LANKA JHOTHISHA ARANA ලංකා ජ්‍යොතිෂ අරණ

ජ්‍යොතිෂය පිලිබඳ වැටහීමක් ඇති හා නැති සියළු ලාංකීය හා විදේශීය සිංහල ජනයා වෙනුවෙන් සකසන ලද මෙම බ්ලොග් අඩවියේ සැරිසැරීමට ඔබ සැමට සුහද ආරාධනා.

Tuesday, July 26, 2011

කාලය අවකාශය හා ජ්‍යොතිෂය 5

 ගණිතයේ මහිමයෙන් සොයාගත් ග්‍රහයා
     
   ක්‍රි.ව.1612 දෙසැම්බර් 21 දින රාත්‍රී අහස නිරීක්‍ෂණය කරමින් සිටි ගැලීලියෝ ගැලිලීට හදිසියේම ඈත අහසේ බ්‍රහස්පති ග්‍රහයා ආසන්නයේමවූ තවත් ග්‍රහ වස්තුවක් නිරීක්‍ෂණය කිරීමට හැකි විය.ඉන්පසු නැවත 1643 ජනවාරි 27 දිනයේද බ්‍රහස්පති ග්‍රහයා අසලින්ම මෙම ග්‍රහ වස්තුව නිරීක්‍ෂණය විය.ගැලීලියෝට එදා ප්‍රභල දුරේක්‍ෂයක් තිබුණි නම් මේ කථාව වෙනස් ස්වරූපයක් දැරීමට තිබූ නමුත් ගැලීලියෝගේ දුරේක්‍ෂයේ ප්‍රභලතාව අඩුවීම හා පසු කලෙක අනාවරණය වූ කරුණු අනුව ග්‍රහයන්ගේ වක්‍ර ගමන පිළිබද එකළ වැටහීමක් නොතිබීම නිසාම තමා දුටු ග්‍රහ වස්තුව "ස්ථාවර තාරකාවක්" ලෙස ගැලීලියෝ අතින් සටහන් විය.

 ----------------------------------------------------------------------------------------------------------
  
   1821 වසරේදී   Alexis Bouvard නම් තාරකා විදාඥයා විසින් යුරේනස් ග්‍රහයාගේ කක්‍ෂීය චලනය පිළිබඳ වගුවක් ඉදිරිපත් කලේය.මෙම වගුව අනුව යුරේනස් ග්‍රහයාගේ කක්‍ෂයේ අනපේක්‍ෂිත විචලනයක් දිස්වූ නමුත් ඊට හේතු ඉදිරිපත් කිරීමට Alexis Bouvard   ට නොහැකි විය.ඊට වසර 21 කට පසු 1843 දී  John Couch Adams නම් තාරකා විද්‍යාඥයා විසින් යුරේනස් ග්‍රහයාගේ කක්‍ෂයේ දිස්වන අනපේක්‍ෂිත විචලනයට හේතුව ඒ අසළ පිහිටි විශාල ගුරුත්වයක් ඇති තවත් ග්‍රහ වස්තුවක් නිසා ඇතිවන ගුරුත්වාකර්ෂණ කැලැඹීම බව හේතු දක්වමින් බ්‍රිතාන්‍ය රාජකීය තාරකා විද්‍යා සංගමයට ලේඛනයක් ඉදිරිපත් කළ නමුත් එවකට රාජකීය විද්‍යා සංගමයේ ප්‍රධානියාවූ George Airy ඊට සැලකිල්ලක් නොදැක්වීම නිසම එය යටපත් විය.
      නැවත 1846 දී    Urbain Le Verrier,නම් තාරකා විද්‍යාඥයා  John Couch Adams ගේ ඉදිරිපත් කිරීම් වලින් ස්වායක්තව ස්වකීය අභ්‍යවකාශ නිරීක්‍ෂණ ඇසුරින් ගණනය කර යුරේනස්ගේ අනපේක්‍ෂීය කක්‍ෂ විචලනයට හේතුව ඒ අසළ පිහිටි හදුනා නොගත් විශාල ග්‍රහ වසතුවකින් ඇති වන ගුරුත්ව බලපෑම බව ඉදිරිපත් කළ අතර හදුනා නොගත් ග්‍රහයා පිහිටිය යුතු ස්ථානය හා ස්කන්ධය පිළිබද ෙසෙද්ධාන්තික ඉදිරිපත් කිරීමක් අනුමාන වශයෙන් සිදු කලේය.
     Urbain Le Verrier විසින් ඉදිරිපත් කළ ග්‍රහයා පිහිටිය හැකියැයි අනුමාන කළ ස්ථානය එල්ලේ දුරේක්‍ෂය නාභි ගත කරමින්   James Challis නම් තාරකා විද්‍යාඥයා විසින් 1846 සැප්තැම්බර් 23 දින රාත්‍රීයේදී සිදුකළ අභ්‍යවකාශ නිරීක්‍ෂණයකින් පසු Urbain Le Verrier  අනුමාන කළ ස්ථානයට අංශකයක් ඇතුලතින් එතෙක් නිරීක්‍ෂණය නොවූ විශාල ග්‍රහ වස්තුව සොයා ගත් අතර ග්‍රහලෝකයක ලක්‍ෂණ ඉන් විද්‍යාමාන විය.
    මේ අනුව ගණිත ප්‍රතිඵලයක දැක්වුනු නිරීක්‍ෂණ අනුව යමින් සොයා ගත් ප්‍රථම ග්‍රහලෝකය වූ එම ග්‍රහලොව සෞර ග්‍රහ මණ්ඩලයේ අටවෙනි ග්‍රහයා විය.

