Monday, June 6, 2011

ජ්‍යොතිෂය හා සම්භාවිතා න්‍යාය -3

   * උපතින් ඇමෙරිකානු ජාතිකයකු වුවද ඉපැරණි භාරතීය ජ්‍යොතිෂය මැනවින් උගත් බියුවෙල් හියුජන්ස් විසින් the Astrological magazine සඟරාවේ 1970 ජනවාරි කලාපයට ලියූ ලිපියකින් යම් පුද්ගලයකුගේ ජන්ම කේන්ද්‍රය හා මරණය සිදුවන දිනය හා වේලාව අතර සම්බන්ධයක් තිබේද යන්න  සොයා බැලීම සදහා ඔහු විසින් කරනු ලැබූ පර්යේෂණයක ප්‍රතිඵල දක්වා ඇත.ඔහුගේ මෙම පරීක්‍ෂණයට භාවිතා කර ඇත්තේ උපන් වේලාව හා මියගිය වේලාව නිභ්චිතව දන්නා ප්‍රසිද්ධ පුද්ගලයන් 80 දෙනකි.මෙම නියැදියට අයත් වූවන් අතර ලෝක ප්‍රසිද්ධ පුද්ගලයන්(මාටිං ලුතර් කිං,මාක්ට්වේන්,වින්ස්ටන් චර්චිල්,මහත්මා ගාන්ධි,...) රාශියක් විය.

  යම් පුද්ගලයකුගේ ජන්ම ලග්නය හා මරණ මොහොතේ උදාවූ ලග්නය අතර කිසියම් සම්බන්ධයක් තිබේදැයි පිරික්සා බැලීමේදී ලද ප්‍රතිඵල පහත රූපයේ දැක්වේ.
                     
  ඉහත වගුව අනුව පෙනී යන කරුණක් වන්නේ ජන්ම ලග්නයෙන් දසවැනි රාශිය උදාවන විට පුද්ගලයන් 12 දෙනෙකු මිය ගොස් ඇති බවයි.සම්භාවිතා නීතිය අනුව දවසේ ඕනෑම වේලාවක පුද්ගලයකු මිය යා හැකි බැවින් මෙහි අපේක්‍ෂිත සම්භාවිතා අගය 6.6 ක් විය යුතුය.මෙහිදී අපේක්‍ෂිත සම්භාවිතා සීමාව විශාල ලෙස ඉක්මවා යාම අනුව පෙනී යන්නේ උපන් ලග්නයෙන් දසවැන්න උදාවෙමින් පවතින කාල සීමාව මරණය සිදු වීමට ඉඩකඩ වැඩි බවය.එමෙන්ම මෙම පරීක්‍ෂණ ප්‍රතිඵල අනුව උපන් ලග්නයෙන් පස්වැනි රාශිය උදාවන විට මෙම මාරක බලපෑම අඩුය.
   හියුගින්ස්ගේ පරීක්‍ෂණයට රවි ,සදු හා කුජ ගමනද සලකා බලා ඇති අතර එම පරීක්‍ෂණයෙන් ලද නිරීක්‍ෂණවලින් අනාවරණය වූ කරුනු පහත දැක්වෙන පරිදි සංක්ෂිප්ත කොට ඇත.
  * පුද්ගලයකුගේ ජන්ම ලග්නයත් මරණ මොහාතේ උදාවූ ලග්නයත් අතර පැහැදිලි සම්බන්ධතාවක් ඇති අතර මරණ මොහොතේ සදු ජන්ම ලග්නයෙන් 7වැනි රාශියේ ගෝචර ගමන වැඩි නැබුරුතාවක් ඇත.ජන්ම හා මරණ කේන්ද්‍රවල රවි සමාන රාශිවල සිටීමත් වැඩි වශයෙන් යෙදී ඇත.
  * මරණය සදහා 3,8,10 භාව වල පැහැදිලි බලපෑමක් ඇත.
  * මරණය සදහා කුජ ග්‍රහයා ගෝචරයන් ලග්නයට ඒම 8,10 ස්ථාන වලට පූර්ණ දෘෂ්ථි වැටීම වැඩි වශයෙන් බලපායි.
  * මරණය සදහා රාහු ගෝචරයෙන් 8 වැන්නට පූර්ණ දෘෂ්ථි හෙලීම වැඩි වශයෙන් බලපායි.




