Sunday, July 28, 2013

ජීවී පද්ධති කෙරෙහි ග්‍රහ කාරකා වල බලපෑමක් තිබේද?

ජීවී පද්ධති කෙරෙහි ග්‍රහ කාරකා වල බලපෑමක් තිබේද?
“මිනිසා ඇතුළු පෘථිවි ජීවීන් කෙරෙහි හිරු හා සදු ගෙන් බලපෑමක් ඇති නමුත් පෘථිවියට ඉතා ඈතින් ඇති බ්‍රහස්පති සෙනසුරු වැනි ග්‍රහයන්ගෙන් හා තාරුකා වලින් ජීවි පද්ධති කෙරෙහි කිසිදු බලපෑමක් නැති අතර එවැනි බලපෑමක් ඇති යැයි පිළිගැනීමද අසීරුය. “
ජීවී පද්ධති කෙරෙහි ග්‍රහ තාරුකාවන්ගෙන් බලපෑමක් තිබේද? යන ගැටළුවට බහුලව ලැබෙන පොදු පිළිතුර මෙයයි.පංච ඉන්ද්‍රියන්ට  ගෝචර වන භෞතික ජීව රසායනික තත්ත්වයන් අනුව සලකා බැලූ විට මෙම තර්කය බොහෝ දුරඑට සාධාරණය.

 හිරු සදු ගේ බලපෑම හේතුවෙන් පෘථිවිය මත රෑ දහවල් ඇති වීම සෘතු විපර්්‍යාස හා කාලගුණ වෙනස්වීම් ප්‍රභාසංස්ලේශණය,වඩදිය බාදිය ඇතිවීම,... ආදිය විද්‍යාත්මකව සනාථව ඇතත් ඉන්ද්‍රිය ගෝචර නොවන හා මිනිසා විසින් නිපදවන ලද විද්‍යා තාක්ෂණ උපකරණ වලට ගම්‍ය නොවන හා දැනට සොයා ගෙන ඇති  විද්‍යා නියම වලින් පැහැදිලි කර ගත නොහැකි විශ්වීය බලපෑම් රාශියකි.හිරු සදු ග්‍රහ තාරුකා නිසා සිදු වෙතැයි ඉඟි පහලව ඇති නමුත් සෛද්ධාන්තිකව සනාථ කර ගැනීමට අසීරුවූ ග්‍රහ තාරුකා බලපෑම් පිළිබඳව සදහන්ව ඇති අවස්ථා කිහිපයකට අවධානය යොමු කරමු.
* ඉන්දීය ජාතික මහාචාර්ය බී.සූර්යනාරායන්ගේ "Introduction to Astrology" කෘතිනේ ජීවීන් තුල මනෝගතිය,බිය,දෙගිඩියාව,ලිංගික උද්දීපනය අඩු වැඩි කරන හෝමෝන ස්‍රාවයන් කරන ග්‍රන්ථි වල ක්‍රියාකාරිත්වය කෙරෙහි හිරු සදු හැසිරීම් චක්‍ර බලපාන ආකාරය දක්වා ඇත.

* රුසියන් ජාතික ජීව හා භෞතික විද්‍යාඥ මහාචාර්ය ජෝර්ජ් ලකොවුස්කි ස්වකීය  "Le Grand Problem" කෘතියෙන් දක්වන පරිදි 
    “සක්‍රිය බවට පත් කලලය තුල ජීවී සෛලයන්ගෙන් ජනිත වන ශක්තියේ අත්‍යන්වීක්ෂක ක්ෂේත්‍රයට ඊට සමාන ලෙස දෝලනය වන ලක්ෂනය හමුවන ග්‍රහලෝක හා තාරුකාවන්ගෙන් නිකුත් කෙරෙන විකිරණ සමඟ සමරූපී ආකාරයට ප්‍රතිධ්වනිය හා සම්බන්ධ විය හැක.මෙම සහසම්බන්ධය සිදු වීම වසර දහයකට විස්සකට සියයකට දහසකට හෝ මිලියනයනකට පෙර පවා වෙනස් ග්‍රහ වස්තුවක වුවද මියගිය ජීවියකුගෙන් එහි යෝග්‍යතා,ගුණාත්මකත්වය සහ බුද්ධිය පිළීබඳ අඩුපාඩු අලුතින් නිර්මිත ජීවියාට පවරා දෙමින් ඉතා හොදින් පැමිණිය හැක.“