 ------------------------------------------------------------------------------------------------------------
  කළුතර හා පානදුර අතර පිහිටි වස්කඩුව හා පොතුපිටිය ගම්මාන දෙකේ මායිම ආසන්නයේ දුම්රිය ස්ථානයක් සෑදු ආරම්භක අවස්ථාවේදී එම දුම්රිය ස්ථානයට නමක් දීම සදහා විශාල ගැටළුවකට මුහුණ දීමට එකල සිටි දුම්රිය බලධාරීන්ට සිදුවිය.ගම්මාන දෙකේ ජනයා අතර තමන්ගේ ගමේ නම දුම්රිය ස්ථානයට දැමිය යුතුයැයි මත ගැටුමක් විය.වස්කඩව ගම්වාසීන් දුම්රිය ස්ථානය "වස්කඩුව දුම්රිය ස්ථානය " යැයි නම් කල යුතු බව පැවසූ අතර පොතුපිටිය ගම්වාසීන් පැවසුවේ තමන්ගේ ගමේ නම ඊට දැමිය යුතු බවයි.සුළුවෙන් පටන් ගත් මෙම ගැටළුව පසුව මිනී මරා ගන්නා තරමට උග්‍ර විය.අවසානයේ ගම් දෙකේම නම නොදමා "නොම්මර 1 දුම්රිය ස්ථානය" ලෙස දුම්රිය ස්ථානය නම් කිරීමට බලධාරී තීරණය විය. අළුතින් සොයා ගත් ග්‍රහයාට නමක් දීමේදීද මෙවැනිම ගැටළුවක් මතු විය.ආරම්භයේදී ග්‍රහයා හැදින්වූයේ  "the planet exterior to Uranus"   හා   "Le Verrier's planet"  යනුවෙනි.නමුත් නෙප්චූන් ග්‍රහයා සොයාගැනීමට රටවල් තුනක විද්‍යාඥයන් තුන් දෙනෙකු ප්‍රධාන වශයෙන් දායක වූ නිසා රටවල් තුනේ ජනයා පැවසුවේ තමන්ගේ රටේ විද්‍යාඥයාගේ නමින් අළුත් ග්‍රහයාව හැදින්විය යුතු බවයි.අවසානයේ මීට විසදුමක් ලෙස ග්‍රීක හා රෝම පුරාවෘත්තාන්තවල මුහුදට අධිපති දෙවියාව හැදින්වූ "නෙප්චූන්"යන නාමය අළුත් ග්‍රහයාට තබා ග්‍රහයා සොයා ගැනීමේ සම අයිතිය විද්‍යාඥයන් තිදෙනා අතරේ සම සමව බෙදා දුනි.

