Tuesday, March 11, 2014

ග්‍රහ අපල සදහා ප්‍රතිකර්ම - කුජ(අඟහරු) අපලයට

                        ග්‍රහලොව සෙන්පති ලෙස හැදින්වෙන කුජ හෙවත් අඟහරු ග්‍රහයා ධෛර්ය,ශක්තිය,ඹරොත්තු දීම,නිර්භීතකම,සටන්කාමීබව නියෝජනය කරයි.
     කුජ අපල වන විට හදිසි අනතුරු,උෂ්ණ රෝග,ලේ රෝග,කලකෝලහල,ලේ සෙලවීම් නීති ප්‍රශ්ණ සතුරු කරදර වැඩි වන බව සදහන්ය.
    කුජ ග්‍රහයාගෙන් ඇතිවන අපල කරදර වලින් ආරක්ෂා වීමට අපල අඩු වීමට ජ්‍යොතිෂ,ආයුර්වේද හා ආගමික වත් පිළිවෙත් කීපයක් පහත දැක්වේ.

* සුදු මල් සමඟ රත්මල්,කනේරු මල් පූජා කොට බෝධි පූජා කිරීම
* කතරගම දෙවියන්ට බාරහාර පුදපූජා කිරීම සෙත්කවි කියවා සෙත් පැතීම
* කොලොන් වෘක්ෂයට සාත්තු නිරීම ස්පර්ෂ කිරීම සෙවනේ සිටීම
* රතු වස්ත්‍ර පූජා කිරීම දන් දීම
* ස්කන්ධය ,පෘෂ්ථිය ඡේදනය,විශාලත්වය හා පිහිටුවීම නිසි ලෙස වූ රතු, කොරල් ගල් ඇල්ලූ ආභරණ පැලදීම
* කන්ද කුමාර හෝ සීලම්බර යන්ත්‍ර නිසි ලෙස ලියා සකස් කොට ජීවම් කර පැලදීම
* භූමි නාග බලිය ඇරීම 

Tuesday, January 7, 2014

ග්‍රහ අපල සදහා ප්‍රතිකර්ම - සදු අපලයට

  ජ්‍යොතිෂයේදී සදු ග්‍රහලොව මව් ලෙස සලකයි.ස්ථිර තත්ත්වයට මෙන්ම චංචල තත්ත්වයටද බලපෑම ඇති කරන සදුට අන් ග්‍රහයන්ට වඩා වේගවත් ගමනක් ඇත.පලාඵල කථනයේදී සදු ගැන පරීක්ෂාව ඉතා ප්‍රෙව්ශමෙන් කල යුතුය.නැතහොත් පලාඵල වරදී.
     සදු දුබල වීමෙන් වැඩිපුරම බලපෑම් ඇති කරන්නේ සෞඛ්‍ය හා මානසික තත්ත්වයටය.උපතේදී හා ගෝචර ගමනේදී ඇතිවන සදු දුබලතාවෙන් බලපාන අපල කරදර වලින් ආරක්ෂා වීමට හා එම අපල අඩු කර ගැනීමට පුරාතනයේ සිටම ජ්‍යොතිෂ පිළිවෙත් නියම කොට ඇත.ඉන් කිහිපයක් පහත දැක්වේ.

  * පුර පසලොස්වක දිනට පෙර හා පසු සතියක කාලය තුල සුදු මල් පූජා කොට බෝධි පූජා කිරීම
  * සමන් හා පත්තිනි දෙවියන්ට බාර හාර පුද පූජා කිරීම,සෙත් කවි කියවා සෙත් පැතීම කිරි මව් දානය දීම
  * දිඹුල් වෘක්ෂයට සාත්තු නිරීම ස්පර්ෂ කිරීම සෙවනේ සිටීම
  * සුදු වස්ත්‍ර දන්දීම
  * උණ,සෙම්ප්‍රතිශ්‍යාව වැනි ආසාදනහකට ලක්ව නැති අවස්ථාවක කිරි,දී කිරි,ගෝ මුත්‍ර,ගොම ඇත් දත්,සක් බෙල්ලන් තම්බා වතුර ස්නානය කිරීම.
  * ශාන්න මංගල බලිය ඇරීම
  * ස්කන්ධය ,පෘෂ්ථිය ඡේදනය,විශාලත්වය හා පිහිටුවීම නිසි ලෙස වූ මුතු, දියමන්ති ඇල්ලූ ආභරණ පැලදීම
  * රතන යන්ත්‍රය පැලදීම