  අතුල මංචනායක මහතා විසින් රචනා කරන ලද "ජ්‍යොතිෂ පර්යේෂණ සහ නාඩි සිද්ධාන්ත" කෘතියෙන් ලංකාවේ ප්‍රසිද්ධ පුද්ගලයන් වැඩි පිරිසකගේ ජන්ම හා මරණ කේන්ද්‍ර විශ්ලේෂණය කරමින් සිදු කල පරීක්‍ෂණයෙන්ද හියුගින්ස් පරීක්‍ෂණයට සමරූපී ප්‍රතිඵල ලැබීම දක්වා ඇත.මෙහිදී මංචනායක මහතා තෝරාගත් ප්‍රසිද්ධ පුද්ගලයන් අතරින් දසදෙනෙකුගේ 
    1) හිටපු අගමැතිඩඩ්ලි සේනානායක මැතිතුමා
    2) හිටපු අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමා
    3) හිටපු ජනාධිපති ආර්.ප්‍රේමදාස මැතිතුමා
    4) හිටපු ඇමති ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා
    5) හිටපු ඇමති ගාමිණී දිසාණායක මැතිතුමා
    6) ඩී.එස්. සේනානායක හිටපු අගමැතිතුමා.
    7)ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිතුමා
    8) වීර සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව මැතිතුමා
    9) නාලන්ද එල්ලාවල මැතිතුමා
   10) මහගම සේකර කාලාකරු

          ජන්ම කේන්ද්‍ර ඇසුරෙන් ඉහත නිරීක්‍ෂණ ලැබූ ආකාරය "ජ්‍යොතිෂ පර්යේෂණ සහ නාඩි සිද්ධාන්ත" කෘතියේ (30~38 ) පිටු මගින් දක්වා ඇත.




 * ජ්‍යොතිෂ විද්‍යාව අනුව බලන විට එකම දින එකම තැන ආසන්න වේලාවල උපන් පුද්ගලයන් දෙදෙනෙකුගේ ජීවිතයේ ඉරණම සමරුපී අයුරින් සිදුවිය යුතුය.සුවිස් ජාතික කේ.ඊ.ක්‍රාෆ්ට් නම් සංඛ්‍යාන විද්‍යාඥයා මේ පිළිබදව පරීක්‍ෂණයක් සිදු කලේය.
     1928 දී ක්‍රාෆ්ට් විසින් " Astro-Physiologic" නමින් පල කල පොතේ එකම දින එකම පැයේ උපන් දෙදෙනා හෝ තිදෙනා බැගින් වූ පුද්ගලයන් 72 දෙනෙකුගේ ලැයිස්තුවක් සකසා ඔවුන්ගේ මරණය සිදුවීම සලකා බලා ඇත.මෙම නිරීක්‍ෂණය අනුව නිත්‍ය ලෙසම ඔවුන් සම වයස් පමනේදී සමානාකාරයෙන් මරණයට පත්ව ඇත.මේ දත්ත ලබාගෙන ඇත්තේ බේල්ස් හා ජිනීවා නාගරික ජන ලේඛනයකිනි.ක්‍රාෆ්ට්ගේ කෘතිය එකල සුවිස්ට්සර්ලන්තය තුල උණු කැවුම් මෙන් අලෙවි විය.ජ්‍යොතිෂය ප්‍රතික්ෂේප කල තාරකා විද්‍යාඥයන් පිරිසක් ඔහුගේ දත්ත වල සත්‍ය අසත්‍ය බව තර්ක කල විට ඔහු විසින් එය සත්‍ය වාර්තා බව අදාළ නාගරික ජන ලේඛන අනුව ඔප්පු කලේය. ප්‍රවීන ඉන්දියානු ජ්‍යොතිෂ පඩිවරයකු වන බී.වී. රාමන් මහතා විසින් රචිත "Planetary Influences on Human Affairs " හි සිංහල පරිවර්තනය වන "මිනිසා කෙරෙහි ග්‍රහ බලපෑම්" කෘතියේ ක්‍රාෆ්ට්ගේ ලැයිස්තුවේහි උදාහරණ කීපයක් දක්වා ඇත.(පහත රූපය.)
                                                             
  ක්‍රාෆ්ට්ගේ පොතේ ඇති සියළු විස්තර මීට සමරූපීය.එකල එය ජනතාව අතර ජනප්‍රිය වීමට ප්‍රධාන හේතුවක් වූයේ එකම දිනයේ ස්ථානයේ ආසන්න වේලාවල උපන් අයගේ මරනයන් වල සමාන කමක් පැහැදිලිව දිස්වීමය.


                --- මතු සම්බන්ධයි. ----

9 comments:

සංකල්ප said...

