Tuesday, January 18, 2011

අහෝ "Etisalat" නොදුටි මොක්පුර.

  රූපවාහිනී,ගුවන් විදුලිය හා පුවත්පත් හරහා විවිධ පුද්ගලයන් හා ආයතන වරින් වර ජ්‍යොතිෂය විකුණන වවාගෙන කන අවස්ථා පසුගිය කාලයේ  දක්නට විය.
මීට පෙර ඔවුන්ගේ එම ක්‍රියාකාරකම් ගැන ලිපියක් දැක්වුවත්(බලපු නැති අය මෙතනින් බලා අමතක නොකර නැවත එන්න) ජ්‍යොතිෂය සාමාන්‍ය මිනිසුන් අතරට සංක්‍රමනය වීමේ යහපත ගැන සලකා එවැනි ලිපි බ්ලොගයට දැමීම අත් හලෙමි. නමුත් ජ්‍යොතිෂය වැරදි ලෙස භාවිතා කරමින් කරන වැඩ බලා සිටීමද කළ නොහැකිය.ඇත්තටම අද කියන්න යන කතාව බ්ලොග් එකට දැමීමෙන් පනින රිලවට ඉනිමං බැදීමක් එසේත් නැත්නම් නරක දෙයට තව තවත් ප්‍රචාරයක් ලබා දීමක් ලෙස ඇතැමෙකු මෙය දකින්න පුළුවන්.තවත් කෙනෙකුට මේක වැඩකට නැති විකාර ලිපියක් ලෙස පෙනෙන්නත් පුළුවන්.නමුත් කැත වැඩ පෙන්නන්ම ඕන.
     මේ නරක වැඩේ කරන්නේ "එටිසෙලාට්" සමාගම  හා එක්තරා ජ්‍යොතිෂවේදියකු එකතු වෙලා.පාරිභෝගිකයාට ජ්‍යොතිෂ පලාඵල දැක්වීමක් ලෙස තමයි කරන්නේ.(මේ වගේ ජ්‍යොතිෂ පලාඵල දැක්වීම් වෙනත් දුරකථන සිම්කාඩ් සමාගම් වලිනුත් කරනවා.ඒවා වුනත් හොදයි කියලා ලේඛකයා කියන්නේ නැහැ.නමුත් එටිසෙලාට් වැඩේ තිරිසන් ගතිය වැඩියෙන් තියෙනවා.) 567 ඇමතුම ඔස්සේ ලියාපදිංචි වෙලා තමන්ගේ උපතට අදාල උපන් දිනය, වේලාව, පලාත,දිස්ත්‍රික්කය අනුව පලාඵල දැක්වීමක් ලෙස තමයි මෙය කරලි ගත වෙන්නේ.ඇත්තටම ඕගොල්ලො කවුරුවත් මේකේ ඇත්ත නැත්ත පරීක්‍ෂා කරන්න බලන්න යන්න එපා කියල මුලින්ම කියන්න ඕන.නැත්නම් මේ ලිපියෙ ප්‍රයෝජන ලැබෙන්නෙ හොරුන්ටමයි.එටිසෙලාට් කරන මේ වැඩේ රට බොරුවක්.මේකට සම්බන්ධ ජ්‍යොතිෂවේදියාත් මුදල් වලට කෑදර කපටි තෙම්පරාදු පුද්ගලයෙක්.මේකේ පලාඵල විස්තර පදනම් වෙලා තියෙන්නේ උපන් දත්ත අනුව පරිඝනක ජ්‍යොතිෂ මෘදුකාංගයකින් ලග්නය,නැකත,දශාව ගනනය කරලා ඒ ඒ කොටස් වලට(ලග්නය,නැකත,..)අදාලව පටිගත කරන ලද පලාපල කොටස් එකතු කරලා සේවා දායකයාට අසන්න සැලැස්වීමයි.මෙයින් ලැබෙන ලග්නය,නැකත ආදිය නිවැරදියි.එයත් උපක්‍රමයේ කොටසක්.මොකද එතකොට පලාඵලත් හරි ඇති කියන මානසිකත්වයට අසන්නා පැමිනෙන නිසයි.නමුත් මෙම පලාඵල විස්තර සම්පූර්ණයෙන් වැරදියි.නිකං බොරු වර්ණනා විතරයි.ඔන්න මෝඩයන්ටනම් හොදයි.එක සැරේකට කැපෙන්නේ රු. 5ක් විතරක් වුනත් බොහෝ පිරිසක් මෙයට සම්බන්ධ වුනොත් විශාල මුදලක් අදාල සමාගමට ලැබෙනවා. අර ජ්‍යොතිෂවේදියාටත් ලොකු මුදලක් දෙනවා ඇති.මොනා වුනත් මේ වැඩ වලින් වෙන්නේ උසස් සාස්ත්‍රයක් අගෞරවයට පත්වීමයි.

3 comments:

jhothiratna said...

ඔව් වැඩේනම් කැතය් තමය් .මම ඔය අද්වෙර්තිඑස්මෙන්ත එක පත්තරයක දැක්ක. හැබැය් ඔය කියන ජ්හොතිර්වෙදියගේ (ආධ්යාත්මවෙදියගේ ) ජ්හොතිෂ දැනුම ගැන නම් මට ප්‍රශ්නයෙක් නැහැ. මීට අවරුදු කීපයකට ඉස්සර අද රටේ තියෙන අඳුරු තත්වය ගැන අනාවැකි මේ පුද්ගලය කරලා තිබ්බ.

dinesh said...

මේ වාගෙ වැඩ ගැන කස්ටිය දැනුවත් කරණ එකනම් ලොකු දෙයක් සහෝ.මොකද අපි උනත් ජ්‍යෝතිෂ කරුණු ගැන එච්චර නොදන්න හින්ද අහල බලන්න හිතෙන සම්භාවිතාව වැඩියිනෙ.
ස්තුතියි දැනුවත් කිරීමට.

Akhila said...

එටිසලාට් ගැන දැනුවත් කළාට ස්තුතියි, කොහොමත් මුස්ලිම් වෙළෙන්දන් එක්ක ගනු දෙනු කරද්දී සැහෙන්න හිතල බලන්න ඕන.
පත්තරවල යන පලාපල විස්තර හදාගන්න හැටිද මේ ලිපියේ තියෙන්නේ, පොඩ්ඩක් දැනගන්න පුලුවන්ද.

Related Posts Plugin for WordPress, Blogger...