ඒ 1642 වසරයි.රාජකීය දෛවඥයන් එම වසරේ දෙසැම්බර් මස අවසන් දින කීපය රජුට මාරක අපල බව දැන්වීම නිසා බියට පත් එංගලන්තයේ 1වන චාලස් රජු දෙසැම්බර් මාසයේ අවසන් දින කීපය කැළැන්ඩරයෙන් ඉවත් කලේය.
(මෙහිදි ජූලියන් කැලැන්ඩරය වෙනුවට පැරණි ජෝර්ජියන් කැලැන්ඩරය භාවිතා කෙරුණි) ඒ අනුව අපේ කථාවේ එක් කතානායකයකු උපන් 1642 දෙසැම්බර් 25 දිනය(එම වසරේ නත්තල් දිනය) එංගලන්ත දින දර්ශණයේ සදහන් වනුයේ 1643 ජනවාරි 04 දිනය ලෙසයි.(ඔහුගේ උපතටද ජ්‍යොතිෂයේ බලපෑම සිදුව ඇත)එංගලන්තයේ වෘල්ස්ත්‍රෝප් ගමේ ධනවත් ගොවි පවුලක උපන් ඔහුට වයස මාස 3දී ස්වකීය පියා මිය යාමත් වයස අවු 3දී තමා මිත්තනිය සෙවනේ තබා මව වෙනත් පුරුෂයකු සමඟ දීග යාමත් නිසා සුන්දර ළමා වියක් නොවීය.හුදෙකලාව ප්‍රිය කල එම කුඩා දරුවා විටෙක තමා තනිකල මව්ට හා සුළු පියාට සිත යටින් සාප කලේය.(පසුකලෙක මොහුගෙන් විද්‍යාමාන වූ අසාමාන්‍ය චරිත ලක්‍ෂණ වලට ඔහුගේ ළමා කාලයේ සිදුවූම් බලපෑ බව සදහන්ය) ග්රැදම්හි "ද කින්ග්ස් ස්කූල්" පාසැලේ මූලික අධ්‍යාපනය ලබන විට වයස අවු 17 දී ඔහුගේ අකැමැත්තෙන් පාසැල් ගමන අතර මග නවතා මව ලගට යාමට සිදුවූයේ ඔහුට ගොවිතැන් වැඩ පුරුදුකර ගොවියකු කිරීම මවගේ අභිප්‍රාය වූ බැවිනි.පාසැලේ මුල් ගුරුතුමා ඔහුගේ අධ්‍යාපනයට ඇති දක්ෂතාව හා ඔහුට උසස් අධ්‍යාපනය ලබාදීමේ වටිනාකම ගැන මවට දන්වා ඔහුව නැවත පාසැල් එවීම නොකරන්නට ඔහු නිකම්ම නිකන් ගොවියකු වීමට ඉඩ තිබුනි.දෛව ක්‍රියාදාමය දිගටම සිදුවිය. නැවත අධ්‍යාපනයට යොමු විය.ඒ අනුව 1661 දී ඔහු කේම්බ්‍රිජ්වල ට්‍රිනිටි විද්‍යාලයට ඇතුල් විය.
එකල එන්ගලන්තයේ පාසැල් අධ්‍යාපනය සාම්ප්‍රධායික ඇරිස්ටෝටල් ක්‍රමය පාදක වුවත්15 වන සියවසේ යුරෝපයේ සිදුවූ සමාජ විප්ලව හා විද්‍යා පුනරුදයේ බලපෑමෙන් රජුගේත් පල්ලියේත් බලය යම්තාක් දුරට බිද වැටුනි.සූර්ය කේන්ද්‍ර වාදය බයිබලයට පටහැනි වුවත් විද්‍යාත්මකව එහි සත්‍යතාව ඔප්පු වූ නිසා බයිබලයද ඊට අනුරූපව සංශෝධනය විය.ඒ අනුව ගැලීලියෝ,කෙප්ලර්,යූක්ලීඩ්,ඩේකාර්ට් වැනි ගණිත විද්‍යාඥයන්ගේ පොත් පත් පරිශීලනය කිරීමට පාසැල් සිසුන්ට අවස්ථාව ලැබුනි.ට්‍රිනිටි විද්‍යාලයට ඇතුල්වූ අපේ සිසුවාද එම පොත්පත් පරිශීලනයෙන් දැනුමෙන් පදම් විය.උපාධියේ අවසන් විභාගය ලංවෙමින් තිබුනි.නමුත් 1965 වසරේ අගදී ලන්ඩන් නුවර පුරාම "මහාමාරිය වසංගතය" පැතිරයාම නිසා සිසුන්ගේ ආරක්‍ෂාව තකා ට්‍රිනිටි විද්‍යාලය වේලාසනින්ම වසා දැමුවෙන් සිසුන්ට තම උපාධි නිබන්ධනය සැකසීමට දීර්ඝ නිවාඩු කාලයක් ලැබුනි. පාසැල් පුස්තකාලයෙන් පොත් කීපයක්ම රැගත් හෙතෙමද වුල්ස්ත්‍රෝප්හි සිය නිවස කරා ගියේ තමාගේ අවසන් නිබන්ධනය සකසන අයුරු සැලසුම් කරමිනි.තමා මේ සූදානම් වන්නේ තම උපාධියේ අවසන් විභාගයට අදාල නිබන්ධනය සකස් කිරීම මිස පසුකලෙක එහි අඩංගු කරුනු කාරණා විද්‍යාව උඩු යටිකුරු කරන බව හෝ එය තමාට විද්‍යාවේ මහා බ්‍රහ්ම පදවිය ලගාකර දෙන බව හෝ මෙම 23 හැවිරිදි තරුණයා කිසිවිටෙක සිතන්නට නැත.
