Sunday, July 10, 2011

කාලය අවකාශය හා ජ්‍යොතිෂය 3


   කාලය අවකාශය හා ජ්‍යොතිෂය සම්බන්ධව ලියැවුනු පසුගිය ලිපිවල අන්තර්ගත කරුනු තේරුම් ගැනීමට අපහසු වීමටහේතුව කාලය හා අවකාශය පිළිබද විද්‍යාත්මක සිද්ධාන්ත මෙන්ම තවමත් හෙළිනොවූ අභිරහස් එහි ඇති බැවිනි.මෙතෙක් විසදාගැනීමට නොලැබුනු පිළිතුරු නොලැබුනු ගැටළු රාශියක් බැදී ඇත්තේ අභිරහස් විශ්වය සම්බන්ධයෙනි.අපගේ ලිපියේ මාතෘකාවට අදාළව මෙන්ම(මාතෘකාවෙන් පරිබාහිර තත්ත්ව කිහිපයක්ද ඇතුළුව) ෙසෙද්ධාන්තික විසදුම් නොලැබුනු ප්‍රධාන ගැටළු 10ක් පහත දක්වා ඇත.මෙම ගැටළු තුල අවකාශ කාල සංසිද්ධියේ ක්‍රියාකාරිත්වය තම තම දැනුම තරමින් විමසා බැලීම පාඨක ඔබට භාර කරමි.

    1) අදුරු අංශු පිළිබද ගැටළුව
                               
            ක්‍රි.ව. 1933 දී පමණ ප්‍රිස්ට් ස්විකි නම් තාරකා විද්‍යාඥයා එක්තරා මන්දාකිනී පොකුරක චලිතය සම්බන්ධ අධ්‍යනයක යෙදී සිටියේය.ඔහු විසින් මන්දාකිනී පොකුරේ දීප්තිය සලකා බලමින් එහි ස්කන්ධය ගනනය කලේය.ඉන් පසු ගුරුත්වාකර්ශන බල අනුව සලකමින් එම මන්දාකිනී පොකුරේම ස්කන්ධය මැන බැලුවේය.දීප්තිය අනුව ලැබෙන ස්කන්ධයට වඩා අසාමාන්‍ය වැඩි ස්කන්ධයක් ගුරුත්ව ප්‍රතිඵලයෙන් ලැබුනි.මෙම පරීක්‍ෂණය 400 වතාවක් පමන විවිධාකාරයෙන් කල විටද මෙම අසාමාන්‍ය ප්‍රතිඵලයම දක්නට ඇති විය.මන්දාකිනී පොකුරේ මුළු ස්කන්ධයෙන් වැඩි කොටසක් අදෘශ්‍යමාන ලෙස ඇති බව මෙහිදී විශේෂ ලෙස නිරීක්‍ෂණය විය.මුළු විශ්වයේම ස්කන්ධීය ශක්තිය සැලකු විට අපට ගනනය කළ හැක්කේ 4%ක ප්‍රමාණයක් පමනි ඉතිරි 96% ප්‍රමානය ඇත්තේ අදෘශ්‍යමානවය. මෙම සැඟවුනු ස්කන්ධය ඇතිවීම අවකාශයේ සුවිශේෂී ස්ථානවල ඇති "අදුරු අංශු" නම්වූ අදෘශ්‍ය ස්කන්ධ අංශුන්  නිසා ඇතිවන්නක් ලෙස උපකල්පනය කරමින් එදා සිට තවමත් විද්‍යාඥයන් "අදුරු අංශු" පිළිබද සොයා බලති.
   "අදුරු අංශු" වලට නෑකම් ඇති "නියුට්‍රිනෝ" නම් අංශු විශේෂයක් සොයා ගැනීමට මේ වනවිට විද්‍යාඥයන් සමත් වී ඇතත් අදුරු පදාර්ථයේ ප්‍රධානතම අංශුව "විම්ප්(WIMP) (Weekly Interactive Massive particle)" ලෙස නම් දී ඇති අංශු විශේෂය හෝ එවැන්නක් සොයා ගැනීමට තවමත් විද්‍යාඥයන් අසමත් වී ඇත.පිරිසක් ඈත අභ්‍යවකාශයේ අදෘශ්‍යමාන යෝධ බුබුළු ලෙස විසිරී ඇති අදුරු පදාර්ථ අංශු සොයන අතර තවත් විද්‍යාඥයන් පිරිසක් පෘථිවි අභ්‍යන්තරය තුලින්ද අදුරු අංශු ගවේශනය කරමින් සිටිති.


