මෙහි පලමු ලිපිය මෙතනින් බලන්න
කණුව වටා පමනක් ගමනේ යෙදෙන ආගමික මූලධර්ම මෙන්ම ජ්‍යොතිෂයද එහි ආරම්භක අවදියේ පැවති තත්ත්වයේම තිබෙමින් දියුණුවට පත්නොවන ශාස්ත්‍රයක් බව ජ්‍යොතිෂය ප්‍රතික්ෂේප කරන්නන් මතු කරන තර්කයකි.මෙහි ආරම්භක ලිපියේදී දැක්වූ පරිදි ජ්‍යොතිෂය යනු අතීත සිද්ධාන්ත මතම එල්බී සිටිය යුතු ඊනියා ශාස්ත්‍රයක් නොවන බව නැවත අවධාරණය කළ යුතුය.ජ්‍යොතිෂය යනු හුදෙක් එක් ශාස්තෘවරයකුගේ දායකත්වයෙන් බිහිවුවක් නොවේ.එහි ප්‍රධාන සංඝටක වූ
1) ජන්ම කේන්ද්‍ර ජ්‍යොතිෂය
2) වෛද්‍ය ජ්‍යොතිෂය
3)නක්ෂත්ර ජ්‍යොතිෂය
4)ලෝකායතන ජ්‍යොතිෂය
5)තත්කාල ජ්‍යොතිෂය
ක්ෂෙත්රවල සිද්ධාන්ත සෑදී ඇත්තේ පුරාණ ඉසිවරු රැසකගේ සහභාගිත්වයෙනි.සමහර ක්ෂෙත්ර එක් එක් සාස්තෘවරයන් විසින් වෙන් වෙන් වශයෙන් ඉදිරිපත් කර ඇත.ඔවුනොවුන්ගේ සාස්ත්‍රීය ක්‍රම විවිධාකාරය.බටහිර ජ්‍යොතිෂයද මේ ආකාරමවේ.මේ අනුව බලන විට ජ්‍යොතිෂය යනු ඉගෙනීමට හා භාවිතා කිරීමට පමනක් සීමාවූ විෂයක් නොවන බව අවධාරණයවේ.නවීන විද්‍යාව මෙන්ම ජ්‍යොතිෂයද පර්යේෂණ වැනි ක්‍රියා මගින් වැඩි දියුණු කල හැකි මෙන්ම නව සොයාගැනීම් ආදියට ලක්විය යුතු ලක්කල යුතු සාස්ත්‍රයකි.
මෙහි පළමු ලිපියෙන් දැක්වූ ආකාරයට විද්‍යාවේ නව සොයාගැනීම් නිර්මාණ ඉදිරිපත් වීමේදී ඇතැම් සිද්ධාන්ත පලමුව එය කල්පිතයක් ලෙසත් ඉන් පසුව පර්යේෂණ සාධක ඔස්සේ සනාථ වීමෙන් එය භාවිතා වීමත් සිදුවේ.මෙහි විලෝම ආකාරයට ජ්‍යොතිෂයේදී සිදුකෙරෙන නිරීක්ෂණ පර්යේෂණ මගින් සනාථවන දැයක් නව ජ්‍යොතිෂ සිද්ධාන්තයක් ලෙස එළි දැක්විය හැක.
සම්භාවිතා හා සංඛ්‍යාන සිද්ධාන්ත යොදාගනිමින් සංඛ්‍යාන විද්‍යාඥයන් විසින් ජ්‍යොතිෂයේ දැනට භාවිතා වන සිද්ධාන්ත පිළිබදව වරින් වර පරීක්ෂණ පවත්වා ඇත.එම පරීක්ෂණ ගැන සලකා බැලීමට ප්‍රථම පර්ය්ෂණ නිරීක්ෂණ ඔස්සේ සම්භාවිතා සංඛ්‍යාන සිද්ධාන්ත සලකමින් කල්පිතයක් ක්රමාණුකූලව ගොඩනැගෙන අයුරු සලකා බලමු.
1) පරීක්ෂණයෙන් ලැබුණු ප්‍රතිඵල විමර්ෂණය කිරීම.
