Wednesday, July 27, 2011

හතර කේන්ද්‍රය පාළු වීම

     "හතර කේන්ද්‍රය පාළු වීම" යන්න පිළිබදව ජනසමාජය තුල මුල්බැස ඇති විවිධාකාර වූ මතිමනාන්දර අනුව බොහෝ දෙනා තුල ඇත්තේ එවැනි ජන්ම කේන්ද්‍ර පිහිටන්නන් පිළිබද සෘණාත්මක අගය කිරීමකි.හතර කේන්ද්‍රය හිස්වූවන් ගිහි ජීවිතයට වඩා පැවිදි ජීවිතයට සුදුසු යැයි ප්‍රබල මතයක් මුල් බැස ඇති නිසා තමන්ගේ දරුවෙකුගේ ජන්ම කේන්ද්‍රයේ එවැනි පිහිටීමක් ඇති බව දැනගත් විට බොහෝ දෙමාපියන් කලබලවේ.වර්තමාන තරඟකාරී ජනසමාජ රටාව අනුව බොහෝ දෙමාපිය වැඩිහිටියන් කැමති තමන්ගේ දරුවන් හොදින් ඉගෙන ගෙන ඉහළ රැකියා තනතුරු ලබමින් විවාහ වී දරු මල්ලන් ලැබ සුඛෝපබෝගී දිවි පෙවතක් ගත කරනු දැකීමය.ඒ නිසාම එවැනි යෝග තම දරුවන්ගේ ජන්ම කේන්ද්‍රවල සටහන් වී තිබීම පවා ඔවුන්ට හිසරදයකි.හතර කේන්ද්‍රය හිස් වූ පමනින් එය මහණ යෝගයක් හෝ ලෞකික දිවියට බාධා යෝගයක් වන්නේ නැත.මෙහිදී සම්පූර්ණ ජන්ම කේන්ද්‍රයම සලකා බලමින් ඔහුගේ ඉදිරිය විමසා බැලිය යුතුය.එසේ නොමැතිව හතර කේන්ද්‍රය හිස්වූ පමණින් දරුවෙකුගේ කේන්ද්‍රය දෙස බලා "මෙම දරුවාට ශ්‍රමණ යෝගයක් ඇත" යනුවෙන් පැවසීම ජ්‍යොතිෂ්‍යාණුකූලව වැරදි අර්ථ කථනයක්මය.මෙම ලිපියෙන් ඉදිරිපත් කිරීමට අදහස් කලේ එවැනි ග්‍රහ පිහිටීම් ඇති කේන්ද්‍ර හදුනා ගැනීම හා ජන්ම කේන්ද්‍රයේ වෙනත් සියුම් ග්‍රහ පිහිටීම් දෙස බලමින් එම යෝගවල ඵල විපාක ඉස්මතු වීම නොවීම පිළිබදව අදහසක් ලබා ගැනීමට ජ්‍යොතිෂ දැනුම් ප්‍රමාණයක් පාඨකයන්ට ලබා දීමයි.

Tuesday, July 26, 2011

කාලය අවකාශය හා ජ්‍යොතිෂය 5

 ගණිතයේ මහිමයෙන් සොයාගත් ග්‍රහයා
     
   ක්‍රි.ව.1612 දෙසැම්බර් 21 දින රාත්‍රී අහස නිරීක්‍ෂණය කරමින් සිටි ගැලීලියෝ ගැලිලීට හදිසියේම ඈත අහසේ බ්‍රහස්පති ග්‍රහයා ආසන්නයේමවූ තවත් ග්‍රහ වස්තුවක් නිරීක්‍ෂණය කිරීමට හැකි විය.ඉන්පසු නැවත 1643 ජනවාරි 27 දිනයේද බ්‍රහස්පති ග්‍රහයා අසලින්ම මෙම ග්‍රහ වස්තුව නිරීක්‍ෂණය විය.ගැලීලියෝට එදා ප්‍රභල දුරේක්‍ෂයක් තිබුණි නම් මේ කථාව වෙනස් ස්වරූපයක් දැරීමට තිබූ නමුත් ගැලීලියෝගේ දුරේක්‍ෂයේ ප්‍රභලතාව අඩුවීම හා පසු කලෙක අනාවරණය වූ කරුණු අනුව ග්‍රහයන්ගේ වක්‍ර ගමන පිළිබද එකළ වැටහීමක් නොතිබීම නිසාම තමා දුටු ග්‍රහ වස්තුව "ස්ථාවර තාරකාවක්" ලෙස ගැලීලියෝ අතින් සටහන් විය.

Tuesday, July 19, 2011

කාලය අවකාශය හා ජ්‍යොතිෂය 4

  "හිරු පොලොව වටා ගමන් කරන්නේ යැයි සිතා සිටින මුග්ධයන් පිරිසක්"
  " මෝඩයන් රවටමින් අන්දවමින් ඔවුන්ගේ මුදල් ගසා කන කපටියන් පිරිසක්"

Sunday, July 17, 2011

Sound Horoscope

 අපගේ ජීවිතයේ වටිනා සුන්දර මෙන්ම සුවිශේෂී සිද්ධි සිහිවටන ලෙස තබා ගැනීමට අපි ඡායාරූප භාවිතා කරයි.එමෙන්ම පුවත්පත් සඟරා ආදිය පුවත් වාර්තාකරණයේදී අදාළ සිද්ධිය හුවා දැක්වීමටද ඡායරූප භාවිතා කරයි.(මීට අමතර අවස්ථාද ඇත.)ජ්‍යොතිෂයේදී භාවිතා කෙරෙන පුද්ගල ජන්ම කේන්ද්‍ර සටහනද එක්තරා අයුරකින් ඡායාරූපයක් වැනිය.එය අප ඉපදුනු මොහොතේ අහස්තලයේ ඡායාරූපයකට අනුරූපවේ.