Tuesday, February 26, 2013

තොටගමු ගුරු හිමියනි මා මූසිලයකු නොවෙමි -වෑත්තෑවේ හිමි

    පුරාණ ලංකාවේ සත්කෝරළේ දිසාවේ කටුගම්පළ හත්පත්තුවේ මැදපත්තු කෝරළේ වෑත්තෑව නම් ගමකි.මේ ගමෙහි දුග්ගන්නා වලව්වේ දුග්ගන්නා රාළට දරුවන් කිහිප දෙනෙකි.පවුලේ බාල දරුවා වූ "අප්පුහාමි"කුඩා කල සිටම වැඩි කලබලයක් නැති කීකරු දරුවෙක් විය.ඉගෙනීමටද දක්ෂ‍කම් පෑ අප්පුහාමි පුතුගේ වැඩිදුර ඉගෙනුමට වඩාත් සුදුසු ස්ථානය එකල රටේ පමනක් නොව වෙනත් දේශ වලද ජාත්‍යන්තර සරසවියක් මෙන් ප්‍රසිද්ධ "විජයබා" පිරිවෙන බව වටහා ගත් දුග්ගන්නා රාල තම පුතුව තොටගමුවේ ශ්‍රී රාහුල හිමිගේ පරිවෙණාධිපතිත්වයෙන් යුක්ත වූ "විජයබා"පිරිවෙනට ඇතුලත් කලේය. ඉගෙනුමෙහි අති දක්ෂයෙකු වූ අප්පුහාම් වැඩි කල් නොගොස් රාහුල හිමියන්ගේ ප්‍රධානම ගිහි ගෝලයන් කිහිප දෙනා අතරට එක් විය.අනතුරුව රාහුල හිමිගේ ගුරු තත්ත්වයෙන් පැවිදි විය.පැවිදි වීමෙන් පසු "වෑත්තෑවේ හිමි" නාමය ලැබ රාහුල ගුරු හිමිගේ සමීපතම ගෝලයා බවට පත් විය. 

