Saturday, June 15, 2013

සුභ නැකැත් සෑදීම - 7

සදුගේ පාප කත්‍රී දෝෂය
      චන්ද්‍රයා සිටින රාශියට දෙපස රාශි දෙකේ කුජ,රාහු,කේතු,ශනි,රවි වැනි පාප ග්‍රහයන් දෙදෙනෙකු හෝ කීප දෙනෙකු සිටින කාල සීමාවන් සුභ කටයුතු සඳහා අසුභය.

දුබල චන්ද්‍ර දෝෂය
      * අව අටවක සිට අමාවක දක්වා වූ දින අට තුල සදු බලය දුබලය.සුභ වැඩට යෝග්‍යතාව අඩුයි.
      * සදු සමඟ රාහු ,කුජ,කේතු,ශනි,රවි වැනි පාප ගුහයන් එක් රාශියක සිටින විට සදු බලය දුබලයි.(රාශි 2ක සිටියත් අංශක 15 ට වඩා ඈත් විය යුතුය.)
      * කුජ, ශනි වැනි පාප ග්‍රහ දෘෂ්ටි වලට සදු හසුවී ඇති විටද සදු බලය හීන වන බැවින් එම දිනයන්ද සුභ කටයුතු වලට අයෝග්‍යෙවේ.

ගණ්ඩාන්ත රාශි දෝෂය
   ගණ්ඩාන්ත රාශි දෝෂය ඇතිවන ස්ථාන 3ක් සදහන්ය.ලග්නයක් හා නැකතක් එකවර ගෙවී ඊලඟ ලග්නය නැකත ලබන ස්ථාන වලදී මෙය සිදුවේ.
  1) ප්‍රධාන ගණ්ඩාන්ත දෝෂය
               මීන රාශිය ගෙවී මේෂ රාශිය ආරම්භ වීම මෙන්ම රේවතී නැකත ගෙවී අස්විද නැකත ලැබීම එකවර සිදුවන ස්ථානයේ ප්‍රධාන ගණ්ඩාන්ත දෝෂය යෙදේ.

 2) දෙවන ගණ්ඩාන්ත දෝෂය
                කටක රාශිය ගෙවී සිංහ රාශිය ආරම්භ වීම මෙන්ම අස්ලිස නැකත ගෙවී මා නැකත ලැබීම එකවර සිදුවන ස්ථානයේ දෙවන ගණ්ඩාන්ත දෝෂය යෙදේ.

 3)  තෙවන ගණ්ඩාන්ත දෝෂය
   වෘශ්චික රාශිය ගෙවී ධනු රාශිය ආරම්භ වීම මෙන්ම දෙට නැකත ගෙවී මුල නැකත ලැබීම එකවර සිදුවන ස්ථානයේ තෙවන ගණ්ඩාන්ත දෝෂය යෙදේ.

 ඉහත දැක්වූ ස්ථාන තුනේදී නැකැත් හා රාශි අවසන් වීම එකවර සිදුවන නිසා මෙම ලග්න හා නැකැත් උදාවන සියුම් කාල සීමාවන් සුභ කටයුතු වලින් ඉවත් කල යුතුය.

Monday, May 27, 2013

2013 මැයි 31 ගුරු මාරුව ගැන ජ්‍යොතිෂ පත්තර වල තියෙන පලාඵල හරිද?


 2013 මැයි 31  ගුරු මාරුව ගැන වෙනදාට වඩා වැඩි අවධානයක් මාධ්‍ය වලින් ලබා දී ඇත.මෙම ගුරු මාරුව තම තමන්ට බලපාන අන්දම ආසන්න පසුගිය වසරේ සිටම මා විසින් මාගේ සේවා ලාභීන්ට දන්වා තිබූ නමුත් ගුරු මාරුව මා දුටු අයුරු පුවත්පත් ලිපි සමඟ සන්සන්ධනය කිරීමටත් ජ්‍යොතිෂ විශ්ලේෂනය කිරීම පිණිසත් ගුරු මාරුවේ පොදු ලග්න පලාඵල ගැන ලියවුනු පුවත්පත් ලිපි හා ඉන්දියානු වෙබ් අඩවි කිහිපයක්ම කියවූයෙමි.

Monday, May 13, 2013

සුභ නැකැත් සෑදීම 6


  සුභ නැකතක් සෑදීමේදී අත්හල යුතු දෝෂ රාශියකි.දෝෂ කිසිවක් නොමැති නැකතක් සෑදීම අසීරුවුවත් දෝෂ අවම අයුරින් නැකත සාදා දීම ජ්‍යොතිෂවේදියා සතු කාර්්‍යයකි.සුභ නැකතක් සෑදීමේදී අත්හල යුතු දෝෂ පිළිබඳව සුළු වශයෙන් හෝ අන් අයත් දැන සිටීම යහපත්ය. මෙම ලිපියෙන් සුභ නැකැත් සෑදීමේදී විශේෂයෙන් සලකා බැලිය යුතු අත්හල යුතු දෝෂ කිහිපයක් දක්වා ඇත.

Thursday, April 4, 2013

අළුත් අවුරුදු චාරිත්‍ර - 2013


අළුත් අවුරුදු චාරිත්‍ර 2013

 නව සද බැලීම
     මෙය අපේ ඉතා පැරණි චාරිත්‍රයකි.අද වන විට මෙම චාරිත්‍රය අභාවයට යමින් ඇතත් අතීතයේ මෙය ඉතා ඉහලින් පිලිපදින ලද අවුරුදු චාරිත්‍රයකි.අභිනව චන්ද්‍ර මාස හා සූර්ය මාස වෙනුවෙන් අවස්ථා දෙකකදී නවසද බැලීම කරන අතර මින් බලාපොරොත්තු වන්නේ ලබන්නාවූ අළුත් අවුරුද්දට නව ආලෝකයක් ලබා ගැනීම ,ඇස් පෙනීම ලේ ගමන ආදිය යහපත් වීමයි.