LANKA JHOTHISHA ARANA ලංකා ජ්‍යොතිෂ අරණ

ජ්‍යොතිෂය පිලිබඳ වැටහීමක් ඇති හා නැති සියළු ලාංකීය හා විදේශීය සිංහල ජනයා වෙනුවෙන් සකසන ලද මෙම බ්ලොග් අඩවියේ සැරිසැරීමට ඔබ සැමට සුහද ආරාධනා.

Sunday, July 17, 2011

Sound Horoscope

 අපගේ ජීවිතයේ වටිනා සුන්දර මෙන්ම සුවිශේෂී සිද්ධි සිහිවටන ලෙස තබා ගැනීමට අපි ඡායාරූප භාවිතා කරයි.එමෙන්ම පුවත්පත් සඟරා ආදිය පුවත් වාර්තාකරණයේදී අදාළ සිද්ධිය හුවා දැක්වීමටද ඡායරූප භාවිතා කරයි.(මීට අමතර අවස්ථාද ඇත.)ජ්‍යොතිෂයේදී භාවිතා කෙරෙන පුද්ගල ජන්ම කේන්ද්‍ර සටහනද එක්තරා අයුරකින් ඡායාරූපයක් වැනිය.එය අප ඉපදුනු මොහොතේ අහස්තලයේ ඡායාරූපයකට අනුරූපවේ.
  ජන්ම කේන්ද්‍ර ජ්‍යොතිෂයේදී පුද්ගල පලාඵල පැවසීමට මෙන්ම ලෝකායත ජ්‍යොතිෂයේදී රට රටවල සමාජ ආර්ථික,දේශපාලන  හා ස්වභාවික ක්‍රියාවලි පිළිබදව අනාවැකි පල කිරීමේදී ජ්‍යොතිෂවේදීන් ලෝකායත කේන්ද්‍ර මෙන්ම වෙනත් කේන්ද්‍ර සටහන්ද වැඩි වශයෙන් යොදාගනී 
   ලොවපුරා සිටින ගවේශණාත්මක ජ්‍යොතිෂවේදීන්ට ස්වකීය ගවේශන හා ජ්‍යොතිෂ අනාවැකි ඉදිරිපත් කිරීමට ග්‍රහයන් අතර සිදුවන යෝගවීම් සප්තම වීම් කේන්ද්‍ර ගත වීම් සිදුවන කාල වේලාවන් දිනයන් දැන සිටීම ඉතා ප්‍රයෝජනවත්ය.ග්‍රහයන් අතර සිදුවන මෙම යෝගවීම් සප්තම වීම් කේන්ද්‍රගත වීම් තත්ත්වයන් පූර්ණ වශයෙන් සිදුවන එනම් ග්‍රහයන් අතර පෘථිවියට සාපේෂව කෝණික පරතරය අංශක 0 , 90 , 180,, 270 ,360  වන අවස්ථාවන් සිදුවන වේලාවන් (ජ්‍යොතිෂයේදී ග්‍රහයන් පෘථිවිය වටා වෘත්තාකාර මාර්ගයක ගමන් කරන බවට සාපේක්‍ෂ උපකල්පනයක් කරයි.)දැන ගැනීමට අතීතයේදී ජ්‍යොතිෂවේදීන් ඉමහත් වෙහෙසක් දැරුවද අද වන විට පරිගණක ජ්‍යොතිෂ මෘදුකාංග වල සහයෙන් එම දත්ත පහසුවෙන් හා ක්‍රමවත්ව ගනනය කිරීමට හැකිවීම පරීක්‍ෂණාත්මක ජ්‍යොතිෂයේ විශාල ඉදිරි පිම්මකි.
   (පෘථිවියට සාපේකව රවි හා සදුගේ කෝණික පරතරය 0 ,90 ,180, 360 ලෙස වෙනස් වීම පහත රූප සටහන් වල දක්වා ඇත.)


                             

