කේන්ද්‍ර සෑදීම සඳහා ලංකාවේ බොහෝ ජ්‍යොතිෂවේදින් භාවිතා කරන්නේ වගු සටහන් ආකාරයෙන් පංචාංග ලිත්වල දක්වා ඇති තොරතුරුය.මෙහිදී දෛවඥයා විසින් සිදු කරන්නේ කේන්ද්‍රය අතරමඟ සිට සෑදීමක්ය.උදාහරණයකට යම් ස්ථානයක උපන් වේලාවකට අනුරූප ලග්නය සෑදීම සැලකුවහොත් දිනට අදාල ලග්න ශේෂය ,නක්ෂත්‍ර කාලය ලිතෙන් බලා එතැන් සිට ගනන් සාදා ලග්නය ගනනය කරයි.ලග්නය පමනක් නොව එහි මූලික කොටස්(රාශ්‍යාර්ධය,දෙර්කාණය,නවාංශකය,...) මෙන්ම ග්‍රහ පිහිටීම නැකත,මහ දශාවන් ගතවන ආකාරය ගනනය කිරීමද මේ ආකාරය වේ.පංචාංග ලිත් භාවිතා නොකල අතීත කාලයේ දෛවඥයන් විසින් අහස නිරීක්ෂණය හා පාරම්පරිකව පවත්වාගෙන ආ නක්ෂත්‍ර ගණිත වගු ආදිය භාවිතා කරමින් කේන්ද්‍ර සෑදීම නිවැරදිව සිදු කලත් අද එවැන්නකු සොයා ගැනීමටවත් බැරිය.
ජ්‍යොතිෂය පිලිබඳ වැටහීමක් ඇති හා නැති සියළු ලාංකීය හා විදේශීය සිංහල ජනයා වෙනුවෙන් සකසන ලද මෙම බ්ලොග් අඩවියේ සැරිසැරීමට ඔබ සැමට සුහද ආරාධනා.
Sunday, December 9, 2018
Monday, September 24, 2018
“කර්ණමුණ්ඩිය“
ඔබ විසින් තමන්ගේ ජන්ම පත්‍රය ජ්‍යොතිෂවේදියකු වෙත රැගෙන ගොස් ග්‍රහ අපල පරීක්ෂා කිරීම සිදු කරන අවස්ථාවලදී එක් එක් ජ්‍යොතිෂවේදීන් තම තමන්ට ආවේනික වූ ක්‍රම යොදා ගනිමින් පලාඵල කථනය සිදු කරන අයුරු අත්දැක ඇත.මින් බහුලව දැකිය හැක්කේ තමා හමුවට පැමිනෙන සේවා දායකයාගේ ජන්ම පත්‍රෙය් හරි වැරදි පරීක්ෂා කොට අනතුරුව ජන්මියාගේ වයස, ගතවන දශාවන් මෙන්ම තත්කාල ග්‍රහ පිහිටිම ලකුණු කොට ගැන බලා පලාඵල පුරෝකථන කිරීමයි.ඇතැම් අවස්ථාවල ප්‍රශ්ණ තත්කාල ක්‍රම හා බැඳුනු ක්‍රම උපයෝගී කරගෙන සාර්ථකව පලාඵල කියන අයද ඔබ දැක ඇත.නමුත් ඉතාම කලාතුරකින් අයෙක් ජන්ම පත්‍රය පරීක්ෂාවක් හෝ කඩදාසි කොළයක ගනන් හැදීමක් පොත් ලිත් පරීක්ෂාවක් කිසිවක් නොකොට ඔවුනොවුන්ට ආවේනික ආකාරයට ඇස,කන,අත පය ආදී ශරීර අංග වලට දැනෙන සංවේද උපයෝගී කරගෙන වක්කඩ කැඩුවාක් මෙන් එක දිගට පලාපල කියාගෙන යන අවස්ථාද දැකගත හැකිය.මෙවැනි අවස්ථාවලදී ශාස්ත්‍රකරු කටට එන දේ කියන්නාක් මෙන් බැලූ බැල්මට පෙනුනත් මේ සමඟ අති ගුප්ත පැරණී ශාස්ත්‍රීය ක්‍රමයක් බැඳි ඇති බව ඇසුවොත් ඔබ පුදුම වනු ඇත.
Monday, April 13, 2015
Saturday, March 21, 2015
මාර්තු 14 ශනි වක්‍රවීම,මාර්තු 20 පූර්ණ සූර්ය ග්‍රහණය හා හිටපු රාජකීය දෛවඥයා ඉල්ලාගෙන කෑම...
2015 මාර්තු 14 ශනි වක්‍ර වීම පිළිබඳව ජ්‍යොතිෂ කෙෂත්‍රය තුල පසුගිය කාලයේ වැඩිපුර කතා බහට ලක්විය. ජ්‍යොතිෂ සිද්ධාන්තයන් අනුව වෘශ්චික වැනි ශනිට සතුරු රාශියකදී ශනි වක්‍රව ගමන් කරන විට ශනිට රාශියෙන් එල්ල වන සතුරු බලපෑම හීනවේ.ඒ අනුව2014 නොවැම්බර් 02 දිනෙන් ශනි වෘශ්චික රාශීයට පිවිසීමත් සමඟ ඒරාශ්ඨක අපල වූ ලග්න වලට ශනිගේ වක්‍ර ගමන ඇති 2015 අගෝස්තු 02 දක්වා කාලය සහනදායි කාලයකි.මෙහි වඩාත්ම වැදගත් සිදුවීමක් වන්නේ ශනි වක්‍රයත් සමඟ ශනි මතට ගුරු දෘෂ්ටිය වැටීමය.ස්වකීය උච්ච රාශිය තුල ගුරු ග්‍රහයාත් වක්‍ර ගමනක බැවින් මෙම සුභඵල වඩාත් ඉස්මතු වන්නේ 2015 අප්‍රේල් 8 ගුරුත් ස්වකීය වක්‍ර ගමන නැවතූ පසුය.
ග්‍රහයන් ස්වකීය ඉලිප්සාකාර මාර්ගයේ ගමන් කිරීමේදී එම චලිත පථයන් පෘථිවියේ අපට දර්ශණය වන්නේ ඇතැම් විට ආපස්සට ගමන් කිරීමක් ලෙසිනි.(මෙම යූ ටියුබ් වීඩියෝව බලන්න)දෘෂ්ඨි මායාවක් ලෙස ඇතිවුවත් ග්‍රහයන් අතර පරතරය, දර්ශනය,.... විචලනය වීමෙන් මෙහිදී භෞතික බලපෑමක් ඇති කරයි.
Subscribe to:
Posts (Atom)