විද්‍යාවේදී කාලය හා අවකාශය වෙන වෙනම නොසලකා එකම ප්‍රස්තූතයක් ලෙස ගොඩ නගා ඇත.කාලය හා අවකාශය ගැන වෙනවෙනම කතා කල හැකි වුවත් ඒ දෙක අතර ඇති සම්බන්ධය අමතක කල නොහැක.
ජ්‍යොතිෂය පිලිබඳ වැටහීමක් ඇති හා නැති සියළු ලාංකීය හා විදේශීය සිංහල ජනයා වෙනුවෙන් සකසන ලද මෙම බ්ලොග් අඩවියේ සැරිසැරීමට ඔබ සැමට සුහද ආරාධනා.
Sunday, June 26, 2011
Saturday, June 18, 2011
සුභ නැකැත් සෑදීම 4
ඉතා ඈත අතීතයේදී වැඩි වශයෙන් භාවිතා කෙරුණු චූල ජ්‍යොතිෂ ක්‍රම මේ වනවිට අභාවයට යාමේ ප්‍රවනතාවක් ඇත.වර්තමානයේ "තත්කාල නිමිති" ශාස්ත්‍රය ඉතා දරුණු ලෙස පසුබෑමකට ලක්වී තිබීමත් තමන් වෙතට සේවය ලබා එන්නන් වැඩි පිරිසක් විවාහ මංගල,ගෙවල් සෑදීම,කුඩා දරුවන්ගේ අකුරු කියවීම,කන් විදීම,බත් කැවීම.. ආදී මහා නක්‍ෂත්‍ර ක්‍රම භාවිතා කරමින් සෑදෙන නැකැත් බලාපොරොත්වන්නන් වීම චූල නක්‍ෂත්‍ර ක්‍රම භාවිතය අඩු වීමට ප්‍රධාන වශයෙන් බලපා ඇත.
Wednesday, June 15, 2011
සුභ නැකැත් සෑදීම 3
කේවල සිද්ධි යෝග 7
කේවල සිද්ධි යෝග 7 චූල නක්‍ෂත්‍ර ක්‍රමයේදී භාවිතා කරන සුභ නක්‍ෂත්‍ර ක්‍රමයකි.හදිසියේ කළ යුතු නමුත් පඤ්චාංගය සුභවී තමන්ට සුභ අයුරින් ඇති විශේෂී සුභ නැකතක් ආසන්නයේ නොමැති විට යොදා ගැනෙන මෙම නැකැත් ක්‍රමය ගැන වැටහීමක් ලබා ගෙන තිබීම ජ්‍යොතිෂවේදීන්ට මෙන්ම අන් අයටත් ප්‍රයෝජනවත්ය.නමුත් එදිනට නියමිත නැකත කුමක්දැයි දැන සිටීම අවශ්‍ය නිසා මෙම චූල නක්‍ෂත්‍ර ක්‍රමය භාවිතා කිරීමට පඤ්චාංග ලිතකින් එදිනට නියමිත නැකත කුමක්දැයි බැලීමට හැකියාවක් තිබිය යුතුය.(බොහෝ පරිඝණක ජ්‍යොතිෂ මෘදුකාංග වලින් යම් වේලාවක යෙදී ඇති නැකත ලබා ගත හැකි වුවත් දිනයක් පුරා නැකත් ලබන ගෙවෙන වේලාවන් දැන ගැනීමට පඤ්චාංග ලිතකින් පඤ්චාංගය බැලීමේ හැකියාව අවශ්‍යවේ.)
Monday, June 13, 2011
සුභ නැකැත් සෑදීම 2
විවාහ මංගල අවස්ථා, ගෙවල් සෑදීම කුඩා දරුවන්ට ඉදුල් කට ගෑම අකුරු කියවීම වැනි ජීවිතයේ වැදගත් අවස්ථාවලදී නැකැත් සෑදීමේදී කාල වේලා ඇතිව අසුභ තත්ත්ව මඟහරිමින් විශේෂ සැලකිල්ලෙන් යුතුව නැකැත් සෑදීමේදී "මහා නක්‍ෂත්‍ර ක්‍රමය"ත් හදිසියේ යෙදෙන අනිවාර්යයෙන් කළ යුතු සුභ කටයුතු සදහා "චූල නක්‍ෂත්‍ර ක්‍රමයත් උපයෝගී කරගන්නා බව මෙම ලිපියේ පලමු කොටසින් දැක්වූයෙමි.
Subscribe to:
Posts (Atom)