     ජ්‍යෙතිෂ ශාස්ත්‍රයේදී පරීක්‍ෂණ නිරීක්‍ෂණ සදහා වැඩි වශයෙන් යොදා ගැනෙන්නේ මිනිස් ඇසයි.නමුත් පරීක්‍ෂණ විද්‍යාවේ ඇතැම් අවස්ථාවලදී මිනිස් කන ආධාරකොට කෙරෙන අවස්ථාද ඇත.බිත්තියකින් තාප්පයකින් වෙන්වී ඇති ස්ථාන අතර සන්වේදනය සම්බන්ධවීම් සිදුවන්නේ ශබ්දය ශ්‍රවණය ආධාරයෙනි.ග්‍රහයන් එකිනෙකා අතර සිදුවන යෝගවීම් කේන්ද්‍රගත වීම් අධ්‍යනයේදී ඇසට වඩා කනේ සංවේදනය වඩාත් ප්‍රතිඵල දායක ලෙස යොදා ගැනීමට ක්‍රමයක් akustik-clock.de  වෙබ් අඩවියේ ඉහළ සාමාජිකයකු වන Tobias Krug මහතා ප්‍රමුඛ පිරිසක් ඉදිරිපත් කොට ඇත.ඔවුන් ඒ සදහා මෘදුකාංගයක්ද ඉදිරිපත් කොට ඇත.අතීතය් විසූ සුප්‍රසිද්ධ ජ්‍යොතිෂඥයකු මෙන්ම තාරකා විද්‍යාඥයකුවූ ජොහැන්නස් කෙප්ලර් විසින් රචිත  "Harmonices mundi" නම් ග්‍රන්ථය මේ සදහා ඉවහල් වූ බව ඔවුන් පවසති. මෙහිදී ග්‍රහයන් දෙදෙනෙකු අතර පූර්ණ වශයෙන් කේන්ද්‍රගත වීම(ග්‍රහයන් දෙදෙනා අතර කෝණික පරතරය 0, 90 ,180 ,270)මෙන්ම එහි අතර මැදි අවස්ථා කිහිපයකදී (30,45,60,72,120,135,144,150) ග්‍රහයන් දෙදෙනා ඒ ඒ කෝනික පරතරයට ලඟා වීමේදී පහත වගුවේ දැක්වෙන පරිදි සුවිශේෂී වූ සංඛ්‍යාතයන්ගන් යුත් ශබ්ද තරංග සලකා ඇත.මෙම ශබ්ද විචලන සටහන ධ්වනි කේන්ද්‍ර සටහන (Sound Horoscope) ලෙස හැදින්වේ.
                               

  Used aspects and notes

Rate AngleAspectNotes frequency (Hz)
1/1ConjunctionCis1272.204
1/2180°OppositionCis2544.409
1/3120°TrineGis1408.307
1/490°SquareFis1362.939
1/572°QuintileF1340.256
2/5144°BiquintileAis1453.674
1/660°SextilE1326.645
1/845°SemisquareDis1311.091
3/8135°SesquisquareA1435.527
1/1230°SemisextilD1296.950
5/12150°InconjunctB1466.636 

 ධ්වනි  කේන්ද්‍ර සටහන මොහොතින් මොහොත සිදුවන ග්‍රහ විචලන අනුව වෙනස් වන ආකාරයත් පුද්ගල ජන්ම කේන්ද්‍ර සටහන කෙරෙහි ධ්වනි කේන්ද්‍ර සටහනේ බලපෑමත් පහත සබැදි වලින් දක්වා ඇත.මෙම ධවනි කේන්ද්‍ර සටහන් අනුව එදිනෙදා(අනාගතයද ඇතුළුව)ග්‍රහයන් අතර සිදුවන අනොන්‍ය විචලනයන් මෙන්ම තමාගේ ජන්ම කේන්ද්‍රයට වර්තමාන තත්කාල කේන්ද්‍රයේ බලපෑම කෙසේද යන්නත් පහසුවෙන් බලාගත හැක.මෙය වඩාත්ම ඵලදායක වන්නේ අනාගත ජ්‍යොතිෂ අනාවැකි පලකිරීමට ගවේශණවල නිරතව සිටින ජ්‍යොතිෂ පඩිවරුන්ටමය.


9 comments:

  1. 'ජ්‍යොතිෂ ලංකා' මෙය පහදන්න: 1,10,19,28,37, 46,55, 64,73,82,91,100, යන නවංශක අධිපතිවරු: සහ 1,4,7,10, 13, 16,19,22, 25, 28,100: යන දෙර්කාණාධිපතිවරු කියන්නේ කවරෙක්ද? මෙහි කුජ මහදශාවද, ව:6 ම:9 දි11 නම් "මේ හා බැදුනු ලිපියක්වත් ලියමුද?!!

    ReplyDelete
  2. මටනම් ජෝතිෂ්‍ය ශාස්ත්‍රය ගැන වැඩි දැනුමක් නෑ. නමුත් ඉගෙන ගන්න ටිකක් ආසයි. බොහොම ස්තූතියි මේ ලිපි වලට.

    ReplyDelete
  3. අයියේ...ඇත්තටම මේ කොම්පියුටර් එකෙනෙක් කියන දේවල් පිලිගන්න පුලුවන් මට්ටමක තියෙනවද/

    ReplyDelete
  4. ඇයි රත්ගමයා ඔයා මේක බැලුවෙ නැද්ද
    http://lankajhothisha.blogspot.com/2010/10/blog-post_8549.html

    ReplyDelete
  5. @janaka
    මේ ගැන ලිපියක් ඉදිරියේදී පල කෙරෙනවා.මෙහි සමහර කොටස් පිළිබදව මගේ දැනුම අල්පයි. 22 දෙර්කාණාධිපති ගැන ලිපියක් පල්ලෙහා ඇති
    http://lankajhothisha.blogspot.com/2011/03/22.html

    ReplyDelete
  6. රත්ගමයාට වගේ මටත් ප්‍රශ්නයක් අහන්න තියෙනවා.
    ඔය පරිගණකයෙන් මරණ වෙලාව මරණය සිද්ද වෙන්නේ කොහොමද කියන එක උනත් දැන ගන්න පුලුවන් කියලා කියනවනේ. ඒක ඒ විදිහටම දැන ගන්න පුලුවන්ද ?

