Thursday, October 14, 2010

පඤචාංග ලිත්වල ඇති වෙනස්කම් ගැටළු ජ්‍යොතිෂ කටයුතු වලට ලොකු අවහිරයක්.

  මීට වසර 155 කට පමන පෙර එනම් ලංකාවේ පඤචාංග ලිත් භාවිතයක් නොමැති කාල වකවානුවේ අපේ රටේ විසූ පැරණි දෛවඥයන් ඔවුනොවුන්ගේ ගුරු කුල අනුව පැවත ආ හෝ තමන් නිර්මාණය කරගත් ගණිත ක්‍රම අනුව ජන්ම කේන්ද්‍ර සැදීම නිවැරදිව සිදුකල බවට කොත්මලේ ගණිතයා වැන්නන්ගේ පැරණි ලිඛිත විස්තර අනුව  පැහැදිලි සාක්‍ෂි ඇත. නමුත් කල්ගත වීමේදී අහුන්ගල්ලේ ගුරුතුමා ,දොන් පිලිප් ද සිල්වා ඈපා අප්පුහාමි වැනි පැරණි ජ්‍යොතිෂ පඩුවන් විසින් පඤචාංග ලිත් මුද්‍රණය කොට ප්‍රසිද්ධ කිරීමත් සමඟ අතීතයේ ඉතා දිගු කාලයක් වැය කොට සිදුකල ජ්‍යොතිෂ කටයුතු කෙටි කාලයක් තුල පහසුවෙන් කිරීමේ හැකියාව දෛවඥයන්ට ලැබුණි.
      
