Friday, October 25, 2024

ලාංකීය ජ්‍යොතිෂයේ පරිහානියට හේතුවූ කරුණු - 01

  1) අතීතයේ පැවති ස්ථානීය වේලාවන්ට කේනද්‍ර සෑදීමේ නිවැරදි ක්‍රමය වෙනුවට  වේලා කලාප අනුව කේනද්‍ර සෑදීම හා නැකැත් සෑදීම සිදුකිරීම ප්‍රචලිත වීම.

   පෙරදිග ජ්‍යොතිෂයේ පදනම ග්‍රහ වස්තුවල චලිතයයි.මෙම ග්‍රහ චලිතය නිසාම ගොඩනැඟෙන කාල-අවකාශ සංකල්පය අනුව ඉතා කුඩා කාලයකදී මිනිස් ඇසට සංවේදී ලෙස නිරන්තරයෙන් වෙනස්වන නැගෙනහිර ක්ෂිතිජය ඇසුරින් ජ්‍යොතිෂයේ ප්‍රධාන සිද්ධාන්තය සැකසී ඇත.එ අනුව නැගෙනහිර ක්ෂිතිජයේ නිවැරදි වෙනස්වීම සැලකිය යුතුය.ගෝලාකාර පෘථිවියේ එක් එක් ස්ථානයට ලක්ෂිය වශයෙන් සාපේක්ෂව ක්ෂිතිජය වෙනස්වේ.ඉතා ඈත අතීතයේ සිටි  ජ්‍යොතිෂවේදීන් මෙම ස්ථානීය ක්ෂිතිජය මෙන්ම ස්ථානීය වේලාව නිවැරදි ජ්‍යොතිෂ කටයුතු සඳහා අත්‍යාවශ්‍ය අංගයක් ලෙස සැලකීය. 

   පෘථිවි ගෝලයේ බෙදීම අනුව  නැගෙනහිර දිශාවට දේශාංශක 180 ක්  හා බටහිරට දේශාංශක 180 ක් ලෙස  ඇත. මෙම දේශාංශක 360 භ්‍රමණය වීමට පැය 24ක කාලයක් ගතවන නිසා එක් දේශාංශකයක විනාඩි 4ක පමණ කාල වෙනසක් ඇත.අපගේ රට දළ වශයෙන් නැගෙනහිර දේශාංශ 79 හා 82 අතර පිහිටන බව 8 වසරේදීම උගෙන ඇත.ඒ අනුව මෙම දේශංශක සීමාවන කොළඹ හා නැගෙනහිර සංගමන්කන්ද තුඩුව අතර කාල වෙනස විනාඩි 9ක් පමණවේ.සංගමන්කන්ද ජන ශුන්‍ය නිසා ආසන්න අක්කරෙයිපත්තුව හා කොළඹ අතර ඇති කාල වෙනස විනාඩි 8 හමාරක් පමණවේ.


  පැරැන්නන් ජ්‍යොතිෂ කටයුතු සිදු කිරීමේදී ස්ථානීය වේලාව අනුව කටයුතු කිරීමේ නිවැරදිතාව මැනවින් අවබෝධ කොට ඇත.අතීතයේ දරුවකු උපන් මොහොතේ ස්ථානීය වේලාව නිවැරදිව ගනනය කිරීමට අවශ්‍ය තොරතුරු ඒ ඒ ප්‍රෙද්ශයේ ග්‍රාමයේ කටයුතු කල නැකැත් ගනින්නන් පාරමපරිකව ක්‍රමවත්ව සිදු කර ඇත.දහවල් කාලයේ නම් ස්ථානයේ සිටවූ කෝටුවක සෙවනැල්ල අනව පියවර ගනනිනද රාත්‍රී කාලයේදී හඳ එළිය හා සූර්ය අස්තය(හිරු බැසීම) සමඟ මනිනා වැලි ඔරලොසුව,සරල අවලම්භ ක්‍රමය හා රාත්‍රී අහස යොදාගෙන ඇත.

   නවීන තාක්ෂණය දියුණූවේ හිණිපෙත්තට නැඟ ඇති කාලයක ඩිජිටල් ඔරලෝසුවකින් වෙලාව බැලීම  අතීතයේ භාවිතා කළ පියවර ක්‍රමය  හා සැසදීමේදී අඩිරූල අතැතිව ඇඟල්ලෙන් දුර මැනීම හා සමාන ක්‍රියාවක් ලෙස හැඟුනද ඒ පිළීබඳව ගැඹුරින් සිතා බැලීමේදී හරි වැරදි කොතනද යන්න වැටහේ...