------------------------------------------------------------------------------------------------------------
 අප ලඟට කේන්ද්‍ර පරීක්‍ෂාවට එන බොහෝ දෙනා මතු කරන ගැටළුවක් වන්නේ තමන්ගේ කේන්ද්‍රය ජ්‍යොතිෂවේදීන් දෙදෙනෙකු සාදා ඇති බවත් යුරේනස්,නැප්චූන් හා ප්ලූටෝ ග්‍රහයන් එක් කේන්ද්‍රයක සටහන් කර ඇති නමුත් අනිත් කේන්ද්‍රයේ එම ග්‍රහයන් සලකුණු කර නොමැති බවත් ඊට හේතූ කුමක්ද? යන්නයි.මෙම ගැටළුවෙන් ආරම්භ වන ප්‍රශ්ණ කිරීම් ප්‍රධාන වශයෙන් පහත ආකරයෙන් දැක්විය හැකිය.
 * පෙරදිග ජ්‍යොතිෂයේදී යුරේනස්,නැප්චූන්,ප්ලූටෝ ග්‍රහයන්ට සැලකිල්ලක් දක්වන්නේ නැද්ද?
 *අනිත් ග්‍රහයන්ට මහදශා වෙන්කොට ඇතත් යුරේනස්,නැප්චූන්,ප්ලොටෝ ග්‍රහයන්ට මහ දශා වෙන් කර නැත්තේ මන්ද?
 *ග්‍රහ තැන්පත් වීම,සංයෝග,යෝග වලට පලාඵල බැලීමට මෙම ග්‍රහයන්(යුරේනස්,නැප්,ප්ලූටෝ) යොදා ගැනීමක් නැද්ද?
 * තාරකා විද්‍යාව අනුව ප්ලූටෝ තවදුරටත් ග්‍රහයකු ලෙස සලකන්නේ නැත.ප්ලූටෝ සොයා ගත් පසු කේන්දර තුලටද දැමූ ප්ටූටෝව දැන් කේන්දරයෙන් අයින් කරන්නේ නැදද?
        
                           -----  මතු සම්බන්ධයි. -----

12 comments:

  1. නොදන්න දේවල් කිහිපයක්ම දැන ගත්තා, මම කැමතියි ජ්‍යෙතිශය සහ වාස්තු විද්‍යාව අතර තියෙන සම්බන්ධතාව ගැන විස්තර කරලා ලිපියක් ලියනවා නම්..

    ReplyDelete
  2. Saravath lipiyaki,Pluto gananam matath prashnayak thiyanawa.

    ReplyDelete
  3. @චතුර....
    අදහස නම් හොදයි.ඒත් ප්‍රශ්ණෙ මගේ වාස්තු විද්‍යා දැනුම හුඟක් අඩුයි.ඉතා සරල දැනුමක් තියෙන්නේ.ඉතින් නොදන්න දේවල් ලියන්න බෑනේ යාළු.

    ReplyDelete
  4. මේ අදහස ලංකා ජ්‍යෝතිෂ අරණට. කරුණාකරල ජ්‍යෝතිෂයේ මුල් ග්‍රන්ත කියවන්න. ඒ ග්‍රන්ත වල මෙම නෙප්චුන්, ප්ලුටෝ, යුරේනස් නැත. එයට හේතුවක් තියෙන්න පුලුවන්ද ?පුලුවන් නම් ඒ කුමක්ද ? මුල් ග්‍රන්ත වල තියෙන්නේ ග්‍රහයන් 7 යි, ඡායා ග්‍රහයන් 2 යි. (උපග්‍රහයන් ගැන පස්සෙ කථා කරමු). මෙයිනුත් මෙම මාතෘකාව පිළිබඳ වැදගත් වෙන්නේ ග්‍රහයින් 5 යි.
    තරහ නැතුව ඒ ග්‍රහයන් 5 ගෑන විස්තර කරනවද ?
    ඇයි 5 ක් ?
    ඇයි 7 ක් ?
    කොහොමද ඡායා ග්‍රහයො එන්නේ?
    ඈයි නෙප්චුන්, ප්ලුටෝ, යුරේනස් නැත්තේ ?

    මම හිතනව මගෙ කොමෙන්ටුවට උත්තර දෙයි කියල . බොහොම ස්තුතියි.