   පඤචාංග ලිත් භාවිතය දෛවඥයන්ට පහසුව ලබා දුන්නත් එමගින් ජ්‍යොතිෂයේ ඉපැරණි සිද්ධාන්ත පද්ධතිය ගුරු කුල ඔස්සේ ඉදිරියට ගමන් කිරීම දරුණු පසුබෑමකට ලක්වූයේ "සෑම ජයග්‍රහණයක් පිටුපස පරාජයේ සෙවනැල්ලක්ද ඇත යන පැරණි කියමන පැහැදිලිව ඉස්මතු කරමිනි. 
       වර්තමානයේ පඤචාංග ලිතක් නොමැතිව කේන්ද්‍ර සෑදිය හැකි  දෛවඥයන් ඇත්තේම නැති තරම්ය.කාලයත් සමග පඤචාංග ලිත්ද එකින් එක වැඩි විය. අද වන විට එය 5ක් 6ක් තරම් වී ඇත.බුද්ධිමය දේපල නීතිරීති හා වෙළඳ තරගකාරී බව නිසා එක් එක් පඤචාංග ලිත් වල දැක්වෙන විස්තර එකිනෙකට වෙනස්ය. මෙම වෙනස්කම්  සමගර විට ඉතා සුළුවෙන්ද තවත් විටෙක විශාල වශයෙන්ද දැකිය හැකිය. බොහෝ වැඩිහිටි දෛවඥයන්ට මෙම පඤචාංග ලිත් අවුල පිළිබඳව ඉතා පැහැදිලි අවබෝධයක් ඇතත් නිහඩව සිටින්නේ එම තත්ත්වය සාමාන්‍ය ජනයාට වටහා දීමෙන් ජ්‍යොතිෂය පිලිබඳ ජනතා විශ්වාසය පළුදු  වීමක් සිදුවිම වැලැක්වීමටය. කෙසේ වුවත් මෙම තත්ත්වය මෙලෙසින්ම ඉදිරියට යාමෙන් ජ්‍යොතිෂයේ වටිනාකම හා එහි ශාස්ත්‍රීය ගෞරවය හෑල්ලුවට ලක්වන නිසා වගකිව යුත්තන්ගේ අවධානය යොමු වීම පිණිස මෙම සටහන ලිවීමට අදහස් කලෙමි.
        වෙලඳ පොලේ විවිධ වර්ගයේ ඔරලෝසු වර්ග ඇත. පැහැය,පෙනුම ආදී බාහිර ලක්‍ෂණ විවිධාකාර වුවත් එම ඔරලෝසුවල තත්පර කටුව වටයක්යාමට ගතවන කාලය (විනාඩියක කාලය)නිවැරදිව එක සමාන විය යුතුය.එය එසේ නොවේ නම් දෝෂයකි.භාවිතා කල නොහැක. පඤචාංග ලිත්වල ඇති විස්තර සදහාද කිව යුත්තේ එවැනි දෙයකි. විවිධ පඤචාංග ලිත් වලින් සාදන එකම දරුවාගේ ජන්ම කේන්ද්‍ර සටහන එක සමාන විය යුතුය. (ආසන්න ලෙස වත්) එසේ නොවන අවස්ථා වලදී නිගමනය කල හැක්කේ එක් ලිතක් පමනක් නිවැරදි බව හෝ ලිත් සියල්ලම වැරදි බවයි.එකම පොලොව මත එකම ස්ථානයක එකම වේලාවට උපන් අයකුගේ ජන්ම කේන්ද්‍රය වෙනස් අයුරින් ලැබීම සිදුවිය නොහැක.
         පඤචාංග ලිතක ඇති මුද්‍රණ දෝෂයක් නිසා හෝ දෛඥයකුට ගණන් වැරදීමෙන් එකම දරුවාගේජන්ම කේන්ද්‍ර සටහන දෛවඥයන් දෙදෙනෙකු දෙආකාරයකින් සෑදීම විසඳාගත හැකි වුවත් එකිනෙකට වෙනස් පඤචාංග ලිත් දෙකකින් කේන්ද්‍ර සාදන දෛවඥයන් දෙදෙනෙකු එකම දරුවාගේ කේන්ද්‍රය වෙනස් අයුරින් සෑදීම දරුවාගේ දෙමාපියන්ට මහා ගැටළුවක් මතු කරයි.මෙහිදී හරි කේන්ද්‍රය කුමක්දැයි වටහා ගැනීම අසීරු වන්නේ ලග්නයක්,නැකතක් ගෙවෙන ආරමිභ වන අවස්ථාවක දරුවා උපන් විටදීය.මන්දයත් ලිත්වල ගණිතය අනුව දෙදෙනාම නිවැරදි වන බැවිනි.උදාහරණයක් ලෙස එක් පඤචාංග ලිතක යම් දිනෙක අස්විද නැකත උදේ 10.1 ට ගෙවී බෙරණ නැකත ලබන බවත් තවත් ලිතක අස්විද නැකත ගෙවීම එදින උදේ 10.15ට පමන සිදුවන බවත් දක්වා ඇතැයි සිතමු.මෙදින උදේ 10.5 ට උපන් දරුවෙකුගේ උපන් නැකත එක් ලිතක් අනුව අස්විද නැකත වන අතර අනික් ලිත අනුව බෙරණ නැකත වේ.ලග්නය සම්බන්ධයෙන්ද මෙම තත්ත්වය ඇතිවිය හැක. එනම් ලග්නයක් ගෙවී ඊලඟ ලග්නය ආරම්භ වීම ආසන්න මොහොතක උපන් අයකු සඳහා වෙනස් පඤචාංග ලිත් දෙකක ගණිතය අනුව ලග්න දෙකක් ලැබිය හැක. බොහෝ පාරම්පරික දෛවඥයන් දරුවාගේ ස්ත්‍රී පුරුෂ භාවය අනුව උපන්වේලාව සංශෝධනය කරන නිසා මෙම තත්ත්වය නිතර දක්නට ලැබේ.සුභ නැකැත් දින වෙන්කිරීමේදීද  ලිත්වල වෙනස්කම් දැක්වෙන අවස්ථා එමටය.
