Saturday, June 18, 2011

සුභ නැකැත් සෑදීම 4

     ඉතා ඈත අතීතයේදී වැඩි වශයෙන් භාවිතා කෙරුණු චූල ජ්‍යොතිෂ ක්‍රම මේ වනවිට අභාවයට යාමේ ප්‍රවනතාවක් ඇත.වර්තමානයේ "තත්කාල නිමිති" ශාස්ත්‍රය ඉතා දරුණු ලෙස පසුබෑමකට ලක්වී තිබීමත් තමන් වෙතට සේවය ලබා එන්නන් වැඩි පිරිසක් විවාහ මංගල,ගෙවල් සෑදීම,කුඩා දරුවන්ගේ අකුරු කියවීම,කන් විදීම,බත් කැවීම.. ආදී මහා නක්‍ෂත්‍ර ක්‍රම භාවිතා කරමින් සෑදෙන නැකැත් බලාපොරොත්වන්නන් වීම චූල නක්‍ෂත්‍ර ක්‍රම භාවිතය අඩු වීමට ප්‍රධාන වශයෙන් බලපා ඇත.

                මේ සටහන ලියන මාගේ මව්පිය දෙපාර්ශ්වයම ජ්‍යොතිෂ පරාම්පරාවන්ට අයත් වූවන්ය. "මාබොටුවන අප්පුහාමි " ලෙස පැරැන්නන් හැදින්වූ මාගේ සීයා(මවගේ පියා) අතිදක්‍ෂ ජ්‍යොතිෂවේදියකු විය.ජ්‍යොතිෂය මෙන්ම ඉපැරණි පාරම්පරික ගුරුකම් ශාන්තිකර්ම පිළිබද දැනුම හැකියාව ඔහු සතුවිය.මගේ ආච්චි අම්මා(මවගේ මව) සීයාගේ ඇවැස්ස නෑනා විය.ඇයද ඒආකාරයෙන් ජ්‍යොතිෂය ප්‍රගුණ කළ තැනැත්තියක විය.සීයාව මා දැක නැතත් ආච්චි අම්මා මේ මෑතක් වනතුරුම ජීවත් විය.ඇල්පිටිය ප්‍රදේශයේ ආච්චි අම්මා විසූ කුඩා නිවසට "නිමිති ඇල්ලීමට" එකල ඒ අවට ප්‍රදේශයේ අය පැමිනෙනවා හොදින් මතකයේ ඇත.අපි කුඩා කාලයේ එහි ගිය විට ඇය විසින් නිමිති ඇල්ලීම සිදු කරන අයුරු දැක ඇත්තෙමි.කුඩා කාලයේ අපි දඟකාරයන් නිසා ඇය වැඩ කරන ස්ථානය වෙත යාම අපට තහනම් වුවත් ආච්චි අම්මා "නිමිති ඇල්ලීම" සිදු කරන අයුරු පසෙකට වී බලා සිටීම එකල මා ඉතා ආසාවෙන් කල දෙයකි.
    නිමිත්ත ඇල්ලීමට පෙර ආච්චි අම්මා ඒ සදහා අවශ්‍ය පොත්පත් ආම්පන්න සකසා ගනී.ඉන්පසු නිමිත්ත ඇල්ලීමට පැමිනෙන අය බුලත් අතක පඩුරු තබා ඇයට පිරි නමයි.ඒ වෙලාව් ඔරලෝසුවේ වෙලාව බලන ආච්චි අම්මා බුලත් අතේ ඇති බුලත් ගානද ගැන සටහන් කරයි.ඉන් පසු කුඩා කවඩි බෙල්ලන් කිහිපදෙනෙකු දෑතට ගෙන මොන මොනවදෝ කොදුරමින් මතුරා ඉන්පසු ඒ කවඩි බෙල්ලන් යම්කිසි පුවරුවක තබා එහා මෙහා කර නිමිත්ත ඇසීමට පැමිණි අයගෙන් ප්‍රශ්ණ කීපයක් අසයි.එය බොහෝ විට මලක නමක් ඉලක්කමක් ආදී දෙයක් පැවසීමට කරන ඉල්ලීමකි.ඉන්පසු නැවත ඇගිලි ගනන් කරමින් මොන මොනවාදෝ මතුරමින් ක්‍රමානුකුලව නිමිත්ත අල්ලන අතර ඒවායේ අනුපිළිවෙල මා හට මතක නැත.අවසානයේ නිමිත්ත ඇල්ලීමට පැමිණ ඇත්තේ නැතිවූ දෙයක්,ප්‍රාණියෙක් ගැන දැන ගැනීමට ආදී ලෙස පවසමින් නිමිත්ත ඇල්ලීම අරඹයි..නිමිති ඇල්ලීම බලා සිටින මා බොහෝ විට දැක ඇත්තේ ආච්චි අම්මා එලෙස පලමු වරට ආ කාරණාව ගැන කියන අවස්ථාවේදී නිමිති බැලීමට ආ බොහෝ අය එය අනුමත කරන බවයි.
            පසු කලෙක චූල නක්‍ෂත්‍ර ක්‍රම ඉගෙනීමේදී ආච්චි අම්මා නිමිති ඇල්ලීමට උපයෝගී කරගෙන ඇත්තේ පඤච පක්‍ෂි ක්‍රමයෙන් ප්‍රශ්ණ විසදීම හා ඉන්ද්‍ර ගුරුළු ක්‍රමය හෙවත් ගරුඩ ශාස්ත්‍රීය ක්‍රම බව වැටහුනත් ඇයගෙන් එම ශාස්ත්‍ර කටයුතු ඉගෙනීමට මා හට හෝ අප පවුල්වල කිසිවෙකුට නොහැකි විය.
    මා විසින් ඉහත කරුණු දැක්වූයේ චූල නක්‍ෂත්‍ර ක්‍රම භාවිතය විහිදී ගොස් ඇති අයුරු පාඨක ඔබට වැටහීමක් ලබා දීම පිණිසය."නැකැත් සෑදීම" ලිපිපෙලෙන්  චූල නක්‍ෂත්‍ර ක්‍රම යටතේ ඉන්ද්‍ර ගුරුළු ක්‍රම හා පඤ්ච පක්‍ෂි ක්‍රම වලින් සරල කොටස් කීපයක් ඉදිරියේදී පල කරමි.මෙම ලිපිය යටතේ පඤ්ච පක්‍ෂි ක්‍රමයේම ව්‍යුත්පන්නයක් වූ( පඤ්ච පක්‍ෂයට යමයාගේ අවතාරය එක් කළ) "යමකාල නැකැත්" ක්‍රමය ගැන දැන ගනිමු.

