Monday, January 10, 2011

විවාහ දෝෂ

    විවාහ දෝෂ 
       විවාහපේක්‍ෂිත යුවලකගේ පොරොන්දම් පරීක්‍ෂා කිරීමේදී 20 පොරොන්දම් පරීක්‍ෂාවට අමතරව විමසා බැලිය යුතු තවත් කරුණු කාරණා බොහෝය.බොහෝ දෛවඥයන් අතින් මෙම කටයුත්ත නිසිලෙස ඉටුනොවේ.
නොදැනුවත් කමට වඩා මෙහිදී නොසැළකිල්ල පෙරටු වීඇති බව දක්නට ඇත.පොරොන්දම් පරීක්‍ෂා කිරීම ජ්‍යොතිෂවේදීන් සතු කාරයයක් වුවත් ඒ පිළිබදව සරළ වැටහීමක් සාමාන්‍ය ජනයා ලබා තිබීමේ වරදක් නැත.පොරොන්දම් පරීක්‍ෂාව පිළිබද විස්තර කිරීම බ්ලොග් ලිපියකින් කළ නොහැකිය.ඒ සදහා බ්ලොග් ලිපි මාලාවක් ලිවීමද අමනෝඥ ක්‍රියාවකි.ජ්‍යොතිෂය පිළිබද පාඩම් මාලා මෙම බ්ලොගය හරහා ලිවීම බ්ලොගයත් ජ්‍යොතිෂයත් දෙකම හෑල්ලු කිරීමකි.ජ්‍යොතිෂයේ වෙනත් සිද්ධාන්ත පිළිබදවත් කිව යුත්තේ එම කතාවමය."ලංකා ජ්‍යොතිෂ අරණ" බ්ලොගයේ අරමුණ ජ්‍යොතිෂය හා සාමාන්‍ය ජනයා අතර පරතරය අඩු කිරීම මිස ජ්‍යෙතිෂය ඉගැන්වීම නොවන බව අවධාරණය කළ යුතුමය.
      ස්ත්‍රී පුරුෂ දෙදෙනෙකුගේ විවාහ පොරොන්දම් ගෑලපීම පිළිබදව දෛවඥයන් කිහිප දෙනෙකු විසින් විවිධාකාර මත පළ කිරීම සාමාන්‍ය ජනයාට විශාල ගැටළුවකි.එක් දෛවඥයකු ගැලපීම ඉතා හොද බවත් තවත් අයෙක් ගැලපීම මධ්‍යස්ථව බවත් තවකෙකු ගැලපීම ඉතාමත් අසුභ බවත් පවසන විට දෙපාර්ශ්වයේ වැඩිහිටියන් අසීරුතාවට පත්වේ.ලේඛකයාගේ අදහස අනුව මේ සදහා බලපෑ හැකි කරුණු කාරණා කීපයකි.
    1) එක් එක් ජ්‍යොතිෂවේදියාගේ ජ්‍යොතිෂ දැනුමේ උස් පහත් කම් තිබීම.
    2) කිසියම් ජ්‍යොතිෂවේදියකුට ගනන් පැටලීම් වැනි වැරදීම් සිදුවීම.
    3)ජ්‍යොතිෂවේදියාට වැඩ අධික වීම හෝ වානිජකරණයට හසුවීම, සේවාදායකයා රැදී සිටීම අපහසු බව කියා කළබල කිරීම හෝ වෙනත් හේතුවක් නිසා පොරොන්දම් පරීක්‍ෂාවට අඩු කාළයක් වැය කිරීම නිසා එම කටයුත්ත නිසි ලෙස සිදුනොවීම.
    4)ප්‍රේම සබදතා වැනි අවස්ථාවලදී සමහර වැඩිහිටි ජ්‍යොතිෂවේදීන් තරුණ හැගීම් මානුෂික හේතු හා වෙනත් කරුණු සලකා ගැලපීම නැතත් දෝෂ නැති බව පැවසීම.(එනිසා පොරොන්දම් පරීක්‍ෂාව නිසි ලෙස ඉටු කර ගැනීමට නම් කිසිවිටෙක දෙදෙනා අතර ප්‍රේම සබදතාවක් ඇති බව එකවර ජ්‍යොතිෂවේදියාට නොපවසන්න.ඇහුවත් "එහෙම නැහැ" කියල මුලින් කියල පස්සේ ඇත්ත කියන්න )
    5) වැරදි හා වංචා සහගත ලෙස සැකසුනු කේන්ද්‍ර සැපයීම
    6)තමාගේ ජ්‍යොතිෂ දැනුම අන් අයට වඩා පුළුල් බව හුවා දැක්වීමට හා එකිනෙකා අතර අමනාපකම් ඇති  ඇතැම් ජ්‍යොතිෂවේදීන් තර්ක විතර්ක කරමින් අනිකාගේ මතයට විරෝධය පැම.(එනිසා "අනිත් පැත්තෙන් මේ කේන්ද්‍ර දෙකේ ගැලපීම බැලුවාද? කව්ද බැලුවේ? වැනි ප්‍රශ්ණ ජ්‍යොතිෂවේදියා ඇසුවොත් "තවම අනිත් පැත්තෙ අය බැලුවෙ නැහැ.අපි තමයි මුලින්ම බලන්නේ" යනුවෙන් පවසන්න)
    7) පුවත් පත් දැන්වීම් පිළිතුරු වැනි ගැලපීම සදහා විශාල වශයෙන් කේන්ද්‍ර ඇති විට බොහෝ ජ්‍යොතිෂවේදීන් අත්‍යාවශ්‍ය පොරොන්දම් කීපයේ ගැලපීම හා වෙනත් ප්‍රධාන විවාහ දෝෂ පමනක් බලා විවාහයට සුභ අසුභ කේන්ද්‍ර තේරීම කරයි.මෙවැනි අවස්ථාවල වැරදීම් දෝෂ මතු විය හැකියි.(ලේඛකයාද නොගැලපෙන කේන්ද්‍ර තේරීමට මෙම ක්‍රමය අනුගමනය කරන නමුත් මෙම ක්‍රියාවේ අවදානමක්ද ඇත.පළපුරුද්ද අඩු තරුණ ජ්‍යොතිෂවේදීන් මෙහිදී කල්පනාවෙන් වැඩ කළ යුතුය.කේන්ද්‍ර දෙකක නොගැලපීම ගැන මෙම ක්‍රමයෙන් කිව හැකි වුවත් ගැලපීම තීරණය කිරීම උඩින් පල්ලෙන් බලා කළ නොහැක.)

