1) අතීතයේ පැවති ස්ථානීය වේලාවන්ට කේනද්‍ර සෑදීමේ නිවැරදි ක්‍රමය වෙනුවට වේලා කලාප අනුව කේනද්‍ර සෑදීම හා නැකැත් සෑදීම සිදුකිරීම ප්‍රචලිත වීම.
පෙරදිග ජ්‍යොතිෂයේ පදනම ග්‍රහ වස්තුවල චලිතයයි.මෙම ග්‍රහ චලිතය නිසාම ගොඩනැඟෙන කාල-අවකාශ සංකල්පය අනුව ඉතා කුඩා කාලයකදී මිනිස් ඇසට සංවේදී ලෙස නිරන්තරයෙන් වෙනස්වන නැගෙනහිර ක්ෂිතිජය ඇසුරින් ජ්‍යොතිෂයේ ප්‍රධාන සිද්ධාන්තය සැකසී ඇත.එ අනුව නැගෙනහිර ක්ෂිතිජයේ නිවැරදි වෙනස්වීම සැලකිය යුතුය.ගෝලාකාර පෘථිවියේ එක් එක් ස්ථානයට ලක්ෂිය වශයෙන් සාපේක්ෂව ක්ෂිතිජය වෙනස්වේ.ඉතා ඈත අතීතයේ සිටි ජ්‍යොතිෂවේදීන් මෙම ස්ථානීය ක්ෂිතිජය මෙන්ම ස්ථානීය වේලාව නිවැරදි ජ්‍යොතිෂ කටයුතු සඳහා අත්‍යාවශ්‍ය අංගයක් ලෙස සැලකීය.
පෘථිවි ගෝලයේ බෙදීම අනුව නැගෙනහිර දිශාවට දේශාංශක 180 ක් හා බටහිරට දේශාංශක 180 ක් ලෙස ඇත. මෙම දේශාංශක 360 භ්‍රමණය වීමට පැය 24ක කාලයක් ගතවන නිසා එක් දේශාංශකයක විනාඩි 4ක පමණ කාල වෙනසක් ඇත.අපගේ රට දළ වශයෙන් නැගෙනහිර දේශාංශ 79 හා 82 අතර පිහිටන බව 8 වසරේදීම උගෙන ඇත.ඒ අනුව මෙම දේශංශක සීමාවන කොළඹ හා නැගෙනහිර සංගමන්කන්ද තුඩුව අතර කාල වෙනස විනාඩි 9ක් පමණවේ.සංගමන්කන්ද ජන ශුන්‍ය නිසා ආසන්න අක්කරෙයිපත්තුව හා කොළඹ අතර ඇති කාල වෙනස විනාඩි 8 හමාරක් පමණවේ.