* ආචාර්ය වී. ගෝර් පවසන ආකාරයට 
   “රුධිරය හුදෙක් දියරයක්ම පමනක් නොවේ.එහි ලවන ස්‍රාන්ද්‍රණ අනුපාතය මුහුදු ජලයේ ලවන ස්‍රාන්දන අනුපාතයට සර්වසමය.(සෝඩියම් 80% ,කැල්සියම් 4% ,පොටෑසියම් 4% ) රුධිරයත් මුහුදු ජලයත් අතර මෙම ලවන සංයුතයේ සමානකම අහඹුවක් නොවේ.ජීවයට ඇත්තේ සාගරයෙන් ලද සම්භවයකි.හිරු සදුගේ විචලනයන් සමඟ සාගරයේ විචලතාවන් ඇති වන්නාසේ රුධිරයේද විචලතා ඇතිවේ.

* සුර්ය ග්‍රහණ අවස්ථාවලදී ගුප්ත විශ්ව බල ශක්ති ක්‍රියාත්මකවේ.එමෙන්ම මෙවැනි අවස්ථාවලදී ලවණ ස්‍රාන්ද්‍රණයන් වල පැහැදිලි විචලතා ඇතිවේ.මේ බව සනාථ කෙරන විද්‍යා පර්යේෂන රාශියකි.ඉන් කිහිපයක් පහත දක්වමු.    
  ජපානයේ තෝකියෝහි තෝහෝ සරසවියේ විද්‍යාඥ මේකි තකාකා සිදු කල පර්යේෂනයේ ප්‍රතිඵලය ලෙස පූර්ණ සූර්ය ග්‍රහණයක් සිදුවන අවස්ථාවලදී ග්‍රහණය ආරම්භ වන විට රුධිරය කැටි ගැසීමේ දර්ශකය පහත වැටීම ආරම්භ වී ග්‍රහනයේ මධ්‍යයේදී පහලම මට්ටමට වැටී නැවත වැඩි වෙමින් ග්‍රහණය අවසන් වන විට යතා තත්ත්වයට පත්වන බව පෙනුනි.
  ආචාර්ය කොලිස්කෝ සූර්ය ග්‍රහණ අවස්ථාවකදී රත්රන් ආදී ලෝහ ලවන ස්‍රාන්ද්‍රණය 01% ක්වූ ද්‍රාවණයන් කිහිපයක් අධ්‍යනය සඳහා විවෘත බදුනක් තුල තබන ලදී.අනතුරුව කේශනාලික ආකර්ශණය මඟින් මුළු ද්‍රාවණයම අවශෝෂණය කර ගන්නා ආකාරයට පෙරහන් කඩදාසි සිලින්ඩරයක්ද සිරස් අතට තබන ලදී.මෙහිදී එක් එක් ද්‍රාවණයට අනුරූප වර්ණ රටා ආකෘතියක් පෙරහන් කඩදාසිය මත ඇතිවන අතර ග්‍රහණය සිදුවන අවස්ථාවේදී රත්රන් අඩංගු ද්‍රාවණයේ රටාව ග්‍රහණයක් නොමැති අවස්ථාවේ දැක්වුනු රටාවට වඩා පැහැදිලි වෙනසක් ඇති කලේය.
භෞතික විද්‍යාඥ මෝරිස් ඇලන් 1954.06.02 දින සුර්ය ග්‍රහණය සිදුවන හරියටම වේලාවේදී වෙනත් කිසිදු බාහිර බලපෑමක් නොමැතිව ගුරුත්වය යටතේ නිදහසේ දෝලනය වන සරල අවලම්භයක දෝලන ස්වරූපය හදිසියේ වෙනස් විය.ඉන් පසුවත් සුර්ය ග්‍රහණ අවස්ථා කිහිපයකදීම මෙම ප්‍රතිඵලය මෙලෙසම ලැබුනු අතර මීට බලපෑ හේතුව කුමක්දැයි සනාථ කර ගත නොහැකි විය.

