Saturday, August 25, 2012

පංචාංග ලිත් වල දක්වා ඇති පංචාංග ශුද්ධිය සලකා ඇති ආකාරය පිළිබදව ජ්‍යොතිෂවේදීන් දැන සිටිය යුතුමය.

      සුභ නැකැත් දින තේරීමේදී එකිනෙකට වෙනස් පඤ්චාංග ලිත් භාවිතා කරන දෛවඥයන් එකිනෙකට වෙනස් සුභ නැකැත් දින තේරීමත් එක් අයෙකු තේරූ සුභ නැකැත් දිනයක් අනෙකා අසුභ දිනයක් ලෙසදැක්වීමත් නිසා ජ්‍යොතිෂය ගැන උනන්දුවක් ඇති නමුත් ලොකු අවබෝධයක් නැති සාමාන්‍ය ජනයා මින් විශාල අසීරුතාවකට පත්වන අතර ජ්‍යොතිෂය ගැන ඔවුන් අතර ඇති විශ්වාසය පළුදු වීමටද මෙය හේතුවක් වී ඇත.

Monday, August 20, 2012

"පඤ්ච විධි භූමි ශුද්ධිය"

 මිනිස් වාසයෙන් තොරව වැඩි කාලයක් තිබූ ඉඩම් වල,සොහොන් පිට්ටනි වල මුඩු ඉඩම් වල පවත්නා දෝෂ සහිත බව මූසල බව අමුතුවෙන් හැදින්විය යුතු නැත.යම් භූමියක් මිනිසා වාසයට උචිත ලෙස නිරන්තරයෙන් පිරිසිදු කිරීමේ ක්‍රම හා චාරිත්‍ර විදි පැරැන්නෝ භාවිතා කලහ.
  භූමිය ශුද්ධ කිරීම පිණිස වූ "පඤ්ච විධි භූමි ශුද්ධිය" නම්වූ විධි ක්‍රම 5ක් ඉපැරණි වාස්තු විද්‍යා පොත්පත් වල සදහන්ය.
  "සම්මාජිනෙනාකූජනෙන
   ශෙකනොලෙලඛනෙනච
   චවාංච සන්තිවාසේන
   භූමි ශිධ්‍යති පඤචභිඃ

විවිධ ක්‍රම වලින් භූමිය ඇමදීම,ඖෂධ පැළ සිටුවීම ඖෂධ ගැල්වීම,ඖෂධ ජලය ඉසීම,ගවයන් වාසය කරවීම මෙම පඤච විධ භූමි ශිද්ධියයි.

Sunday, August 19, 2012

ස්ත්‍රී පුරුෂ දෙදෙනාම පවුලේ වැඩිමල් දරුවන් වීම විවාහයට අසුභද?


 විවාහපේක්‍ෂිත ස්ත්‍රී පුරුෂ දෙදෙනාම පවුලේ වැඩිමහල් අය වීම විවාහයට අසුභ බවට මතයක් පුරාතනයේ සිටම අප අතර ඇත.තුන් කුළුදුල් දෝෂය ලෙස වචන දක්වා ඇති මෙහි ජ්‍යොතිෂමය පදනමක් තිබේදැයි සලකා බැලීම වටී.
 කටවහරේ ඇති ආකාරයට තුන් කුළුදුල් වීම සලකා ඇති අයුරු විමසා බලමු.
 * දරුවා පියා හා පියාගේ පියා යන තිදෙනාම පවුලේ වැඩිමලා වීම( මෙහිදී තුන් කුළුදුල් බවට පත්වන්නේ දරුවායි.පිය පාර්ශ්වයෙන් මෙම තුන් කුළුදුල් විම දක්වා ඇත.
 * පියා,මව, හා දරුවා යන තිදෙනාම පවුලේ වැඩිමලා වීම(වර්තමානයේ මුල්බැස ඇති තුන් කුළුදුල් ක්‍රමය මෙයයි.)

Wednesday, August 15, 2012

"ශකට" හා "සකට" යෝග

ජ්‍යොතිෂයේ භාවිතා වන විවිධ යෝග අතරින් "ශකට" හා "සකට" යනුවෙන් යෝග දෙකක් පවතී.එකම ආකාරයකින් ශබ්ද වුවත් මෙම යෝග දෙක පිහිටන ආකාරය හා එහි ප්‍රතිඵල එකිනෙකට හාත්පසින්ම වෙනස්ය.