    ReplyDelete
  5. @Anonymous
    යුරේනස් ,නැප්චූන්,ප්ලූටෝ ග්‍රහයන් එම නාමයන් අනුකූලව සොයා ගැනීම සිදුකලේ බටහිර තාරකා විද්‍යාඥයන් විසිනි.ඇත්තටම එම නාමයන් ලෙස නැතිවුනත් වෙනත් නාම අනුව (ඉන්ද්‍ර,වරුණ,යම ලෙස) ලෝකායත ජ්‍යොතිෂයේදී යුරේනස් නැප්චූන් ප්ලූටෝ ගැන සදහන් වෙනවා.ඉපැරණි ජ්‍යෙතිෂ පඩිවරුන් සෙනසුරුගෙන් එපිට විශාල ග්‍රහ වස්තු කීපයක බලපෑම ගැන අවබෝධයක් තිබී ඇත.බටහිර විද්‍යාඥයන් තැබූ නම් වලින් එම ග්‍රහයන් ගැන සදහන් කිරීමක් පැරණි ජ්‍යොතිෂ පොත්වල දක්වා නැත්තේ එබැවිනි.
    ජ්‍යොතිෂයේදී ප්‍රධාන ග්‍රහයන් 9 දෙනෙකු පිළිබද සලකා බැලෙනවා.ජ්‍යෙතිෂයේ සිද්ධාන්ත පෘථිවියට සාපේක්‍ෂව ඇති නිසා පෘථිවිය ගැන සලකා බැලීමක් නැත.ග්‍රහයන්ගේ බලපෑම සැලකූමේදී එම ග්‍රහයන්ට පෘථිවියේ සිට ඇති දුර පිළිබදව හෝ එම ග්‍රහයාගේ ත්‍රිමාණ පිහිටීම නොසලකා ඒවා පෘථිවිය වටා වෘත්තාකාර මාර්ගයක චලනය වන බව සලකයි.ඒ ග්‍රහයන් රවි(තාරකා විද්‍යාව අනුව රවි තාරකාවක් වුවත් ජ්‍යෙතිෂයේදී එය ග්‍රහයකු ලෙස සැලකේ.) සදු,කුජ(අඟහරු),බුධ,ගුරු(බ්‍රහස්පති),ශුක්‍ර(සිකුරු),ශනි(සෙනසුරු),රාහු,කේතු ග්‍රහයන්ය.
    මින් රාහු කේතු ග්‍රහයන් මනඃකල්පිත(ඡායා) ග්‍රහයන් දෙදෙනෙකි.සිද්ධාන්තිකව බලන විට රාහු කේතු යනු සංකල්පීය ලක්‍ෂයන් දෙකකි.(පහත සබැදිය බලන්න.)
    https://docs.google.com/document/d/1FMHd-FXKohxyOaiwWq7iq7biDiXOGYOcZunhqEgYVAQ/edit?hl=en_US
    ඔබ දක්වා ඇති ආකාරයට මෙම ග්‍රහයන් 9 දෙනාගෙන් ඡායා ග්‍රහයන් දෙදෙනා ඉවත් කළ පසු ග්‍රහයන් 7 දෙනෙකි ජ්‍යොතිෂයේදී මෙම ග්‍රහයන් 9 දෙනාටම ප්‍රධාන තැනක් දී ඇති නමුත් රාශිවලට අධිපති කම් ලබා දීමේදී රාහු කේතු නොසලකා හැර ඇත.ඒ අනුව බලන විට සමහර තැන් වලදී ඔබගේ ග්‍රහයන් 7 කතාව ජ්‍යොතිෂයේදී යෙදීම් සිදුවුවත් ප්‍රධාන ග්‍රහයන් පස් දෙනෙකු ගැන දැක්වීම මට නොතේරේ.තාරකා විද්‍යාව අනුව බලන විට නම් රවි තාරකාවක් වීම හා සදු උප ග්‍රහලොවක් වීම සලකා ඉවත් කල විට ඉතිරි වන්නේ පස් දෙනෙකි.මෙම ග්‍රහයන් පහ පිළිබදව විස්තර ඔබගෙන් දැන ගැනීමට කැමත්තෙමි.

