Saturday, August 13, 2011

බටහිර වැරහැලි ඇදගෙන මව්බිමේ පෙරලි කරන අපේ කාලයේ කළුසුද්දෝ

   "මතක තියා ගනිල්ලා කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා. උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ විසි තිස් දාහක් බෝකලාට පස්සෙයි.ඊට පස්සේ මේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දෝ. උන් උඹලගේ දරුවන්ට උගන්නාවි ජාති ආගම් යන බේදයක් එපා කියලා. දෙමලත් මරක්කලයත්, හම්බයත් කොච්චියත්, බෙර කාරයත් එකයි කියලා. උන් කියාවි මේ රට උන් ඔක්කොමටම අයිති කියලා. එහෙම කියලා උන් ඉංග්‍රීසියම රජ කරාවි. පන්සල් වටේ පල්ලි කෝවිල් හදාවි. උඹලා උඹලා වෙනුවෙන් දියසෙන් කුමාරයා ඉපදෙන තුරු බලා ඉන්නවා. උපදින්න ඉන්න දියසේන ලා තිඹිරි ගෙයිම මරා දමන්න මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා. අපේ හාමුදුරුවන්ට උන් එදාට ඉනා බේත් දෙනවා. ඉන් පස්සේ උඹලෑ කොල්ලෝ කෙල්ලන්‍ට ඇටි කෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ද වේවි."