2) එම ප්‍රතිඵල විමර්ශණය කිරීමේදී ඉතා පැහැදිලි ලෙස හා සාමාන්‍ය වශයෙන් පැහැදිලි ලෙස දැකිය හැකි සුවිශේෂී තත්ත්ව වෙන් වෙන් වශයෙන් සලකා බැලීම.
3) එම සුවිශේසී තත්ත්වය ඇති වීමට හේතුව අහඹුවක්ද ලෙසද එසේත් නැත්නම් නියැදිය තෝරා ගැනීමේදී දත්ත සටහන් කර ගැනීමේදී හෝ වෙනත් හේතුවකින් ඇතිවූ තත්වයක්දැයි විමසීම
4) වෙනස් තත්ත්ව නියැදියේ ස්වභාවය ස්වරූපය ප්‍රමාණය වෙනස් කරමින් වෙනස් තත්ත්ව යටතේ නැවත නැවත පරීක්ෂණය සිදු කරමින් ප්‍රතිඵල නිරීක්ෂණය කිරීම.
5) එම සෑම අවස්ථාවකදීම පොදු ලෙස ඉතා පැහැදිලිව හා සාමාන්‍ය වශයෙන් පැහැදිලිව දැකිය හැකිවූ සුවිශේෂී ප්‍රතිඵල ,නිරීක්ෂණ,තත්ත්ව කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීම.
6) සම්භාවිතා හා සංඛ්‍යාන විද්‍යාවේ භාවිතා කෙරෙන ගණිතමය හා වෙනත් ක්‍රම විදි භාවිතා කරමින් ඉහත පරීක්ෂණයේ සුවිශේසී ප්‍රතිඵලයත් ඇසට නොපෙනෙන සැගවී ඇති වෙනත් සුවිශේෂී නිරීක්ෂණ ප්‍රතිඵල සලකා බැලීම.
7) කල්පිතය ලෙස ලැබුණු සුවිශේෂී ප්‍රතිඵලය වෙනත් පර්යේෂණ සාධක ඔස්සේ නැවත නැවත සලකා බලමින් තහවුරු කර ගැනීම.(මෙහිදී සංඛ්‍යාන ක්‍රම මෙන්ම වෙනත් විද්‍යාත්මක ක්‍රමවේදයන්ද භාවිතා වේ.)
සංඛ්‍යාන හා සම්භාවිතා ක්‍රම ඇසුරෙන් සිදුකෙරුනු ජ්‍යොතිෂය හා බැදුනු පරීක්ෂණ කිහිපයක් හා ඒවායේ සුවිශේෂි නිරීක්ෂණ ප්‍රතිඵල අනුව බිහිවූ කල්පිත පිළිබදවත් ඒවා ඉපැරණි ජ්‍යොතිෂ සිද්ථාන්ත සමඟ සන්සන්දනය වූ ආකාරය පිළිබදවත් විස්තරයක් පහත දැක්වේ.
* සුවිස් ජාතික සංඛ්‍යාන විද්‍යාඥයකු වූ කේ.ඊ.ක්‍රාෆ්ට් විසින් සුරීච් හි සජීවි සංඛ්‍යා ලේඛන භාවිතා කරමින් මිනිස් උපත් සදහා සදුගේ බලපෑමේ ඇති පහත දැක්වෙන සුවිශේෂී තත්ත්ව නිරීක්ෂණය කලේය.
1)දවස පුරා ගැහැණු දරුවන්ගේ උපත් ව්‍යාප්තිය පිරිමි දරුවන්ගේ උපත් ව්‍යාප්තියට වඩා බෙහෙවින් විදිමත්ය.
2)සදු මධ්‍යාහ්න රේඛාව පහලට ගමන් කිරීමෙන් විනාඩි 40 කට පසු උපදින දරුවන්ගේ සංඛ්‍යාව සියයට 20-25 දක්වා අඩුවෙයි.එහෙත් සදු දේශාංශක පිහිටීමෙන් සිතිජයෙන් අංශක 60ක් කෝණගත ලක්ෂයකට ලඟා වූවිට උපත් සංඛ්‍යාව යළිත් වැඩිවෙයි.(මේ නිරීක්ෂණය උපත් 8218කින් ගන්නා ලද්දකි.)
