදෙනාම පාප ග්‍රහයන්ගේ පීඩාවට හා දෘෂ්ථියට ලක් වීම.

යන ආකාර වලින් "කලත්‍ර දෝෂය" යෙදේ

කලත්‍ර දෝෂයේ ප්‍රතිඵල
Common effects of kalathra dosha:

Delay in marriage
Unhappy marital life
Misunderstandings
Lack of conjugal bliss
Separation or divorce
Ill health to spouse
Premature death of spouse

Anonymous said...

අයියෙ සින්හ ලග්නෙ හිමියෙකුගෙ ශනි 7 ඉදල ගුරු 3 හිටියොත් යෙදෙන්නෙ සත් කලත්‍ර යොගයක්ලු මට හිතෙන්නෙ මම මුලින් කියපු එක අය්යට තෙරිල නෑ ශුක්‍ර 7 තිබුනොත් හොදෙ

jhothishalanka said...

ඇත්තටම ඹබ සදහන් කල "සත් කලත්‍ර" යෝගය පිළිබදව මා දැනුවත්ව නැත.ඒ ගැන විස්තර දැන ගැනීමට කැමැත්තෙමි.

මුතු said...

ජන්ම කේන්ද්‍රය වන්නේ උප්පත්තියේදී පවතින ග්‍රහ පිහිටීම නම් නැවත කවදා හෝ සියලුම ග්‍රහයන් එකම අයුරින් පිහිටීමක් සිදු නොවේද...?

jhothishalanka said...

ජන්ම කේන්ද්‍රයේ පිහිටීම ලෙස සලකා ඇත්තේ උපන් මොහොතේ අහස් ගෝලයේ ග්‍රහ පිහිටීමයි.අංශක 360 ක වෘත්ත පරිධිය අනන්ත ලක්ෂ වලට විභේදනය කල හැකිය.(කලා,විකලා හා ඊටත් අඩු කෝණික අගයන් වලට)වාත්තයක යම් ලක්ෂ්‍යයක ග්‍රහයකු තැන්පත්ව ඇති විට ඒ වටා වට මේසයක ආකාරයට අනන්ත ලක්ෂ්‍යන් ප්‍රමාණයක ඉතිරි ප්‍රධාන ග්‍රහයන් අට දෙනා අනන්තවූ ආකාර වලින් පිහිටුවිය හැකිය.ඒ අනුව කලා විකලා...වැනි කෂුද්‍ර පරිමානයෙන්ම එක් ග්‍රහ පිහිටීමකට 100 % සමාන තවත් ග්‍රහ පිහිටීමක් ලැබෙන අවස්ථාවක් ගණනයෙන් ලබා ගැනීම ඉතා අසීරු වුවත් එවැනි එක් අවස්ථාවක් හෝ තාත්ත්විකව ඇත.වැඩි දියුණු පරිගණක මෘදුකාංගයකින් මෙය ලබා ගත හැකි වුවත් උපන් දිනය වේලාව ස්ථානය අනුව එක් එක් ග්‍රහයාගේ පිහිටීම ගණනයේ විලෝම ආකාරයට ( සියුම් ග්‍රහ පිහිටීමකට අදාල උපන් දිනය වේලාව ස්ථානය ගනණය කිරීම) ගණනය කිරීම අපහසු වන්නේ ග්‍රහ පිහිටීම ගණනය කිරීම රේඛීය සම්බන්ධයක් නොමැති වීම හා උපන් දිනය වේලාව ස්ථානය ආදි රාශි වල සියුම් තත්ත්ව (උදා : තත්පරයෙන් කොටස් හා භූමියේ සියුම් ලක්ෂයන් ගණනයට එක් කිරීමේ අපහසුතා).
කලා විකලා හා ඊටත් අඩු තත්ත්ව නොසලකා පූර්ණ අංශක(0,1,2,.... ආදී) පමනක් සලකමින් ග්‍රහ පිහිටීම සැලකූ විට එකම ආකාරයේ ග්‍රහ පිහිටීම් ඇති අවස්ථා වැඩි වශයෙන් හමුවේ.

මුතු said...

ඔබේ පිළිතුරට තුති.

Anonymous said...

මම අසා තිබෙන ආකාරයට නම් සත් කලත්‍ර යෝගය ලෙසට හදුන් වන්නෙ බලවත් ගුරු 11 වැන් සිට හො 3 වැන්නෙ තැන්පත්ව හත් වැන්නට සුභ ද්‍රෂ්ටියක් ලැබීම වෙයි.එසේ වූ විට වෙනත් විවාහ දෝෂ යන්හී පවතින අයහපත් තත්වය මගහරවාලීමත් .යහපත් ස්වාමි යෙක් හො භාර්යාවක් ලැබීමටත් වාසනාව උදාකරයි.නමුත් ඉහත රාජ ගුරු මහත්මයා කියන ආකාරයට සිංහ ලග්නයට 3 වැන්න තුලාව වෙයි.ගුරුට තුලාව සතුරු රාශියකි.තුන් වැන්නෙ ගුරු මල ග්‍රහයෙකු සේ සලකනු ලබයි.එබැවින් එලෙසට දුර්වල වූ ගුරුගෙන් බලාපොරොත් ඇතිකරගත නොහැකිය.නමුත් කේනද්‍රරයේ ගුරුට යම් බලවත් කමක් වෙනත් අයුරකින් තිබෙනම් තරමක සුභ පලයක් බලා පොරොත්තු විය හැකිය.

Related Posts Plugin for WordPress, Blogger...