Saturday, April 16, 2011

ස්ත්‍රී ජාතක චන්ද්‍රිකා - 2



 4) පා ඇගිලි ලක්‍ෂණ
         * මෘදවො ඩ්ගුලයඃ ශස්තා ඝනා වෘත්තාඃ සමුන්නතාඃ


           මොලොක්,ගන,වටවූ උස්වූ ඇඟිලි ඇති ස්ත්‍රිය උතුම්වේ.
-----------------------------------------------------------------------------

අතිශයින්ම පිරිමින්ට(අවිවාහක) පමණයි. - ස්ත්‍රී ජාතක චන්ද්‍රිකා

  
 *****************************************************


    "ආපාදතල චාරභ්‍යයාවන් මෞලිරුහං ක්‍රමාත්
     ශුභාශභානි වක්ෂ්‍යාමි ලක්‍ෂණානි මුනෙ ශෘණු"


    පාදතලයෙන් පටන්ගෙන සිරස දක්වා ක්‍රමයෙන් සුභ අසුභ ලක්‍ෂණයන් කියමි.මුනිවරයෙනි! අසනු මැනවි.

Thursday, April 14, 2011

අළුත් අවුරුද්ද තියෙන්නේ විමර්ශන විග්‍රහ කරන්නම නෙවෙයි අසිරිය විදින්නයි.

 "ඔබ සැමට ලබන්නාවූ අළුත් අවුරුද්ද බලාපොරොත්තු සඵල වන සුභ අළුත් අවුරුද්දක්ම වේවා!"
   අද විශේෂ පෝස්ට් එකක් දාන්න වෙලාවක් නැහැ.මුළු දවසම ටීවී එක ලගට වෙලා ඉන්නෙ නැතිව අවුරුදු අසිරිය විදින්න.ඇත්තටම අළුත් අවුරුද්ද තියෙන්නේ අපි වගේ අයට විග්‍රහ විමර්ශන කර කර ඉන්නම නෙවෙයි.අළුත් අවුරුද්ද තියෙන්නේ විදින්න.මේ කතාව කවුදෝ කොතැනකදෝ ලියා තිබුනා යාන්තමට මතකය.එනිසා අපි හැමෝම අළුත් අවුරුදු අසිරිය විදීමට සූදානම් වෙමු.

Monday, April 11, 2011

අළුත් අවුරුද්ද ඔබේ ලග්නයට කොහොමද?

                            මේෂ 
         අවුරුදු උදාව සිදුවන සෑම විටම මේෂ ලග්න හිමියාගේ ලග්නයේ රවි සිටියි. මෙවර රවි වෙනත් කිසිම ග්‍රහයෙකු සමග යෝග නොවී තනිව උච්ච බලයෙන් ලග්නයේ සිටීම තමාගෙ නාමය ප්‍රසිද්ධ වන අභිමානය සුරැකෙන වසරක් වනු ඇත.මැයි 03 දින ලග්නාධිපති කුජ ලග්නයේ ක්‍ෂෙත්‍ර බල වීම සුභඵල හොදින් ඉස්මතු කරයි.මැයි 08 ගුරු ලග්න ගත වීම හා නොවැම්බර් 15 ශනි හතේ දිග්බල වීම සුභ ග්‍රහමාරු වන අතර ජුනි 6 රාහු කේතු මාරුව සෞඛ්‍ය තත්තවයට අහිතකර ග්‍රහ මාරුවකි.මෙම තත්ත්ව බලපාන අයුරු සවිස්තරව පහත දැක්වේ.