3)සදු කුම්භ රාශියේ දෙවන රාශ්යාර්ධයෙහි පිහිටි කළ උපත්හි පැහැදිලි පසුබැසීමක් දක්නට ලැබෙයි.එහෙත් සදු මීන රාශියේ පළමු වැනි අංශක 10 අතර පිහිටි කල උපත්හි හිලවු පිරිමැසීමක් ආකාරයට වර්ධනය වේ.
4) පුරසදට පිරිමි දරු උපත් ගනන අඩු වන අතර එහි උපරිමය පුර සඳින් දින දෙක හමාරකට පසු එළබෙයි.
5)සද දකුණේ සිට සූර්ය කක්ෂ තලයට ආසන්නවෙමින් සිටින කල උපත් ගනන වැඩි වෙයි.
6) පිරිමි දරු උපත් කෙරෙහි හිරුගේ වැඩි බලපෑමක් ඇත.අනෙක් අතට ගැහැණු දරුවන් කෙරෙහි වැඩි බලපෑම් කරන්නා සදුය.
ක්‍රාෆ්ට්ගේ මෙම නිරීක්ෂණ මහාසෘෂි පරාසර විසින් ඉදිරිපත් කරන ලද ප්රාණපාද සිද්ධාන්තයේ දැක්වෙන මානව උපත් නිශ්චිත පරතර වලදී සිදුවීම සමඟ සන්සන්දනය කලවිට සිතන්නට යමක් ඇත.
(මිනිසා කෙරෙහි ග්‍රහ බලපෑම් පිටුව 82,මහාචාර්්‍ය බී.වී. රාමන් පරිවර්තනය නාරාවිල පැට්රික්)
* මහාචාර්්‍ය බී.වී. රාමන් විසින් "The Astrological Magazine " සඟරාවේ 1969 සැප්තැම්බර් කලාපයට ලියූ ලිපියක "විවාහය සිදුවීමට වැඩි වශයෙන් බලපාන්නේ කිනම් මහ දශාවද" යන මැයෙන් සිදුකල පර්යේෂණයක විස්තර දක්වා ඇත.
එම පරීක්ෂණයේදී විවාහක පුද්ගලයන් 83 දෙනෙකුගේ විවාහය සිදුවන විට ගතවෙමින් තිබූ මහදශාවන් සලකා බලා ඇත.එහි ප්‍රතිඵල පහත දැක්වේ.
ග්‍රහයා(මහ දශාධිපති) සැබෑ වාර ගනන අපේක්ෂිත වාර ගනන
රවි 03 4.15
සදු 03 6.91
කුජ 01 4.84
රාහු 21 12.45
ගුරු 18 11.0
ශනි 11 13.14
බුධ 07 11.7
කේතු 03 4.84
සිකුරු 16 13.8
---------------------------------------------------------------------------
මුළු ගනන 83 83
---------------------------------------------------------------------------
මෙහිදී මහා දශාධිපති ග්‍රහයාගේ අපේෂිත වාර ගනන ගනනය කර ඇත්තේ සංඛ්‍යාන විද්‍යාත්මක ක්‍රමයක් ඇසුරිනි.කෙනෙකුගේ පරමායුෂ අවු 120 ක් ලෙස සැලකු විට ඉහත සදහන් පුද්ගලයන් 83 දෙනාගෙන් වසර හයක කාලයක් වෙන්වූ රවිගේ මහදශාව ඇත්තකු විමේ අපේෂිත ගනන = (6/120)x83 = 4.15
මේ ආකාරයට
සදු (10/120)x83 =6.91
කුජ (7/120)x83 = 4.84
රාහු (18/120)x83 = 12.45
.
.
.
