Wednesday, September 4, 2013

අෂ්ටක මොටද දැන් උඩු බුරපල්ලා!




ඉඩ   කඩ  නිදහසේ ලැබ දොර ඇර    කූඩු
අඩ  නිරුවතින්  උන්නත්  නැත    අඩුපාඩු
හැඩ   වැඩ වී මඟුල් ගමනට     කිරිකෝඩු
ගොඩ වෙති පෝරු මස්තකයට බලු ජෝඩූ

Monday, September 2, 2013

කාබන් කාල නිර්ණකයද? පුරා විද්‍යා ජ්‍යොතිෂයද?


    කාබන් කාල නිර්ණක ක්‍රමය පිළිබඳව මෑත කාලීනව අපේ රටේ වැඩිපුර කතාබහට ලක්වූයේ මාතලේ සමූහ මිනී වලත් සමඟය.මිනීවලෙන් මතුවූවන්ට එම ඉරණම අත්වූයේ කුමන වකවානුවක් තුලදීද යන්න ගැටළුවක් වූයේ 1971 හා 1988-89 භීෂණ කාල වකවානු දෙක තුලදීම මෙවැනි සමූහ මිනිස් ඝාතන සිදුවූ බැවිනි.
  මාතලේ සමූහ මිනීවලෙන් මතුවූවන්ගේ මරණය සිදුවූ කාලය දැන ගැනීමට සාම්පල් කිහිපයක් පිටරට යැවූ බවට මාධ්‍ය වල පලවී තිබුනි.එහි පරීක්ෂණ වාර්තා කෙබදු වූවා දැයි ලේඛකයා නොදනී.එය මෙම සටහනේ ඉදිරිය සදහා අවශ්‍ය වන්නේද නැත.එම විස්තරය දැක්වූයේ හුදෙක් කාබන් කාල නිර්ණක පරීක්ෂාවේ ප්‍රායෝගික අවස්ථාවක් දැක්වීම පිණීස පමණී..

Saturday, August 24, 2013

2013 පහේ ශිෂ්‍යත්ව විභාගයට නිවසින් පිටත්වීමට සුභ නැකැත්.

    

  මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගය 2013 අගෝස්තු 25 වෙනි ඉරිදා පැවැත්වේ.මෙම විභාගයට පෙනී සිටින දරුවන් සදහා නිවසින් පිටත්වීමට සුභ නැකැත් වේලා කිහිපයක් පහත දැක්වේ.මෙම වේලාවන් දැක්වීම වේලාසන කල යුතු වුවත් වෙනත් කටයුතු නිසා ප්‍රමාද විය.

Saturday, August 17, 2013

තාත්තා


ජ්‍යොතිෂය විෂයානුබද්ධව ලිපි ලේඛන ලියැවෙන මෙම අඩවියේ ඉන් පරිභාහිරව ලියැවුනු ලිපි ඇත්තේ දෙක තුනක් පමණකි.මෙම සටහන මෙම අඩවියට නොගැලපුනත් මා හට වැඩි පිරිසකට ඇමතීමට ඇති අඩවිය මෙම අඩවිය පමනක් බැවින් මෙම සටහන මෙහි දැක්වීම පිළිබඳව පලමුව සමාව අයදිමි.