    2) ගුරුත්වය සදහා ක්වොන්ටම් සිද්ධාන්ත සම්බන්ධ කිරීම(සාපේක්‍ෂතාවාදය හා ක්වොන්ටම්වාදය අතර සම්බන්දතාව)
                                
         මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් ස්වකීය ජීවිතයේ අවසන් වසර 25 කාලය යෙදවූයේ සුවිශේෂී සිද්ධාන්ත පද්ධතියක් ගොඩ නැංවීම උදෙසාය.ගුරුත්වාකර්ෂණ,විද්‍යුත් හා භුම්භක ක්‍ෂෙත්‍ර වල දක්නට ඇති සුවිශේෂී අනුරූපතා (ප්‍රතිලෝම වර්ග නියමය ආදී) අධීක්‍ෂණය කළ අයින්ස්ටයින් එකිනෙකට ස්වායක්ත මෙම ක්‍ෂෙත්‍ර සදහා පොදු ලෙස භාවිතා කල හැකි සිද්ධාන්ත පද්ධතියක්(ඒකීකෘත ක්‍ෂෙත්‍ර වාදයක්) සැකසීමට සිය ජීවිතයේ අවසාන කාලය යෙදවූයේය.අයින්ස්ටයින් මියයන තුරුම ඔහු ඒ සදහා ගත් විශාල උත්සාහය පිළිබදව සාක්‍ෂි ඔහුගේ කාර්යාල කාමරයෙන් මෙන්ම නාන කාමරයෙන්ද හසුවිය.කවුරුන් හෝ අයකුට අයින්ස්ටයින් වසර 25ක් පුරා ගත් එම උත්සාහය සම්පූර්ණ කිරීමට හැකි වුවහොත්(ඒකීකෘත ක්‍ෂෙත්‍ර වාදය ගොඩනැගුවොත්) එය සාපේක්‍ෂතාවාදය හා ක්වොන්ටම් වාදය එකිනෙකට යාකෙරෙන පාළමක් වනු ඇත.

    3)කාර්මික විප්ලවයේ(පුනරුදයේ) ආරම්භය කොතැනද?
                                      
           ඉතිහාසඥයන්ගේ විස්තර අනුව 17 වන සියවසේදී පමණ යුරෝපයේ සිදුවූ විද්‍යා හා ආගමික පුනරුද සමග කාර්මික පුනරුදය යුරෝපයේ සිදුවූ බව දැක්වේ.නමුත් ඊට බොහෝ කාලයකට පෙර පෙරදිග ශිෂ්ථාචාර ඉතිහාසය සලකා බලන විට එකිනෙකට විශාල වූ කාල පරාසයන් තුල වරින් වර අඩු වැඩි වෙමින් රැල්ලක් ආකරයට කාර්මික විප්ලව සිදුවී ඇති බවක් දක්නට ඇත.විද්‍යාඥයන්ට පෘථිවියේ ආරම්භය ජීවය බිහිවූ කාල වකවානු ගැන අදහසක් පල කල හැකි වුවත් මුල්ම කාර්මික විප්ලවය සිදුවූ කාලය සොය ගැනීමට තවමත් නොහැකිවී ඇත.

    4)විශ්වය නිර්මාණය වූයේ කෙසේද?
                                    
          දැනට පිළගෙන ඇති විද්‍යාත්මක මතය අනුව විශ්වය බිහිවූයේ "මහා පිපුරුම් වාදය" අනුකූලවය.විශ්වය ආරම්භයේදී එහි අනන්ත වූ ස්කන්ධය,ශක්තිය හා ගුරුත්වය ඉතා කුඩා පරමානුක තත්වයක පැවති අතර මයිකො තත්පරයක් වැනි ඉතා කුඩා කාලයකදී මෙය ක්‍ෂණික මහා පිපිරුමකට ලක්වී ඇත.එම පිපිරුමත් සමඟ ඉතා ඉහල උෂ්ණත්වයක හා ඝණත්වයකින් යුත් ද්‍රවයක් ලෙස පැවති විශ්වය ඉන්පසු දීර්ඝ කාලීනව සිදුවූ ඝනීකරක ක්‍රියාවලින් පසු තාරුකා ග්‍රහලෝක මන්දාකිනී..ආදීයෙන් නිර්මිත විශ්වය නිර්මාණය වී ඇත.
  විශ්වයේ ආරම්භය සදහා ඉදිරිපත් වී ඇති "මෙම මහා පිපිරුම් වාදය" දැනට පිළිගෙන ඇති මතය වුවත් කලින් කලට නිරීක්‍ෂණය කළ අනාවරණය කරගත් අභ්‍යවකාශීය නිරීක්‍ෂණ හා සොයා ගැනීම් අනුව මෙම "මහා පිපිරුම් වාදය" කලින් කලට ආවෝ ගියෝ තත්ත්වයක විය.මෙලෙස පිළිගණිමින්,ඉවත් කරමින් නැවත පිළිගනිමින් භාවිතා කෙරෙන විද්‍යා නියම අතර අංක එකට වැටී ඇත්තේ "මහා පිපිරුම් වාදය"යි.

