Saturday, February 2, 2019

කාලය අවකාශය හා ජ්‍යොතිෂය - 11

නමෝ බුද්ධාය!
නමෝ ධම්මාය!
නමෝ සංඝාය!


ශම්හාලා (ධර්මශාලා)
    ශම්හාලා නොහොත් ධර්මශාලා යනු මේ වනවිට හිමෙන් වැසී ඇතිබවට සැකකෙරෙන පුරාණ ජනකථා, සාහිත්‍ය, පුරාවෘත්ක කතා ආදියෙන් පමණක් සාක්කි සැපයෙන් ඇතැමුන් මිත්‍යාවක් ලෙස සලකන ටිබේට් සානුව ආශිතව පිහිටි අභිරහස් දියුණු නඟරයකි.ශම්හාලා නඟරය හා බැදී ඇති පුරා වෘත්ත කිහිපයක් පහත සැකෙවින් දැක්වේ..

* ලාංකීය පැරණි රාවණා පරපුරට නෑකම් කියන මහා අධිරාජයෙකු වූ හිරණ්‍යකාශ්‍යප රජුගේ සොයුරු මානස විසින් මෙම නඟරය ඉදිකරණ ලදී

*ටිබෙටයේ ලාසා අගනුර සිට කිලෝමීටර් 940 ගිය තැන වර්ග සැතපුම් 160ක් විශාල, අඩි 300ක් පමන ගැඹුරැති මානස නැමැති නිසල විල පවතී. එයට නෙත් මානයේ හිමාල කඳු පංතියේ අත්භූත කෛලාස කූටය නම්වු කන්ද පිහිටා ඇත.(මෙය පුරාවෘත්තයක් නොවේ.සත්‍ය ලෙසම ඇත) මේවා පැරණි ශම්හාලා ගුල පිහිටි බව පුරාවෘත්ත වල සඳහන්ය.

*හිංදු සාහිත්‍යට අනුව ශිව දෙවිදුන් වාසය කරන්නේ මෙහිය. රාමායනයට හා හෙළ පුරාවෘත වලට අනුව දශානත් රාවණ රජු අතින් පරාජයට පත්වන වෛශවනයන් පලාවිත් සිය විමන කරගන්නේ මෙයයි. අනවත්ත හෙවත් බෞද්ධ සාහිත්‍යෙය් එන අනෝතත්ත විල පවතින්නේ මේ නිම්නයේමය.

*මහායාන බුදු දහමට අනුව කිසියම් ලෝක විනාශයකින් පසුව නැවත මිනිසාට සංවිධානය වීමේ දැනුම හා ආධ්‍යාත්මික ප්‍රතිසංවිධානය සදහා උපදෙස් ෂම්හාලාවේ තැම්පත් කර ඇත.

*19 වැනි සියවයේ(1800 ගනන්වල) එක්තරා මිනිසෙක් ටිබෙටයේ ගමකට ලගාවූයේ මග වැරදීමෙන් අතරමන් වීමෙනි.  මේ මිනිසා වටා ගම්මු වටකරගත්හ. මිනිසුන්ගේ අශ්වාස ප්‍රාස්වාසය වැදීමෙන්දෝ බලාසිටියේදීම රෝගී වූ ඒ මිනිසා මියගියේය. එකල සිටි කාය ව්‍යවච්ඡේද විශේෂඥයන් පැවසූවේ මේ අද්භූත මිනිසා වසර දහසක්වත් වියපත් මිනිසෙක් බවය.

*ටිබෙට නිම්නයේ විසූ එක් පසේබුදුවරයෙක් ක්‍රි.පූ 1066 දී විශ්වීය විදු දැනුම ඇතුළත් කාලචක්‍ර නම් වටිනා ග්‍රංතයක් ෂම්හාලා පාලකයින්ට දුන් බවත්, ක්‍රි.පූ 966දී ඉන් කොටසක් විද්වතුන්  අතට පත්වූ බවත් සම්පූර්ණ ග්‍රංතය ෂම්හාලා වල සුරක්ෂිත බවත් ටිබෙට මහායානිකයෝ අදහති.

*මේ නගරය සොයන දේපාර්ෂවයක් සිටී. ඒ විනාශකිරීමට හා ආරක්ෂා කිරීමටය. ක්‍රිස්තියානි ජෙසුයිට් පූජක අන්තෝනියෝ අන්ද්‍රෝ මේ නගරය සෙවීය. ඒ පිළිබව ජේම්ස් හිල්ටන් විසින් 1933 දී නැතිවුණ සිතිජය නමින් පොතක් ලිවීය. මූගල් පාලක අක්බාර් මෙය සෙවීමට මහත් වෙහෙසක් දැරීය. ජර්මනියේ ඇඩොෆ් හිට්ලර් මෙය සෙවීය. මේ නගරය අනාරක්ෂිත වීමෙ තර්ජනය දුටු චීන මහා පාලක මාවෝ සේතුන්  පැරණි චීනයට අයත් ටිබෙතය ඈදාගැනීමටද එය එක් හේතුවක් විය.

*මේ සියල්ලටම වඩා මේ අභිරහස් පුරවරය හෙලයින්ට වැදගත් වන්නේ රාම රාවණ යුද්දයේදී රාවණ රජු නොමැරුණ බවත් නිද්‍රාවට පත් එතුමාගේ සිරුර සිසිරකාරක තත්වයට පත්කොට දඩුමොණරයෙන් ෂමහාලා වෙත ගෙන ගියේය යන ප්‍රවාදය නිසාය.

ශම්හාලා නඟරය ගැන කියැවෙන යූටියුබ් වීඩියෝවක් https://www.youtube.com/watch?v=icceBs8opZQ

No comments:

Related Posts Plugin for WordPress, Blogger...