Saturday, August 4, 2012

ඉඩා පිංගල ශාස්ත්‍රය - 5

  ජන්ම කාලයේ සිට අසූ අවුරුද්ද දක්වා නාඩි වැටීම

 *උපතේ සිට අවුරුද්ද තෙක් -විනාඩියට 52 වාරයයි.

 *අවුරුද්දේ සිට දෑඅවුරුද්ද තෙක් -විනාඩියට 44 වාරයයි.

 *දෑ අවුරුද්දේ සිට තුන් අවුරුද්දේ අවසන තෙක් - විනාඩියට 40 වාරයයි.

 *තුන් අවුරුද්දේ සිට සත් අවුරුද්දේ අවසන තෙක් -විනාඩියට 30 වාරයයි.

 *සත් අවුරුද්දේ සිට දහහතර අවුරුද්දේ අවසන තෙක් -විනාඩියට 34 වාරයයි.

 *දහහතර අවුරුද්දේ සිට තිස් අවුරුද්දේ අවසන තෙක්  -විනාඩියට 32 වාරයයි.

 *තිස් අවුරුද්දේ සිට පනස් අවුරුද්දේ අවසන තෙක් - විනාඩියට 30 වාරයයි.

 *පනස් අවුරුද්දේ සිට අසූ අවුරුද්ද තෙක් - විනාඩියට 24 වාරයයි.

නිවෙසක කාමර බෙදිය යුතු දිශා පිළිවෙළ

නිවෙසක කාමර බෙදිය යුතු දිශා පිළිවෙළ

 උතුරු දිශාව -           වටිනා වස්තු ගබඩා කාමරය,නිදන කාමර
 නැගෙනහිර දිශාව  - නාන කාමරය
 ගිණිකොණ දිශාව - මුළුතැන්ගෙය
 දකුනු දිශාව -           නිදන කාමර
 බටහිර දිශාව -        ශාස්ත්‍රීය කටයුතු කාමරය,කෑමකන කාමරය
 ඊශාන දිශාව  -         ආගමික කටයුතු සිදු කරන ස්ථානය කාමරය
 වයඹ දිශාව-            ධාන්‍ය ගබඩා කාමරය
 නිරිත දිශාව -           වැසිකිළි කැසිකිළි ආදිය සහ ආයුධ ගබඩාව

Tuesday, July 31, 2012

"අනේ පුතේ අපේ පුතාගේ කේන්දරේ මාරක අපල තියෙන බව ඔයා කිව්වේ නෑනේ"

   මජීඩ් මගේ පාසැල් මිතුරකු විය.අප ප්‍රද්ශයේ මුස්ලිම් ගමක විසූ ඔහු තුලින් මුස්ලිම් මිනිසුන් තුල ජානමය වශයෙන් පැවතෙන කපටිකම් විද්‍යාමාන වුවත් ඉගෙනීමට ක්‍රීඩාවට ඔහු සැබෑ දක්‍ෂයෙකු විය.දැනට වසර හතකට පමණ පෙර ඔහුගේ මාමා කෙනෙකු නිවසකට අත්තිවාරමක් දැමීමට සූදානම්ව සිටින බව මා සමඟ පැවසීය.මුස්ලිම් මිනිසුන් ගෙවල් අත්තිවාරම් දැමීමේදී අනුගමනය කෙරෙන චාරිත්‍ර වාරිත්‍ර පිළිබදව දැන ගැනීමේ උවමනාවක් මා හට කලක් තිස්සේ තිබූ නිසා එම අවස්ථාවට සහභාගී වීමට මජීඩ් මාර්ගයෙන් මටද ඉඩකඩ සැලසුනි.

Saturday, July 28, 2012

2012 උසස් පෙළ විභාගයට පිටත් වීමට සුභ නැකැත්

    මෙවර අ.පො.ස. උ/පෙළ විභාගය 2012 අගෝස්තු 6 වැනි සදුදා දින ආරම්භවේ.පසුගිය වර විභාගයට පෙනී සිටි පාසැල් සිසු සිසුවියන් විභාගය ලියූ පසුත් මුහුණ දුන් අසීරුතා ගැන අමුතුවෙන් ලිවිය යුතු නැත.අධ්‍යාපන පරිපාලකයන්ගේ ක්‍රියාවන් නිසා අපහසුතාවට පත් අසරණ සිසු සිසුවියන් හා දෙමාපියන්ගේ සාපයන් ලබා සිටින අධ්‍යාපන නිලධාරීන්ගෙන් කොටසක්  හා දේශපාලකයන් මෙවරද ඒ ආකරයෙන්ම කටයුතු භාරව සිටී.මෙවරවත් අංතට්ටු පැළැදි මිනිස් හරකුන් ලෙස කටයුතු නොකොට බුද්ධිමත්ව වැඩ කටයුතු කිරීමට පරිපාලන නිලධාරීන්ට හැකියාව ලැබේවායි පාර්ථනා කරමු.