Saturday, July 27, 2013

වැරදීම,වැරැද්දීම හා පටලැවීම,.....

කොන්ඩඤ්ඤ තවුසානෙනි , පුරා සය වසක් අප පස් දෙනා සිදුහත් තවුසානන්ට ඇප උපස්ථාන කරමින් සිටින්නේ  ඔහු විසින් විමුක්ති සත්‍ය අවබෝධ කර ගනු ඇතැයි දැඩි විශ්වාසයකින් යුක්තවය.පසුගිය සය වස තුල අති දුෂ්කර ක්‍රියා කරමින් අපරිමිත වීර්යයෙන් යුක්තව බවුන් වැඩූ සිදුහත් තවුසා දුෂ්කර ක්‍රියා අතහැර මධ්‍යම ප්‍රතිපදාවට යොමු වී සිටීම ඔබ වහන්සේගේ මෙන්ම අප සිව් දෙනාගේත් මහත් කලකිරීමට හේතුවී ඇත.ධෛර්්‍ය අඩුව විමුක්ති මාර්ගයෙන් ඈත්වෙමින් සිටින සිදුහත් තවුසාට සමඟ තවදුරටත් විසීම පලක් වේද? “
 “ පින්වත් තවුස් සගයනි,ඔබලා පැවසූ දේ මාද අනුමත කරමි.සිදුහත් කුමරුගේ නම් තැබීමේ උත්සවයට සහභාගී මා විසින් කුමරාගේ මහා පුරුෂ ලක්ෂණ හා ජන්මය විමසා දැක කුමරා ඒකාන්තයෙන් බුදු වන බව එදා පැවසුවත් ධෛර්ය හීන වූ අයකුට බුද්ධත්වය ලබා ගත නොහැක.සිදුහත් තවුසා සමඟ තව දුරටත් කල් ගත කිරීමෙන් අපගේත් වටිනා කාලය ක්ෂය වී යනු ඇත.එබැවින් අප ඔහුගෙන් ඈතිවී මිගදා වනයට ගොස් අපගේ සාම්ප්‍රධායික තවුස්දම් පිරීම සිදු කරමු.“
******************************************************************************

පාර දෙපස රැස් වූ ජනයා මරණ දණ්ඩණය සදහා දංගෙඩියට ගෙන යන රාජකීය වෛඥයා දෙස බලා සිටිති. ගෙලට වදමල් මාලාවක් පැලඳ අසරණයකුසේ  වධක බෙර හඩ මධ්‍යයේ දංගෙඩිය වෙත රැගෙන යන අයුරු ඇතමකුට දුක්මුසු දසුනක් වුවත් තවකෙකු දෛවඥයා දෙස බලා සිටියේ හොඳම වැඩේ යැයි කෝපයකින් යුක්තවය
අනේ පව්, සුර්ය ග්‍රහණ වෙලාවෙ කියපු අනාවැකි වැරදුන එක මරා දමන්න තරම් වරදක්ද?“
පව්...මොකටද පව් කියන්නේ...මෙයාට වෙන වැඩක් පවරල නෑනේ..ග්‍රහ චක්කරේ බලල අනාවැකි කියන එක විතරනේ පවරල තියෙන්නේ...ඒවට හරියන්න වැටුප් ගෙවල කෑම බීම සැප පහසුව හොදට දීල තිබුනනේ...රටවැසියගේ මුදල් වලින් කාල බීල වැරදි අනාවැකි කිවවට මේක තමයි හොඳම දඩුවම

******************************************************************************

“අවසර රජතුමනි,පසුගිය දින කීපය පුරාම ලන්ඩන් නුවර වැසියන් තැනින් තැන රංචු ගැසී වාද විවාද කිරීම් වැඩිවී ඇත.ඔවුන්ගේ වාද විවාද බොහොමයක් අවසන් වී ඇත්තේ ගුටිබැට හුවමාරු වීම් සමඟිනි.“
තුන්වැනි විලියම් රජු වෙත පැමිණි පණිවුඩ කරු ලන්ඩන් නගරයේ ඇතිව තිබූ අර්බුදය දන්වා සිටියේය.
එතකොට මොකක්ද ලන්ඩන් වල මිනිස්සුන්ගේ වාද කිරීමට හේතු වෙලා තියෙන්නේ.“
රජතුමනි,සිද්ධියට මුල් වෙලා තියෙන්නේ මීට දින කීපයකට පෙර ලන්ඩන්වල තිබුණු ප්‍රසිද්ධ වාදයක්,රාජකීය විද්‍යාඥයන්ගේ සංගමේ සභාපති අයිසක් නිව්ටන් විද්‍යාඥයයි එඩ්මන්ඩ් හේලි කියන තවත් විද්‍යාඥයකුයි ජ්‍යොතිෂය ගැන වාදයක් කරල තියෙනවා.නිව්ටන්ගේ මතය වෙලා තියෙන්නේ ජ්‍යොතිෂය සත්‍යයක් කියන එක,හේලි වාද කරල තියෙන්නේ ජ්‍යොතිෂය කියන්නේ මිතයාවක් කියල.දෙන්නම හරි හරියට වාද කරගෙන තියෙනවා.වාදෙ අවසන් වෙල තියෙන්නෙත් කාගෙ තර්කෙද හරි කියල තේරුමක් බේරුමක් නැතිව,මේ වාදෙ බලල තමයි ලන්ඩන් මිනිස්සුත් දෙපිල බෙදිල ජ්‍යොතිෂේ ගැන වාද කරන්න පටන් අරන් තියෙන්නේ..
අයියෝ....රටේ තියෙන ප්‍රශ්ණ මදිවටද මේ ජ්‍යොතිෂ ප්‍රශ්ණයක් හදාගෙන තියෙන්නේ....අදින් පස්සේ ජ්‍යොතිෂය ගැන වාද විවාද කිරීම තහනම් කරල හදිසි නියෝගයක් පමුණුවන්න

