Saturday, April 16, 2011

ස්ත්‍රී ජාතක චන්ද්‍රිකා - 2



 4) පා ඇගිලි ලක්‍ෂණ
         * මෘදවො ඩ්ගුලයඃ ශස්තා ඝනා වෘත්තාඃ සමුන්නතාඃ


           මොලොක්,ගන,වටවූ උස්වූ ඇඟිලි ඇති ස්ත්‍රිය උතුම්වේ.
-----------------------------------------------------------------------------



         * දීර්ඝෝංගුලිහිඃ කුලටා කෘශාභිරති නිර්ධනා 
            හ්‍රස්වායුෂ්‍යා ච හ්‍රස්වාභිර් භුග්නාභිර් භුග්නවර්තිනී


           ස්ත්‍රියකගේ ඇඟිලි දිගුද ඈ අනාචාරයේ හැසිරේ.සිහින් ඇඟිලි වූයේ දිළිදුවේ.කෙටි ඇඟිලි අල්පායුෂවේ.බිදුනු(සෘජු නොවූ) ඇඟිලි ඇත්තී සොරසැමි ඇත්තීවේ.
-----------------------------------------------------------------------------
         * පරස්පරං සමාරූඨඃ පාදාඩ්ගුල්‍යෙ භවන්තීහි හත්වාබහුනපිපතීන්    
            පරපෙෂ්‍යා තදා භවෙත් 
            
           යම් ස්ත්‍රියකගේ පාදයේ එක් ඇගිල්ලක් මත තවත් ඇඟිළි වෙත්ද ඒ ස්ත්‍රී බොහෝ සැමියන් මරා (මෙතැන මරා යනුවෙන් අදහස් කෙරෙන්නේ ඝාතනය කිරීම,කරවීම නොව වැන්දඹු බවයි.) අනුන්ගේ ගැත්තියක් වන්නීය.
 -----------------------------------------------------------------------------
      *  යස්‍යාඃපථිසමායාංත්‍යා  රජො භූමෙඃ සමුච්ඡලෙත් සා පාංශුලා 
          ප්‍රජායෙතකුලත්‍රය විනාශිනී 


         යම් ස්ත්‍රියක් මග යෑමේදී භූමියෙන් දූලි නැගේද(මෙහිදී ඇගේ ගමන පොලොවේ දූලි අවුස්සමින් යාමක් වැනි බව කියවෙයි.සිමෙන්ති පොලොව ටයිල් පොලොවේ ඇවිදින විට දූලි නැගීමක් ඇති නොවේ.) ඒ ස්ත්‍රී වෙශ්‍යා වූයේ ඒ හා සමාන දරු වදයි.කුල තුනක් විනාශ කරන්නීවේ.
------------------------------------------------------------------------------
            * යස්‍යාඃ කතිෂ්ඨිකා භූමිං නගච්ඡන්ත්‍යාඃ පරිස්පෘශෙත් 
               සානිහත්‍යපතිං  යොෂා  විතීයං  කුරුතෙ  පතිම්
              
         යම් ස්ත්‍රියක් ගමන් කරන විට පාදයේ සුලැඟිල්ල ශූමිය ස්පර්ශ නොකරන්නේද වැන්දඹුවී දෙවෙනි විවාහයක් කෙරේ.      
------------------------------------------------------------------------------
         * ප්‍රදෙශිනීභවෙද්‍යස්‍යා  අඩ්ගුෂ්ඨාද්ව්‍යතිරෙකිණී
            කනෛ්‍යව කුලටාසාස්‍යාද් දේෂ එෂ විනිෂ්චයඃ


           යම් ස්ත්‍රියකගේ මාපටැඟිල්ලෙන් ලියලූ ඇඟිල්ල පිටතට වේද එකල්හි ඒ ස්ත්‍රී අවිවාහකව අනාචාරයේ යයි.මේ දෝෂය විනිෂ්චයවේ. 
          
   
                 ------- මතු සම්බන්ධයි. -------
        
           
            

3 comments:

jhothishalanka said...

@anonymous
ඔබගේ කොමෙන්ටුව මම දුටුවා.එය පබ්ලිෂ් කලේ නැහැ.ඔබගේ ඊමේල් ලිපිනය කමෙන්ට් කරනවාද?

ඇඩ්මින් @ ෆේස්බුකියේ සිංහල බ්ලොග් සින්ඩිය (Darshana) said...

මාපටැඟිල්ලෙන් ලියලූ ඇඟිල්ල යනු කවරක්ද ?

jhothishalanka said...

@ඇඩ්මින් @ ෆේස්බුකියේ සිංහල බ්ලොග් සින්ඩිය (Darshana)

මාපටැඟිල්ලෙන් ලියලූ ඇඟිල්ල යනු කකුලේ ඇඟිලි පහට අමතරව මාපැටඟිල්ල කෙලවරකින් මතුවූ තවත් කුඩා ඇඟිල්ලක්

Related Posts Plugin for WordPress, Blogger...