    ReplyDelete
  7. @මධුරංග
    හැබෑට එහෙම ක්‍රමයක් තියෙනවාද? මටත් කියන්නකෝ බලන්න මමත් ආසයි මම මැරෙන දවස දැන ගන්න.(මම දන්න විදියට නම් එහෙම මරණය කීමට පරිගණක ජ්‍යොතිෂ ක්‍රමවිදි නැහැ.එහෙම තියෙන දේවල් මගඩි.ජ්‍යොතිෂය පිරිහෙන්නේ ඒ වගේ දේවල් වලින්)
    හැබැයි නාඩි වාක්‍ය වලින් ඒ ගැන කියන්න පුළුවන්.ඉතාම නිවැරදි නාඩි වාක්‍ය තිබෙන්නේ ඉන්දියාවේ.ලංකාවේ තියෙන්නේ මූලික තොරතුරු දැක්වෙන තල්පත් විතරයි.පල්ලෙහා පෝස්ට් එක බලන්න.
    http://lankajhothisha.blogspot.com/2011/03/100.html

    ReplyDelete
  8. සවුන්ඩ් හොරස්කෝප් පිළිබඳ තත්වානුරූපී විග‍්‍රහයකට ඉදිරිපත් වුන අප සහෘදයාට ස්තුති වන්ත වෙන අතර මෙහි පවතින විද්‍යාත්මක විග‍්‍රහය සහ පලාඵල පැවසීමේ දී ඒවා භාවිත කරන ආකාරය පිළිබඳ විස්තරයක් අවශ්‍ය බව මට හැගෙනවා. මේකට ප‍්‍රධාන හේතුව ආලෝකයේ වේගයෙන් තාරකා අතර දුර මණින අතර මෙබඳු තත්වයක් පිළිබඳ ගණනය කිරීමක දී ආලෝකයේ වේගයෙහි සංඛ්‍යාතය ඇසුරෙන් අල්ට‍්‍රා ලයිට් ෆ‍්‍රිකුවෙන්සීස් ගණනයන් මත තත්වානුරූපී ගණනයන් නාසා ආයතනය වැනි ආයතන මගින් සිදු කරනු ලබයි.

    මෙහිදී පරිගණක ඇසුරෙන් නිර්මිත උපකල්පිත සෞරග‍්‍රහ මණ්ඩලයක ග‍්‍රහයින්ගේ චලිතයන් අනුව සිදුවන කෝණික අගයන් ගණනය කිරීමක් සිදු වන බව සැලකිය යුතුය. නමුත් මෙය තත්ත්වානුරූපී අගයට බොහෝ දුරට සමීප බව අප විසින් කරන ලද සමීක්‍ෂණ වලින් පැහැදිළි වූ කරුණකි.

    මෙහි දී ග‍්‍රහයින්ගේ සිදුවන සංයෝග වියෝග තාවන් මෙන්ම ඒ ඒ අවස්ථානූරූපී පැහැදිලි කිරීම් සඳහා ජ්‍යෝතිෂයේ දී මෙම කෝණික ගණනයන් අවශ්‍ය වෙනවා. එසේම, මෙම කෝණික ගණනයන් මත කරන පැහැදිළි කිරීම් බොහෝ විට සාර්ථක පලාඵල නිශ්චයන් වන අතර ඒවා පිළිබඳ පැහැදිළි කර ගැනීම් සඳහා වෙනත් ලිපියක අවශ්‍ය තාව පවතින බව පෙනී යයි. මේ සියළු කරුණු පිළිබඳ සැලකීමේ දී පෙනී යන්නේ කෝණික ගණනයන් මත කළ හැකි ප‍්‍රකාශන සඳහා අප විසින් සිංහල බ්ලොග් පාඨකයින් ට හඳුන්වා දුන් ජගන්නාත හෝරා මූදුකාංගයෙහි ස්ටෙ‍්‍රන්ත් පැනලයේ වන අදර් ස්ටෙ‍්‍රන්ත් යටතේ දක්වා ඇති යෝග පිළිබඳ විස්තරය තුළින් එය මනාව පැහැදිළි කර ගත හැකිය. ඒ පිළිබඳ විස්තරාත්මක ලිපියක් ඉදිරියේ අප ජගන්නාත් හෝරා මෘදුකාංග සිංහල පාඩම තුළින් ඉදිරිපත් කිරීමට අදහස් කර සිටින බව දන්වනු කැමැත්තෙමි.

    ස්තුතියි.
    එම්. එම්. රෝහණ වසන්ත

    ReplyDelete
  9. @Wisdom for All
    බොහොම ස්තූතියි ඔබගේ අදහස් එකතුවූ පසු මෙම ලිපියේ තිබූ හිඩැසක් පිරී ගිය බවක් මා හට දැනුනි.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...