    ඉහතින් දැක්වූයේ අනගාරික ධර්මපාල තුමා විසින් මීට වසර 85 කට පමණ පෙර කළ ප්‍රකාශයකි.එතුමා විසින් තමා ජීවත්ව සිටි කාලයේ රටේ ස්වරූපය සලකා බලා ඉදිරියේදී අපේ රටේ ඇතිවිය හැකි තත්ත්වය පිළිබදව පැවසූදේ අද වන විට කෙතරම් දුරට සත්‍ය වී ඇත්දැයි ඔබ අප සැමට  පැහැදිලිව දැක ගත හැක.
     ධර්මපාල තුමාගේ ප්‍රකාශයේ ජාති,කුල ආගම් වාදයක් හා අන්තවාදී ස්වරූපයක් පැහැදිලිව දැකගත හැකි වුවත් එතුමාගේ එම ප්‍රකාශයෙන් ඊට වඩා ගැඹුරුවූ අනාගත දර්ශණයක් පෙන්නුම් කර ඇත.මෙම ලිපියෙන් පාඨක ඔබට පවසන පණිවුඩය සදහා ධර්මපාලතුමාගේ ඉහත ප්‍රකාශය පාදක කර ගත්තේද එබැවිනි.
     ධර්මපාලතුමා පැවසූ ආකාරයටම අද වනවිට අපේ රට කළු සුද්දන්ගේ පාරාදීසයක් බවට පත්වී ඇත.අධ්‍යාපනය ඇදුම පැලදුම රැකියා සමාජ තත්ත්ව ආදී සෑම ක්‍ෂෙත්‍රයක් තුලම බටහිර සංස්කෘතියේ අනුකාරක තත්ත්වය මුල් බැස ඇත.
      මා මෙසේ පවසන විටම මෙය කියවන ඇතැම් අයට එකවරම සිතට පහළ වන්නේ "ඒක හරි කතාවක්නේ එතකොට මෙයා කියන්නේ දිනෙන් දින දියුණු වන ලෝකයත් එක්ක අපිත් දියුණු වෙන එක පැත්තක තියලා ආපසු රජකාලේ වගේ වැඩ කරන්න කියලද?ටයිකෝට් අතෑරලා අමුඩෙ ගහන්න කියලාද?කොම්පියුටරේ අතෑරලා ගල්ලෑල්ල,ගල්කුර,පුස්කොළ පොත,පන්හිද අතට ගන්න කියලද?බටහිර ක්‍රමයට මංගල උත්සව ගන්න එක අතෑරලා හදපානේ ගෑනු ගේන්න කියලද?ක්‍රොන්ක්‍රීට් සිමෙන්ති දාලා බිල්ඩින් හදන එක නවත්තලා කටුමැටි වලින් ගෙවල් හදන්න කියලද?හෑන්ඩ් ෆෝන් අයින් කරලා ඉස්සර වගේ හූ කියලා,මිනිස්සු,කුරුල්ලො අතේ පණිවුඩ අරින්න කියලද? " වැනි උපහාසාත්මක සිතුවිලිය.ලෝකයේ වෙනත් රටවල් දිනෙන් දින දියුණු වන විට පාරම්පරික ක්‍රම බදාගනිමින් හුදකලා ජාතියක් බවට අප පත් විය යුතු බවට අදහස් නොකෙලෙමි.අපිත් වෙනත් රටවල් සමඟ හරි හරියට දියුණුව කරා ගමන් කළ යුතුය.එම ගමන යාමේදී බටහිර දේවල් ලංකර ගැනීමටද සිදුවන නමුත් මා අදහස් කරන්නේ අපගේ සංස්කෘතිය ආගම දහම සිරිත් විරිත් රැක ගන්මින් එම ගමන යා යුතු බවයි.එමෙන්ම එම ගමන යාමේදී අපේ ජාතිය(මෙය ජාති වාදී අදහසකින් කීවා නොවේ.)කැපී පෙනෙන අයුරින් සිදු වීමද කල යුතුමය.
    ඇමෙරිකාව ජපානය වැනි රටවල් විද්‍යා හා තාක්‍ෂණ දියුණුව අතින් ඉහලින්ම සිටින බව අමුතුවෙන් කිව යුතු නැත.එම රටවල් තම අනන්‍යතාව විදහාපාමින් නවීන විද්‍යාව උපයෝගී කරගෙන නව නිපදවීම් සොයා ගැනීම් නිරතුරුව සිදු කරමින් ඉදිරියට යන අතර ජපානය වැනි පෙරදිග රටවල් කීපයක්ද බටහිර සංස්කෘතියේ ඇතැම් අංග(ඇදුම් පැලදුම් ආදී..) වැලද ගනිමින් වුවත් තමන්ගේ ජාතිකත්වය විදහාපාමින් දියුනුව ලගා කරගෙන ඇත.අපේ රට තුල මෙම තත්ත්වය ස්වභාවය ගැන මොහොතක් සිතන්න.බටහිර සංස්කෘතිය වැලද නොගෙන දියුණුව කරා යා නොහැකි යයි සිතන්නන්ගේ පැත්ත ගනිමින් මේ වන විට අපේ රටේ විද්‍යා තාක්‍ෂණ හා නව නිපැයුම් දියුණුව සලකා බලමු (අප දැනටත් ගත කරන්නේ ඉතා තදින් බටහිර අනුකාරකයන් වීමක් නිසා එම තත්ත්වය යථාර්තයක්ම වී ඇත.)