මෙම ප්‍රතිඵල අනුව රාහුගේ මහා දශාව තුල විවාහ වීමේ අපේක්ෂිත අගය වූ 12.45 අසාමාන්‍ය ලෙස ඉක්වමින් රාහු මහ දශාව තුල විවාහ වූවන්ගේ සැබෑ අගය 21 ක් ලෙස ලැබී ඇත.මෙහිදී රාහු විසින් ගුරු හා සිකුරු යන ග්‍රහයන්ද අභිබවා යාම සාම්ප්‍රධායික ජ්‍යොතිෂ සිද්ධාන්ත වලින්ද පැහැදිලි කර ගත නොහැකිය.ශ්‍රී ලංකාවේ දෛවඥයන්ද මෙවැනි පරීක්ෂණයක් ශ්‍රී ලංකාවේදීද කල අතර එහි ප්‍රතිඵලද පුදුම සහගත ලෙස මීට සමාන විය.විවාහක පුද්ගලයන් 483 දෙනෙකුගේ ජන්ම පත්‍ර උපයෝගී කරගෙන K.M. KHAREGET නැමැති භාරතීය පර්යේෂකයකුද මෙම පරීක්ෂාව මෑත කාලීනව සිදු කල අතර එහි ප්‍රතිඵලද එලෙසම විය.අප වෙතට මංගල නැකැත් සෑදීමට බාර දෙන තරුණ තරුනියන් වැඩි පිරිසකටද රාහු මහා දශාවන් ගතවීම පැහැදිලිව දැක ගත හැකි කරුනකි.
මේ අනුව බලන විට "රාහු මහ දශාවේදී විවාහය සිදුවීමට වැඩි නැඹුරුතාවක් ඇත" යන නව ජ්‍යොතිෂ සිද්ධාන්තයක් මෙම සංඛ්‍යාන පරීක්ෂා ඇසුරින් ඉබේම කල්පිතයක් ලෙස බිහිවී ඇත.
* ප්‍රංශ ජාතික ගණිතඥයකු වූ පෝල් චොයිස්නෝඩ්, විවිධ ක්ෂෙත්රවල මහා ප්‍රාඥයන් 119 දෙනෙකුගේ හදහන් විමර්ශනයට ලක්කල අතර ඒ කිසිවකුගේ චන්ද්‍රයා වෘශ්චික රාශියේ නොවීය.(සදු වෘශ්චික රාශියේදී නීචය)එහෙත් තවදුරටත් සාමාන්‍ය පුද්ගලයන් 1450 කින් 140 දෙනෙකුගේ හදහනේ සදු වෘශ්චික රාශියේ විය.
(මිනිසා කෙරෙහි ග්‍රහ බලපෑම්,බී.වී.රාමන් පිටුව 85)
මෙම පරීක්ෂණය අනුව ශේෂ්ඨ බුද්ධිමතුන්ගේ ගති ලක්ෂණ පිහිටීමට සදු නීච වීම බාධා සහිතවන බව කියැවෙන ඉපැරණි ජ්‍යොතිෂ සිද්ධාන්තය පරීක්ෂණාත්මකව සනාථ වේ.
------ මතු සම්බන්ධයි. -------
8 comments:
ගොඩක් වටින ලිපියක්. මට සමහර කරුණු කාරනා නම් එච්චර තේරුනේ නෑ. මොකද මම ජ්‍යොතිෂය ගැන එච්චරම දන්නේ නැති නිසා වෙන්න ඇති. පලමුවෙනි ලිපියත් කියවලාම එන්නම් කමෙන්ට් කරන්න.
මම දෙපාරක් කියෙව්වා අයියේ..ඒත් තේරුම් ගන්න බෑ...
කොහොම මතක තියන් ඉන්නවද දන්නේ නෑ අප්පේ මේවා
ඇත්තමයි මචං මටත් වැඩිය තේරුනේ නෑ .. පේලියක් දෙකක් ඇරෙන්න අනික් ඒවා සේරම තේරුන්නෑ .. හැබැයි මට තේරුනා ජ්‍යොතිෂය කියන්නේ ඉගන ගන්න අමාරුම දෙයක් කියලා
ජ්‍යෝතිෂය ගැන මගේ දැනුම ගොඩක් අඩුයි. ඒත් මෙවැනි ලිපි මගින් අපිට ඒ අඩුව යන්තමට හෝ පිරවිය හැකියි. මගේ එක් බලාපොරොත්තුවක් තමයි, කවදා හෝ ජ්‍යෝතිෂය විශ්ව විද්‍යාල විෂයක් කරගන්න තියනවනම්. මේක ඉතාම වටිනා විද්‍යාවක් මෙහි තියන වටිනාකම අද කාලෙට ගොඩක් ගැලපෙනවා. අපේ නායකයො කවුරුත් මේ විෂයෙන් වැඩ ගන්නවා. හැබැයි ඔය එක නායකයෙක් තාම මේක දියුණු කරන්න හිතලා නැහැ.
