Sunday, October 28, 2012

"ජ්වල මුඛී" යෝගය

  තිථිය හා නැකත සංයෝග වීමෙන් යෙදෙන "ජ්වල මුඛී" නම් අසුභ යෝගය ආකාර පහකින් යෙදේ.ඒ අනුව යම් වේලාවක
  1) පෑලවිය තිථිය හා මුල නැකත
  2) විසේනිය තිථිය හා බෙරණ නැකත
  3) අටවක තිථිය හා කැති නැකත
  4) නවවක තිථිය හා රෙහෙණ නැකත
  5) දසවක තිථිය හා අස්ලිස නැකත
      යෙදී ඇති විට "ජ්වල මුඛී" යෝගය  උදාවේ.
 අසුභ යෝගයක් ලෙස සදහන්ව ඇති මෙම "ජ්වල මුඛී" යෝගයෙන් උපන් අය අල්පායුෂ ඇති බවත් ජීවත් වුවත් ශාරීරික හා මානසික දුබලතා වලින් යුක්ත වූවන් විය හැකි බව ජ්‍යොතිෂයේ සදහන්ය.

 සුබ මුහුර්ත සෑදීමේදී මෙම යෝගය අත්හල යුතු බවත් විශේෂයෙන් සදහන් කොට ඇත.
 මෙම යෝගය යෙදී තිබියදී
   * සුබ ගමන් යෑම
   * විවාහ හා නිවාස නැකැත් ගැනීම
      නොකළ යුතු බව සදහන්ය.

5 comments:

pavithra weerapperuma said...

හෑ... එහැටි තෙරුමක් නම් නෑ අයියන්ඩී.. :D මතක් වෙලා ආවේ මේ පැත්තේ.. :D

Anonymous said...

කුජ බුද රාහු 12 වන්නේ තිබීම යෝගයක්ද.එහෙනම් එකේ පල අපල මොනවද

Unknown said...

මළා ...............මගෙත් ඕක තියෙනවනේ..............රෙහෙණ නැකත අව 9 ................. :( :( මේ යෝගය භංග වෙන ආකාරයක් ඒම නැද්ද ?????

jhothishalanka said...

තියෙනවා..තියෙනවා...සදුගේ පිහිටීම බලවත් වන විට මේ යෝගේ සැර බාල වෙනවා

Unknown said...

ආ......... මගෙ සදු මුල ත්රිකොණය්......... වෘෂභයේ අංශක 15...........හැබැය් කන්‍යා ලග්නය.......... 9 වැන්නේ චන්ද්ර කුජ යෝගයක්.......

Related Posts Plugin for WordPress, Blogger...