Thursday, January 20, 2011

දෙයියන්ගේ ලෙඩ

 කතරගම දෙවි -  "ආ ගරා යකා කොහොමද ඉතින්,අප්පා උබව දැක්ක   
                             කල්,කොහෙද යකෝ පහුගිය දවස් ටිකේ ගිහින් 
                             හිටියේ.."

ගරා යකා -   "දන්නැද්ද ඉතින් මම ගියා මනුස්ස ලෝකෙ පැත්තෙ පොඩි 
                    පාටි එකකට .කෑම බීම එහෙම හොදට තිබුණු නිසා දවස් 
                    කීපයක් එහෙ හිටියේ.ඊයේ තමයි ආවේ.කතරගම  
                    දෙයියනේ."
කතරගම දෙවි  -"පාටි එක කිව්වහම මටත් මතක් වුනේ.අපේ දේව 
                          සභාවෙ වාර්ෂික සමුළුව වැටිල තියෙන්නේ හෙට 
                          ,අප්පේ ඒකෙ සැරසිලි සංග්‍රහ කටයුතු භාරගත්තෙ 
                          මමනේ.මේ වැඩ රාජකාරි අස්සෙ මට ඒක අමතක 
                          වුනානේ.මේ හදිස්සියෙ කොහොමද මම සැරසිලි 
                          කරන්නේ."
ගරා යකා - "කතරගම දෙයියො කිසි දේකට බයවෙන්න එපා.අපි යක්කු, 
                   යක්කුන්ට ඔය වගේ වැඩ දෙයියන්ට වඩා හොදට ඉක්මනට 
                   කරන්න පුළුවන්.ඔය වැඩේ මට භාර දෙන්න.මම ඔය වැඩේ 
                   නියමෙට කරන්නම්"
කතරගම දෙවි - "අනේ ගරා යකෝ උබට මේ වැඩේ හොදට කරල 
                           දෙන්න පුළුවන්ද?මම රත් වෙලා හිටියෙ මට මේක කර 
                           ගන්න බැරි වේවි කියල,අනේ ලොකු උදවුවක්."
ගරා යකා -    "කතරගම දෙයියො කලබල නැතිව දැන් ගෙදර ගිහින් 
                      හෙට රැස්වීම වෙලාවට එන්නකෝ.මම සේරම දේවල් 
                      ටික වෙලාවට කරල තියන්නම්."
කතරගම දෙවි - "අනේ උඹ යකෙක් නෙවේ දෙයියෙක්,ඔන්න එහෙනම් 
                         හෙට සැරසිලි සංග්‍රහ කටයුතු උබට බාරයි."


 දෙදෙනාම පිටත්විය.ගරා යකා වැඩකටයුතු නිම කරන අයුරු සිතමින් ගියේය
      ගරා යකා (සිතයි.) "කතරගම දෙයියො කියන්නෙ හොද වැදගත් දෙයියෙක්.මේ වැඩේ මම හොදට කරන්න ඕන.ගියසැරේ යක්‍ෂ සභාවෙ සැරසිලි කලෙත් මමනේ. අපේ යක්කු එදා මගේ සැරසිලි වර්ණනා කරපු හැටි මට මතකයි. මස්කෑලි බොකු බඩවැල් වල සුවද ගැන යක්‍ෂණියොත් එදා මට ඇහෙන්නම හොද කිව්වේ.දේව සභාවත් ඒ වගේ හොදට සරසන්න ඕන.කතරගම දෙයියොත් හරි සතුටු වේවි."


 මෙසේ සිතා ගරා යකා දේව සභාව මස් කෑලි,සත්ත්ව ඇටකටු සම්,බොකු බඩවැල් ආදියෙන් සැරසුවේය. යකා  එසේ කලේ ඌ යකෙකු නිසාමය.
      පසුවදා දේව සභාවට පැමිණි දෙවිවරුන්ට සභාව සරසා තිබූ ආකාරය දැක ඉමහත් පිළිකුලක් ඇතිවිය.අනෙක් දෙවියන්ගේ දෝෂාරෝපන ඇසීමට කතරගම දෙවියන්ට සිදුවිය.කතරගම දෙවියන් ගරා යකාට බැන වැදුනේ යක්‍ෂ කේනිතියෙනි.
  කතරගම දෙවි - "ඈ බොල යකෝ මොකක්ද තෝ මේ කරපු වැඩේ.තෝ 
                            දේව සභාව සැරසුවෙ යක්කුන්ටද?"
 ගරා යකා  - "අනේ කතරගම දෙයියනේ මම හිතුවෙ මේව අපිට සුවද 
                     රසවත් දේවල් නිසා දෙයියොත් මේවට කැමති වෙයි 
                      කියල."
 කතරගම දෙවි - "අපොයි තෝ මාව කෑවා.ඉක්මනට මේව සුද්ධ 
                           කරපිය."
 ගරා යකා  -      "අනේ සමාවෙන්න ඕන කතරගම දෙයියො.ඉන්න මම 
                         මේව සුද්ධ කරන්නම්."


