LANKA JHOTHISHA ARANA ලංකා ජ්‍යොතිෂ අරණ

ජ්‍යොතිෂය පිලිබඳ වැටහීමක් ඇති හා නැති සියළු ලාංකීය හා විදේශීය සිංහල ජනයා වෙනුවෙන් සකසන ලද මෙම බ්ලොග් අඩවියේ සැරිසැරීමට ඔබ සැමට සුහද ආරාධනා.

Monday, November 8, 2010

"ගුරුත්වාකර්ශනය" නිව්ටන් පෙරදිගින් සොරා ගත්තාද?

මෙහි පළමු ලිපි දෙක පහතින් කියවන්න
        "නවීන විද්‍යාවටත් ගුරු හරුකම් ලැබුනේ පැරණි ජ්‍යොතිෂයෙනි" යනුවෙන් ඉදිරිපත් කෙරෙන බ්ලොග් සටහන් පෙළෙහි දෙවන සටහනින්(ඉහත දක්වා ඇති) දැක්වූයේ මහා විද්‍යාඥයකුගේ පාසැල් අවදිය දක්වා වූ විශේෂ සංසිද්ධි කිහිපයකි.
එම මහා විද්‍යාඥයා අන් කිසිවකු නොව නම කිවූ පමනින් සැවොම දන්නා මහා විද්‍යාඥ ඉංග්‍රීසි ජාතික අයිසැක් නිව්ටන් ශ්‍රීමතානන්ය.විද්‍යාවේ මහා බ්‍රහ්මයකු ලෙස නිව්ටන් අදටත් ගරු බුහුමන් ලබන්නේ විද්‍යාවේ දියුණුවට ,ඉදිරි ගමනට ඔහුගෙන් සිදුවූ මහගු දායකත්වය හේතුවෙනි.ගුරුත්වාකර්ෂණය සොයා ගැනීම,යන්ත්‍රික විද්‍යාවේ භාවිතා වන (නිව්ටන්ගේ නමින්ම හැදින්වෙන)සුප්‍රකට නියම තුන,ප්‍රත්‍යාස්ථ ගැටුම් නියම,අවකලනය,අනුකලනය පිලිබද ජ්‍යාමිතික විවරණය,ආලෝකය සම්බන්ධ විවිධ සංසිද්ධි(වර්තන,පරාවර්තන,සිසිලන නියමය),ද්විපද ප්‍රමේයය,ශ්‍රිතයක ශුන්‍යය සදහා නිව්ටන් සන්නිකර්ශණ,බල ශ්‍රේණිය,.... ඔහු සතුව අයිතිය ඇති විද්‍යා ගණිත නියම ,ක්‍ෂෙත්‍ර කිහිපයකි.(නිව්ටන්ගේ ජීවන තොරතුරු තවදුරටත් දැන ගැනීමට අවශ්‍ය අය පහත ලින්ක් ක්ලික් කර බලන්න.)
           නිවටන් සතුව අයිතිය ඇති ගණිත විද්‍යා නියම බිහිවීම හා ගොඩ නැගීම සිදුවී ඇති අයුරු ඉතා සියුම්ව අධ්‍යයනය කරන විට පැහැදිළිව පෙනී යන කරුණක් වන්නේ ඉන් බොහොමයකට පෙරදිග ගණිත විද්‍යා නියම කුමන ආකාරයකින් හෝ සම්බන්ධ වී ඇති බවයි.ගුරුත්වාකර්ශණය සොයා ගත් පළමු විද්‍යාඥයා ලෙස නිව්ටන්ගේ නම පොත්පත් වල සටහන් වී ඇතත් නිව්ටන්ට වසර 558 කට පමන පෙර භාරතයේ විසූ භාස්කර් නම් නක්‍ෂත්‍ර ගණිත විද්‍යාඥයා විසින් රචිත "සිද්ධාන්ත ශිරෝමණී" කෘතියෙන් විශාල වස්තු දෙකක් අතර ආකර්ශණ බලය පිළිබදව විස්තර කර ඇත.නිව්ටන් විසින් එම ගුරුත්වාකර්ශණ බලය සාර්වත්‍ර නියමයක් ලෙස වස්තු දෙක අතර දුරෙහි වර්ගයට ප්‍රතිලෝමව සමානුපාතික ලෙස ඇති බව ඉදිරිපත් කරමින් වැඩි ගෞරවයක් ලබා ඇතත් නිව්ටන් විසින් ගුරුත්වාකර්ශණ සංසිද්ධය පෙරදිගින් සොරා ගෙන ඇති බව පෙනී යන්නේ පහත දැක්වෙන කරුණු ගැන විමසා බලන විටදීය.
    1) නිව්ටන් අදාල නිවාඩු කාලය ගත කල වුල්ස්ත්‍රෝප් නිවස අවට පරිසරය ඇපල් සෑදීමට සුදුසු දේශගුණයක නොවීම.
       මෙන්න බොරු(අංක මත ක්ලික් කර බලන්න)
                               1
                               2
    2) නිව්ටන්ගේ මරණින් පසු ඔහු සතුව තිබූ පුස්තකාලයේ පෙරදිග ගණිතඥයන්ගේ ඉංග්‍රීසියට පරිවර්තනය වූ(15 වන සියවසේ සේද මාර්ගය ඔස්සේ බිහිවූ බෑග්ඩෑග් වෙළද නගරයේ වටිනා අතුරුඵලය)පොත්පත් රාශියක් හමුවීම.
    3)නිව්ටන් සතුව අයිතිය ඇති අවකලන,අනුකලන ,ද්විපද ප්‍රමේය සංසිද්ධි වල මූලික අවධි ක්‍රියාකාරකම් කල ගණිත විද්‍යාඥයන් බෙහෝ දෙනෙකු පෙරදිග ඉන්දියානු ගනිත විද්‍යාඥයන් වීම.
    4)නිව්ටන් විසින් රචිත "ප්‍රින්සිපියා මැතමැටිකා" පොතෙහි ඇපල් කතාව වැනි කතාඅලංකෘතික විස්තර අඩංගු වීම.
    5)නිව්ටන් නිර්මාන අයිතීන් සදහා සමකාලීන විද්‍යාඥයන් සමග ගැටුම් ඇතිකර ගැනීම හා ප්‍රසිද්ධයට ඉතා ගිජු පුද්ගලයකු වීම(නිව්ටන් හා ලයිබ්නීට්ස් අතර අවකලනය,අනුකලනය අයිතීන් පිළිබදව ගැටුමක් විය.එකල රාජකීය විද්‍යාඥයන්ගේ සංගමයේ සභාපති වූ නිව්ටන්ට රාජ්‍ය බලය වැඩිපුර තිබූ අතර ලයිබ්නීට්ස් ප්‍රංශ ජාතිකයකු වීම නිව්ටන්ට වාසිදායක විය.)
    කෙසේ වුවත් නිව්ටන් පෙරදිග ගණිත විද්‍යා නියම සොරා ගත්තත් ඔහු එම පෙරදිග විද්‍යා දර්ශණ වලට නියම වටිනාකමක් ලබාදී ඇත.අනුන්ගේ දේවල් සොරකම් කලත් නිව්ටන් ඒවා යොදාගෙන නවීන විද්‍යාවේ දියුනුවට රුකුල් දුන් ක්‍ෂෙත්‍ර කිහිපයක්ම බිහිකරවීම ඔහු සතු මහා ප්‍රඥාව පිළිඹිබු කරයි.එමෙන්ම නිව්ටන් තමාට ගණිත විද්‍යා නියම බිහිකිරීමට උපකාරීවූ පෙරදිග ශාස්ත්‍ර වලට ගෞරව කල අයෙකි.ඔහු තරම් ජ්‍යොතිෂය විශ්වාස කල මහා විද්‍යාඥයකු තවත් නැත."හේලිගේ වල්ගා තරුව සොයාගත් එඩ්මන්ඩ් හේලි සමග නිව්ටන් ලන්ඩන් නුවරදී ප්‍රසිද්ධ වාදයකට සහභාගී විය.ජ්‍යොතිෂය සත්‍ය බව නිව්ටන් මතය විය.හේලී කීවේ ජ්‍යොතිෂය මිත්‍යාවක් බවයි.හිත්රිදවීම් සමග ඉතා කනගාටුදායක අයුරින් අවසන්වූ එම වාදයෙන් පසු ලන්ඩන් වැසියන්ද දෙපිළකට බෙදී වාද විවාද ගුටිබැට හුවමාරු සිදුකිරීම නිසා ජ්‍යොතිෂය සම්බන්ධ ප්‍රසිද්ධ වාද විවාද තහනම් කිරීමට රජුට සිදුවිය.කෙසේ වුවත් එම වාදයේදී නිව්ටන් පැවසුවේ ජ්‍යොතිෂය විශ්වාස නොකරන අයකු වුවද එය හොදින් හැදෑරු පසු ඒ පිළිබදව විශ්වාසය ඇතිකර ගන්නා බවයි.