   අතින් හා මැෂින් මගින් ඇදුම් මැසීමේදී උපයෝගී කරගන්නා ඉදිකට්ට,හැට්ට කට්ට,අල්පෙනෙත්ත,බුදුන් පුදන හදුන් කූරෙන් පටන්ගෙන මහා පරිමාණයේ විදුලි යන්ත්‍රසූත්‍ර,රථ වාහන දක්වා එදිනෙදා භාවිතා කෙරෙන නිෂ්පාදන වල ලැයිස්තුවක් සැකසූ විට අපේ රටේ නිෂ්පාදන කෙතරම් සොයා ගත හැකිද?මුලින්ම සදහන් කල ඉදිකට්ට,හැට්ට කට්ට,අල්පෙනත්ත,හදුන් කූර පවා අපි ගේන්නේ පිටරටින් නොවේද?
   ස්වදේෂී නිෂ්පාදන ගැන ඉදිරියට තව කතා ඇත. එය මදකට නතර කොට අධ්‍යාපනය ගැන සලකමු.මෙහි තත්ත්වය ඉතා දුක්ඛිතය.100%ක් නොව 1000%ක් අපේ අධ්‍යාපනය බටහිර අනුකාරකයක් වී ඇත.(ඇත්තෙන්ම මෙහි අනුකාරක යන වචනයට වඩා ගැලපෙන්නේ වහල් යන වචනයයි.) ප්‍රාථමික අධ්‍යාපනයේ හා කලා සංස්කෘත ඉතිහාස,පුරා ගවේශන අංශවලදී අපි පරගැති ස්වභාවයෙන් මිදී ඇතත් විද්‍යා හා තාක්‍ෂණ අංශයේ ඉගෙනීම සැලකීමේදී අපි බටහිරයන්ගේ ඉදුල් කන්නන් බවට පත්වී ඇත. බටහිර විද්‍යාඥයන්ගේ පැරණි හා නව සොයා ගැනීම් පට්ට පතුරු ගසමින් ඒවා නැවත නැවත ඉගෙනීම කරවනවා මිස නව නිපදවීම් සොයා ගැනීම් වලට යොමු කරවන අන්දමේ අධ්‍යාපන ක්‍රමයක් අපට නැත.සාමාන්‍ය පෙළ උසස් පෙළ සිසුවාගේ සිට විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්ය දක්වා විද්‍යා කෙත්‍රයට සමිබන්ධ සියල්ලන් වැඩි වශයෙන් කරන්නේ ඉහතින් දැක්වූ පතුරු ගැසීම පමණි.කොටින්ම බටහිර විද්‍යාව නොතිබුනි නම් අපේ රටේ විශ්ව විද්‍යාල වල ආචාර්්‍ය මහාචාර්‍ය වරුන්ට රැකියාද නැත.බටහිර විද්‍යාඥයන් නව සොයා ගැනීමක් නිපදවීමක් කරනතුරු අත්බැදගෙන කටඇරගෙන බලා සිටින අපේ විද්වතුන් එවැනි අළුත් දේ පිළිබදව ඉගෙනගන්නේ එම රටවල අයටත් වඩා වේගයෙනි.ඉන් පසු එය අපගේ විද්‍යා විෂය නිර්දේෂ වලට ඇතුල් කර සිසුන් සමඟ ඒවා පතුරු ගැසීම අරඹයි.ඉගෙනීම අත්‍යාවශ්‍ය දෙයකි.එය වැරදියැයි නොකියමි.නමුත් ඉගෙනීම පමනක් නොව ඒවා භාවිතා කිරීමටද අපේ අය හුරු විය යුතුය.රටක් නියම ලෙස දියුණු වන්නේ එවිටය.ඇමරිකන් කාරයෙක් අළුත් විද්‍යා සොයා ගැනීමක් කළ විට ජපනා එය යොදාගෙන පරිඝනකයට හෝ ජංගම දුරථනයට සම්බන්ධ වන අළුත් උපාංගයක් නිර්මාණය කොට වෙළද පොළට නිකුත් කරයි.ඔවුන් එලෙස නව නිපැයුමක් කරන තුරු අපේ අය බලා සිටින්නේ වෙන මොකටවත් නොව ඒවා මිලදී ගැනීමටයි.එසේ මිලදී ගත් නව තාක්‍ෂණ උපකරණය බෙල්ලේ එල්ලාගෙන කෝච්චියේ බස් එකේ මඟ තොටේ හරි උජාරුවෙන් ගමන් කරන්නේ "දැන් අපිත් අළුත් තාක්‍ෂණය සමගින්" යනුවෙන් පවසමිනි.වෙන කතා පැත්තකින් තියමු අපේ රටෙන් බිහිවූ අන්තර්ජාතික මට්ටමේ විද්‍යාඥයන් සිටින්නේ කීයෙන් කීදෙනාද?මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම වැනි අන්තර්ජාතික මට්ටමේ "made in sri lanka" වියතුන් අද සිටිනවාද?සිංහල නම් ඇති විද්‍යාඥයකු වරින් වර දැකිය හැකි වුවත් ඒවා නිෂ්පාදනය වෙනත් රටවල් වලිනි.ඉදහිට අන්තර් ජාතික සමුළු සදහා අපේ රටේ විද්‍යාඥයන්ට ආරාධනා ලැබුනත් අනිත් රටවල විද්‍යාඥයන් ඉදිරි පෙල අසුන් ලැබෙන විට අපේ කෙනාට ලැබෙන්නේ කෙලවරේ මුල්ලක තැනකි.සමූහ ඡායාරූපයකදී වුවද අපේ කෙනා දැක ගැනීමට අත්කාචයක සහය අවශ්‍යවේ.