      රාහුල වෑත්තෑ ගුරු ගෝල සම්බන්ධය, වෑත්තෑ හිමිගේ සාමනේර අවධියේ සිටම ඉතා ප්‍රබලව පැවතුනි.එය විදාගම මෛත්‍රී හා රාහුල ගුරු ගෝල සම්බන්ධය තරම්ම දැඩි විය.තම ගෝලයා දිනෙන් දින ශාස්ත්‍ර දියුණුවට පත් වන අයුරු දුටු රාහුල හිමිද මහත් සතුටට පත් විය. විජයබා පිරිවෙනේ අධිපති තොටගමුවේ ශ්‍රී රාහුල හිමිගේ ප්‍රධාන ගෝලයා බවට වෑත්තෑවේ හිමි නිරායාසයෙන්ම පත්වීම පිළිබදව රාහුල හිමිගේ අනෙකුත් ගෝලබාලයන්ගේ ඉරිසියාවට හේතු විය.රාහුල හිමි හා වෑත්තෑවේ හිමියන් අතර තිබූ අන්‍යොන්‍ය ගුරු ගෝල බන්ධනය බිඳ දැමීමට අනෙකුත් ගෝලයන් නිතර උත්සාහ කලහ.අවසානයේ ඉරිසියා කරුවන්ගේ උත්සාහය සාර්ථකවී රාහුල හිමියන්ගේ හා වෑත්තෑවේ හිමියන් අතර භේදයක් ඇති විය. විජයබා පිරිවෙනේ ඉගෙනුම ලැබූ රාජ කුමාරවරු පැවිදි සිසුන් හා තොටගමු හිමියන් අතර මත ගැටුමක් නිර්මාණය කොට එය වෑත්තෑවේ හිමියන් විසින් සිදුකල දෙයක් ලෙස තොටගමු හිමියන් තුල වැරදි වැටහීමක් කුමන්ත්‍රණ කාරී ලෙස සිදු විය.තොටගමු හිමියන්(ගිහි දෙමටාන කුමරු) හා අම්බුළුගල කුමරු සමඟ සවැනි පැරකුම් රජු සෙවනේ එකට හැදී වැඩී පසු කලෙක තොටගමු හිමිගේ ප්‍රධාන සතුරකු වූ සපුමල් කුමරුගේ සහයද ඇතිව සිදුවූ මෙම කුමන්ත්‍රණයෙන් පසු රාජ කුමාරවරු විශාල පිරිසක් විජයබා පිරිවෙන හැර ගියහ. රාජ කුමාරවරු විජයබා පිරිවෙන හැර යාම වෑත්තෑවේ හිමියන් නිසා සිදුවූවක් බව වැරදියට වටහා ගත් තොටගමු හිමියන් වෑත්තෑවේ හිමියන්ට දැඩි ‍ලෙස දොස් පැවරීය.වෑත්තෑවේ හිමියන් විසින් ගුරු ගෞරවය නැසූ බවට තොටගමු හිමිගේ චෝදනාවට ලක් විය.රජුගෙන් තොටගමු හිමියන්ට හිමිවිය යුතු සම්මානයක් අහිමි වීමද මේ සමඟම සුදුවීම නිසා දෙදෙනා අතර හිත් අමනාපය තවත් වැඩි විය.තොටගමු හිමියන් විසින් වරක් තම නොසතුට පළ කිරීම පිණිස වෑත්තෑවේ හිමියන්ගේ අහාර බඳුන කොටස් තුනකට වෙන්කොට ආහාර බෙදා ඉඟියක් කල බව පැවසේ.(තවත් තැනෙක මෙය බදුනේ ස්ථාන කීපයකට පලා ව්‍යංජනය බෙදූ ඉව සදයන්ය.මෙම සිද්ධියෙන් සිත් බිදුනු වෑත්තෑවේ හිමියන් කෙටි කලකට උපැවිදි වූ බවත් තමන් කිසි විටෙක ගුරු වසන්සේට ද්‍රොහී නොවන බවත් එහි ආදීනව තමා දන්නා බවත් ගුරු හිමියන්ට දන්වනු පිණිස "ගුත්තිල කාව්‍යය" ලියූ බවත් ඉතිහාසයේ සදහන්ය.පසුව තොටගමු හිමියන්ම කරූණූ වටහා ගෙන මැදිහත්ව වෑත්තෑවේ හිමියන් නැවත සසුන් ගත කල අතර ඉන් පසු දෙදෙනා පෙර සිටියාටත් වඩා ලෙන්ගතු ලෙස කල් ගත කර ඇත. 
  තොටගමු හිමියන් හා වෑත්තෑවේ හිමියන් ගුරු ගෝලයන් වුවත් දෙදෙනා අතර වැඩි වයස් පරතරයක් නොවීය.දෙවන ජයබාහු රජු සපුමල් කුමරු විසින් මරාදමා රජ වීම හා තොටගමු හිමියන් ප්‍රසිද්ධියේම සපුමල් කුමරු විවේචනය කිරීමත් සමඟ තොටගමු හිමියන් කෙරෙහි වෛර බැඳගත් සපුමල් කුමරු තොටගමු හිමියන් ඝාතනය කිරීමට කිහිප වරක්ම උත්සාහ කලේය.ඉන් එක් අවස්ථාවකදී වෑත්තෑවේ හිමියන් විසින් තම ගුරු තොටගමු හිමියන්ගේ දිවි සුරැනීමට උත්සාහ කර ඇති ඉතා සංවේදී ජනක කතාවක් ඇත.
 වරක් සපුමල් කුමරුගේ යකැදුරෙකු විසින් තොටගමු හිමියන් විනාශ කිරීමට නාග පිල්ලියක් එවා ඇත.පිල්ලිය ආපසු හරවන මන්ත්‍රය තොටගමු හිමියන් දැන සිටියත් මහළුව දත් හැලී සිටි තොටගමු හිමියන්ට දන්තජ අක්ෂර හරියාකාරව උච්චාරනය කල නොහැකි වීම නිසා ආරක්ෂන මන්ත්‍රය වැරදුනි.මෙය දුටු වෑත්තෑවේ හිමියන් වහා එතැනට පැමින තොටගමු හිමිගේ දිවි රැක ‍දීම පිණිස පිල්ලිය හැරවීමේ මන්ත්‍රය ජප කලේය.අහෝ වෑත්තෑවේ හිමියන්‍ද ඒ වනවිට මහළුව දත් වැටී ඇති අයෙකි.එහිමියන්ටද මන්ත්‍රය වැරදුනි.නාග පිල්ලිය තොටගමු හිමියන් වෙතින් ඉවත්වී වෑත්තෑවේ හිමියන් දෙසට හැරුනි.තමා නැසීමට එවූ නාග පිල්ලිය වෑත්තෑවේ හිමියන් දෙසට එල්ල වූ බව වටහා ගත් තොටගමු හිමියන් දත් නැති ලොඹු කට හැර මන්ත්‍රය ජප කොට නැවත නාගයා තමා වෙතට එල්ල කර ගත්තේ තම ගෝලයාගේ ජීවිතය ආරක්ෂා කිරීමටය.වෑත්තෑවේ හිමියන්ද නැවත මන්ත්‍රය ජප කොට නාගයා යලි තමා වෙතට ඇද ගත්තේය.මහළු ගුරු ගෝල දෙනම තම දිවි පරදුවට තබමින් අනිකාගේ දිවි ආරක්ෂා කිරීමට දරන උත්සාහය දුටු පිල්ලිය එවූ යකැදුරු බමුණා දෙදෙනා අතර ඇති බැදීම පිලිබඳව විශ්මයට පත්ව ඔහු විසින්ම පිල්ලියේ බල බිඳ මහළු හිමිවරු දෙදෙනාගේම දිවි සුරැකු බව සදහන්ය.

