ජ්‍යොතිෂය පිලිබඳ වැටහීමක් ඇති හා නැති සියළු ලාංකීය හා විදේශීය සිංහල ජනයා වෙනුවෙන් සකසන ලද මෙම බ්ලොග් අඩවියේ සැරිසැරීමට ඔබ සැමට සුහද ආරාධනා.

Monday, February 11, 2019

කාලය අවකාශය හා ජ්‍යොතිෂය -13


වෘත්තය හා බෙදිම්

 වෘත්තය යනු ඉතා මනස්කාන්ත එමෙන්ම ගුප්ත වූ ජ්‍යාමිතික තල රූපයකි.වෘත්තයක් වටා සකල ලෝක ධාතුවම තැන්පත් කල හැකියයි කිසිවකු පැවසුවහොත් සැබවින්ම එය මානසික රෝගියකුගේ සිතුවිල්ලක් යැයි ඔබටද සිතිය හැක.නමුත් ලොව පුරා භාවිතා වන බොහෝ විද්‍යාවන් දර්ශනයන් භාවිතා කිරීමට හා පවත්වාගෙන යාමට වෘත්තයේ දායකත්වය පිළිබඳව අමුතුවෙන් විස්තර කල යුතු නැත.ලොව පුරා විහිදී ඇති විවිධාකාර ආගම් ඇදහිලි වල වාත්තයක හෝ වෘත්ත ඛන්ඩයක දැක්වුනු ඉදිරිපත් කිරීමක් අනිවාර්යෙන් දක්නට ඇත.නවීන විද්‍යාවේ සංඝටක ලෙස අනුපදයෙන් සම්මත භෞත,රසායන,ජීව විද්‍යාවන් වලද දේශපාලන,ආර්ථික ,...ආදී සමාජ විද්‍යාවන් තුල පමනක් නොව මිත්‍යා දෘෂ්ඨික යැයි සම්මත ගෝත්‍රික ඇදහිලි තුල පවා මෙම වෘත්තය හා බෙදීම් දක්නට ඇත.

            වෘත්තයක පරිධිය හෙවත් වටේ දිග ප්‍රමාණය අපට අවශ්‍ය ප්‍රමාණයකට බෙදිය හැක.වෘත්තයේ කේන්ද්‍රය වටා වූ අංශක 360 ප්‍රමාණය අපට අවශ්‍ය සංඛ්‍යාවෙන් බෙදා ගත් විට ලැබෙන සමරූපී වෘත්ත ඛන්ඩ(ලක්ෂයයන්) වලින් අපට අවශ්‍ය බෙදීම ලබාගත හැක.මෙය වට මේසයක සම දුරින් තබා ඇති පුටු සමූහයකට අනුරූපවේ.මෙම පුටුවක සිටින අයෙක් එක් අතකට(වාමාවෘත හෝ දක්ෂිණාවෘතව) පුටු අතර වාඩිවෙමින් ගමන් කරන්නේ යැයි සිතන්න.යාබද පුටුවට මාරුවෙමින් ඉදිරියට යන්නේ නම් වෘත්තය වටා එක් වටයක් යන විට ඔහු වෘත්තයේ වූ සියළුම පුටුවල වාඩිවී සිටී.මෙම සරල අවස්ථාව හැරුණු විට කලින් වාඩිවූ පුටුවක නැවත වාඩිවීමක් නොකොට වෘත්තය වටා වූ සියළුම පුටු අතර වාඩි වෙමින් එක් අතකට පමනක්(වාමාවෘත හෝ දක්ෂීණාවෘතව) ඉදිරියට යා හැකි සුවිශේෂී වූ තවත් ක්‍රමයක් ඇත.පුටු සංඛයාව හතරට වැඩි ඔත්තේ ඉරට්ටේ කුමන සංඛ්‍යාවක් වුවත් පුටු දෙකක් හැර එකක් ආකාරයට වාඩි වෙමින් එක් අතකට ඉදිරියට යන්නේ නම් වට කිහිපයක් යනවිට එක් වරක් වාඩි වූ පුටුවක නැවත වාඩි වීමක් නොකොට වටමේසයේ සියළුම පුටුවල වාඩිවෙමින් ආරම්භක අවස්ථාවේ වාඩිවූ පුටුවෙන් අවසන් කිරීම සිදු කල හැක.
      සතියේ දින 7 වෘත්තයක පරිධියට බෙදීම සලකා බලමු.වෘත්තයේ පරිදිය එක් එක් දිනට එක් එක් ලක්ෂයක් හිමිවන පරිදි සමාන කොටස්(ලත්ෂයයන් හෙවත් පුටු) 7කට බෙදාගත් විට පහත රූපයේ පරිදිවේ.
ඊලඟ පියවර ලෙස මෙහි ඉහලින්ම දක්වා ඇති පුටුවේ ඉරිදා නියෝජනයට රවි වාඩි කරවමු


   ඉන්පසු වාමාවෘතව පුටු දෙකක් හැර වූ පුටුවේ ඊලග දින අධිපතියා වූ සදු පහත රූපයේ පරිදි වාඩි කරවමු.