* සූර්යයා මත ඇතිවන “හිරු ලප“  පෘථිවියේ ජීව,භෞතික,රසායනික විපර්යාස ඇති වීමට හේතු වී ඇති බව කලින් කලට සිදු කල නිරීක්ෂණ පරීක්ෂණ මඟින් හෙලි වී ඇත.
 1930 දී මහාචාර්ය චිජෙවුස්කි  “හිරු ලප“ අධ්‍යනය කිරීමෙන් හිරුලප සාමාන්‍ය කාලාවර්තය හා ඉන්ප්ලුවන්සා වෛරසය වසංගතයේ කාලාවර්තය අතර සම්බන්ධයක් ඇති බව පෙන්වා දුන්නේය.ඔහු පවසන ආකාරයට “ ඉන්ප්ලුවන්සා ප්‍රතිශ්‍යාවට ආසන්න වශයෙන් වසර 11.3 ක සාමාන්‍ය කාලාවර්තයක් ඇත.එය හිරු ලප කාලාවර්තයට සමාන වන අතර ඉන්ප්ලුවන්සා  වසංගතයක පළමු රැල්ල සෑම හිරු ලප උපරිමයකට තුන් වසරකට පසු ඇතිවීම බලාපොරොත්තු විය හැක.ඒ අනුව සලකමින් 1936 දී ලොව පුරා ඉන්ප්ලුවන්සා වසංගතයක් ඇති වන බවට 1930 දී චිජෙවුස්කි පුරෝකථනය කල ආකාරයටම 1936 දී ලොව පුරා ඉන්ප්ලුවන්සා වසංගතයක් ඇති විය.
වසංගත රෝග පැතිරීම පමනක් නොව හිරු ලප සන්තතිය සමඟ ලොව විවිධ රටවල අරගල යුද්ධ විප්ලව සම්පාත වී ඇති ආකාරයද විශ්මය ජනකය එවැනි අවස්ථා කීපයක් පහත් දැක්වේ.
 1789,1830,1848,1870 දී හිරු ලප ඇතිවීම හා ප්‍රංශ විප්ලවය ආරෝහනය වීම
 1906 ,1917 දී රුසියන් විප්ලව හා 1937 හා 1956 දී පිළිවෙලින් ස්පාඤ්ඤ හා හංගේරියා අරගල ඇති වීම. 


මූලාශ්‍ර - 
  "PLANETARY INFLUENCES ON HUMAN AFFAIRS - by Bangalore venkathe raman
  “THE ASTROLOGYCAL MAGAZINE - 1976 Octomber
 “ජීවිතය හා ග්‍රහයෝ “ - හෙන්ද්‍රික් සිල්වා හෙට්ටිගොඩ
 “ජ්‍යොතිෂ පර්යේෂණ ලිපි“  - අතුල මංචනායක

3 comments:

Anonymous said...

මේ අධ්‍යයනයෙන් පෙන්වා දෙන්නේ ..” යැයි සඳහන් වෙන සෑම වාර්තාවක් ම කියවද්දී, විද්‍යාඥයන් සම්බන්ධ වූ අධ්‍යයනක් නම් එය සත්‍යයක් යැයි සිතා, කල්පනා කරන්නට නුහුරු අධ්‍යාපනයක් ලැබූ මිනිසුන් විමර්ශනයකින් තොරව පිළිගැනීමට පෙළඹෙති. මේ අධ්‍යයනයෙන් පෙන්වා දෙන්නේ “මේ අධ්‍යයනයෙන් පෙන්වා දෙන්නේ,” යැයි කියූ සෑම අවස්ථාවක දී ම 84.7% ක පිරිසක් එය පිළිගන්නා බවයි!!!!!

Anonymous said...

මෙතෙනට අදාල නොවුනත් ඔබගෙන් අසා දැනගැනීමට අවශ්‍ය කරුණකි.දිනපතා ගතවන හෝරාවන් නිවැරදිව බලාගන්නේ කෙසෙද ? ( උදා - සෙනසුරු හෝරාව , බුද හෝරාව ).ස්තුතියි.

jhothishalanka said...

දිනපතා ගතවන හෝරාවන් බලා ගැනීම අසීරු නැත.යම් දිනක සූර්ය උදාවේ සිට පළමු හෝරාව(විනාඩි 60) එම දින අධිපතියාට හිමිය.උදා ඉරු දිනක සූර්ය උදාව උදේ 6.14 යැයි සිතන්න.එවිට උදේ 6.14 සිට 7.14 දක්වා රවි හෝරාවයි.
හෝරා ලබන්නේ රවි,ශුක්‍ර,බුධ,චන්ද්‍ර,ශනි,ගුරු,කුජ,රවි,ශුක්‍ර,.... ආදී අනුපිළිවෙලටය.ඒ අනුව ඉහත උදාහරණයේ උදේ 7.14 සිට 8.14 අක්වා ශුක්‍ර හෝරාව,උදේ 8.14 සිට 9.14 දක්වා බුධ හෝරාව ,... ආදී වශයෙනි.