Thursday, November 25, 2010

ලෝකායත ජ්‍යොතිෂය -දෙසැම්බර් 14 ග්‍රහ යුද්ධය රටට කොහොම බලපායිද?

     
     ජ්‍යොතිෂයට සම්බන්ධ බ්ලොගයක් වුවත් මෙහි එදිනෙදා,සතිපතා ලග්න පලාඵල මෙන්ම ග්‍රහ මඩුල්ලේ සිදුවන ග්‍රහ මාරු,සංයෝග,යුද්ධ,ග්‍රහන වැනි විපරය්‍යාස මගින් රටට ජනතාවට ඇතිවන බලපෑම් ගැන විස්තර කිරීම් දක්වා නැත්තේ මන්දැයි පාඨක ඔබට ගැටළුවක් මතුවිය හැකිය.
දිනපතා සතිපතා ලග්න පලාඵල ඉදිරිපත් නොකිරීමට හේතුව කිහිප විටක්ම මෙම බ්ලොගයේ ලිපි හරහාම දැක්වීමි.එවැනි පොදු ලග්න පලාඵල ඉදිරිපත් කිරීම සාර්ථක ක්‍රමයක් නොවේ.පුවත්පත් හා වෙනත් විද්‍යුත් මාධ්‍ය වල වෙලඳ වාසි වැඩි දියුනු කර ගැනීමේ අරමුනින්  ඉන්දියානු මාධ්‍ය හරහා ආරම්භවූ මෙම ක්‍රමය සත්‍ය වශයෙන්ම වෙලඳ උපක්‍රමයකි.මෙවැනි පලාඵල මගින් එදිනෙදා ජීවිතයට යම් යම් සුභවාදී දේවල් ලබා ගත හැකි නමුත් 100%ක්ම සාර්ථක නැත.මෙය ලෙඩා පරීක්‍ෂා නොකොට වෛද්‍ය උපදෙස් ලබාදීම වැනිය.එවැනි පලාඵල විස්තර බ්ලොගය හරහා ඉදිරිපත් නොකිරීමට අදහස් කලේ උක්ත කරුණ හේතුවෙනි.
           ලෝකායත ජ්‍යොතිෂයට සම්බන්ධ අනාවැකි ඉදිරිපත් කිරීමද ප්‍රවේශමෙන් කලයුතු කාරය්‍යකි.දැලි පිහියෙන් කිරිකෑම උපමා කල හැකි මෙම කටයුත්ත අනවබෝධයෙන් හා සුපරික්‍ෂාකාරීව සිදු නොකොළහොත් නතර වන්නේ හිරේ විලංගුවේ වැටීය.පුවත්පතකට ලියන ලිපියක් පලවීමට ප්‍රථම එහි ඇති සුදුසු නුසුදුසු අදහස් සදහා වාරණ පැනවීමට කතෘ මණ්ඩලයක් සිටියත් බ්ලොග් ලිපියකට එවැනි වාරන පැනවීම සිදුවීම ප්‍රමාද වන්නේ සින්ඩිකේටර ක්‍රියාත්මක වන ස්වයංක්‍රීය මෙහෙයුම් ක්‍රියාව හේතුවෙනි.ඉතා නුසුදුසු බාල බොලද අනතුරුදායක බ්ලොග් ලිපි  සින්ඩිකේටර හරහා දැක්වෙන අවස්ථා ඇත.ඒවා සින්ඩියෙන්  ඉවත් කරන විට විශාල පිරිසක් ලිපිය දැක හමාරය.
     එබැවින් ලෝකායත අනාවැකි බ්ලොගය හරහා ඉදිරිපත් කිරීමේදී ස්වයං වාරණයක් පනවා ගැනීමට සිතුවෙමි.වර්තමානයේ ජනමාධ්‍ය දක්නට ඇති නරක ගතිය නිසාම ඒවායේ ලෝකායත අනාවැකි ලෙස ඉදිරිපත්කොට ඇත්තේ ආන්ඩුවේ හා විපක්‍ෂයේ විවිධ උවමනාවන්ට අනුව උපක්‍රමශීලීව සකසන ලද අනවශ්‍ය වර්ණනා කිරීම් හා මඩ ගැසීම්ය.කෙසේ වුවත් මාගො ආරක්‍ෂාව තකා ලෝකායත අනාවැකි ඉදිරිපත් කිරීම තවදුරටත් ප්‍රමාද කිරීමට සිතූ නමුත් මෙම බ්ලොගය හරහා නිරතුරුව සම්බන්ධ වන පාඨක ඔබ ගැන සිතා ලෝකායත අනාවැකි ඉදිරිපත් කරන සිද්ධාන්ත වරින්වර ඉදිරිපත් කිරීමට අදහස් කළෙමි.ඒවා අනුව සලකා බලා ලෝකායත අනාවැකි පද්ධතිය සකස් කර ගැනීම ඔබලාටම භාර කරමි.එවිට මගේත් ඇග බේරී ඔබලාගේත් ජ්‍යොතිෂ දැනුම වැඩිවී බ්ලොග් අඩවියේත් වටිනාකම වැඩිවේ.ලෝකායත ජ්‍යොතිෂයට සම්බන්ධ සිද්ධාන්ත සියල්ල ඉගෙන ගෙන ඉන් පසු අනාවැකි,විශ්ලේෂන,විමර්ශන කල යුතුය යන මානසිකත්වයෙන් එම සිද්ධාන්ත ඉගෙනීම ආරම්භ කිරීම ප්‍රායෝගිකව සාර්ථක නැත.පාසැලේ ගණිත පාඩම් ඉගෙනීමේදී එක්එක් පරිච්ඡේද අවසන අදාල පැවරුම් අනුව ක්‍රම ක්‍රමයෙන් ගණිත දැනු ම වැඩි දියුණු කර ගන්නා අයුරින් ලෝකායත ජ්‍යොතිෂ සිද්ධාන්ත උගත යුතුය. කෙක්‍ෂත්‍රය පුරාම ක්‍රියාත්මක වන මූලික සිද්ධාන්ත කිහිපයක් ඇත.ඉගෙනීම ආරම්භ කළ යුත්තේ එතැනිනි.මෙම සරල මූලික සදද්ධාන්ත උගත් පසු මේ ක්‍ෂෙත්‍රයේ ප්‍රවීනයකු විය හැක.මෙම බ්ලොග් අඩවියේ ලිපි දැක්වීමේදී අඩවියේ මාතෘකාවට පහලින් දක්වා ඇති විස්තරයේ සදහන් "ජ්‍යොතිෂය ගැන වැටහීමක් ඇති හා නැති" යන වදනේ වගකීම රදා ගනිමින් ලිපි ලේඛන සටහන් කිරීමට ලේඛකයා වන මා විශේෂයෙන් සැලකිලිමත් වී ඇත.බ්ලොගයේ ලිපි සියුම්ව අධ්‍යනය කලොත් පාඨක ඔබට එය වැටහෙනු ඇත.
    ආරම්භක ප්‍රවේශයක් ලෙස පහත දැක්වෙන පෙර බ්ලොග් සටහන කියවා නැවත මෙතනට එන්න.

