Wednesday, January 2, 2013

ශුභ මුහුර්ථ සෑදීමේදී අත්හල යුතු දෝෂ කිහිපයක්

කල් වේලා ඇතිව සාදන මහා නක්ෂත්‍ර සුබ මුහුර්ථ සෑදීමේදී අනිවාර්යයෙන් සලකා බැලිය යුතු ශුභ කරුණුත් අත්හල යුතු අසුබ කරුණුත් මීට පෙර අවස්ථාවකදී දක්වන නමුත් මෙම ලිපියටද එම කරුනු සම්බන්ධ වන බැවින් ඒවා නැවත කෙටියෙන් සලකමු


 ශුභ කරුණු
1)යෙදෙන නැකැත් වේලාවට අදාළ නැකැත ජන්මියාගේ උපන් නැකතට සීහිය(සුභ) විය යුතුය.
    2) පඤ්චාංග ශුද්ධිය තිබිය යුතුය.
    3)උදය කාලය වීම (හිරු මුදුන් වීමට පෙර කාලය)
    4)තත්කාල ග්‍රහචාරය බලවත් වීම
    5) ශුභ හෝරා පංචම කාල හෝරා තෝරා ගැනීම
    6)ශුභ දිශාව,සදු සිටින දිශාව විමසීම
    7) පක්‍ෂියා බලවත්(රජ,භෝජන,ගමන) වීම
 අත්හළ යුතු අසුභ අවස්ථා
  1)සුභ නැකතක් ලෙස ඇතත් ජන්මියාගේ උපන් නැකතට ඉතා අසුභ නැකැත්
    2)දස මහා දෝෂ
    3)කෝණ මාස,සංක්‍රාන්ති,ග්‍රහණ,ධූම කේතු
    4) අසුභ හෝරා විෂ පංචම කාලය
    5) රාහු කාලය
    6)මරු සිටින දිශාව 
    7) පක්‍ෂියා නිදි මර අවස්ථා
    8) විෂ කලාව(ශරීරර සම්බන්ධ කටයුතු වලදී)

 ඉහත දැක්වූයේ අනිවාර්යෙන් අත් හල යුතු අසුබ අවස්ථාවන්ය.මීට අමතරව සුබ මුහුර්තයක් සෑදීමේදී අත්හල යුතු සියුම් දෝෂ රාශියකි.මෙම දෝෂ සියල්ල මඟ හැර 100% සුබ නැකතක් සෑදීම ඉතා අසීරුය.එබැවින් දෝෂ අඩුම තත්ත්වය තෝරා ගැනීම කල යුතුය.
    සුබ නැකැත් තේරීමේදී දෛවඥයන් බොහෝ දෙනෙකු එතරම් සැලකිල්ලක් නොදක්වන නමුත් ප්‍රමාණවත් අයුරින් හෝ මඟ හැරිය යුතු දෝෂ තත්ත්ව දෙකක් මෙම සටහනින් දැක්වේ.

 1) අස්තම දෝෂය
      ගුරු හෝ සිකුරු ග්‍රහයන් අස්ත වී සිටින කල්හි සියළු සුබ වැඩ අත් හල යුතුය.
 (යම් ග්‍රහයකු අස්ත වීම යනු සූර්යයාට(රවි) වඩාත් ආසන්නවී සුර්ය රශ්මිය නිසා ග්‍රහයාගේ ආලෝකය නැති වීමයි.අස්ත වීමට ඒ ඒ ග්‍රහයා රවිට ලංවිය යුතු ප්‍රමානය පහත දැක්වේ.)
 සදු      අංශක   12
 කුජ     අංශක   17   
 බුධ                  14
බුධ වක්‍ර නම්        12
ගුරු                   11
ශුක්‍ර(සිකුරු)       10
සිකුරු වක්‍ර නම්   8
ශනි                    15

 ගුහයා වක්‍ර වීම යනු ඉදිරියට යන ග්‍රහයා ආපස්සට(සාපේක්ෂ සිද්ධියකි) ගමන් ඇරඹීමයි.

 *ගුරු හෝ  සිකුරු ග්‍රහයන් දෙදෙනාම අස්තව ඇති විට මෙම අස්තම දෝෂය සැර වැඩිය.       
*  ගුරු අස්තව හා සිකුරු උදාවී ඇත්නම්(උදාවීම යනු අස්තව සිටි ග්‍රහයා රවිගෙන් ඈත්වී තම ආලෝකය විහිදුවීම ඇරඹීමයි.) අස්තම දෝෂ භංගවේ.
* බත් කවන නැකතක් ගැනීමේදී අස්තෙන් මිදී මාසයක් වත් ගත විය යුතුය.

 2) හතකාර්ය දෝෂය
       යම්කිසි වේලාවක යෙදෙන නැකතකට හිමි තාරකා ගණනට සමාන තිථියද එම මොහොතේ යෙදී තිබීම හතකාර්ය දෝෂයයි.සුබ කටයුතු වලට අසුබයි.

 නැකැත් වලට හිමි තරු ගනන්
අස්විද-3
බෙරන -3
කැති - 6
රෙහෙන -5
මුවසිරස - 3
අද - 3
පුනාවස - 6
පුෂ -3
අස්ලිස -6
මා - 5
පුවපල් -2
උත්‍රපල් -2
හත -5
සිත -1
සා -1
විසා - 8
අනුර - 3
දෙට - 3
මුල -3
පුවසල -4
උත්‍රසල -4
සුවන - 3
දෙනට -5
සියාවස -100
පුවපුටුප - 2
උත්‍රපුටුප -2
රේවතී -30           


මූලාශ්‍ර -  මුහුර්ත චින්තාමාණික්‍ය (ොන් පිලිප් ද සිල්වා ඈපා අප්පුහාමි)
              නැකැත් හදන හැටි(ආර්.එච්. විලියම්)
              සාරාවලිය (කල්‍යානවර්ම)
              ෘහජ්ජාතකය(වරහමිහිර)  

2 comments:

SilentSahan said...

අයියේ කේතු සහ කුජ සාමාන්‍ය
කෙන්දරේක අස්ථ විදිහට සලකන්නේ
මොන වෙලාවටද ?

රාශි දෙකක හිටියත් අස්ථ වීමේ අසුබ ඵල
වෙනවද ?

jhothishalanka said...

කුජගේ අස්ත වීම මෙහි දැක්වූ ආකාරයට රවිට අංශක 17 හෝ ඊට වඩා ආසන්න වන විට සිදුවේ.
රාහු කේතු ග්‍රහයන්ගේ අස්ත වීමට රවිට ලං විය යුතු අංශක ගනන පිළිබදව මා දැන්වත් නැති නමුත් ඡායා ග්‍රහයන් වුවත් රාහු කේතු ග්‍රහයන්ටද අස්ත වීමක් හෝ ඊට අනුරූප දුබල වීමක් තිබිය යුතු බව මගේ අදහසයි.

Related Posts Plugin for WordPress, Blogger...