නිවසට ආ ඔහු පුස්තකාලයෙන් රැගෙන ආ පොත් පත් ලගට ගත්තේය.මුලින්ම යූක්ලීඩ් ජ්‍යාමිතිය අනුව වෘත්තය,ඉලිප්සය,පරාවලය ආදී ජ්‍යාමිතික හැඩතල ආශිත ක්‍රියාකාරකම් නිර්මාණ කලේය.කඩදාසි කොලයේ සිදු කරන ජ්‍යාමිතික ක්‍රියාවන් ඔහුට සතුට විනෝදය සැපයූ අතර උසස් නිර්මාණ කිරීමට අවශ්‍ය මානසික ඒකග්‍රතාව ලබා දුන්නේ දෛවෝපගත අයුරිනි.අනතුරුව රෙනේ ඩේකාරට්ගේ ඛන්ඩාංක ජ්‍යාමිතිය පොත ගෙන එහි සදහන් ආකාරයට y=x, y=x2 , y=x3 , …….. වක්‍ර ඇන්දේය අනතුරුව කුඩා x අගයක් හා ඊට අනුරූප y අගය අතර අනුපාතය අතර සම්බන්ධය වක්‍රයට දක්වන සම්බන්ධය විමසා බැලීය එය සිත්ගන්නා අපූරු සම්බන්ධයකි.(පසුකලෙක අවකලන සංගුණකයේ ජ්‍යාමිතික විවරණය ලෙස එලිදැක්වුනේ මෙයයි.)ඉන්පසු එම වක්‍රවල එක්ස් අගයන් වයි අක්‍ෂය මත ප්‍රක්ෂේපනය කරනු ලබන වර්ග ඵලයද මගින් ලැබෙන බව සොයා ගත්තේය(පසුකලෙක අනුකලනයේ ජ්‍යාමිතික විවරණය ලෙස දැක්වූයේ මෙයයි)මෙම ජ්‍යාමිතික විවරණ තම උපාධි නිබන්ධනයට ඇතුලත් කිරීමට සිතා ගත් හේ අනතුරුව තවත් කරුනු සෙවීමට උත්සුක විය.සීත කාලය ගෙවී වසන්තය උදාවීම නිසා ඔහු ඉන්පසුව නිවසින් පිට පරිසරය ඇසුරින් නිරීක්‍ෂණ කිරීම ඇරඹුවේය.එහි ප්‍රතිඵලයක් ලෙස ආලෝකය සම්බන්ධ සන්සිද්ධි (වර්තනය,පරාවර්තනය,රේඛා සටහන්,...) පිළිබදවත් තම නිබන්ධනයට ඇතුළු කලේය.අනතුරුව තවදුරටත් ගෙවත්තේ සැරිසරමින් නිබන්ධනයට කරුණු සොයන අපගේ එංගලන්ත තරුණයා ස්වකීය ගෙවත්තේ ඇපල් ගසක් යට විවේක සුවයෙන් සිටින විට ඇපල් ගසෙන් ඇපල් ගෙඩියක් බිමට වැටෙනු දැක ඊට මූලික හේතුව පොලොවේ ආකර්ෂණ බලය බවත් සිද්ධාන්තයක් වශයෙන් නිබන්ධනයට එක්කලේය................................
- මතු සම්බන්ධිතයි.-->
No comments:
Post a Comment