            පඤචාංග ලිත්වල එදිනෙදා පඤචාංගය,ලග්න ශේෂය,සූර්්‍ය උදාව,ග්‍රහස්ඵුට,සුභ නැකැත් දින ආදී විස්තර වල ඇති වෙනස්කම් වලටත් වඩා දෛවඥයන් අසීරුතාවට පත්වන්නේඑම ලිත්වල දක්වා ඇති පැරණි ජ්‍යොතිෂ සිද්ධාන්ත කරුණුද පරස්පර විරෝධී ආකාරයට දක්වා තිබීමය.(උදාහරණ කීපයක් ලෙස රාශ්‍යොද්‍ය වගු,ග්‍රහයන්ගේ උච්ච,නීච,මිත්‍ර,සතුරු බව දක්වන වගු,විවාහ පරීක්‍ෂා විස්තර,මල්වර පරීක්‍ෂා විස්තර දැක්විය හැකියි.)
       පඤචාංග ලිත්වල ඉතා දිගු කාලයක් එකිනෙකට වෙනස් අයුරින් පැවත පසුව රජයේ මැදිහත් වීමෙන් එක සමාන අයුරින් පවතින අංගයක් ගැන විශේෂයෙන් කිව යුතුය.ක්‍රි.ව. 1991 දක්වාම අලුත් අවුරුදු චාරිත්‍ර නැකැත් පඤචාංග ලිත්වල දැක්වුනේ එකිනෙකට වෙනස් අයුරිනි.නමුත් 1991 වසරේදී එවකට සංස්කෘතික කටයුතු ඇමැතිව සිටි හිටපු කථානායක ගරු වි.ජ.මු ලොකුබණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් එතුමාගේ කාර්්‍යාලයේදී ලංකාවේ පඤචාංග ලිත් කතුවරුන් හා දෛවඥයන් සමඟ පැවති සාකච්ඡාවකින් පසු 1992 වසරේ සිට සිංහල අවුරුදු චාරිත්‍ර නැකැත් සෑම පඤචාංග ලිතකම එකම ආකාරයට දැක්වීමටත් එය පඤචාංග ලිත් කතුවරුන් හා වෙනත් රටේ ප්‍රධාන දෛවඥයන්ගෙන් සමන්විතවූ අලුත් අවුරුදු නැකැත් කමිටුවක් හරහා සිදුකිරීමටත් තීරණය විය.  
       පඤචාංග ලිත් වල ඇති වැරදි අඩුපාඩු වෙනස්කම් පිළිබඳව වරින්වර ජ්‍යොතිෂ ලේඛකයන් පුවත්පත් ලිපි දක්වා ඇතත් කරුණු කාරණා හොදින් සොයා බැලීමේදී පැහැදිලිව පෙනී යන්නේ එම ලිපි ලේඛන ලියා ඇති ලේඛකයන් බොහෝ දෙනෙකු කුමන හෝ පඤචාංග ලිතකට සම්බන්ධ අය බවයි.ඇත්තෙන්ම ඉන්වැඩි දෙනා පඤචාංග ලිත්වල කතෘ මණ්ඩලයේ අය වූහ. එම ලිපිවල ප්‍රධාන අරමුණ තමන්ගේ ලිත නිවැරදි බව හා වෙනත් ලිත් වැරදි බව විදහා දැක්වීමයි. 
      සත්‍ය වශයෙන්ම පඤචාංග ලිත්වල ඇති වෙනස්කම් සම්පූර්ණයෙන්ම නැති කිරීම අසීරු කරුණකි. රටේ පවතින නීතිරීති පද්ධතිය හා වෙනත් වෙළඳ අවශ්‍යතා අනුව  බලන විට එය කිසිදිනෙකවත් සිදුකල නොහැකි තත්ත්වයක ඇත. බ්ලොග් අඩවි වල මෙවැනි ලිපි ලියා පඤචාංග ලිත්වල ඇති වෙනස්කම් නැතිකල නොහැකි බව හොදින් වටහාගෙන මෙය ලියූ බව සඳහන් කල යුතුය.කෙසේ වුවත් අඩුම තරමින් පඤචාංග ලිත්වල රාශ්‍යොදය වගු,එදිනෙදා ලග්න ශේෂය හා සූර්්‍ය උදාව එකිනෙකට සමාන අයුරින්  සකසා කිරීමට සම්මුතියකට පැමිණීම අත්‍යාවශ්‍ය කරුණකි.සංස්කෘතික කටයුතු පිළිබඳව වගකිව යුතු තනතුරු දරණ මේ සදහා අවධානය යොමු කරන්නේ නම් මැනවි.


2 comments:

Kumar Wellalage said...

ජ්‍යෝතිෂය, ජ්‍යෝතිෂඥයින්, භූත බලෙන් කටයුතු කරන දෑ එකක් නොවන බව වටහාගන්න. ජ්‍යෝතිෂය, ජ්‍යෝතිෂඥයින් නම් තමා කියනදෙය ශාස්ත්‍රබව පෙන්විය හැකිවිය යුතුය. ලිත නිවැරදිනම් හිරු උදාව, ෂඩ්කොන/චතුරස්‍ර දෘෂ්ටි ආදිය නිවැරදිදැයි ශාස්තවන්තයා ගනනයකර සැකහැර බලාගත යුතුය එවිට එය කොයිකාගෙත් ලිත්වල ස්වභාවය හා හදන කේන්දර සියල්ල වැරදිබව අවබොධ කරගැනීමට මාර්ගයබවද දැනගත හැක. එවිට වඩා හොද Computer Software බවද අවබෝධ කරගත හැක.

බිඟූ said...

ela...

Related Posts Plugin for WordPress, Blogger...