      ඇමෙරිකාව,ඔස්ටේලියාව වැනි රටවල් වල වාසය කරන රැකියා කරන හිතඥාතීන් ඔබටත් සිටිනවා ඇත.එවැනි රටවල වාසය කරන ඔවුන් මව්බිමේදී හා පිටරටදී හැසිරෙන ආකාරය මොහොතකට සලකා බලමු.මෙහිදී මා සදහන් කරන්නේ සෑම දෙනාම නොවන බව විශේෂයෙන් කිව යුතුය.අපේ රටේ කීර්ති නාමය විදෙස් රටවල් තුල පතුරවන වැදගත් ගුණ යහපත් මිනිසුන් එමට ඇත.එමෙන්ම මාස 6ක් පිටරට ඉද ලංකාවට විත් සිංහළ බාසාවත් අමතක වූලෙසට කටයුතු කරන උඩගුවන්ද සිටිති.මා අදහස් කලේ මෙම දෙකොටසම නොවේ.ඔවුන් ඉවත් කල පසු සාමාන්‍ය ලෙස දිගු කාලයක් බටහිර රටවල් වල සාමාන්‍ය දිවි ගත කරන අය මොහොතකට සලකා බලමු.මෙහි කලින් සදහන් කළ පරිදි එවැනි රටවල සිටින අපේ අයගෙන් වැඩි සැලකීමක් ගෞරවයක් ලබන්නේ ඉතා සුළු පිරිසකි.බටහිර රටවැසියන් අතරදී තමන්ට මුහුණ දීමට සිදුවන අසීරු අපහසුතා නිසා ඇති වන මානසික පසුගාමීත්වය තුරන් කරගැනීමට හා වෙනත් හේතුකාරක නිසා අපේ අය බටහිර රටවලදී මව්බිමේ සංස්කෘතිය තාවකාලිකව ආරූඩ කර ගනිමින් සුද්දන් ඉදිරියේ රංගනයේ යෙදෙති.ලංකාවේදී පන්සලකට පය නොගහපු අය පන්සල් හොයාගෙන යති.සිංහල බෙහෙත් බොති.අවුරුදු කාලෙට සුද්දන්ට පේන්න රෙද්ද හැට්ට සරම් බැනියම් ඇදගෙන අවුරුදු උත්සව සමරති.කොටින්ම අපේ රටේ ආගම සංස්කෘතිය සදාචාරය ගැන සුදද්දන් සමඟ මහ ඉහලින් කතා බහ කරති.නමුත් ඔවුන් කෙටි නිවාඩුවකට ලංකාවට ආ විට අප ඉදිරියේ හැසිරෙන්නේ පිටරට වාසය කිරීමට ලැබීම මහා වාසනා බලයක් ලෙස හුවා දක්වමිනි.මිහිපිට ස්වර්ගය ඇත්තේ බටහිර බව කියති.ඇදුම් පැළදුම ගමන බිමන මෙහිදී සුද්දා මෙනි.එතරින් නතර නොවී අපේ පැරණි ආගමික සංසකෘතික චාරිත්‍ර වාරිත්‍ර විවේචනය කරති ඒවා වැදි යුගයේ චාරිත්‍ර ලෙස දක්වමින් ගරහති.තමා හා තමාගේ වැඩිහිටියන් දෙපයින් නැගී සිටියේ එම සිරිත් විරිත් වලට පින් සිදු වන්නට බව ඔවුන්ට වැටහීමක් නැත.
      බටහිර වැරහැලි ඇදගෙන ලංකාවේ උඩපනින කළුසුද්දන් දකින අළුත් පරම්පරාවේ අයද මේවාට රැවටෙති.එම වැරහැලි වලට යටින් ඇති යථාර්තය විනිවිද දැකීමට අපොහොසත් වන ඔවුන්ද "ලංකාවේ ඉදලා වැඩක් නෑ යුරෝපයේ රටකට පැනගත්තොත් ගොඩම තමයි." යන මානසිකත්වයට ඉබේම පත්වේ.මෙය කියවන ආදරණීය සයිබර් සොයුරණි මෙවැනි පහත් මානසිකත්වයකට ඔබ කවදාවත් පත් නොවන්න.එදා අනගාරික ධර්මපාල තුමා පැවසූ "කළු සුද්දාගේ අවතාරය" මෙයයි.දැනට රටේ පවතින තත්වය අනුව උපාධිදාරීන් වැනි සුදුස්සාට සුදුසු තැන නොලැබී මුදලට අල්ලසට තනතුරු නුසුදුස්සන්ට ලැබීම සිදුවුවත් ඒවාට කලකිරී තමන් උපන් හැදුනු වෑඩුනු අධ්‍යාපනය ලැබූ රටට සේවයක් නොකොට රට හැරයාම අනුවන කමකි.එමගින් ඔබටත් ඔබගේ දරුවන් පවුලේ අයටත් ආර්ථික අතින් සැපවත් දිවියක් ගත කිරීමට මඟ පෑදුනත් ජාතික ආගමික හා සංස්කෘතික වශයෙන් ඔබත් ඔබගේ පවුලේ අයත් විශාල පසුගාමිත්වයකට ලක්වේ.පෙරදිග සංස්කෘතියේ එක් කකුලකුත් අනෙක බටහිර සංස්කෘතියේත් තබා ගනිමින් එලොවටත් මෙලොවටත් දෙලොවටම වැඩකට නැති අහිකුණ්ඨක දිවියකට ඔබ හිමිකම් කියනු නිසැකය.