    5)අධි උෂ්නත්ව සුපිරි සන්නායකවල ක්‍රියාකාරිත්වයේ යාන්ත්‍රණය හා කාමර උෂ්නත්වයේදී ක්‍රියාකරන සුපිරි සන්නායක සොයා ගැනීම

                                            
        ඉතා පහළ උෂ්ණත්වවලදී ඇතැම් ලෝහ හා සංයෝග සුපිරි ලෙස විද්‍යුතය සන්නයනය කෙරෙන බව විද්‍යාත්මකව නිරීක්‍ෂණය විය.මෙහි යාන්ත්‍රණය වටහා ගැනීමට කාලයක් යනතුරු විද්‍යාඥයන්ට නොහැකි වුවත් 1911 දී කැමලින් ඔනස් විසින් ඉතා පහළ උෂ්නත්වයේදී සුපිරි සන්නායකතාවට හේතුව පරමාණු අතර සිදුවන සංකීර්ණ ක්‍රියාවලියකින් පසු ඉලෙක්ට්‍රෝණ යුගළ වශයෙන් සැකසී ප්‍රතිරෝධකතාව ශුන්‍ය වන තත්ත්වයක් ඇතිවීම බව සොයා ගත්තේය.
      ක්‍රි.ව. 1986 දී පමණ විද්‍යාඥයන් පිරිසක් සිදුකල පරීක්‍ෂණයකදී කෙල්වින් 90 කට ඉහළ උෂ්නත්වයකදී සුපිරි සන්නායකතාවක් දක්වන පිඟන් මැටි ස්වභාවයක් අහම්බෙන් සොයා ගත්තත් මෙහිදී සුපිරි සන්නායකතාවට හේතුවන යාන්ත්‍රණය පැහැදිළි කිරීමට මෙතෙක් කිසිවෙක් සමත්ව නැත.
   එමෙන්ම කාමර උෂ්නත්වයේදී සුපිරි සන්නායක තත්ත්වයක් ඇති ලෝහයක් හෝ සංයෝගයක් කවුරුන් හෝ සොයා ගතහොත් එය විද්‍යාවේ විශාල ඉදිරි පිම්මක් ලෙස අනිවාර්යෙන් සැලකිය හැක.මන්ද එවැනි සුපිරි සන්නායක යොදා සාදන පරිඝනකයක කාර්්‍යක්‍ෂමතාව 100% තත්ත්වයක පවතින බැවිනි.

    6) සංඛ්‍යා(ඉලක්කම්) යනු මොනවාද?

                                       
           "සංඛ්‍යා යනු මොනවාද?" යන්න නොවිසදුනු ගැටළුවක් ලෙස වර්ග කිරීම පිළිබද ඇතැමුන්ට සිනහ පහළ වුවත් සංඛ්‍ය(ඉලක්කම්) භාවිතයේදී දක්නට ඇති අතිශ්‍ය ගුප්ත ස්වභාවය සලකා බැලූ විට මෙය වටහා ගත හැක.අප එදිනෙදා භාවිතා කරන ඉලක්කම් එක් එක් අවස්ථා වල විවිධ ස්වරූපයෙන් අප අතරම ක්‍රියාත්මකවේ.කුලකයක්,කාණ්ඩයක්,ලක්‍ෂයක්,වෙන් කිරීමක්,...ආදී නොයෙක් ස්වභාවයෙන් සංඛ්‍යා ක්‍රියාත්මකවේ.විවික්ත හා සන්තතික තත්ත්ව ප්‍රතිවර්ත කළ හැක.සංඛ්‍යා(ඉලක්කම්) දක්වන මෙම ගුප්තතාව ලියා දැක්වීමද අසීරු කරුණකි.