*****************************************************************************

 “කාලෝ පොන්සේකා අභියෝගයක් කරල කියන්නේ.....“
“කාටද?“
“මන්තර කාරයන්ටයි කේන්දර කාරයන්ටයි..“
“මොනවද මන්තර කාරයන්ට කරන්න කියල තියෙන්නේ“
“.......
.......
.......
.........“
“එතකොට කේන්දර කාරයන්ට කරල තියෙන අභියෝග මොනවද?“
“තමන් ලබාදෙන පුද්ගලයන් 10 දෙනෙකුගේ ජීවන තොරතුරු නිවැරදිව කියන්න අභියෝග කරල තියෙන්නේ“
“ මන්තර ගුප්ත වැඩ කරන අයට කරල තියෙන අභියෝගත් එක්ක බලනකොට කේන්දර කාරයන්ට කරල තියෙන අභියෝගෙ ලොවෙත් නෑනේ....“
“ඒ කිව්වෙ“
“ ඇයි හලෝ...කේන්දර කාරයන්ට කරල තියෙන්නේ අභියෝගයක් නෙවෙයිනේ..කරන වැඩේ හරියට කරල පෙන්නන්න කියලනේ...“
“ඉතින් කවුරුවත් අභියෝගේ භාරගෙන නැද්ද?“
“තවම නම් කවුරුවත් භාරගෙන නෑ...“
“ඒ කියන්නේ කේන්දරේ බලල හරියට ජීවන තොරතුරු කියන්න පුළුවන් නියම කේන්දර කාරයෝ මේ රටේ නෑ කියලද?“
“ අභියෝගෙ භාර ගන්න කවුරුවත් ඉදිරිපත් නොවුන කියල හරියට පලාඵල කියන්න පුළුවන්  අය නැහැයිම කියන්න බැහැ.ඒ වුනත් නියම විදියට කේන්දර අනාවැකි විශ්වාසයෙන් කියන්න පුළුවන් අය නැතිදෝ කියල සැකයක් නම් අපි කාටත් ඇති වෙනවා.“
“ ඒ කියන්නේ කාලෝ පොන්සේකගේ පැත්ත  දින්න නිසා කේන්දර බලන එක නවත්තපල්ල කියල කාලෝ කිව්වත් මිනිස්සු ඒක පිළිගනියි කියන එකද?“
“පිස්සුද? ඒක කවදාවත් වෙන්නේ නෑ...තමන් උගත් කෙනෙක් නිසා තමන් කියන දේවල් අනිත් අය පිළිගනීවි කියල කාලෝ පොන්සේකල හිතුවට අපේ රටේ උන් එහෙමම නැහැ.“

