පරාශර හෝරා ශාස්ත්‍රය CH 1
1 නමස්කාරය
භාග්‍යවත් වූද උතුම් වූද මෝහය නැසීමට සහය
දෙන්නාවූ ද ගුරු හට නමස්කාරය වේවා!
2-4 “ගෞරවනිය පරාසර ඉසිවරයාණනි,වේදයේ අග්‍රගන්‍ය අංගයක් වූ හෝරා,ගණිත හා සංහිතා ලෙස ප්‍රධාන ත්‍රිත්වයට බෙදෙන ජ්‍යොතිෂයේ පොදු කොටස වූ හෝරා පිළිබඳව වැඩිදුර දැනගැනීමට කැමැත්තෙමි..ඉසිවරයාණෙනි දෙසනු මැනවි..විශ්වය සෑදි ඇත්තේ කෙසේද?එහි අවසානයක් වේද?පොලෝ සත්තවයන් සමඟ ග්‍රහ තරුවල පවතින්නාවූ සම්බන්ධය කුමක්ද?
5-8 “බ්රාහ්මන මෛත්‍රිය,ඔබගේ විමසුම විශ්වීය සුභසාධයටම හේතුවේ.ඔබ විමසූ පරිදි බ්‍රහ්ම මැවීම සහ ග්‍රහ නක්ෂත්ර හා බැදී ඇති ජ්‍යොතිෂ විදයාව ඔබට පවසමි.ගුරු දෙවියන් නමස්කාර කරමින් අරඹන්න..මෙම උතුම් ශාස්ත්‍රය ඉගෙනිම සුදුසු වන්නේ සත්‍ය පමනක් කතා කරන සෘජු වූද දෙවියන්ට ගුරුන්ට ගරු කරන ශාස්ත්‍රය විශ්වාස කරමින් සාධාරණව බැහැරකිරීම් කරන ශිෂ්‍යයන්ට හා වැඩිහිටියන්ටය.මෙම විද්‍යාව ඉගෙනිමට අකමැති කපටි ගති ඇත්තන්ට නපුංශක අයට මෙය ඉගෙනීම නුසුදුසුය.එමෙන්ම පරලොව නැතය කියන්නාට අන්‍යයන්ගේ ශිෂ්‍යයාට(තමාට ශාස්ත්‍රය දුන් ගුරුට ගරු නොකොට වෙනත් ගුරු කුලයක් දක්වන) මෙය ලබා නොදිය යුතුය.දුන් කල්හි දිනක් පාසා නිසැකව දුකට පත්වේ. “
9-12 “විශ්වය පාලනය
කරන්නාවුද නොපෙනෙන ශක්තියකින් යුත් ස්වාධින ආත්මයකින් හා ත්රිගුණයෙන් යුතු ශ්‍රී
විශ්ණු චතුර් ශක්ති බලයෙන් ආරම්භයක් නොමැති අද්භූත විශ්වය පාලනය කරන අතර එම
විශ්විය පාලන නියම අවබෝධ කර ගත හැක්කේ බුද්ධියෙන් පරිණත වූවන්ට පමණි.“
13-15 විශ්ණුගේ ත්‍රි ගුණ
ශක්තිය ලෙස සත්ත්ව(අධ්‍යාත්මික) ගුණයෙන් ශ්‍රී ශක්තියද(ලක්ෂ්මී මාතා),රජෝ(ක්‍රියාකාරී)
ගුණයෙන් භූ ශක්තිය(භුමි මාතා) තමෝ(ස්ථිර) ගුණයෙන් නීල ශක්තියද වේ.මීට අමතරව ශ්‍රී
සහ භූ ශක්ති බලපෑමෙන් මතුවන වාසුදේව නම් හතරවන ශක්තියක්ද විශ්ණු සතුවේ.තමෝ ගුණය
සමඟ ශංකර්ෂන් ,රජෝ ගුණය සමඟ
ප්රාද්යුම්නා ,සත්ත්ව ගුණය
සමඟ අනිරුද් ස්වරූපවේ.
16-17“මහාතත්ව(ආත්ම),අහංකාර,මුර්ති හා බ්‍රහ්ම
ශංකර්ශන,ප්රාද්යුම්නා,අනිරුද්ද මඟින් උපදින අතර මේවා සියලු ත්‍රිගුණ (සත්තව,තමෝ,රජෝ) වලින්
යුක්ත වන අතර මුලය අනුව ප්‍රමුඛම ගුණය තීරණයවේ.
18-19 “අහංකාර කාණ්ඩ 3කි.සත්තව රජෝ
තමෝ ගුණයෙන් මෙම අහංකාර කාණ්ඩ තුන සංයුක්තවේ.පංච භූත(පඨවි,ආපෝ,...)
මෙම අහංකාර කාණ්ඩ තුනෙන් නිරූපනයවේ.
20 “ශ්‍රී විශ්ණු ස්වකිය
ශ්‍රී ශක්තියෙන් ලෝකය ආරක්ෂාකිරිමත් භූ ශක්තියෙන් ලෝකය නිර්මාණයත් නීල ශක්තියෙන්
ලෝකය විනාශ කිරිමත් සිදු කරයි.“
21-24 විශ්වය හා ජීවීන්
විශ්වාධිපති(විශ්ණු) ට අයත්වේ.සියල්ල ජීවාත්ම හා පරමාත්මස් යන දෙකෙහි පරමාධිපත්‍යට
අයත්වේ.සූර්යයා ග්‍රහලෝක බ්‍රහ්ම ශිව ආදියේ බලතල පරමාත්මස්ට අයත් වන අතර අනික්වා
ජීවාත්මට පරමාධිපත්‍ය හිමිය.
No comments:
Post a Comment