ඊලඟ දින අධිපතියා වූ කුජ ග්‍රහයා සඳුගේ පුටුවේ සිට වාමාවෘතව දෙකක් හැර පිහිටි පුටුවේ පහත පරිදි වාඩි කරවමු.

මේ ආකාරයට සතියේ දින හතට අනුරූප අධිපතියන්(රවි,සදු,කුජ,බුධ,ගුරු,ශුක්‍ර,ශනි ආකාරයට) වෘත්තයේ පුටු වල වාඩිකරවූ විට පහත ආකාරයේවේ(අංක මගින් වාඩිකරවූ පිළිවෙල දැක්වේ)

අවසාන රූපයේ උඩින්ම ඇති රවිගේ පුටුවේ සිට වාමාවෘතව වෘත්තයේ දින අධ්පතියන් පිහිටි ආකාරය විමසිල්ලෙන් බලන්න .එහි පිළිවෙල රවි,සිකුරු,බුධ,සඳු,ශනි,ගුරු,කුජ ආකාරය වේ මෙම අනුපිළිවෙල වෙන කිසිවක් නොව දවසේ හෝරාවන් ලබන ගෙවෙන අනුපිළිවෙලයි.

කාල චක්‍රය හා අටදිශාව


දිශාව
දේවතාවා
ග්‍රහයා
 ලග්න
     තිථි පාලන
නැගෙනහිර
ඉන්ද්‍ර
රවි
මේෂ,වෘෂභ
1,9
ගිණිකොණ
අග්නි
කුජ
කන්‍යා
3,11
දකුණ
යමා
ගුරු
කටක,සිංහ
5,13
නිරිත
නිරිත්ති
බුධ
ධනු
4,12
බටහිර
වරුණ
ශුක්‍ර
තුලා,වෘශ්චික
6,14
වයඹ
වායු
ශනි
මීන
7,පුර 15
උතුර
කුබේරා
සඳු
මකර,කුම්භ
2,10
ඊශාන
ඊශාන
රාහු
මිථුන
8,අමාවක


 ඉහතින් දැක්වූයේ කාලචක්‍රයේ ජ්‍යොතිෂයට අදාලව අෂ්ඨදල පද්මයට අයත්වන කොටස් කීපහක් පමණී.මීට අමතරව කාලචක්‍ර අෂ්ඨදල පද්මය තුල ගමන් කරමින් වෙනස්වෙමින් ක්‍රියාත්මක වන ප්‍රධාන අංග රාශියකි.එම ප්‍රධාන අංග අනුව බිහිවන තවත් සියුම් අංගද රාශියකි.උදාහරණ ලෙස දින හා තිථි සමඟ,යෝග,යෝගිණී,මෘත්‍යු හෙවත් මරු කාල චක්‍රය තුල ගමන් කරන අංග කීපයකි.මෙවා සමඟම වේගයෙන් කාලචක්‍රය තුල ගමන් කරන හා බිහිවන ප්‍රාණ,දේහ,මෘත්‍යු ආදී ත්‍රිස්ඵුථ,සහාම්ස,පරිඝ දණ්ඩ ආදිය ජ්‍යොතිෂ කටයුතු වලට යොදාගන්නා ආකාරය පිළිබඳව ප්‍රශ්ණමාර්ගය ආදිී මුල ග්‍රන්ථවල දක්වා ඇත.කාලචක්‍රය නිවැරදිව අවබෝධ වීමේදී එදිනෙදා රාහු කාලය යෙදීම,යෝගිණී හා මරු සිටින දිශාව එක් දිනක එක් දිශාවක සිටීම ආදී මෙතෙක් භාවිතයේ ඇති වැරදි සිද්ධාන්තයන් අවබෝධ වනු ඇත.

කාලචක්‍ර අෂ්ඨදලපද්මයට අයත්වන ජ්‍යොතිෂයට/වාස්තු විද්‍යාවට වැදගත්වන ඉතිරි කොටස් පිළිබඳවත් කාලචක්‍රය අවබෝධයට අවශ්‍යම වන දිග්බල චක්‍රයත් දිවා රාත්‍රී මානයන්ට අදාල යම මහා කාල පිළිබඳවත් ඉදිරි ලිපි මඟින් සලකා බලමු.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...