LANKA JHOTHISHA ARANA ලංකා ජ්‍යොතිෂ අරණ

ජ්‍යොතිෂය පිලිබඳ වැටහීමක් ඇති හා නැති සියළු ලාංකීය හා විදේශීය සිංහල ජනයා වෙනුවෙන් සකසන ලද මෙම බ්ලොග් අඩවියේ සැරිසැරීමට ඔබ සැමට සුහද ආරාධනා.

Saturday, April 16, 2011

අතිශයින්ම පිරිමින්ට(අවිවාහක) පමණයි. - ස්ත්‍රී ජාතක චන්ද්‍රිකා

  
 *****************************************************


    "ආපාදතල චාරභ්‍යයාවන් මෞලිරුහං ක්‍රමාත්
     ශුභාශභානි වක්ෂ්‍යාමි ලක්‍ෂණානි මුනෙ ශෘණු"


    පාදතලයෙන් පටන්ගෙන සිරස දක්වා ක්‍රමයෙන් සුභ අසුභ ලක්‍ෂණයන් කියමි.මුනිවරයෙනි! අසනු මැනවි.





  1) පාදතල(යටි පතුල්) ලක්‍ෂණ
        * ස්ත්‍රීණාං පාද තලං ස්නිග්ධං මාංසතලං මෘදුලං සමම්
           අස්වෙදමුෂ්ණමරුණං බහු භොගොචිතං ස්මෘතම්  


          ස්ත්‍රීන්ගේ පාදතලය සිනිදු වේද,මාංස සහිතද,මොලොක්ද,සම වේද,දහදිය රහිතද,උණුසුම්ද,රතු වේද බොහෝ බෝග ලබයි.


        * රූක්‍ෂං විවර්ණං පරුෂං ඛණ්ඩිතං ප්‍රතිබිම්බකම්
           ශූර්පාකාරංචිශූෂ්කං ච දුඃඛදෞර්භාග්‍යසූචකම්


           යම් ස්ත්‍රියකගේ පාද තලය රූක්‍ෂ වූයේද,දුර්වර්ණ වේද,කඨෝරද,බිදුනේද,කුල්ල සමාන වූයේද,වියලිද වූ විට දුක හා දිළිදු බව විදවයි.


 2) පාද තලයේ රේඛා ලක්‍ෂණ
         * චක්‍රස්වස්තිකශංඛාබ්ජ  ධ්වජ ඒනාතපත්‍රවත්  යසභාඃ 
            පාදතලෙ  රේඛා  සා   භවෙත්ක්ෂිතිපාංගනා


        ස්ත්‍රියකගේ පාද තලයේ චක්‍ර,ස්වස්තික,සක්,ධජ,මත්ස්‍ය,ඡත්‍ර සමාන රේඛා ලක්‍ෂණ වේද ඒ ස්ත්‍රී රාජ බිසවක් වන්නේය.


         * භවෙද ඛණ්ඩ භෝගායොර්ධ්ව මධභාංගුලිසංයුතා 
            රේඛාඛු   සර්පකාකාභා    දුඃඛ    දාරිද්‍රයසූචිකා.


         ස්ත්‍රියකගේ පාදතලයේ මැදගිල්ලේ සිට නොකැඩුණු උඩට ගිය රේඛාව වේද ඒ ස්ත්‍රී බෝග ලැබීමට උතුම් වන්නීය.තවද පාදතලයේ මීයා,සර්ප කාක සමාන රේඛා වේද දුක් දිළිදු වේ.


3) පාදයේ මාපටැහිල්ලේ ලක්‍ෂණ
          * උන්නතො මාංසලො "ඩ්ගුෂ්ඨො වර්තුලො' තුල භොගදඃ
            වක්‍රොහ්‍රස්වශ්ව  චිපිටඃ  සුඛසෞභාග්‍ය  භඤ්ජකඃ


         යම් ස්ත්‍රියකගේ පාදයේ මාපටැගිල්ල උස්වූයේද,මස් සහිතද,වට වූයේද ඒ ස්ත්‍රී භෝග ලාභිවේ.වක් වූයේද,කෙටි වේද,රළු වේද ඒ ස්ත්‍රී සැප ඉසුරු විනාශ කරන්නීය.  


          * විධවා විපුලෙන සහාද්දීර්ඝාඩ්ගුෂ්ඨෙන දුභර්ගා


            මහත් වීමෙන් දික් මාපටැගිල්ලෙන්,වැන්දඹු අවාසනාවන්ත ස්ත්‍රියක්වේ.


       
                          -------  මතු සම්බන්ධයි. -------
          

3 comments:

  1. ස්ත්‍රීන්ගෙන් ගුටි නොකා ඔය ලක්ෂණ නිරීක්ෂණය කරණ ආකාරයත් පැවසුව මැන මුනිවරයාණෙනි!!!!

    ReplyDelete
  2. @ Indra J සැම ස්ත්රියක්ගේම නොබලා, තමන්ට හිමි කෙනාගේ බැලුවොත් ගුටි කන්න වෙන එකක් නැ :D :D

    ReplyDelete
  3. හ..හා....මට නං රජ බිසවක් එපා....
    චමන්ත

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...