   ජ්‍යොතිෂය යනු 21 වැනි සියවසට නොගැලපෙන මිථ්‍යාවක් බවත් එවැනි සාස්ත්‍රයක් ගැන ලියවෙන බ්ලොගයක් සයිබර් අවකාශයට අවශ්‍ය නැති බවත් පවසන බොහෝ දෙනා එලෙස පෙරදිග-බටහිර දෙමුහුන්කරණයෙන් ජනිත වූ කළු සුද්දන්මය.ඕනෑම විෂයයක් පිළිබද විවේචනය හෝ වෙනත් අදහසක් ඉදිරිපත් කිරීමට ප්‍රථම එම විෂයය හොදින් හැදෑරිය යුතුය.ජ්‍යොතිෂය විවේචනය කරන බොහෝ දෙන එය කරන්නේ ජ්‍යොතිෂය පිළිබද දැනුම ශුන්‍ය මට්ටමක තබාගෙනය.එම විවේචන ඉදිරිපත් කරන බොහෝ දෙනා ඒ සදහා අදහස් දක්වන්නේ නවීන විද්‍යාව අනුව බලමිනි.ඔවුන් සිතන්නේ ජ්‍යොතිෂය කරන සියළු දෙනා හරක් බැලූ අය ලෙසිනි.ජ්‍යොතිෂය වැරදි ලෙස භාවිතා කරමින් මුදල් කඩා වඩාගන්නා කපටියන් නිසා ජ්‍යොතිෂය අද වන විට අඩු තක්සේරුවකට ලක්ව ඇත.ජ්‍යොතිෂය සේවයක් ලෙස ඉටු කිරීම සිදුකිරීමට උසස් ඥාණ ශක්තියක් විමර්ශන ශක්තියක් තිබිය යුතුය.වර්තමානයේ ජ්‍යොතිෂය කරන බොහෝ දෙනා මෙය සපුරා සිටී.නවීන විද්‍යව සලකමින් ජ්‍යොතිෂය විවේචනය කරන්නන් බ සිතා සිටින්නේ ජ්‍යොතිෂය කරන අයගේ තාරකා විද්‍යා දැනුම ශුන්‍ය බව හා තමන්ගේ තාරකා විද්‍යා දැනුම අනන්ත බවයි.නමුත් ඔවුන් බොහෝ දෙනෙක් නොදන්නවා වුනාට වර්තමාන තරුණ ජ්‍යොතිෂවේදීන්ගේ තාරකා විද්‍යා දැනුම ඉතා ඉහළ මට්ටමක ඇත.නමුත් ඔවුන් ජ්‍යොතිෂය පිළිබදව වාද විවාද තර්ක විතර්ක වලට අකමැත්තක් දක්වන්නේ විරුද්ධවාදීන්ගේ ජ්‍යොතිෂ දැනුම ශුන්‍ය වන බැවිනි.ජ්‍යොතිෂය පිළිබද විවේචන ඉදිරිපත් කරන අයකු සිටීනම් අනන් මනන් කීමට ප්‍රථමයෙන්ම ජ්‍යොතිෂයේදී පුද්ගල ජන්ම ලග්නය මූලිකව අර්ථ දැක්වෙන ආකාරය කොහෙන් හෝ නිවැරදිව ඉගෙන මෙතන කමෙන්ට් කරන්න.(මේ දැක්වූයේ ඉතා සරල දෙයක් පමනි.).ඉන්පසු තමාගේ විවේචනය ඉදිරිපත් කරන්න.එමෙන්ම ලාංකීය ජන සමාජය තුල ජ්‍යොතිෂය ප්‍රතික්ෂේප කරන්නකු අනුගමනය කලයුතු මුහුණ දිය යුතු අවසථා කීපයක් පහත දැක්වේ.ජ්‍යොතිෂය ප්‍රතික්ෂේප කරන්නා ඒ සියළුදේ කළ යුතුය.   නැතහොත් කරවිය යුතුය.
   1) තමාගේ හෝ තම දරුවෙකුගේ සුභ කටයුත්තකදී  හෝ සුභදායක ලෙස සිදුකලයුතු කටයුත්තකදී රහසින්වත් ජ්‍යොතිෂයේ පිහිට නොගත යුතුය.
   2) අළුත් අවුරද්ද සැමරීමේදී ජ්‍යොතිෂය භාවිතා වන නිසා අළුත් අවුරුදු දිනයදා තමා හා තම පවුලේ අය කිසිදු චාරිත්‍ර වාරිතයක් සිදු නොකොට සිටිය යුතුය.අඩුම තරමේ අන් අය එය සමරන ආකාරය දිහාවත් නොබැලිය යුතුය.
  3) ජ්‍යොතිෂය මිත්‍යාවක් බව නිතරම සජ්ජායනා කළ යුතුය.අන් අයටද ජ්‍යොතිෂයේ ඇති මිත්‍යාව වටහා දිය යුතුය.ජ්‍යොතිෂයට විරුද්ධ සංගම් වල සහාය ඇතිව "ජ්‍යොතිෂය මිත්‍යාවකි.එය විශ්වාස කිරීම හා භාවිතය තහනම් කොට විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළ යුතුය" යනුවෙන් ජනාධිපති ප්‍රමුඛ ඇමති මණ්ඩලයටත් විපක්‍ෂයටත් බලපෑම් එල්ල කල යුතුය.නැතහොත් කරවිය යුතුය.
  