    ReplyDelete
  6. වාස්තු රත්නාවලියෙන් තොරතුරු රැගෙන ඉදිරිපත් කිරීමට පොරොන්දු වෙමි.
    එම්. එම්. රෝහණ වසන්ත

    ReplyDelete
  7. kendrayaka rahu ,kethu neecha weemen athivana thathwayan anek grahayan neecha veemen athivana thath wayanta wada wenasda ? (rahu kethu kisiyamma rashiyakata adipathithvaya nodarana nisa)

    ReplyDelete
  8. "මෙම ග්රදහයන් පහ පිළිබඳව විස්තර ඔබගෙන් දැනගැනීමට කැමැත්තෙමි" කියල ඔබ ලියුව නිසාත්, විනාශයට යන ජ්යෝනතිෂයට ඔබ අතින් යම් කිසි සේවයක් සිදු වෙනවා කියල මට හිතෙන නිසාත්, ඔබ සහ ඔබේ ජ්යෝයතිෂයට ගරු කරන පාඨකයො ජ්යෝසතිෂය පිළිබඳ යම් කිසි උනන්දුවක් තිබෙන නිසාත්, මම ඉතාමත් කැමැත්තෙන් එම කරුණු ඔබට පැහැදිලි කරන්නම්. එකපාරටම තේරුම් ගන්න උත්සහ කරන්න එපා. ඒක තේරුම් යන්න කල් ගත වෙයි. ඒ සඳහා ඉවසීමෙන් කටයුතු කරන්න.
    දෙවනුව, මේ මාතෘකාව පිළිබඳ කරුණු විස්තර කිරීමට දිර්ඝ ලිපි ගණනාවයක් මගේ අතින් ලියවෙයි. ඒවා කොමෙන්ට් විධිහට දානවාට වඩා, නව ලිපි වශයෙන් පළ කරන්න උත්සහ කරන්න. මගේ නම අනවශ්ය යි. එතකොට ගොඩක් දෙනෙක් ඒව බලල වැරදි අවභෝධයන් වෙනස් කරගනී. ඔබ ඔබගේ ලිපිනය එවුවොත්, මම ඒව කෙලින්ම ඔබට එවන්නම්.
    මෙම ගැටලුවට මාතෘකාව උනේ බාහිර ග්රවහයන් පිළිබඳව. ඒක අවභෝධ කරගන්නට පෙර, ග්ර්හයන් කියන වචනය "නිර්වචනය" කරගමු.
    ප්රයථමයෙන්ම අපි අවභෝධ කරගත යුතු කරුණ වෙන්නේ ජ්යෝ තිෂය කියන්නෙ වේදාංගයක් කියන එක. කොටස් 6 කට බෙදි පවතින වේදයේ වටිනාම කොටස ජ්යෝෝතිෂය. මොකද සියල්ල දකින්න පුලුවන් ඇස ඒක නිසා. මෙම ජ්යෝපතිෂයෙන් කරන්නේ මුලු මහත් භෞතික ලෝකයේම (විශ්වය කියන එක නෙමෙයි) ක්රිියාකාරිත්වයේ මුලික සැලසුම් අධීක්ෂණය කිරීම.
    අපි මෙම අධීක්ෂණය කරන්නේ කොතන ඉඳලද ? භෞතික ලෝකයේ ඉඳල මෙම අධීක්ෂණය කරන්න බැහැ. අපි ඉන් ඔබ්බට යන්න ඕනෙ. අපිට ජ්යෝධතිෂය කියල දුන්න මුල් ග්රෙන්ත කියන්නේ භෞතික ලෝකයෙන් ඔබ්බෙ ඉඳල ලියවුන ඒව. ඒව ලියවිල තියෙන්නෙ සංස්කෘත භාෂාවෙන්. සංස්කෘත කියන්නේ ලෞකික ලෝකෝත්තර යන දෙකම විග්ර හ කරන්න පුලුවන් භාෂාවක්. ඉංග්රිලසිත් එහෙමයි. සිංහල භාෂාව ලෞකික කරුණු වලට පමණක් සීමා වෙනචා. මේකෙ ප්රනතිඵල හැටියට, සංස්කෘත භාෂවෙ වචන සිංහලට පරිවර්තනය වෙනකොට, ඒවගෙ තියන "ජීවය" මිය යනවා. මේ කරුණ උනත් දිර්ඝ ලිපියකින් තමයි පැහැදිලි කරන්න වෙන්නෙ.