  පොරොන්දම් පරීක්‍ෂාවේදී 20 පොරොන්දම් හා වෙනත් පොරොන්දම් ක්‍රම වලට අමතරව විශේෂයෙන් සලකා බැලිය යුතු විවාහ දෝෂ කීපයක් පහත දැක්වේ. 
      1) අඟහරු දෝෂය (කුජ දෝෂය,අංගාර දෝෂය,මංගල දෝෂය, භෞම දෝෂය යනුවෙන් හැදින්නේනේද මෙම දෝෂයමය)
      2) ශනි මංගල දෝෂය
      3)කඩහංදි මාරක දෝෂ
      4) විෂ කන්‍යා දෝෂ
      5)වැන්දඹු,බහු විවාහ,අවිවාහක,සරාගී දෝෂ
      6)වඳ දෝෂ
      7)නශාංශක දෝෂ
      8) කළුකුමාර දෝෂ
      9) පිළිසඳ ගැනීමේ දෝෂ
    10)ප්‍රසූත්‍ර දෝෂ
    11)සෘතු දෝෂ
    12)තුන් කුළුදුල් දෝෂ
    13)ලේ නෑකම් දෝෂ
    14)චාරිත්‍ර දෝෂ

   මෙම දෝෂ පිහිටන ආකාරය පිළිබදවත් එම දෝෂ භංග,හරණ ක්‍රම විධි පිළිබදවත් ඊලඟ බ්ලොග් ලිපියෙන් සලකා බලමු

24 comments:

නදී said...

භෞම දෝෂය - කාල සර්ප යෝගය කියන්නෙත් මේකටමද?

නදී said...

පුලුවන්නම් කාල සර්ප යෝගය ගෑනත් පෝස්ට් එකක් දාන්න.
"කාල සර්ප" කියන්නෙ ඈයි?

සින්ඩි ලංකා said...