ගොඩක් වටින ලිපියක්. නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගත්තා. කලින් ලිපියට වඩා මේ ලිපිය ගොඩක්ම තේරුනා. ගොඩක් සංකීර්ණ කරුනු සරලව කියා දුන්නට ස්තුතියි.

රත්ගමයා said...

මරු නේ අර දහ දෙනාම මම දන්නවා... :))

හිස් අහස said...

ඇත්තටම කලින් ලිපියට වඩා මේ ලිපිය ආසාවෙන් කියෙවුවා මේක ටිකක් සරලයි ඇත්තටම ඉතින් මේවට අදහසක් දෙන්න තරම් අපිට දැනුමක් නෑ . අපිට මේ දේ දැන ගන්න වෙන තැනකුත් නෑ ..ලිපියට ස්තූතියි කියලා විතරක් යන්නම් ..

රාජ් said...

සම්භාවිතා න්‍යායට අනුව 80ක‍ ගේ විස්තර වලින් ඔය වැඩේ කරන්න බැහැ නේද?(කාසියක් 80 වතාවක් උඩදැම්මොත් සිරස හෝ අගය 40 බැගින් නෑවිත් 5ක 6ක වෙනසක් එන්න පුලුවන්.ඒක 1/2 වෙන්න වාර ගනන ගොඩක් වැඩි කරන්න වෙනවා.

- නිල් අහස - said...

සරලව තෙරුම් යන විදිහට ලියලා තියෙනවා.
දැන් හැමෝටම ටික ටික හරි තමන්ගේ කේන්දරේ බලා ගන්නත් පුලුවන් වෙයි..මේ ලිපි පෙල follow කලොත්... හරියට.

Dayal Bathee said...

මං හිතන්නේ ජෝතිෂයත් ඓතිහාසික දත්ත උඩ පරිනාමය වුනු දැනුම් විශේශයක්, ඒ නිසා දත්ත ඉදිරිපත්කිරීම හොඳයි! මේ අවස්තාවේ විදයානුකූලගතියක් පේන්න තියෙනවා.

janaka said...
This comment has been removed by the author.
මහේෂ් said...

මගේ පියාත් එදා “දක්ෂ ජෝතිෂ්‍යඥයෙක්“ වටිනා විෂයක් ඒත් අවාසනාවට මම ඒ විෂයට එදා කැමැත්තක් දැක්වූවේ නැහැ , ඒත් අද මගේ පියා ජීවතුන් අතර නැහැ , ඔබේ ලිපි කියවත්දි මම මගේ කුඩා කාළයට යනව වගේ සුන්දර හැගීමක් දැනෙනවා ,

පැහැදිලිව සහ වැදගත් ලෙස කරන ඉදිරිපත් කිරීම වෙනුවෙන්ද ස්තුතිය පුද කරමි ,

http://nursinglanka.wordpress.com
http://nursinglanka.blogspot.com/

jhothishalanka said...

@janaka
කේන්ද්‍ර කොටු මගින් පවුලක් නියෝජනය වීම ගැන සිද්ධාන්ත විස්තර දක්වා ඇතත් කොටු දොළහ වෙන් වෙන් වශයෙන් පවුල නියෝජනය වීමක් දක්වා නැත.කෙනෙකුගේ පවුලේ සාමාජිකයන් ඥාතීන් සම්බන්ධ විස්තර විමසීමේදී කේන්ද්‍රයේ ස්ථාන කීපයක්ම සම්බන්ධ වන අවස්ථා ඇත.


1) - තමාගේ සිතුම් පැතුම් බලාපොරොත්තු බුද්ධිය
2) - පවුලේ සියළුම සාමාජිකයන්
3) - බාල සහෝදර සහෝදරියෝ,පිය පක්‍ෂයේ නෑයෝ,අසල්වැසියෝ
4) - මව ,මව් පාර්ශවයේ නෑයෝ
5) -දරුවන්
6)නැන්දා මාමා (මවගේ පියාගේ සහෝදර සහෝදරියන්), මෙහෙකරුවන්
7) - විවාහ සහකරු,සහකාරිය
8) විවාහ සහකරු සහකාරියගේ ඥාතීන්
9) - පියා සමග ඇති සම්බන්ධය,ආච්චි සීයා
10) පියා,පිය පාර්ශ්වයේ ඥාතීන්
11)වැඩිමල් සහෝදර සහෝදරියන් ,තමාට උදවු කරන ඥාතීන්
12) තමාට වියදම් ඇති කරවන ඥාතීන්

Related Posts Plugin for WordPress, Blogger...