ඔබට ජය!!!
ලිපිය නම් සෑහෙන දුරට තේරුම් ගත්තා. මේකේ සංඛ්‍යාන හා සම්භාවිතා ඇසුරෙන් පැහදිලි කර ඇති බැවින් කෙනෙකුට තේරුම් ගන්න අපහසු බව වැඩි වන්න පුලුවන්. හැබැයි මේවා ගැනත් පොඩි පැහැදිලි කීරීමක් කරන්න.
1) මොකක්ද වෛද්‍ය ජ්‍යොතිෂ කියන්නේ?.
2) රාශ්‍යාර්ධය කියන්නේ මොකක්ද?
ගොඩ දෙනෙකුගේ විවාහ රාහු මහ දසාවේ සිදුවනවා ඇති කියලා හිතනවා.
මගේ දෙමාපියන් විවාහ වෙලා තියෙන්නේ දෙදෙනාම රාහු මහ දසාව ගතකරන කාලයේ තමා. අක්කගේ විවාහය සිදුවන්න නියමිතව තියනවා. ඇය ගත කරන්නෙත් රාහු මහ දසාව තමා. ඔය මම කිව්වේ ඕක සනාථ කරන්න මම දන්න උදාහරන.
දැනට ජ්‍යෝතිෂය විශ්වවිද්‍යාල විෂයයක් වී හමාරයි. එය සෙ!න්දර්යය කලා විශ්ව විද්‍යාලයේ මෙම වසරේ අළුතින් ඇතුළු වූ අයට උඩරට නර්තනාංශයෙන් හදුන්වා දී තිබේ. ඔවුනට 2012 වසරේ සිට ජ්‍යෝතිෂය විෂයයක් වශයෙන් හැදෑරිය හැකිය. පස් දෙනෙකුට වඩා වැඩි පිරිසක් ඉල්ලුම් කළ හොත් ඉගැන්වීමට දැන් සියළු කටයුතු සූදානමින් පවතී. දේශන මෙහෙයවීම අප විසින් සිදු කරනු ලැබේ.
ගරු;රෝහණ වසන්ත මහතානනී;ජ්‍යෝතිශ ලංකා Web;
"පස් දෙනෙකුට වඩා වැඩි පිරිසක් ඉල්ලුම් කළ හොත් ඉගැන්වීමට දැන් සියළු කටයුතු සූදානමින් පවතී. දේශන මෙහෙයවීම අප විසින් සිදු කරනු ලැබේ." මේ පාඨය දැකිමෙන් අපි සතුටු වෙමු. ගරු මහතානනී: වීශ්ව විද්‍යාල නොවන ; මැදි වයස් වු අපටද, මේ වගේ පහසුකමක් සලසා දේ නම් බොහෝ පිං! අවසාන වශයෙන් හෝ නිදහස් අධ්‍යාපනයේ තව වරක්ද අපිට පිහිට වේමු! සුළු වශයෙන් හදාරන මේ ගරු වීෂය හි හරවන්, රසවත් භාවය නිසා මහත් වූ ආශාවක් දැන් පවතී. අපගේ ගෞරවනී ඉල්ලීම ඉවත නොදමන්න!
ස්තූතියි; පිං සිදු වේවා!
ජනක සහ ජ්‍යෝතිෂය හදාරන්න කැමති පිරිස
එම්. එම්. රෝහණ වසන්ත
විධායක අධ්යක්ෂ -
යාතුකාර්මික උපදේශන සේවය
පර්යේෂණ හා උපදේශන ඇකඩමිය
25, කුඩාවැල්ල උතුර, නාකුළුගමුව.
0714161082
wasantha2010@gmail.com
Post a Comment