                  ----------------මතු සම්බන්ධයි ----------------------

9 comments:

නන්ඳු said...

දැනගන්නට කැමති වටින සටහනක්..

කෝරලේ මහත්තයා said...

ඇඟේ හිරිගඩු පිපුනා ඉතාමත් වටිනා මෙවැනි කතා අදකාලයේ අහන්නට ඉතා දුර්ලභ බැවින්. මෙවැනි කතා දිගටම පලකරන ලෙස ඔබතුමාට ආරාධනා කර සිටිනවා.

Sagara said...

අපේ ඉතිහාසය අපට කියාදෙන්න දරන උත්සාහයට තුති.

Anonymous said...

මේ වගේ කතාවක් නම් ඇහුවමයි... ස්තූතියි..

මුතු said...

පලවෙනි කතාව යන්තමින් දැනගෙන හිටියත් හරියටම දැනගත්තේ අදයි අයියේ. දෙවැනි කතාව නම් මම කොහෙත්ම දැනගෙන හිටියේ නෑ. මේ නොදන්නා දේ මෙලෙස ලිවීම අගය කල යුතුයි. දිගටම ලියන්න.

Anonymous said...

මගෙ කේන්දරේ අර්ධ කාල සර්ප යෝගයක් තියනවා කියල කියනවා.ඒකෙ බලපෑම කොයි වගේ වෙයිද? උපන් දිනේ 1985/03/05---6.35am

jhothishalanka said...

උපතේදී සදුගේ පිහිටීම පමනක් රාහු කේතුගෙන් එක් පසෙක නිසා ඔබට අර්ධ කාල සර්ප යෝගය ඇත.රවි හෝ සදු ගෙන් අර්ධ කාල සර්ප යෝගය යෙදෙන විට කීර්ති යෝගයක් ලෙස දක්වා ඇති මෙම යෝගය අසුබ යෝගයක් නොවේ..ජීවිතයේ යම් අවස්ථාවකදී මහත්වූ ක්ෂණීක සුබඵල ගෙනදේ..

Anonymous said...

නමුත් සඳු දෙපස ග්‍රහයන් නැති නිසා කේද්‍රැම යෝගය පිහිටනව නේද?ඒකෙන් කේන්ද්‍රයේ තියන සියලු සුබ යෝග වල බලය හීන කරනවකියල මම කියවලා තියනවා.ඒ දුර්වලතාවය නැති කර ගන්න විදිහක් තියනවද?

කතන්දර Kathandara said...

එදා උන් මේ උන්නාන්සේලා අද අය මෙන්ම අඩදඹර වෙමින්, මන්තර මතුරමින් කාලය ගත කරනවාට වඩා වෙනත් දේත් කළා නේද?

ඒ ගැන තියෙන ලිපිවලට මේ ලිපිය ඈදන්න.

Related Posts Plugin for WordPress, Blogger...