පලකල සැනින් ඔබේ ලිපිය සින්ඩියේ පෙලගස්වාගන්න, අදම ඔබත් ඔබේ බ්ලොග් අඩවිය "සින්ඩි ලංකා" හි ලියාපදිංචි කරගන්න.
ලාංකීය බ්ලොග් කරුවන්ගේ බ්ලොග් සින්ඩිය "සින්ඩි ලංකා"

Jhothiratna said...

කාල සර්ප යෝගය ජ්යොතිශ්යේ අච්චරු වෙච්ච ග්‍රහ යෝගයක්.විවිද ජෝතිර්වේදියෝ විවිද අදහස් මේ ගැන දක්වනවා.සමහරු කියන විදිහට රාහු සහ කේතු පිහිටන ආකාරය අනුව කාල සර්ප යෝගය 12 ආකරයක්.සමහරුන්ට අනුව කාල සර්ප යෝගය පිහිටන්න රාහුට ඉදිරියෙන් කේතු පිහිටිය යුතුයි.රාහු කේතු අක්ශයෙන් එක් ග්‍රහයේකු හෝ මිදුනොත් කාල සර්ප යෝගය බිඳෙන බව සමහරු කියන්වා.
තවත් සමහරු කියනවා එක් ග්‍රහ්යෙක් අනෙක් පස පිහිටියොත් ඒක අර්ද කාල සර්ප යෝගය කියලා.සමහරුන්ගේ මතය අර්ද කාල සර්ප යෝගය අර්ද ලෙස දුර්විපාක ලබාඩෙන බව.සමහරුන්ට අනුව අර්ද කාල සර්ප යෝගය , කාල සර්ප යෝගයටත් වඩා දුර්විපාක ලබාදේනවා.
ඔය කතා කොහොම උනත් Original Vedic Astrology වල කාල සර්ප යෝගයක් ගන සඳන් වෙන්නේ නැහැ.ලන්කාවේ ජනපතිවරයෙකුගේ කෙඳරයේ අර්ද කාල සර්ප යෝගය තිබෙනවා.ලන්කාවෙන් බිහිවු විශිට හමුදාපතිවරයෙකුගේ කෙඳරයේ පුර්න කාල සර්ප යෝගයක් පිහිටා තිබෙනවා.විවිද රටවල බිහිවුනු විශිශ්ට පුද්ගලයන්ගේ කේන්ද්‍රවල කාල සර්ප යෝග දකින්න පුලුවන්.ගැහනු කෙනෙක් ප්‍රශ්නය අහපු නිසා ගැහනු කෙනෙක් ගැනම උදාහරනයක් දෙන්නම්,Margaret Thatcher .

jhothishalanka said...

@නදී
කාළ සර්ප යෝගය කියන්නේ භෞම දෝෂයට නෙවෙයි.භෞම දෝෂ හැදෙන්නේ උපන් කේන්ද්‍රයේ අඟහරු(කුජ) පිහිටීම අනුවයි.කාල සර්ප යෝගය හැදෙන්නේ උපන් කේන්ද්‍රයේ සියළුම ප්‍රධාන ග්‍රහයන්(යුරේනස්,නැප්චූන්,ප්ලූටෝ හැර) රාහු හා කේතු ග්‍රහයන්ට මැදිවී එක්පසෙක අංශක 180 පරාසයක පිහිටීමයි. (මෙම රාහු,කේතු ග්‍රහයන් දෙදෙනා කේන්ද්‍රයේ මුහුනට මුහුණලා පිහිටයි.) ග්‍රහයන් පිහිටන හා එක් ග්‍රහයකු මෙම පරාසයෙන් පිටත පිහිටීම ආදිය සලකා කාල සර්ප යෝගයේ බෙදීමක්ද දක්වා ඇත.
මෙහි "කාල සර්ප" යන වචනයේ "කාල" යනු රාහු ග්‍රහයාට ඉන්දියානු බසකින් හැදින්වීමකි."සර්ප" යනු කේතුව හැදින්වීමකි. ඒ අනුව "කාල සර්ප යෝගය" යනු "රාහු කේතු යෝගය" යන තේරුම දෙන ඉන්දියානු ආර්්‍ය වචනයකි.අපේ රටේ ප්‍රසිද්ධ දෛවඥයකු වරක් මෙයට සිංහල භාෂාවේ යෙදෙන "කාලය" සම්බන්ධ කොට අපූරු අර්ථකථනයක් මාධ්‍යයක් හරහා කලේය.එය වැරදිය.
කාල සර්ප යෝගය හා එහි විපාක පිළිබදව පෝස්ට් එකක් ඉදිරියේදී ලියන්නම්.අදහස දුන්න එක හොදයි.ඔය වගේ ජ්‍යොතිෂය සම්බන්ධ ප්‍රශ්ණ අනිත් අයටත් තියෙනවනම් කියන්න අවස්ථාව අනුව උත්තර දෙන්නම්.