  මෙසේ කියා ගරා යකු සරසා තිබූ මස් වැදලි ඇටකටු ලෙවකන්නට විය.දෙවියන්ට මෙම දර්ශනයද අපුලක් විය.
    කෙසේ හෝ එදා සභාවට පැමිණි දෙවිවරු මස් දැකීම ,ආඝ්‍රාණය කිරීම නිසා ලෙඩ වන්නට විය.ශරීරය පුරා බුබුළු දමන්නට විය.තවත් සමහරුන්ට ශරීරය කහ වර්ණ ගැන්වී උණ ගත්තේය.පැපොළ,සරම්ප ආදී නම්වලින් හදුන්වන දෙයියන්ගේ ලෙඩ ඇතිවීම මෙලෙස ආරම්භ වූ බව ජනප්‍රවාදයේ ඇත.
    දෙවියන්ට ඇතිවූ මෙම ලෙඩ රෝග සුව කිරීමට ඉදිරිපත් වූයේ පත්තිනි මෑණියන්ය.ඇය පැමින ඈ සතු සළුවෙන් සත්වරක් පවන් සැලූ විට දෙවියන්ට සෑදුණු ලෙඩ රෝග සුවපත් විය. මිනිසුන්ටද මෙම දෙයියන්ගේ ලෙඩ සෑදුන විට පත්තිනි දෙවියන්ට පුදපූජා පවත්වන්නේ එබැවිනි.

11 comments:

කුරුම්නියා said...

නොදැන හිටපු ලස්සන කතාවක්....ස්තුතියි...මේ ලිපියට අදාල නැති දෙයක් උනත් මට තව මගේ පුද්ගලික කාරණයක් අහන්න පුලුවනිද...පොරොන්දම් ගැලපීම් වලදී මට මගේ යෝනි පොරොන්දමේ..ගැටලුවක් තියනවා...මගේ (පුරුශ ) කේන්දරේ තියෙන්නේ මුහම්දෙන(මුගට්දෙන )‍යෝජිත කේන්දරයේ (ස්ත්‍රී ) සැපිනි කියලා තමයි තියෙන්නේ...ඵ්ක ගැලපෙන්නේ නැහැ කියල මම කේන්දරය පරීක්සා කරපු කෙනත් කීව්වා...ඵ්ත් අපි දෙන්නා විවාහය ගැන ස්තිර තීරණයකට දැන් ආයුතුමයි...මේක ඉදිරි අනාගතයට ගොඩක නරකට බලපාවිද...මේ තත්වය ටිකක් හරි හොද පැත්තකට හරවා ගන්න ක්‍රමයක් කියන්න පුලුවන්නම් ගොඩක් පින්..ස්තුතියි..

කුරුම්නියා said...

මට හරිම සතුටුයි...මේ ප්‍රතිචාරයට බොහෝම පින්...මම මේල් කරන්නම්..ස්තුතියි..

jhothishalanka said...

@kuma
මම ඔයාලගේ කේන්ද්‍ර දෙක බැලුවා.පිරිමි කේන්ද්‍රය නිවැරදියි.ස්ත්‍රී කේන්ද්‍රය ඉපදී ඇත්තේ මීන,මේෂ ලග්න මායිමේ ඇය භාවිතා කරන ලග්නය(මීනද මේෂද යන්න)නැවත සදහන් කරනවාද?මට හිතෙන්නේ හරි ලග්නය මීනයයි.උත්තර දෙන්න කලින් කේන්දර වල හරි වැරදි බේරගෙන ඉන්න ඕන.

jhothishalanka said...

@kuma
ම්..... ඔයා මගෙන් උත්තරයක් බලාගෙන බ්ලොග් එකේ ගොඩක් වෙලා ඉදලා තියෙනවා වගේ.සමාවෙන්න ඕන යාළුවා මම වැඩ වල ටිකක් හිර වෙලා හිටියා.තාත්තට බෙහෙත් ගේන්නත් ගිහිල්ල මේ ආව ගමන්.

