Saturday, February 2, 2019

කාලය අවකාශය හා ජ්‍යොතිෂය - 11

නමෝ බුද්ධාය!
නමෝ ධම්මාය!
නමෝ සංඝාය!


ශම්හාලා (ධර්මශාලා)
    ශම්හාලා නොහොත් ධර්මශාලා යනු මේ වනවිට හිමෙන් වැසී ඇතිබවට සැකකෙරෙන පුරාණ ජනකථා, සාහිත්‍ය, පුරාවෘත්ක කතා ආදියෙන් පමණක් සාක්කි සැපයෙන් ඇතැමුන් මිත්‍යාවක් ලෙස සලකන ටිබේට් සානුව ආශිතව පිහිටි අභිරහස් දියුණු නඟරයකි.ශම්හාලා නඟරය හා බැදී ඇති පුරා වෘත්ත කිහිපයක් පහත සැකෙවින් දැක්වේ..

කාලය අවකාශය හා ජ්‍යොතිෂය 10

නමෝ බුද්ධාය!
නමෝ ධම්මාය!
නමෝ සංඝාය!

නිවනට බාධා කරන අකාලය හා අනවකාශය
1)“ම‍හණෙනි,තථාගතයන් වහන්සේ නමක් ලොව පහලවී නිවන් මඟ හෙළි කරන ධර්මය දේශනා කලත් නිවන ප්‍රාරථනා කරන බොහෝ සත්ත්වයන් එම කාලයේදී නිරයේ දුක්විඳි නම් ඔවුන්ට ක්ෂණ සම්පත්තිය අහිමි වී නිවන දුරස් කරනවා..මන්ද ඇතැම් නිරයන්වල දුක්විඳින සත්ත්වයන්ගේ ආයුෂ මනුෂ්‍ය ලොවේ ආයුෂින් කල්ප ගනනකි.එම කාලය තුල මනුෂ්‍ය ලොවේ බුදුවරුන් කිහිපදෙනෙකු පහල වුවත් නිරයේ සිටින්නා එම මුළු කාලය පුරාම නිරයේ දුක්විදියි.

Sunday, December 9, 2018

Astrology Manually Calculation (ලිත් භාවිතයක් නැතිව කේන්ද්‍ර සෑදීම )

කේන්ද්‍ර සෑදීම සඳහා ලංකාවේ බොහෝ ජ්‍යොතිෂවේදින් භාවිතා කරන්නේ වගු සටහන් ආකාරයෙන් පංචාංග ලිත්වල දක්වා ඇති තොරතුරුය.මෙහිදී දෛවඥයා විසින් සිදු කරන්නේ කේන්ද්‍රය අතරමඟ සිට සෑදීමක්ය.උදාහරණයකට යම් ස්ථානයක උපන් වේලාවකට අනුරූප ලග්නය සෑදීම සැලකුවහොත් දිනට අදාල ලග්න ශේෂය ,නක්ෂත්‍ර කාලය ලිතෙන් බලා එතැන් සිට ගනන් සාදා ලග්නය ගනනය කරයි.ලග්නය පමනක් නොව එහි මූලික කොටස්(රාශ්‍යාර්ධය,දෙර්කාණය,නවාංශකය,...) මෙන්ම ග්‍රහ පිහිටීම නැකත,මහ දශාවන් ගතවන ආකාරය ගනනය කිරීමද මේ ආකාරය වේ.පංචාංග ලිත් භාවිතා නොකල අතීත කාලයේ දෛවඥයන් විසින් අහස නිරීක්ෂණය හා පාරම්පරිකව පවත්වාගෙන ආ නක්ෂත්‍ර ගණිත වගු ආදිය භාවිතා කරමින් කේන්ද්‍ර සෑදීම නිවැරදිව සිදු කලත් අද එවැන්නකු සොයා ගැනීමටවත් බැරිය.