                       යමකාල නැකැත්
   පඤ්ච පක්‍ෂයේදී යොදා ගන්න නාමඅක්‍ෂර වලට හිමි පක්‍ෂියාට ජය ලැබීම අනුව මෙම සුභ නැකැත් ක්‍රමය සකසා ඇත.මෙහිදී පක්‍ෂියා නියෝජනය වීම නාමාක්‍ෂරය අනුවවේ.දෛනෙකු හෝ කීප දෙනෙකු අතර අතර තරගයක් සටනක් ඇතිවන විට ජය ලබා ගැනීමට භාවිතා වන නැකැත් ක්‍රමයක් ලෙසට බොහෝ දුරට භාවිතාවේ.
   මෙම නැකැත් වලින් උපරිම ප්‍රයෝජන ලැබීමට තමාගේ නාමාක්‍ෂරය (පක්‍ෂියා) ජය ලබා  තමාගේ ප්‍රතිවාදියාගේ නාමාක්‍ෂරය(පක්‍ෂියා) පරාජය වන පරිදි නැකත තෝරා ගත යුතුය.
 නාමාක්‍ෂරය තෝරා ගන්න අයුරු
      තමාව (හෝ ප්‍රතිවාදියාව) ඇමතීමට යොදා ගන්න නාමයේ මුල් අක්‍ෂරයෙන් බිදෙන ස්වර අක්‍ෂරයයි.
  උදාඃ 
        * සිරිල් යන්නේ මුලකුර "සි" යන්න ස්+ඉ යන්නෙන් සෑදී ඇත. එහි නාමාක්‍ෂරය ඉ යන්නයි.
       * ජගත් යන්නේ  ජ = ජ් +අ    නාමාක්‍ෂරය අ යන්නයි
        *රෝහණ      රෝ = ර් +ඕ   නාමාක්‍ෂරය ඕ යන්නයි
        * පාලිත    පා = ප් + ආ     නාමාක්‍ෂරය ආ යන්නයි.
        * මැගිලින්   මැ = ම් + ඇ   නාමාක්‍ෂරය ඇ යන්නයි.

  යමකාල නැකැත් පහත දැක්වේ.සතුරු පරාජ ක්‍රම දක්වා ඇතත් එය නරක නපුරු වැඩ සදහා යොදා නොගන්න.
   මෙම වේලාවන් දී ඇත්තේ සූර්ය උදාව උදේ 6.00 ලෙස ගෙනය.සූර්ය උදාව උදේ 6.00 ට වෙනස් වන විට අදාළ විනාඩි ගනන අඩු වැඩි කර ගනිමින් මෙම වේලාවන් සංශෝධනය කරගත යුතුය.
  උදා -සූර්ය උදාව උදේ 6.06 වන විට උදේ 7.12 නැකැත් වේලාව 7.18 ලෙසත් සූර්ය උදාව 5.54 විට උදේ 7.12 නැකැත් වේලාව 7.06 ලෙසත් ගත යුතුය. අනිකුත් වේලාවන් සංශෝධනයද මේආකාරයටමවේ.