17 comments:

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

විද්‍යාව කියන්නෙ බටහිරය කියල හංවඩු වක් ගහනව කියන්නෙම ඉතින් නව නිපැයුම් ගැන ඔබ කියන බන දේසනාව අන්තවාදි බයිලාවක් විතරයි කියන එක . විද්‍යාවට බටහිර නැගෙනහිරය කියල බේදයක් නැ . අනගාරික ධර්මපාලගේ ජාතී වාදි ප්‍රකාශයක් තහවුරු කරන්න කරුණු ඉදිරිපත් කරනවට වඩා ගත යුත්තක් නැති තරම් (පිට රට ගිහින් ඇවිත් බොරු සෝබන දාන අය ගැන කථාව හැර )

සිංහල අවුරුද්ද ජෝතිෂය විශ්වාස නොකරන කෙනෙකුට කරන්න බැරි කමක් නැ , ඒක අපේ රටේ සංස්කෘතිය .මම ජෝතිශ්‍යය බොරුය කියන්නේ නැ . හැබැයි මගේ අනාගත වැඩ වලට යොදාගන්නෙත් නැ (දෙමව්පියන් යටතේ ඉන්න කන් ඒ අයට උඩින් යන්න බැනේ ) . මගේ ජීවිතේ කවද හරි අන්තිමටම බලන නැකත තමයි විවාහ වෙන එක , ඒකත් දෙමව්පියන්ගේ බලපැම ඉවත දාගන්න බැරි උනොත් . ඒතනින් එහාට මොන මගුලකට වත් නැකත් බැලිල්ලක් නැ . ඒ නිසා දරුවෙකුගේ කටයුතු වලදි නැකත් බලනව තියා . දරුවන්ට කේන්දරයක් කියල එකක් හදන්නවත් බලාපොරොත්තුවක් නැ .

ඔබතුමා ඔබතුමාගෙ විශය ගැන ලියන දේවල් වලට මම කැමතියි . මම විශ්වාස කිරීම නොකිරීම එක දෙයක් . කෙනෙක්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ගරු කිරීම සහ නොදන්න දෙයක් කියවීම තව දෙයක්

jhothishalanka said...

මේක මගේ බ්ලොග් එකේ ලියවෙච්ච දුබලම ලිපියක් කියලා මටත් හිතෙනවා.මේක මම ලියල පෝස්ට් කලාට දැන් හිතෙනවා නොලිය හිටියානම් හොදයි කියලා.මොකද මෙතන තියෙනවා මම හිතට එකඟව නොලියපු එක දෙයක්.ඒක තමයි මමත් කාලයක් පිටරට යන්න සිහිණ මවපු කෙනෙක්.ඒත් දැන් ඒක කරන්න බැහැ.එහෙම කලොත් අම්මයි තාත්තයි තනි වෙනවා.බුවා ඉතින් කවදත් හිතට එකඟව කියන්න තියෙන දේ කෙලින්ම කියන කෙනානේ.තමන්ගේ ජාතිය ආගම බේර ගන්න වැඩ කරපු ජාතික වීරයෝ සේරම ජාති වාදීන් ගොඩට වැටුනත් ඒ අයට ජාතිවාදී ලේබලය ඇමිනිය යුත්තේ වෙනත් වෙනත් ජාතීන් විසිනුයි.සිංහල ජාතිය ආගමට ඉතා විශාල මෙහෙවරක් කරපු අනගාරික ධර්මපාල තුමාට සිංහල අපිම ජාතිවාදියෙක් කියන එක වැරදියි.ජාති වාදයට මමත් පෞද්ගලිකව විරුද්ධයි.ඒත් මේ රටේ සිංහලයන් අතර ඇති ජාති වාදය දෙමළ මුස්ලිම් වැනි අනිත් ජාතින් අතර ඇති ජාති වාදයට වඩා අඩුයි.මේ රටේ මහ ජාතිය සිංහල වෙලා ඔවුන් අදහපු ආගම බුද්ධාගම වුන එක නිසාම අනිත් ජාතීනුත් සුරක්‍ෂිත වෙලා තියෙනවා.බැරි වෙලාවත් මුස්ලිම් මිනිස්සු මහ ජාතිය වෙලා හිටියනම් ඒ අය අනිත් සේරම සුළු ජාතීන් විනාශ කරලා මසුත් කාලයි නතර වෙන්නේ.බුද්ධාගම සුරැකීම ගැන සලකා බැලීමේදී සිංහලයන් මේ තරමටවත් ජාතිවාදී නොවුනනම් මේ රට මුස්ලිම් රටක් වෙලා ඉවරයි.

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

අපේ රට මුස්ලිම් රටක් නොවුනේ සිංහලයගෙ ජාති වාදි කමකට වඩා ලංකාවේ තිබුන සම්පත් වලට කැදර කමේ යුරෝපීයන් සියවස් ගාණක් ලංකාවේ ලැගල සිටිය නිසාය කියලයි මම දකින්නේ . ජාතිවාදය වපුරන කෙනා මොකා උනත් මම නම් විරුද්ධයි . අනගාරික ධර්මපාලද , චම්පික රණවකද , අශ් රොප් ද , සම්බන්ධන්ද කියන එක මට වැදගත් නැ . මුස්ලිම් කියන්නේ කාලකණ්නි ආගමක් නිසා විකෘති වෙච්ච ජන කොට්ටාෂයක් (ඒ කාලකන්නි දර්ශනය පස්සෙ ඕනිවට වඩා නොදුවනවා නම් ඔය ජරා ගති දකින්න ලැබෙන එකක් නැය කියලයි මම හිතන්නේ ) . මම නම් බටහිර රටකට නම් සංචාරයකට මිසක් පදිංචියට යන්න නම් අදහසක් නැ . ඒත් අපේ පාලකයො ලංකාව තවත් ගල් යුගයට ඇදගෙන ගියොත් නම් ඉතින් තීරණය වෙනස් වෙන්න ඉඩ තියනව බලමු !!

Anonymous said...

මේකේ මාතෘකාවට අදාළ විදියට ලිවීමේ අඩුපාඩුවක් පෙනෙනවා.මට පේන්නේ 100 වැනි ලිපියට වැදිච්ච ගල්පාරවල් වල සැරටම ජ්‍යොතිෂලංකාගේ ඔළුව අවුල් වෙලා.ජ්‍යොතිෂයට බනින අය ඔහේ බැනපුවාවේ හැමදාම බනින්නේ එකම අය.ඒ අයට උත්තර බැදීමක් අවශ්‍ය නැහැ.ඒ අයට ඕන ඔයාව වට්ටල මේක ලියන එක නවත්වන්න.ඔයා වෙනදා වගේ ජ්‍යොතිෂයට අදාළ ලිපි ලියන්න

Anonymous said...