    7)භූමිකම්පා පෙරාතුව දැන ගැනීම



  
                  

    8) පෘථිවියේ චුම්භකත්වයට හේතුව

                                
          පෘථිවියේ චුම්භකත්වයට හේතු මේ වනවිට සාර්ථකව හෙළි වෙමින් පවතින අතර ඉතා නුදුරේදීම මෙය විසදුනු ගැටළුවක් වෙනු ඇත..පෘථිවියේ භුම්භක ක්‍ෂෙත්‍ර සම්බන්ධ විද්‍යාත්මක පැහැදිලි කිරීම් හා ගනනය කිරීම් වලට බොහෝ විට අනුගමනය කරන්නේ පෘථිවි මධ්‍යයේ දණ්ඩ චුම්භකයක් ඇති ලෙස සකසා ගත් උපකල්පිත ආකෘතියකි. 


  9)ඩී.එන්.ඒ.(DNA)අණුව ජෛව විවිධත්වයට හා ජීවී ක්‍රියාවන්ට සම්බන්ධ වීමේ මූලික යාන්ත්‍රණය කුමක්ද?
                               
        
   10)පෘථිවියේ අභ්‍යන්තරයේ ක්‍රියකාරිත්වය හා බැදුනු ගති විද්‍යාව කුමක්ද?
                            





ෙසෙද්ධාන්තික ලෙස විසදුම් තවමත් ඉදිරිපත් වී නැති විද්‍යා හා වෙනත් ගැටළු රාශියකි.ඉහත දැක්වූයේ මගේ මාතෘකාවට අදාළ කිහිපයක් පමණි.වෛද්‍ය විද්‍යාවේ,ජීව,භෞතික,රසායන විද්‍යාවේ මෙන්ම ගණිත ක්‍ෂෙත්‍රවල මෙවැනි තවමත් විසදාගත නොහැකි වූ ගැටළු සදහා විද්‍යාඥයන් පිළිතුරු සොයමින් සිටී.කාලය විසින්ම මෙම ගැටළුවලට වරින් වර විසදුම් ලබා දෙමින් සිටී.


                  ------- මතු සම්බන්ධිතයි.  --------

4 comments:

දේව් ගේ අඩවිය said...

දිගටම වටිනා කියන මේ වගේ ලිපි ලියන්න ශක්තිය ලැබේවා
ජය

Amila Chathuranga said...

මේ සම්බන්ධයෙන් ලාංකික සහ පෙරදිග දැක්ම කියන්නෙ හරි ගුප්ත දෙයක්..
මම කියවල තියෙන ජාතක පොතේ තියෙනව තැනක තාරකා.ගණිත මිණිත ආදි ශිල්පයෙහි කෙල පැමිණි තැනැත්තා කියල එකක්...
ඒකාලෙ ගණිතය තිබිල තියෙනව..
ඒ කියන්නෙ ජාතක පොත ලිව්ව කියල හිතන දඹදෙනිය යුගයෙ..
.
බරණ ගණිතයා සම්බන්ධ කතාවල තියෙනව උල්කාශ්මයක් වාගෙ එකක් දලදා මැදුරෙ වහලට කඩා වැටෙන කොට ඒකෙ වෙලාව ගණණය කරන්න හැකියාව තිබුන කියල...
ඒ වගේ දෙයක් ඇත්තනම් ..කැල් කොම්පීතර නැති කාලෙ ඒ කැල්කියුලේෂන් වල ඇකියුරසි එක ෆට්ටයි කියල අපිට හිතන්නම වෙනව..

සංකල්ප said...

අපෝ ක්වන්ටම් භෞතික විද්‍යාව තමා එපාමකරපු සම්ජෙක්ට් එක. චූටි චූටි දේවල් ගැන ශක්ති පැකට්ටු ගැන ඉගෙන ගන්න වෙන සීන් එකක්.

රවුටරේ අවුල් උනා කියලා කියන්නේ නෙට්වර්ක් එක අවුල් උනා කියලා කියන එකනේ. මොකද්ද උන සීන් එක ?

www.ceylonlanka.info said...

පහුගිය දවස් ටිකේ ලිපි අඩුවුණේ මොකද කියලා මම කල්පනා කර කර හිටියේ. ඉක්මනින්ම යේ ලිපි ලියන්න ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා. මම අඩුවෙන් comment කලාට ඔබතුමාගේ ලිපි කියවනවා.

Related Posts Plugin for WordPress, Blogger...