jhothishalanka said...

jhothiratna කියල තියෙන විස්තරත් හරියටම හරි.ස්තූතියි උදවු කලාට.මගේ බ්ලොග් එකත් එක්ක දිගටම ඉන්න

Jhothiratna said...

1) 1,4,7,10 කියන කේඳ්‍රස්තානවල රාහු කේතු පමනක් පිහිටලා තියෙනවනම් හතර කේඳ්‍රය පාලු වීමක් විඩිහට සලකන්න පුලුවන්ද?
2) යුරේනස්,නෙප්චූන්,ප්ලූටෝ ජ්යෝතිශයට අදාලද?

jhothishalanka said...

@jhothirathna
1) රාහු කේතු ග්‍රහයන් පමනක් කේන්ද්‍රස්ථානවල පිහිටීමෙන් හතර කේන්ද්‍රය පාළු වෙන්නේ නැහැ.ප්‍රධාන ග්‍රහයන් (යුරේනස්,නැප්චූන්,ප්ලූටෝ හැර)කිසිවකු කේන්ද්‍රස්ථානවලට අයත් රාශිවල(භාවවල නොවේ) නොපිහිටන විට හතර කේන්ද්‍රය හිස් වීමේ දෝෂය යෙදේ.
2)ඔයාගේ දෙවන ප්‍රශ්නයට උත්තර දෙන එක ටිකක් ප්‍රමාද කරන්නම්.මොකද හිතට කකට එන දේවල් ලියන්න බෑනේ.ඉක්මනට මගේ මතය දක්වනවා.

නදී said...

@ jhothirathna & JHOTHISHALANKA - බෝම ස්තූතියි පෑහෑදිලි කිරීම් වලට.

Unknown said...

දෙසැම්බර් මාසේ කෝණ මාසයක්ද?. දෙසැම්බර් වල විවාහ වන්න හොද නැද්ද?. (මෙවැනි ගැටලුවක් යොමු කිරීමට හේතුව මගේ සහෝදරියගේ විවාහයට දින නියම කරගැනීමේදී ඇතිවු ගැටලුවකි.)

විවාහයට සුදුසු නැති කාල තියනවාද?.

jhothishalanka said...

@Gura
පල්ලෙහා පෝස්ට් එක බලන්න.කෝණ මාස විවාහයට අගුණ වුවත් ඉතා හදිසි හා වෙනත් දෝෂ භංග අවස්ථාවලදී එම කාලවලද විවාහ සිදු කරන අවස්ථා ඇත. නමුත් වඩාත් සුදුසු කෝණ මාස ඉවත් කිරීමයි.

http://lankajhothisha.blogspot.com/2011/03/15-14.html

Unknown said...

ඔබතුමාට බොහොම ස්තුතියි පිලිතුරු දැක්වීමට.
අපගේ ජොතිර්වේදීයා දෙදෙනගේ කෙන්දර ගලපා දෙසැම්බර් 1 දින සුදුසු යැයි ප්‍රකාශ කලද මනමාලයාගේ මව කෝණයක් අසුවන බව කියා ඊට අකමැති විය. නමුත් දෙසැම්බර් 15 සිට ජනවාරි 15 දක්වා කෝණ මාසය බැවින් මෙම දිනය ගැටලුවක් නොවන බව පෙනීයයි.
(අක්කගෙ මනමාලයාගේ මව හැම එකටම කෝණයක් අල්ල ගන්නවා)

jhothishalanka said...

Gura
ඔව් ඔව් දෙසැම්බර් 1 විවාහයට හොද නැකැත් දිනයක්.දෙදෙනාගේ නැකැත් වලට ගැලපෙනවනම් හොදයි.කෝණයට හසුවී නැත

Anonymous said...