කුරුම්නියා said...

ගොඩක් ස්තුතියි....මට ලැබුනෙ මේශ හැටියට (මම පොරොන්දම් බලන්න දීපු කෙනා කියු පරිදි )..ඵ්ත් කේන්දරය හිමි කෙනාත් කියනවා මීන කියල..ඵ් කියන්නෙ මීන නම් ඵ් තරම් කලබල වෙන්න දෙයක් නැද්ද..අපි මින වලට හදල බලමුද...සමාවෙන්න..මම දැනට රටින් බැහැරව ඉන්නෙ...මෙහේ වෙලාව ටිකක් වෙනස්...ස්තුතියි..

jhothishalanka said...

@kuma
ගෑනු ළමයගෙ හරි ලග්නෙ මීන.යෝනි පොරොන්දම විතරක් නෙවෙයි ප්‍රධාන ග්‍රහ ගැලපීමත් මදියි වගේ.ඔයගොල්ලො යාළුවෙලා නම් පොරොන්දම් ගැන හිතල හිත නරක් කරගන්නෙ නැතිව ඕන කරදරයක් වෙද්දෙන් කියල කසාද බදින්න.යාළු වුනානම් පොරොන්දම් බලන්න යන්නම එපා.කරදර දෝෂ තියෙන්නේ විදින්න.දෝෂ අඩුකිරීමට ආගමික පිළිවෙත් කිරීමෙන් සහනයක් ගන්න පුළුවන්.මොනා වුනත් කේන්දර බලල තියෙන්නේ හොද පුරුදු කාරයෙක්.

Anonymous said...

"පොරොන්දම් ගැන හිතල හිත නරක් කරගන්නෙ නැතිව ඕන කරදරයක් වෙද්දෙන් කියල කසාද බදින්න.යාළු වුනානම් පොරොන්දම් බලන්න යන්නම එපා.කරදර දෝෂ තියෙන්නේ විදින්න."

නියම කතාව. අර කිවුවත් වගේ කරදර දෝෂ තියෙන්නේ විදින්න. ඒවගෙන් පැනලා යන්නෙ බයගුග්ලො. ආදරෙන් තෙරුවන් ගැන විශ්වාසෙන් ඉන්නවා නම් ග්‍රහයෙන්ට බෑ වෙන් කරන්න.......

කුරුම්නියා said...

ඔබගේ වටිනා අදහස් ඉතා අගය කරමි...ඵ් වගේම subashblog මිතුරාටත් ගොඩක් ස්තුතියි..ජීවිතය කියන්නෙ විඳලම බලන්න ඕන..ඵ්ක ඇත්ත.. ආගමට දහමට යොමුවීම තුලින්වත් අපි අපේ පූර්ව කර්ම වලින් වෙන්න තියෙන බලපැම් අඩුකර ගන්න ඕන..ඔබට ගොඩාක් පින්...

Sagara said...

යාළුවෙලා සෑහෙන්න කල් ඉඳලා කේන්දර හරියටම ගැළපෙනවද කියලා බලන එක දෙන්නටම කරගන්න අසාධාරනයක්. මමත් අවුරුදු 10ක් ආදරය කරලා කේන්දර බලලා බඳින්න ගියා. ගැලපෙන්නෙ නෑ. ඔන්න ඔහේ අපි බැන්ඳා. දැන් අවු. 07ක් වෙනවා. ප්‍රශ්ණ ඇතිවුනත් ඒවා සාකච්චා කරලා විසඳ ගන්නවා. දෙන්නා අවබෝධයෙන් ධාර්මිකව කටයුතු කලාම ගොඩක් දේවල් විසඳගන්න පුළුවන්.

ගරායකා said...

වැ‍රැද්ද නම් ම්ගේ නෙමේ ඕන්! මම කලේ උදව් කරන්න හදපු එක නෙව. මම දන්නෑ නේ දේව සභා සරසන විදිහ!

Anonymous said...

ගොඩාක් වැදගත් ලිපියක්...... දෙවියන්ගේ ලෙඩ උපත ගැන නොඇසුණු පැත්තක්...... ඒ වාගේම රසවත් විදියට තියෙන නිසා කියවන්නත් කම්මැළිකමක් නෑ......

අමා...

Related Posts Plugin for WordPress, Blogger...