                     ----     මතු සම්බන්ධයි    -----

5 comments:

  1. @Chanaka Aruna Munasinghe
    ස්තූතියි. ඔයා දැක්වූ ලිපිය ඉතා වටිනා එකක් එක පාරක් කියවූවා.නැවත වරක් කියවිය යුතුයි.

    ReplyDelete
  2. Buddhika ThambugalaAugust 21, 2011 at 2:06 PM

    ජෝතිෂයට අමතරව නිවුටන් යෙහෝවා දෙවියන්වහන්සෙත් විශ්වාස කරා.. යෙහෝවා ක්‍රි.පු 4006 ඔක්තොබර් 6 වෙනිද උදේ 9ට ලෝකෙ මැව්ව කියලත් (ඒ කාලෙ විශ්වාසෙ අනුව ) නිවුටන් හිතන්ඩත් ඇති.. "නිවුටන් කියපු නිසා" ජෝතිෂය ඇත්ත වෙනව නම් අර සීන් එකත් ඇත්ත වෙන්ඩ ඕනෙ නේද? පෙරදිගින් අමුතුවෙන් හොරා ගන්ඩ දෙයක් නෑ බොස්.. ඉන්දියාවට ආර්යයො ඇවිල්ල තියෙන්නෙ ග්‍රීසියෙන්.. ග්‍රීක ශාස්ත්‍ර අරාබිය හරහා බටහිරට ආපු හැටි කියවල බලන්ඩකො..

    ReplyDelete
    Replies
    1. යෙහෝවා ක්‍රි.පු 4006 ඔක්තොබර් 6 වෙනිද උදේ 9ට ලෝකෙ මැව්ව කියලත් (ඒ කාලෙ විශ්වාසෙ අනුව ) නිවුටන් හිතන්ඩත් ඇති.. newton ehema hithanda athi kiyala oya hithanava vitharai.. kohevath sandahan vela na ...boss

      Delete

Related Posts Plugin for WordPress, Blogger...