  යටත් විජිත සමයේ සිටම ඔරලෝසු භාවිතය ලංකාව තුළ තිබුනු අතර ප්‍රෙද්ශයෙන් ප්‍රෙද්ශයට සූර්යයාගේ දර්ශනය අනුව නියම ප්‍රාදේශීය වේලාව අනුව තම තමන්ගේ ඔරලෝසු වේලාවන් සකසා තිබූ බවට සාක්ෂි ඇත.යටත් විජිත සමයේදී දිවයිනේ විවිධ ප්‍රෙද්ශවලින් කොළඹ රැස්වීම් වලට සහභාගි වූ ගම්මුගාදෑනී,ආරච්චි,ඈපා ,...ආදී ප්‍රාදේශීය නායකයන්ද දළදා පෙළහරට සහභාගි වූ ප්‍රභූවරුන් ද තමතමන්ගේ  ඔරලොසු සකසා ගැනීම සිදුකර ඇත්තේ වර්තමානයේ එක් රටක සිට තවත් රටකට ගොඩ බැසීමකදී සංචාරකයන් වේලාව සකසා ගන්නා පරිද්දෙනි.

යටත් විජිත සමයේම අවසන් කාල සීමාවේදී ලෝකයේ රටවල් එක් එක් වේලා කලාපවලට බෙදීමත් සමඟ ස්ථානීය වේලාව වෙනුවට වේලා කලාප භාවිතය ආරම්භ විය.ශ්‍රී ලංකාව ඉන්දියා මුම්බායි වේලා කලාපයට වැටුනු අතර  විනාඩි අට හමාරේ වේලා වෙනස නොසලකා මුළු රටටම එකම වේලාවක් සම්මත විය.ඒ අනුව කොළම සිටින්නාටත් අක්කරෙයිපත්තුවේ සිටින්නාටත් එකම වේලාවට දෛනික කටයුතු කිරීම සිදුවිය.මුළු රටම එකම වෙලාවට ගුවන් විදුලි රූපවාහිනී ප්‍රවෘත්ති විකාශයන් අත් වින්දහ.

  සමාජ ඒකාබද්ධතාව අනුව බලන කල මුළු රටම එක් වේලා කලාපයට වැටීම යහපතක් වුවත් ඒ සමඟ චිරාත් කාලයක් පැවති ජ්‍යොතිෂාය් පරිහානියට එය විශාල මරු පහරක් විය.එක් තත්පරයක් තුලදී ලක්ෂීය නැගෙනහිර ක්ෂිතිජ අහසේ සිදුවන සුවිශාල වෙනස පිළිබඳ අවබෝධයක් ඇති අයකුට මින් පුද්ගල ජන්ම කේනදුයක නැකැත් වේලාවක ඇතිවන තත්වය අවබෝධ කරගත හැක.පංචාංග ලිත්වල මෙම ස්ථානීය වේලාවන් සඳහා සංශෝධනයන් දක්වා ඇතත් ඉපැරණි ක්‍රමයට සාදන කේනද්‍රවලට වඩා පංචාංග ලිත් ඇසුරින් සාදන කේනදුවල සැලකිය යුතු තරමේ දෝෂයක් ඇති වීම වැලැක්විය නොහැක.ජගන්නාථ හෝරා වැනි නිවැරදි පරිගනක මෘදුකාංග වලින් මෙම දෝෂය වලක්වා කේනදුයක සුභ වේලාවක සියුම් නිවැරදිතාවය ලබා දුන්නත් බොහෝ ග්‍රාමීය ප්‍රෙද්ශවල ජ්‍යොතිෂ කටයුතු කරන්නන්ට එවැනි තාක්ෂණික පහසුකම් අඩුය.ජ්‍යොතිෂවේදියකුම වාගේ  මෙම වැරැද්ද ගැන වැටහීමක් ඇතත් එය සඟවා කටයුතු කරන්නෛ් ජ්‍යොතිෂයයේ ශාස්ත්‍රීය ගෞරවය ආරක්ෂා කිරීම පිණිසය.

No comments: