Sunday, August 14, 2011

ස්ත්‍රී ජාතක චන්ද්‍රිකා - 3

මෙහි පලමු ලිපි දෙක


5) පාද නියපොතු ලක්‍ෂණ
             * ස්නිග්ධාඃ සමුන්නතාස්තාස්තාම්‍රාවෘත්තඃ නඛාඃ ශුභාඃ
          යම් ස්ත්‍රියකගේ සිනිදු,උස්වූ තඹවන් වට පාද නිය සුභ වෙති.


 6) පාද පිට(පිට පතුල්) ලක්‍ෂණ
             *රාඥීත්වසුචකං ස්ත්‍රීනාං පාදපෘෂ්ඨං සමුන්නතම්
           ස්ත්‍රියකගේ පාද පිට උස් වූයේද ඒ ස්ත්‍රී රාජබිසව සමවේ යැයි කියයි.

             * අස්වෙදමශිරාඨ්‍යං ච ම සෘණං සෘදු මාංසලම්,
                දරිද්‍රා මධ්‍යභග්නෙන ශිරාලෙන සදාධවගා
              යම් ස්ත්‍රියකගේ පාද පිට දහදිය රහිත,නහර රහිත,සිනිදු මස් සහිත වූයේ නම් සුභවේ.පාද පිට මැද බිදුනේ(සෘජු නොවූ) වේද දිළිදුවේ.පාද පිට බොහෝ ගැට වේද සියළු කල්හි මඟ යන්නියකි.

 7)  පා ගැටයේ ලක්‍ෂණ
           රොමාඨේ‍යන භවෙත් දාසී නිර්මාංසෙන චදුර්භගා
           ගූඨො ගුල් ඵෞශිවා යොක්තා වශිරා ලෞසුවර්තුලෞ

  යම් ස්ත්‍රියකගේ පා ගැටය රෝම සහිත වීමෙන් දාසීවේ.මස් රහිත වීමෙන් අභාග්‍යවේ.පා ගැටය මස් සහිතව බොලටව ගැට රහිත වේද සුභවේ.

  8) පාදයේ පසුභාග(විලුඹ) ලක්‍ෂණ
                 සමපාර්ෂ්ණිශුභානාරී පෘථුපාර්ෂ්ණිශ්ච දුර්භගා
                 යම් ස්ත්‍රියකගේ විලුඹ සම වේද ඒ සුභයි.අසමාකාර(වෙන්වූ) විලුඹ අභාග්‍යවේ.

                කුලමොන්නත පාර්ෂ්ණිඃ ස්‍යාද් දීර්ඝ පාරිෂ්ණිශ්ච දුර්භගා
                යම් ස්ත්‍රියකගේ විළුඹ උස්වේද ඒ ස්ත්‍රී වේශ්‍යාවේ.දිග්වේද දුක බජනය කරයි.

 9) කෙණ්ඩා ලක්‍ෂණ
          රෝමහීනෙ සමෙස්නිග්ධෙ යජ්ජංඝෙක්‍රමවර්තුලෙ
           සා රාජපත්නී භවති විශිරෙ සුමනොහරේ
       යම් ස්ත්‍රියකගේ කෙණ්ඩය රෝම රහිතද සම සිනිඳු වට වූයේද ඒ ස්ත්‍රී රාජ බිසව සමවේ.කෙණ්ඩය නහර රහිත වූයේද(ඉල්පී නොපෙනේද) ඒ උතුම් වේ.

           එකරොමා රාජ පත්නී ද්වි රෝමා ච සුඛාවහා
           ත්‍රිරොමා රොමකූපෙෂු භවෙද් වෛධව්‍යදුඃඛ භාක්
      යම් ස්ත්‍රියකගේ කෙණ්ඩයේ රෝමකූපයන්හි එක් රෝමය වේද ඒ ස්ත්‍රී රාජ බිසව සමවේ. රෝම දෙකක් වේද සැපදේ.රෝම තුනක්වේද දුක් විදින වැන්දඹු වන්නීය.

 10) දනහිස් ලක්‍ෂණ
               වෘත්තං පිශිතසංලග්නං ජානුයුග්මං ප්‍රශස්‍ය තෙ
               නිර්මාංසං ෙසෙවරඛාරිණ්‍යාදරිද්‍රායාශාව විශ්ලථම්
     යම් ස්ත්‍රියකගේ දෙදණ වටවූ මාංස සහිත වූයේද උතුම් වේ. යමෙකුගේ මාංස රහිත වූයේ වේශ්‍යා වේ. බුරුල් වූයේ දිළිදුවේ.

                      ---- මතු සම්බන්ධයි. ------

2 comments:

Anonymous said...

සමා වෙන්න මාතෘකාවෙන් පිට යනවාට. ඒ වගේම මේක විහිළුවක් නෙවෙයි අවංකවම අහන ප්‍රශ්නයක්.

පිරිමි අයකුගේ පපුවේ රෝම අඩුවෙන් වැවී ඇත්නම් හා පියයුරු වල ඇරියෝලාව (අඳුරු පැහැ පෙදෙස) වටා ඒකාකාරී රටාවක වලයාකාරව කරකැවුණු දිගු (අඟල් 3ක් පමණ)රෝම ස්ථීරව පවතින්නේනම් ඒ පිළිබඳව කියවුණු ජ්‍යෝතිෂ පැහැදිලි කිරීමක් තිබේද?

jhothishalanka said...

@Anonymous
ස්ත්‍රී දේහ ලක්‍ෂණ මෙන්ම පුරුෂ දේහ ලක්‍ෂණ ගැනද පැරණි පොත් පත් වල සදහන්වෙනවා.ස්ත්‍රී පුරුෂ අංග ලක්‍ෂණ පලාඵල සැකසී ඇත්තේ එක්නෙකට වෙනස් අයුරින්.කාන්තාවන් සම්බන්ධ විස්තර තමයි වැඩියෙන් සදහන් වී ඇත්තේ.ඔබ ඇසූ ගැටළුවට අදාළ දැනුවත් වීම මා සතුව දැනට නැත.සතියකින් විතර නැවත මෙතන ඇවිත් බලන්න.ඔය සම්බන්ධව දැනුවත් අයෙක් සිටිනවා.ඔහුගෙන් මා විස්තර අසා ඔබගේ ගැටළුවට පිළිතුරු දෙන්න බලන්නම්.

Related Posts Plugin for WordPress, Blogger...