Friday, August 5, 2011

උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන්ට විභාගයට පිටත්ව යාමට සුභ නැකැත්


  අ.පො.ස.  උ/පෙළ විභාගය මෙවර 2011 අගෝස්තු 8 සදුදා දින ආරම්භවේ.මෙම කඩඉම පාසැල් දරුවන්ගේ ඉදිරි අනාගතය තීරණය සුවිශේෂී සංධිස්ථානයකි.විශ්ව විද්‍යාල ප්‍රවේශය තීරණය වෙන මෙම විභාගය සමත්වී තමන්ගේ දරුවාත් උසස් අධ්‍යාපනයට යොමුවනු දැකීම බොහෝ දෙමාපියන්ගේ සිහිනයකි.දරුවන්ගේ අධ්‍යාපන හැකියාව උපතින් හා ඔවුන්ගේ කැපවීමෙන් පිහිටන දෙයකි.විභාගය ලියන සිසු සිසුවියන්ගේ උත්සාහයෙන් මිස යාග හෝම දෙවියන්ට පුද සත්කාර කිරීමෙන් හෝ යන්ත්‍ර මන්ත්‍ර මගින් පමනක් දරුවන්ගේ අධ්‍යාපන හැකියාවන් දියුණු කිරීම විභාග සමත් වීම කළ නොහැකිය.නමුත් ඉතා හොදින් වෙහෙස මහන්සි වී විභාග සමත් වීමට තරම් හැකියාවන් ඇති දරුවන් පවා මෙම විභාගය අසමත් වන අවස්ථා එමට ඇත.


    විභාගය ආසන්නව තිබියදී ඇති වන අසනීප,තුවාල අනතුරු හා වෙනත් පවුලේ කරදර බාධක මෙන්ම විභාගය ලිවීමේදී අධික ලෙස බියට පත්වීම කළබල වීම නිසාත් හැකියාවන් ඇති දක්‍ෂ සිසු සිසුවියන්ට බලාපාරොත්තු වූ තරම් විභාග ප්‍රතිඵල නොලැබීම විභාග අසමත් වීම් වලට මුහුණ දීමට සිදුවේ.
    මේ අනුව බලන විට විභාගයක් සමත් වීමට හැකියාව මෙන්ම වාසනාව තිබිය යුතු බව අමුතුවෙන් කිව යුතු නැත.කවුරුන් කෙසේ කීවත් විභාගයකට යාමට පෙර තමන්ගේ ආගමානුකුලව කටයුතු කර දෙමාපිය ආශීර්වාදය ලැබ සුභ නැකතකින් නිවසින් පිටත්ව යන දරුවන්ට අමතර ආරක්‍ෂා ප්‍රවේශමක් මානසික සුවයක් වාසනා බලයක් ලැබේ.විභාගය ලියන ප්‍රථම දිනයේදී විභාගය හොදින් කළහොත් ඉදිරි දිනවලදීත් සාර්ථකව විභාගයට මුහුණ දීමට සිසු දරුවන්ට ශක්තියක් ලැබේ.ඒ අරඹයා විභාගය ලියන දරුවන්ට විභාගය ලිවීමට නිවසින් පිටත්ව යාමට සුභ මුහුර්ත කීපයක් මෙම ලිපියෙන් දැක්වේ.
   එක් එක් විෂය ධාරා අනුව 8 වෙනිදා උදේ වරුවේ එක් කොටසකට විභාගය ආරම්භ වන අතර තවත් පිරිසක් 8 වෙනිදා හවස් වරුවේ ප්‍රථම වරට විභාගයට මුහුණදේ.වෙනත් දිනවල විභාගය ආරම්භ වන දරුවන්ටද මෙහි දක්වා ඇති පරිදි තමන්ට සුභ වේලාවන් තෝරා ගත හැක.නැකැත් ඉදිරිපත් කිරීමට පෙර විශේෂයෙන් දැක්විය යුතු කරුණු කාරණා කීපයක් පහත දැක්ව්.
   * විභාගයට පිටත්වීමට සුභ නැකැත් ගැනීමේදී විභාගය ආරම්භක දිනයේ පමනක් සුභ නැකතින් පිටත්වීම ප්‍රමාණවත්ය.  මෙහි නැකැත් දී ඇත්තේද එම ආකාරයටය.අනිත් දිනවලත් නැකැත් අනුව පිටත් වීම පහසුවෙන් කළ හැකි නම් තෝරා ගත්තාට කම් නැත.
   * විභාගයේ මුල් දිනය තමන්ගේ උපන් නැකතට සුභද අසුභද සෙවීමට උනන්දු නොවන්න.මෙම නැකැත් තෝරා ඇත්තේ සෑම දෙනාටම භාවිතා කළ හැකි සුභදායක අයුරිනි.
   * නිවසේ සිට විභාග ශාලාවට ඇති දුර අතර මඟ වාහන වලින් යාමේදී ඇතිවන ප්‍රමා වීම් මෙන්ම අනවශ්‍ය ලෙස වේලාසනින් පිටත් වීමද කරදර කාරී නිසා එම දෝෂ අවම වන අයුරින් නැකැත් තොරා ගැනීමට නැකැත් වේලා කිහිපයක් දී ඇත.නැකැත් වේලාවන් වේලාසන වැඩි අවස්ථාවලදී නැකත් වේලාවට නිවසින් එළියට බැස පසුව පිටත්වන්න
   * බොහෝ දෙනාට විභාගය ආරම්භ වන 8 වෙනිදා උදේ වරුවේ  විභාගය ලියන විට රාහු කාලය තිබීම සෑම සිසුවකුටම බලපායි.මෙය විභාග කාළ සටහණ සෑදූ අයගේ වරදකි.සෑම වසරකම සා.පෙළ  / උ.පෙළ සෑම විභාගයක්ම වාගේ සදුදා දිනයේ උදේ වරුව ආරම්භ කිරීම සිදු කිරීමෙන් ඔවුන් මෙය නැවත නැවත සිදු කරයි.
   * විභාගය සදහා පිටත්ව යාමේදී පෙරමඟ නිමිතිද වැදගත් වන නිසා තමන්ගේ දෙමාපියන් සහෝදර සහෝදරියන් වැනි තමන්ගේ අධ්‍යාපන දියුණුවට සැබවින්ම සතුටු වන සුභ පතන අය පෙර මගට හමු වී යාම හොදයි. විභාගය ලියන ඔබගේ දෙමාපියන් ඔබගේ විභාග ජයග්‍රහණය දැකීමට මහත් බලාපොරොත්තුවෙන් සිටී.තමන්ට එය වැටහෙන්නේ විභාගයෙන් ජයක් හෝ පරාජයක් ලැබුණු විට දෙමාපියන් සතුටු වනු හෝ දුක් වන ආකාරය දුටු විටය.(ලේඛකය මෙම අවස්ථා දෙකටම මුහුණ දී ඇත)එබැවින් තමාගේ මව පියා වැනි වැඩිහිටියකු සමඟ ප්‍රථම දිනයේදී පිටත්ව යන්න.එහි වචනයෙන් කිව නොහැකි අමුතු බලයක් ඇත.
   * විභාගයට පිටත්ව යන පළමු දවසෙ ආගමික චාරිත්‍ර සිදු කොට දෙමාපිය වැඩිහිටියන් දෙපා වැද ආශීර්වාද ලබා පිටත් වන්න.