    සංස්කෘත භාෂාවෙ, නැති නම් මුල් ජ්යෝකතිෂ ග්රතන්ත වල "ග්රකහයන්" කියල වචනයක් නැහැ. තියෙන්නෙ "ග්ර හ" කියල වචනයක්. ඒක සිංහලට පරිවර්තනය වෙනකොට "ග්රනහයන් " උනා. ඒකෙ ඉංග්රි්සි වචනය ප්ලැනට් උනා. ඒත් මේ සියලු වචනයන්ගේ තේරුම එකම නෙමෙයි. නියම ග්රොහ යන වචනයේ සෑබෑ තේරුම ග්රවහයන් හරි ප්ලැනට්ස් කියන එකෙන් හරි එන්නේ නැහැ.
    අපගේ සැබැ ස්වභාවය මොකක්ද ? අපි සිංහලද ? බෞද්ධද ? ක්රිොස්තියානිද ? දෙමළද ?
    අපි අනාත්මයි. ඒක තමයි අපගේ සෑබැ ස්වභාවය. ඒ කියන්නෙ අපිට ඒකීයත්වයක් නැහැ. අපි අනන්තයි. අපිට හැඩයක්, ස්වරුපයක්, ගුණයක්, මොකුත්ම නැහැ. ඒත් කර්මය නිසා අපි ඒකීයත්වයට පත් වෙලා. සිංහල වෙලා, බෞද්ධ වෙලා, දෙමල වෙලා, ක්රිිස්තියානි වෙලා. නමුත් ඇත්ත වශයෙන්ම අපි මේ ගෙවන්නේ කර්මය. කර්මය ගෙවන්න ඒකීයත්වයට පත් වෙන්න ඕනෙ. ඒනිසා තමයි අපි මේ ලෝකෙ යම් කිසි ඒකීයත්වයක් සහිතව ඉපදිලා තියෙන්නෙ.
    මේ ඒකීයත්වයට පත්වීමට අපි කියනවා ආත්ම භවයක් ලබනවා කියල. ඒ ඒකීයත්වයෙන් මිදුනහම, බෞද්ධාගම අනුව අපි කියනවා නිවන් දැක්ක කියල. උදාහරණයක් වශයෙන්, සිංහල බෞද්ධයෙක් වශයෙන් ඉඳගන නිවන් යන්න බැහැ. එතනට යනකොට සිංහල බෞද්ධ කියන ඒකීයත්වයෙනුත් මිදෙන්න ඕනෙ.
    ජ්යෝනතිෂය විස්තර කරන්නෙ, ඒකීයත්වයට පත් වුන තැනක ඉඳල නෙමෙයි. තවත් විධිහකට කියනවනම්, මේ භෞතික ලෝකයේ ඉඳල නෙමෙයි. ආධ්යාතත්මික ලෝකයේ හෙවත්ඒකීයත්වයෙන් මිදුන තැනක ඉඳල. දන්නවනේ දුකට මුල ? දුකට මුල තමයි ඒකීයත්වය. ඒකීයත්වයක් තිබුණහම ඒක ආරක්ෂා කරගන්න දගලන දැගලිල්ල කෙතරම්ද ?
    අපි ඒකියත්වයෙන් තොර තත්වයේ ඉඳල, ඒකීයත්වයට පත්වෙන්නෙ කර්මය හින්ද කියල මම කිවුව.
    මොකක්ද මේ වෙන්නෙ ? අපිව "ග්රකහණය" කරල ඒකීයත්වයට පත් කරනව. කර්මය විසින්. ග්රභහණය කියන්නේ eclips කියන එක.
    අපි අනාත්ම තත්වයේ ඉඳල, ආත්ම තත්වයට, නැති නම් ඒකීයත්වයකට පත්කරන, නැති නම් ග්රයහණය කරන සාධක වලට අපි කියනවා "ග්ර්හ" කියල. අපි ග්රරහණය කරන්නේ මනස විසින්. මේ මනසේ ක්රිසයාකාරිත්වය එයටම ආවේණික වුවක්.
    මෙන්න මේ ග්රරහ කියන වචනය තමයි බොහොම දෙනෙක් ග්රණහයන් කියල වැරදි විදිහට අවභෝධ කරගන තියෙන්නේ.
    අනාත්ම තත්වයේ සිටිය යුතු අපි "ග්රයහණය" කරන සාධක මොනවද ? නැති නම් "ග්රඅහ" යන් ගැන අපි මීලග ලිපියෙන් කතා කරමු.