Saturday, October 5, 2013

ශුන්‍යයයෙන් නවීන විද්‍යාවට - 7

 එම්බා ශුන්‍යය !
             නූඹ නම් ලොවට මහා ප්‍රශ්ණයකි.වෙස් පෙරලන නළුවෙකි..
             නුඹ කුමන ආකාරයක්ද?නොවිසදුනු ගැටළු රාශියකි.
             නුඹ ඉරට්ටේද?නුඹගේම බලයේ අගය කීයද?
             විද්‍යා ලොවේ පෙරදිගින් පායපු හිරු නුඹලු....
             නුඹ නැත්නම් සුදදන්ටත් වැඩ බැරි වෙනවලු....

2013 ඔක්තෝම්බර් 05 දින අඟහරු කටකයෙන් සිංහ රාශියට...ලග්න රැසකට සුභඵල


  2013 අගෝස්තු 19 දිනෙන් කටක රාශිය තුල නීචව ගමන් කල අඟහරු ග්‍රහයා 2013 ඔක්තෝම්බර් 05 වැනි දින එනම් අද දින රාත්‍රී 7.41 ට පමණ ස්වකීය නීච ගමන නවතා සිංහ රාශියට පිවිසේ.ඇතැම් මූල ග්‍රන්ථ වල සිංහ රාශිය අඟහරු හෙවත් කුජට සතුරු රාශියක් ලෙස දක්වා ඇතත් සාමාන්‍ය පෙරදිග මතය අනුව අඟහරුට සිංහ රාශිය මිත්‍ර රාශියක් ලෙස සැලකේ.
   ග්‍රහ ලොව සෙන්පති ලෙස හදුන්වන සටන්කාමී අඟහරු ග්‍රහයා බලවත් වූ විට නිර්භීතකම,බලය,ශක්තිය අධිෂ්ඨානය නායකත්ව හැකියාව වර්ධනය කරන අතර දුබල වූ විට කෝපය,දීන කම,ප්‍රචන්ඩත්වය,මුරණ්ඩුකම වර්ධනය කරයි.
   මිතුරන්,සතුරන්,බාල සොයුරන්,පියාගේ ඥාතීන්,ආරක්ෂාව හා විපත් ,ආශාව, පුරුෂ ශක්තිය ,රුධිර ගත රෝග ආදියේ දියුණුව හෝ පිරිහීම කුජ නිසා ඇතිවන බව කියයි.
    තේජෝ රාශියක් වන සිංහයට තේජෝ ග්‍රහයකු වන කුජගේ පැමිණීම කුජ බලය මනාව ඉස්මතු කරයි.
 කෙසේ වුවත් කුජ සිංහ රාශි ගත වීම වෘෂභ,කන්‍යා,මකර ලග්න හිමියන්ට අසුභ දායකය.සෞඛ්‍ය හා තුවාල අනතුරු පීඩා වලින් මෙන්ම සතුරු කරදර හා නීති ප්‍රශ්ණ වලින්ද එම ලග්න හිමියන්ට අපලවේ.වෙනත් ග්‍රහයන්ගේ බල දුබලතා අනුව මෙම අපල විෂ අඩු වැඩි වේ.
    2013 නොවැම්බර් 26 දක්වා අඟහරු සිංහ රාශියේ ගමන් කරයි..