*********************************************************************************

 "හලෝ"
  "හලෝ මේ ........... ගුරු මෑණියෝද"
  "ඔව් දරුවා... මෑණියෝ තමා කතා කරන්නේ"
 "මෑණියෝ මම මේ කතා කරන්නේ ගාල්ලෙන්.ඉරිදා පත්තරේ දැන්වීමෙන් තමයි ටෙලිෆෝන් නම්මරේ හොයා ගත්තේ"
  "හොදයි දරුවා එහෙනම් කියමු බලන්න කාරනේ මොකක්ද කියලා."
  " පත්තරේ දැන්වීමේ තිබුනේ "පින් සලකා" ගුරුකම් කරනව කියලා ඒ කියන්නේ අපිට ගුරුකම් නිකං කරගන්න පුළුවන් නේද?"
  "පත්තරේ තිබුනු දේ ඔය දරුවා වැරදියට වටහා ගෙන.මේ වැඩ එහෙම නිකන් කරන්න බැහැ පූජා භාණ්ඩ වලට තමයි වැඩි පුර වියදම් යන්නේ අපෙන් සිදුවන සේවේ වටිනාකම ගැන හිතුමහම අපෙන් කෙරෙන්නේ පුණ්‍ය කටයුත්තක් තමයි.ඔය දරුවගේ ප්‍රශ්නේ මුලින් කියලා ඉන්නකෝ."
   "අනේ මෑණියනේ අපේ අල්ලපු ගෙදර ඉන්න ගෑනි අපිත් එක්ක තරහයි.මේ ගෑනි අපේ ඉඩමට නඩු දාලා අපේ ඉඩම කොල්ල කා ගන්න හදනවා.මට ඕන මේකිව හැදි ගෑවිලා යන්න ගුරු කමක් කරන්න."
   "හොදයි දරුවා අපි එහෙනම් හැදි ගෑවිලා යන්න ගුරුකමක් කරමු.දරුවාට පූජා භාණ්ඩ වලටයි අනිත් දේවල් වලටයි වියදම් කරන්න පුළුවන්ද?"
  "අන්න හොදයි මෑනියෝ මම අපේ දෙනියේ තේ කෑල්ල උකස් කරලා හරි සල්ලි දෙන්නම් කීයක් යයිද වැඩේට.මට ඕන කොහොම හරි මේ ගෑනිට පාඩමක් උගන්නන්න."
"හොදයි එහෙනම් කියමු බලන්න තමන්ට කරදර කරන ගෑනු කෙනාගේ විස්තර කොහොමද කියලා"
 "එයා කෙට්ටුයි කළුයි.ටිකක් වෙන්න කෝපිකඩේ දයාවතීගේ පෙනුම තියෙනවා.නාහේ අග හරියේ උපන් ලපයකුත් තියෙනවා."
 "ඒ විස්තර නෙවෙයි මම ඇහුවේ  එයාගේ නම ලිපිනය ඉන්න තැන වගේ දේවල්."
 "ඒ ගෑනී ඉන්නේ අපේ ගෙවල් ලඟමයි.අර මහ රාත්තිරියේ දොට්ට කරන්න ගිහිල්ල දෙරකඩදි නයා ගහල මැරිච්ච සැම්පි ආච්චි දන්නවනේ.අන්න ඒ සැම්පි ආච්චිලගේ ගෙවල් ඉස්සරහින් තියෙන අඩි පාරේ හූ දෙකක් විතර ගියහම හම්බෙන මාර ගහ ගාව තමයි අපි ඉන්නේ. ඒ ගෑනිත් ඉන්නේ එතනමයි."
"ඔය දරුවට මම කියපු දේ තේරුනේ නෑ මම ඇහුවේ ඕව නෙවෙයි තමන්ට කරදරයක් වෙලා තියෙන ගෑනු පරානේ නම ගම වයස වගේ දේවල්."
 " හරි හරි එයාගේ නම යසවතී. .................  යසවතී"
  "හොදයි මම එයාව හැදි ගෑවිලා යන්න වින බන්ධනයක් කරන්නම්.ඔය දරුවා මෙහේට දවසක් එන්න ඕන.මම කියන විදියට වැඩ කරන්න ඕන.එතකොට සල්ලි ගෙවන්නේ කොහොමද?"
 " ඉතින් මෑනියෝ තාම ගාන කිව්වේ නෑනේ."
 "හොදයි වැඩේ හොදට කරල දෙන්නම් ගාස්තුව 8100 යි.ශත 20යි."