    ඔබගෙ අදහස් දක්වන්න. බොහොම ස්තුතියි.

    ReplyDelete
  9. @Anonymous ඔබගේ කමෙන්ටුවෙන් වටිනා දැනුමක් ලැබුවා.ඔබ පැවසූ ආකාරයටම "ජ්‍යොතිෂය විස්තර කෙරෙන්නේ ඒකීයත්වයෙන් මිදුනු රාමුවක සිට" යන්න මා පිළිගනිමි.ඇත්තටම ජ්‍යොතිෂය කියන්නේ විශ්වීය විද්‍යාවක් ඒක විවිධත්වයෙන් යුතුව භාවිතා කළ හැකියි.
    මේ ලිපියේ මාතෘකාවට අදාළ ලිපි පෙළේ තව ලිපි කීපයක් ලියවෙනවා.මෙහිදී "කාලය අවකාශය" යන සංසිද්ධිය ජ්‍යොතිෂය තුල ක්‍රියාත්මක වන ආකාරය පිළිබදව කතා කිරීමට බලාපොරාත්තු වෙනවා.මෙහි ඊලඟ ලිපිය දැමීමට පෙර සාමාන්‍ය ජනයා අතර කතාබහ වන ජ්‍යොතිෂ කරුණු පිළිබදව ලිපි දෙක තුනක් ලියවේවි.ඔබ කියන ආකාරයෙන්ම ජ්‍යොතිෂ ලිපි වුනත් "ඒකීයත්වයෙන්" ලිවීම නීරසයි.ඒකෙත් විවිධත්වයක් පැවතිය යුතුයි.මගේ ඊලඟ ලිපිය කුමන මාතෘකාවට සම්බන්ධවේදැයි පාඨකයාටත් වටහා ගැනීමට නොහැකි වන අයුරින් ලිවීමට මම හරි කැමැත්තක් දක්වමි.
    දිගටම මගේ බ්ලොගය සමඟ රැදී සිටින්න ඔබගේ අදහස් මට ඉතා වටී.ඔබ දැක්වූ විස්තර සම්බන්ධ ලිපි ලේඛන මටත් එවන්න.ඒවා බැලීමට මා ඉතා කැමතියි. මගේ ඊ මේලය (jhothishalanka@gmail.com)

    ReplyDelete
  10. Rahu ,kethu uchcha,neecha (exalted,debilitated)
    wena rashi vivida poth ,vivida sites vala noyek akarayata thiyanawa .samahara pothwala rahu mithunaye uchcha wana bavath samahara then wala wushabmaye (taurus) uchcha wana bawath kiyawenawa. thawath than wala neecha weema vushchika walath anek thane dhanu walath akarayata thiyanawa . niwaradi de kiyanna.

    ReplyDelete
  11. @APW ඇත්තටම රාහු කේතු ග්‍රහයන්ගේ උච්ච නීච වීම් ගැන පොත් පත්වල තිබෙන්නේ විවිධාකාර අයුරින් තමයි.උදාඃ ඈපා ලිතේ රාහු කේතු දෙදෙනාම වෘෂභයට නීච ලෙසත් ලංකා ලිතෙ රාහු වෘෂභයේ උච්ච හා කේතු වෘෂභයේ නීච බව දක්වා ඇත.
    මේකට නිවැරදි පිළිතුරක් දෙන්න අපහසු වුවත් ලංකා ලිතේ ක්‍රමය නිවැරදි ලෙසයි දැනට භාවිතා වන්නේ. පැරණි සංස්කෘත පොත් පත් වලත් ලංකා ලිතේ දක්වා ඇති ක්‍රමයට රාහු කේතුගේ උච්ච නීච වීම දක්වා ඇත.මෙය ජ්‍යොතිෂවේදී අප මුහුණදෙන ප්‍රධාන ගැටළුවක්. මේ හේතුව නිසාම රාහු කේතුගේ උච්ච නීච වීම් ගැන අපි වැඩිය කතා බහ කරන්නේ නැහැ.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...