දෙවෙනියට කියපු ශනි මංගල දෝෂය කියන්නේ කේන්දරේ 7 වෙනි කොටුවේ සෙනසුරු ඉන්න එකද?මගේ එහෙම තියෙනවා. එක විවාහයට ගොඩක් බලපානවද? සිකුරු 7 ඉන්න කෙනෙක් ගෙලපෙනවද?
මේකට විසදුමක් තියෙනවනම් ඒ ගෙන බ්ලොග් සටහනක් දානවනම් ගොඩක් වටිනවා..ස්තුතියි!!
I'm Hesh

jhothishalanka said...

@Anonymous
මේ පෝස්ට් එක බලන්න(විවාහ දෝෂ 2)
http://lankajhothisha.blogspot.com/2011/01/2.html

Anonymous said...

දිනූ
කටක ලග්න කේන්දරේ 7 වෙනි කොටුවේ කුජ සිටීම භෞම දෝෂය වේද? මෙය මකර රාශිය නිසා කුජ දෝෂ භංග වෙනවාද?

jhothishalanka said...

Last Anonymous
කටක ලග්න කේන්ද්‍රයක හත් වැන්නේ කුජ සිටීම භෞම දෝෂය යෙදීමකි.මකර රාශිය නිසා කුජ(අඟහරු)උච්ච බලයි.මෙවිට භෞම දෝෂය භංග වීමක් සිදු නොවුවත් පාපාංශක යෙදීම ශුන්‍ය වේ.අඟහරු හතේ සිටීමෙන් ඇතිවන දැඩි පාපාංශක ස්වභාවය මෙහිදී ඉවත්වේ.

Anonymous said...

කුජ දෝෂය ඇති අය වයස 29 ට පසුව විවාහ වීමෙන් අපල අඩු කර ගත හැකිද? කුජගෙ ආයුෂ අවුරුදු 29 ද?

Unknown said...

ඔබතුමාට බොහොම ස්තුතියි....මගේ ලග්නය කටක...3 වැන්නේ ශනි කුජ යෝගය පිහිටා ඇත... 2 සඳුත්, 4 ගුරුත්, 10 සිකුරුත් පිහිටා ඇත.. මගේ විවාහය සාර්ථක වෙයිද ???

Unknown said...

ඔබතුමාට බොහොම ස්තුතියි.... මගේ ලග්නය කටක... 3 වැන්නේ ශනි කුජ යෝගය පිහිට ඇත... 2 සඳුත් 4 ගුරුත්,, 10 සිකුරුත් පිහිටා ඇත.. මගේ විවාහය සාර්ථක වෙයිද ???

Dulanjalee said...

Bahuma doshaya kiyanne mokakda kiyala wisthara karanna puluwanida? Bohoma sthuthi.

Unknown said...

මැතිතුමනි,ඔබතුමා මේ බ්ලොගය හරහා ජෝයතිශ්යේ වූ නිවැරදිව සත්‍ය මිනිසුන් අතරට ගෙන යාමට දරන උත්සාහයට ස්තූතිවන්ත වෙමි.ජෝයතිෂ්‍ය සංගායනාවක් අවශ්‍ය මෙවැනි කාලයක(බොහෝ දෙනෙක් උඩින් පල්ලෙන් ඉගෙනගෙන මුදල් ඉපයීමට මේ උතුම් විෂය යොදා ගෙන ඇති බව පෙනේ)ඔබතුමාගේ සේවය අගය කරමි.මම කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යාතනයේ දෙවන වසර සිසුවෙක් වන අතර 2006 වසරේ සිත අද දක්වාම ජෝයතිෂ්‍ය ඉගෙන ගනිමි.මගේ අධ්‍යනය සදහා ''විවාහවෘන්දාවනය''නමැති පොත් අවශ්‍යව ඇත.කීප තැනකම සොයා බැලූ නමුදු සොයා ගැනීමට නොහැකි විය.එම පොත ඔබතුම සතුව පවතීදැයි දැනගැනීමට කැමැත්තෙමි.තෙරුවන් සරණයි!!!

jhothishalanka said...

බොහොම ස්තූතියි..ඔබ අසන පොත මා සතුව නැත.

Unknown said...

ඔබතුමාට බොහොම ස්තූතියි.තෙරුවන් සරණයි!!!

Related Posts Plugin for WordPress, Blogger...