 "අනේ මෑනියෝ ගාන සැර වැඩියිනේ අඩු කරන්න බැරිද?"
 "තමුන්ට ඕන මේ වැඩේ කරගන්නනේ.ඇයි කලින් කිව්වේ මුදල් ප්‍රශ්ණයක් නෑ කියලා."
"හරි හරි මම වැඩේට කැමතියි.එතකොට මම කොහොමද ඔතනට එන්නේ "
"මහනුවරට ඇවිත් මැණික්හින්නෙන් බැහැළ මගේ නම්බරේට කෝල් කරන්න.වෙන කොහේටවත් යන්න එපා"
 "ඇයි මෑණියෝ වෙන කොහේටවත් යන්න එපැයි කිව්වේ.මෑණියෝ විතරද හරියට ගුරුකම් කරන්නේ අනිත් අය කරන්නේ බොරුද?"
  "මේකනේ දරුවා අද කාලේ වැඩිපුර ඉන්නේ බොරු වංචා කරයෝනේ.ඉතින් දරුවව ඒ වගේ තැන්වලින් ආරක්‍ෂා කරන්න තමයි මම එහෙම කිව්වේ."
 "හොදයි එහෙනම් මම හම්භ වෙන්න එන්නම්.එතකොට මම මුදල් ගෙවන්නේ කොහොමද"
 "ඔය දරුවට පුළුවන් අද වුනත් අහවල් බැංකුවේ තියෙන මගේ ගිනුමට අත්තිකාරම් මුදලක් දාන්න.දාලා ඉවර වෙලා මට කියන්න.මම ඉක්මනින් වැඩේ කරලා දෙන්නම්."
 "හොදයි.මම ගිනුමට අත්තිකාරම් මුදලක් දාන්නම්."
 "මට මේ දරුවගේ නම්බරේ පේන්නේ නැහැ.මට ටෙලිෆෝන් නම්බරේ කියන්න"
 "0112688688"
 "ටිකක් හෙමින් කියන්න දරුවා ඔච්චර හයියෙන් කිව්වහම ලියා ගන්න බෑනේ"
 "0..1...1...2...6..8..8..6..8...8.."
 "හොදයි එහෙනම් සියළු දෙවි රැකවරනෙන් දරුවගේ වැඩේ සාර්ථක වෙන්න කියනවා.දෙවි පිහිටයි."
*********************************************************************************
සුරූපී සංකර නිවේදිකාව තොදොල් වදනින් අමතමින් වැඩසටහන ආරම්භ කරයි.
"ආයුබෝවන් ඔයාලාට,ආයුබෝවන් මිස්ට ජෝතිෂ්.අද ක්‍රිකට් මැච් එකට මොනා වේවිද?කවුරු දිනාවිද?අපි හැමෝම ඔයාගේ අනාවැකිය බලාපොරොත්තුවෙන් සිටිනවා."
   ජ්‍යොතිෂ් එකවර පිළිතුරු නොදේ.පළමුවෙන් තමන්ගේ උඩුරැවුල පිරිමැද සියුම් සිනාවක් පා කටහඩ අවදි කරයි.
    "ඒක තමයි   මම මෙච්චරවෙලා  ගනන් හද හද බැලුවේ..මට පේන විදියට අද මැච්එක ඉතා සුවිශේෂී තරගයක් වේවි."
  එසේ කියමින් හේ කඩදාසි කොළයක ගනන් හදයි.විටෙක එය නවතා තවත් තඩි පොතක් බලයි.නළළ රැළි ගන්වා බැබෑරුම් බවක් පෙන්වයි.නැවත සිහින් හඩින් කතා කරයි.දත් පෙන්නා සිනාසෙයි.කට හරියි,වසයි.දෑස් අඩවන් කරයි.විටෙක තරමක් උස් හඩින් කතා කරයි.නැවත කටහඩ සිහින් කර අධ්‍යාත්මවේදී ස්වරූපය දක්වයි.මෙලෙස විවිධාකාර නරිනාටක රඟ දක්වා අවසානයේ කාසි කිහිපයක් හෝ දාදු කැටයක් උඩදමා එහි ප්‍රතිඵලය දෙස මදක් බලා හිද පැස්බරෙකු මෙන් අමුතුම ලතාවකට බෙල්ල කරකවා උජාරුවෙන් සිය අවසාන නිගමනය මෙසේ පවසයි.
  "ඔබලා හිතන්න එපා මේක නිකං කනා මුට්ටි බිදිනව වගේ ශාස්ත්‍රයක් කියල මම මේ හොදට ශාස්ත්‍රීය කරුණු කාරනා බලලා කියනනේ ... අද මැච් එක ලංකාව අනිවාර්‍යයෙන් දිනනවා."
    එලෙස පවසා මලලසේකර ශබ්ද කෝෂය තරම් විශාල තඩි ඉංග්‍රීසි පොතක් ප්‍රේක්‍ෂක අපට පෙන්වන්නේ මෙම ශාස්ත්‍රය තමා උගත්තේ එම පොතෙන් බව කියමිනි.පේක්ෂකයන්ගේ ඇස් වලින් බූරුවන් එලියට පැන බූරු වන්නම නටමින් සතුටට පත්වන්නේ ලංකාව දිනන බව සිතමිනි.නමුත් තරඟය අවසන් වන්නේ ලංකාව .... ගහගෙන පරාජය වෙමිනි.

3 comments:

රතීගේ දිනපොත said...

කියෙව්වේ නැහැ. කියවලා බලන්න කලින් කමෙන්ට් කරන්නේ. කෑම කාල ඇවිත් කියවනකම් මතු සබැඳි.

සුදීක said...

හෙහ් හෙහ් හෙහ් එයා කරන්නේ ජෝතිෂ නෙවෙයි කියලනේ කියන්නේ. මොකක්දෝ අනුසාසනාවක් කොරනවා කියන්නේ.

jhothishalanka said...

?????????????????????????????????

Related Posts Plugin for WordPress, Blogger...