  
 2011 අගෝස්තු 08 සදුදා
    උදේ වරුව(උදේ 8.30 විභාගය ආරම්භ වන අයට)
         උදේ (6.11 , 6.34 , 6.50 ) දකුණු හෝ උතුරු දිග බලා නිවසින් පිටත්වීම.
 6.34 වේලාව වඩාත් සුභයි.(මෙදින උදේ 7.35 සිට රාහු කාලය ඇති නිසා හා 7.05 සිට ශනි හෝරාව ආරම්භ වන නිසා ඉහත නැකැත් වේලාවන් වේලාසන වැඩි අවස්ථාවලදී නැකත් වේලාවට නිවසින් එළියට බැස පසුව පිටත්වන්න)

    දවල් වරුව (දවල් 12.30 විභාගය ආරම්භ වන අයට)
           උදේ (10.23 , 10.46 , 11.08 ) දකුණු හෝ උතුරු දිග බලා නිවසින් පිටත්වීම.
  උද් 11.08 වේලාව වඩාත් හොදයි.මෙදින උදේ 9.5 දක්වා රාහු කාලය තිබීමත් 9.5 සිට 10.5 දක්වා අඟහරු හෝරාව නිසාත් 10 පසුවී යාම වඩාත් සුභයි.විභාග ශාලවට යාමට බොහෝ කාලයක් යන්නේ නම් පමනක් නවය පසුවී යන්න.
---------------------------------------------------------------------------------
  2011 අගෝස්තු 09 අඟහරුවාදා
      උදේ 8.30 විභාගය ආරම්භ වන අයට
       උදේ ( 5.40 , 7.14 ) නැගෙනහිර හෝ උතුරු දිග බලා නිවසින් පිටත්වීම සුභයි.මෙදින උදේ    6-7 අතර අඟහරු හෝරාව නිසා එම වේලාව අතර පිටත් වීම සුභ මදියි.

    දවල් 12.30 විභාගය ආරම්භ වන අයට
            උදේ (10.8  , 10.34 ) උතුරු හෝ නැගෙනහිර දිග බලා නිවසින් පිටත්වීම( 10.34) වේලාව වඩාත් සුභයි.