  ලෝකායත ජ්‍යොතිෂය ගැන සිංහල බසින් ලියවී ඇති පොත්පත් සංඛ්‍යාව ඉතා අල්පය.මුදලක් නියම කොට ඇති එම පොත්පත්වල දැක්වෙන විස්තර බ්ලොග් හරහා දැක්වීම බුද්ධි දේවල නීති යටතේ බලවත් වරදකි.එය එසේ වුවත් මෙම කෙක්‍ෂත්‍රයේ මුලික සිද්ධාන්ත පද්ධතිය අර්ථ දැක්වීම් ස්වභාවයක් ගනී.වරහමිහිර ආචාරීන් විසින් රචිත "වෘහත්සංහිතාව" මෙහි මූලිකම කෘතිය ලෙස දැක්විය දැක්විය හැක.සිංහල බසින් ලියවුනු පොත් 100%ක්ම වාගේ වෘහත්සංහිතාවේ පරිවර්ථන හෝ කොපි කිරීම් ලෙස දැක්විය හැක.පාඨක ඔබ ගැන සිතාම ඉතා පැරණි සිංහල කෘතියක විස්තර කීපයක් පහත දක්වා ඇත.මේවා සියල්ල කටපාඩම් කල යුතු නැත.ශබ්ද කෝෂයක් ලෙස අවශ්‍ය විට පාවිච්චි කිරීමට ගබඩා කර තබා ගන්න.ඉදිරියේදී ලෝකායත ජ්‍යොතිෂය සම්බන්ධ ලිපි ලේඛන වටහා ගැනීමට එය ප්‍රයෝජනයට ගන්න.
    මේ දක්වා මෙහි දැක්වුනු කරුණු උපයෝගී කරගෙන සරල ක්‍රියාකාරකමක් ලෙස 2010 දෙසැම්බර්14 වන දින උදේ 9.41 සිදුවන බුධ හා කුජ(අඟගරු) ග්‍රහ යුද්ධයේ ලෝකායත අනාවැකි පද්ධතිය විමසා බලන්නට  ඔබතුමන්ලාටම භාර කරමි.පහත දැක්වෙන රූපය ක්ලික් කර මේ කටයුත්තට අවශ්‍යවන අනිත් කරුණු කාරනා දැන ගත හැකිය.වැඩේට එම විස්තර ඉතා ප්‍රමානවත්ය.ප්‍රතිඵල කමෙන්ට් නොකලාට කමක් නැත.හිතේ තියාගෙන ඉන්න.
                       * ග්‍රහ යුද්ධයක් යනු කුමක්ද?
                       * 2010 දෙසැම්බර් 14 උදේ 9.41 ට තත්කාල කේන්ද්‍රය

                                             රූප සටහන 

         

  ප.ලි.     ග්‍රහ යුද්ධය මොහොතේ බුධ ග්‍රහයා කුජට උතුරින් සිටින නිසා බුධට ජයයි.
             බුධ ග්‍රහයා මිථුන,කන්‍යා රාශි වලටත් කුජ මේෂ,වෘශ්චික රාශි වලටත් අධිපති කම් දරයි.මෙම රාශිවලට අයත් රටවල් ඉහත දැක්වූ ලේඛන සටහනේ අවසන් පිටු කීපයේ දක්වා ඇත.  කුජ ,බුධ ග්‍රහයන් නියෝජනය කරන බලපෑම් ඇති කරන පුද්ගල හා ස්වභාවික සම්පත් සංසිද් ගැනත් එහි දක්වා ඇත.ඉහත දැක්වූ රූපයේද බුධ කුජ අංශක ගනන එක සමාන විය යතුය.වෙනසක් සිදුවී ඇත්තේ විස්තරය ජ්‍යොතිෂ මෘදුකාංගයකින් ලබාගත් බැවිනි.ඈපා ලිතේ ග්‍රහ යුද්ධය වේලාව උදේ 9.41 ලෙස දක්වා ඇත.

 .

No comments:

Related Posts Plugin for WordPress, Blogger...