      

ප.ලි.
    බෝ කොලය බෞද්ධ අපගේ පූජනීය වස්තුවකි.පැරණි ශාස්ත්‍රීය ක්‍රමයක ඇති දෙයක් දැක්වූවා මිස ආගමික සිතුවිලි පටලවා ගැනීමක් කර නොගන්න.

12 comments:

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ said...

බොහොම වටිනවා ඔබ මේ නරන හොද ක්‍රීයාවට තවත් ඉදිරියට යන්න !සුබ පතනවා මේ දඟයත් ඔබ හට...ඔබට ජය!!!

සංකල්ප said...

අනිත් ලිපි වගේම බොහොම වටින ලිපියක්. මම චින්තක මධුරංග. එතකොට මගේ නාම අක්ෂරය 'ඉ' අකුර නේ.

jhothishalanka said...

@මධුරංග
තමාව ඇමතීමට අනිත් අය වැඩිපුර යොදා ගන්න නම තමයි යොදා ගන්නේ.

Anonymous said...

meke eka eka ewwa adala ewwa kadala hari irala hari yanna kiyanne api adala kola wala e rupaya adiya yuthuda?tikak e gana kiyala denna.pahadili madi wage e tika.

jhothishalanka said...

@Anonymous
යමකාල නැකැත භාවිතා කරන්නේ ගමන පිටත්වන වෙලාවටයි.රූප ඇදල,බිදල කරන වැඩ නැකැත් වෙලාවට මොහොතකට කලින් කල යුතුයි.

හිස් අහස said...

මම "සඳරු" මගේ නාමක්‍ෂරය "අ" නේද ? ඇත්තටම මේක ගොඩක්ම වැදගත් ලිපියක් .. මේගැන වැඩිය අදහස් දක්වන්න තරම් මට දැනුමක් නෑ ඒත් මම යන්තම් හෝ දෙයක් මේ ලිපියෙන් ඉගන ගත්තා ජෝතිෂ්‍ය ගැන

jhothishalanka said...

@සදරු
හරි හරි, සදරු කියනකොට නාමාක්‍ෂරය "අ" තමයි ස = ස් + අ

M. M. Rohana Wasantha said...

චූල නක්ෂත්‍රයේ පවතින රහස් හෙළි කර නොගෙන චූල නක්ෂත්‍රය භාවිතයට ගැනීම ඉතාමත් භාරදූර කාර්යයක් බව දැනුවත් කිරීමත් වැදගත් බව පෙන්වා දෙන්න
එම්. එම්. රෝහණ වසන්ත
0714161082

jhothishalanka said...

@ Wisdom for All
ඇත්ත තමයි චූල නක්‍ෂත්‍ර හොද නරක දෙකටම යොදා ගන්න පුළුවන්.හොද වැඩට යොදා ගන්න නරක වැඩට යොදාගන්න එපා කියල කිව්වට ඒක හැමෝම අහන්නෑනේ.

Anonymous said...

අය්යා නොදන්න කමට අහන්නෙ .. කරන කෙනාගේ අකුරඉ හතුරගෙ අකුරඉ එකම උනොත් ?

-Chinthaka-

Anonymous said...

ගෙදරකට මුල් ගල තියනකොට කලයුතු සිරිත් විරිත් මොනවාද?

jhothishalanka said...

Last Anonymousගෙදරකට මුල්ගල තැබීමට පෙර සිදුකල යුතු බහිරව පූජා හා වෙනත් ආරක්‍ෂණ වැඩපිළිවෙලක් ඇත.මෙහිදී බූමියේ ස්වභාවය හා තමාගේ හැකියාව අනුව තීරණය කිරීම වඩාත් හොදයි.සොහොන් පිට්ටනි,පාළු ඉඩම් ආදීයේ නිවෙස් තැනීමට පෙර බහිරව පූජාව තැබීම සිදු කරණවා.නමුත් අදකාලයේ බහිරව පූජා කරන්නන් ඉතා තිරිසන් අයුරින් මිනිසුන් ගසා කනවා.ඒ නිසා 2හාදින් සොයා බලා ශාස්ත්‍රය දන්න අයකු ලවා ඉඩමට ආරක්‍ෂාවක් කිරීම වඩාත් හොදයි.ජනාකීර්ණ වැනි ප්‍රදේශයක් නම් බහිරව පූජා ආදී ආරක්‍ෂණ ක්‍රම මුලින් කිරීම අත්‍යාවශ්‍ය නැහැ.නිවස සෑදීමෙන් පසුව වුවත් බහිරව පූජාව තැබිය හැකියි.

Related Posts Plugin for WordPress, Blogger...