---------------------------------------------------------------------------------
  
   2011 අගෝස්තු 10 බදාදා 
        උදේ 8.30 විභාගය ආරම්භ වන අයට 
          උදේ (6.11 , 6.22 , 7.34 ) උතුරු හෝ නැගෙනහිර දිග බලා නිවසින් පිටත්වීම
  
        දවල් 12.30 විභාගය ආරම්භ වන අයට
            උදේ (9.22  , 9.44 , 11.18 ) උතුරු හෝ නැගෙනහිර දිග බලා නිවසින් පිටත්වීම

---------------------------------------------------------------------------------

   2011 අගෝස්තු 11 බ්‍රහස්පතින්දා
       උදේ 8.30 ට විභාගය ආරම්භ වන අයට
         උදේ (6.12 , 6.22 , 6.45 ) උතුරු හෝ නැගෙනහිර දිග බලා නිවසින් පිටත්වීම.

                   



   

15 comments:

Anonymous said...

අගෝස්තු 21 ද කොහෙද ශිෂ්‍යත්වෙත් තියෙනව.එදාට මෙලෝ රහක් නැති බෙරණ නැකත නේද තියෙන්නේ?එදාටත් බලල නැකතක් දැම්මෝත් තවත් අයට ප්‍රයෝජනවත් වෙයි නේද?

Dr. R. A. R. P. Susantha (Ph.D) said...

ශිෂ්‍යත්වය විභාගේ දවසට විතරක් නෙමේ පුළුවන් නම් මේ දවස් ටිකම අපේ දරුවන්ට ගෙදරින් පිටත් වෙන්න වෙලාවන් කියන්න. මොකද මේක තමයි අපි කැමති වුනත් නැතත් ළමයෙක්ගේ ජීවිතේ එන ලොකුම කඩඉම. ඕක පැනපු අපේ තර්ක ඒ අසරනයන්ට වැඩක් නැහැ. තියන ඉස්තරම්ම නැකත් ටික දෙන්න. ලොකු පිනක්.

jhothishalanka said...

@all
තාම පහේ ශිෂ්‍යත්ව විභාගයේ කාල සටහන ඉන්ටනෙට් දාලා නැහැ.දාපු ගමන් ඒකටත් නැකතක් දෙනවමයි.

Gimhani said...

බොහොමත්ම ස්තූතියි.. ඔබගේ ලිපිය මම යොමුකලා උසස් පෙල කරන සිසුන් වෙත.

සංකල්ප said...

අපේ පුංචි අම්මගේ පුතාත් මේ දවස්වල විභාග කරනවා. ඒ නිසා මම් මේ ටික එයාට මසේජ් කලා. ගොඩක් ස්තුතියි අයියා

විශ්ව (මගේ පිටුව) said...

ගොඩක් ස්තූතියි සහෝ..මමත් අපේ මල්ලිට මේක දුන්නා එහෙනම්..

Anonymous said...

Nekath hadanne kohomada kiyala article ekak danna puluwanda?

තිරිසනා said...

@Anonymous
නැකැත් හදන්ඩ ඉස්සෙල්ල ලිත බලන්ඩ ඉගෙන ගනින්

ikolonne said...

pls tell at what time is best on 09 Aug 11 in p.m.

jhothishalanka said...

@ ikolonne
ඔන්න ඔයාගේ ඉල්ලීම නිසා අඟහරුවාදා දවල් 12.30 විභාගය ලියන අයටත් ගෙදරින් යන්න වෙලාවක් දැම්මා.(ලිපිය බලන්න)

Anonymous said...

Nekath hadanne kohomada kiyala article ekak danna puluwanda? Please. Mage langa jothisya poth keepayak thiyenawa. eth nekath hadana heti ho eta adaala moolika karunu wath dena ganna puluwanda?
Ikmanata lebunoth hondai.

jhothishalanka said...

@Last Anonymous
නැකැත් සෑදීම ගැන ලදපද ඉදිරියේදී තවදුරටත් ලියවෙනවා.මීට කලින් චූල නෙක්‍ෂත්‍ර ගැන ලිපි ටිකක් ලිව්වා පහළ ඇති බලන්න
http://lankajhothisha.blogspot.com/2011/06/1.html

http://lankajhothisha.blogspot.com/2011/06/2_13.html

http://lankajhothisha.blogspot.com/2011/06/3_15.html

http://lankajhothisha.blogspot.com/2011/06/4.html

M. M. Rohana Wasantha said...

හොයාගන්න පුළුවන් නම් මුහුර්ථ චින්තාමනී පොත හොයාගෙන ටිකක් කියවල බලන්න. එහි යම් අදහසක් ගන්න පුළුවන් වේවි
එම්. එම්. රෝහණ වසන්ත. 0714161082

Anonymous said...

5 වසරේ ශිෂ්‍යත්ව විභාගයට යන ලමයින්ට සුදුසු නැකතක් හදල දෙන්ඩ පුලුවන්ද?

jhothishalanka said...

5 ශිෂ්‍යත්ව විභාගය පටන් ගන්නේ 21 වෙනිදා කීයටද කියල කමෙන්ට් කරන්න කාටහරි පුළුවන්ද?

Related Posts Plugin for WordPress, Blogger...