මෙම ලිපිය ලියන්නෙ නෙප්චුන්, ප්ලුටෝ,යුරේනස් කියන බාහිර ග්රකහයන් ජ්යෝෙතිෂයට අදාලද නැද්ද කියන මාතෘකාව පිළිබඳව කෙරෙන විග්ර හයේ දෙවන කොටස හැටියට. මුල් කොටස මේ ලින්ක් එකෙන් කියවන්න පුලුවන්. http://lankajhothisha.blogspot.com/2011/07/5.html#comments
ප්රුථමයෙන්ම සංස්කෘත භාෂාවේ එන "ග්රcහ" කියන වචනය පිළිබඳ මම විස්තර කළා. අපි නිරපේක්ෂ තත්වයේ ඉඳල, මෙම සාපේක්ෂ ලෞකික තත්වයට "ග්ර/හණය" කරල තබා ගන්නා සාධක මොනවාද කියන එක ගැනයි අද විස්තර කරන්නේ. ඒක දෙ-ආකාරයකින් විස්තර කරන්න පුලුවන්. 1) තුන් ආකාර ගුණ, Three mode of nature 2) පංච තත්ව කියල. Five state of existing.
තෙආකාර ගුණ කියන්නේ රජස්, සත්ව, තමස් කියන මානසික ස්වභාවයන්. රජස් කියන්නෙ තෘෂ්ණ්කාරී ස්වභාවය. සත්ව කියන්නෙ පැවතීමේ ස්වභාවය. තමස් කියන්නේ විනාශකාරී සවභාවය. මේ ගුණයන් තමයි උත්පාද- තිථි- භංග කියන ක්රි යාවලියට මුල් වෙන්නෙ. මේ පිළිබඳව ලබන දැනුම තරම් උසස් දෑණුමක් තවත් නැතිය කියලත් සඳහන් වෙන නිසා ඔයාලම හොයල බලල මේ කරුණු පිළිබඳව වැඩි දැණුමක් ලබන්න.
මෙන්න මේ ගුණයන් නිරුපනය කරන භෞතික තත්වයන්ට "ග්ර හ" කියනවා. උදාහරණයක් වශයෙන් රවි- සඳු කියන්නේ මෙම ලෝකය පවත්වාගන යන පුරුෂ සහ ස්ත්රී" න්යාියන්. ඒ හෑරුන විට ජීව කාරක ගුරු. මෙම ග්රනහයන් සාත්විකයි, හෙවත් මෙම ලෝකය පවත්වාගන යනවා. බුධ සහ සිකුරු තෘෂ්ණා සහගතයි හෙවත් රජසිකයි. ඒ ග්රයහයන් මේ ලෝකෙ උත්පාදන ක්රි්යාවලියට දායක වෙනවා. සෙනසුරු සහ කුජ තමසිකයි. ඒ ග්ර හයන් විනාශයට දායක වෙනවා. (කරුණාකරල වසර ගණනනක් නියම ගුරුවරයෙකුගෙන් නියමිත පරිදි මම ඉගනගත් කරුණු, මෙම වාක්යක කිහිපයෙන් ඔබ ඉගන ගන්න උත්සහ කරන්න එපා. මම කරන්නෙ ඔබට දොරක් ඇති බව පෙන්වන එක පමණයි. ඔබ එයින් ඇතුල් වී ඔබම බලාගන්න.)
දෙවැන්න පංච තත්වය. ආකාශ, වායු, අග්නි, ජල සහ පෘථිවි. මෙන්ම මේ පංච තත්වය තමා අපිව ග්රපහණය කරල තියෙන අනිත් සාධකය. ඒ සාධක භෞතික වශයෙන් පහත පරිදියි..
ආකාශ- ගුරු
වායු- සෙනසුරු
අග්නි- කුජ සහ රවි
ජල- සිකුරු සහ සඳු
පෘථිවි-බුධ
ඔබ දකිනව, අග්නි සහ ජල තත්වය ග්රතහයන් දෙදෙනෙකු විසින් නිවේදනය කරනවා. මම ඒක තරමක් විස්තර කරන්නම්.
අග්නි තත්වය කොටස් දෙකකින් යුක්තයි. එකක් තමයි ඒකෙ අඩංගු තාපය(කුජ). ඒකෙ ස්වභාවය දවන එක. ඒක විනාශකාරියි. අග්නි තත්වය තුල තිබෙන අනෙක තමයි ආලෝකය(රවි). මෙම ආලෝකය තමයි අපිට දෘෂ්ඨිය ලබල දෙනේනේ. මෙම ආලෝකය තමයි අපි මිත්යාු දෘෂ්ඨියෙන් මුදවන්නෙ. එම නිසා මෙම ආලෝකය කියන්නේ ප්රදඥාවට. මුලු ජීවිතයම දැනුමෙන් ආලෝකමත් වෙනවා, සුර්යා තුලින්. උදාහරණයක් වශයෙන් හිත රිදෙන දෙයක් කියන්නම්. සිදුහත් තවුසා බුදු වන විට, තුන් ලෝකයම ආලෝකමත් උනා කියන්නෙ, උන් වහන්සේ සම්පුර්ණ දෘෂ්ඨිය ලැබුවා කියන එක මිසක්, ශරීරයෙන් ආලෝකයන් පිටවුනා කියන එක නෙමෙයි. එහෙත් නිසි අවභෝධයක් නොලබපු මිනිසු ඒක අවභෝධ කරගන තියෙන්නෙ ඇගෙන් ආලෝකය පිටවුනා කියල.
නැවත අපේ මාතෘකාවට යමු.
දැන ඔබ දන්නවා ග්ර හයන් කියන්නෙ පංච තත්වයත් තුන් ගුණයත් කියල. ඒක හරිම තර්කාණුකුලයි.මෙම තත්වය යටතේ ඔබ ප්ලුටෝ යුරේනස් ආදි ග්රෙහයන් දැන් ජ්යෝතතිෂයට ගන්නේ කුමන පදනමක් යටතෙද ?
දැන් ඔබ පිළිගන්නවද, නියම ගුරු ශිෂ්යන පරම්පරාවක ජ්යෝගතිෂය ඉගනීමත්, ලංකාවේ ජ්යෝකතිෂ පංති වල ජ්යෝ තිෂය ඉගනීමත් අතර වෙනස ? එසේම ඔබ පිළිගන්නවද, සමාජයේ එක්තරා පංතියක් මෙම ජ්යෝ තිෂය කියන විෂය රහසිගතව, ගුරු ශෂ්යි පරම්පරා ක්රරමයෙන් ලෝකයට හෙලි නොකර ඉදිරියට ගෙනියනවා කියල ?
තවත් වැදගත් කාරණයක් මම පසුව විස්තර කරන්නම්. අදහස් දක්වන්න.

dayal-bathee said...

වෙස්සන්තර ජාතකයේ එන දරුවන් දන්දීම එදා සමාජයේ තිබුනු වටිනාකම් අනුව ප්‍රශ්නයක් නොවේ, දුප්පත් කම හා නූගත් කම කුලය හා බැඳී තුබුනු බැවින්ද පව් පින අනුව දුප්පත්කම පෝසත් කම ඇතිවෙනවා යයි ඔහු අවංකව විශ්වාස කලා වන්නට ඉඩ ඇති බැවින්ද එදා ඔහු කල ප්‍රකාශ ඔහුගේ වරදකට වඩා එදා සමාජයේ තුබුනු පිලිගත් සම්ප්‍රදායන් ලෙස ගැනීම ප්‍රශ්නය නිරාකරන කර ගැනීමට උදව්වේ යයි සිතමි.
මන්ද ඔහු කල මහඟු සෙවය ලගු කොට නොයුතු හෙයිනි.

ආගමික කටයුත්තක් සේ, ජෝතිශය මිනිසා තුල තමා කරන කටයුත්ත ගැන විශ්වාශයක්ද තැන්පත් කමක්ද ඇතිකරයි කියා මට හිතෙනවා;

ඒ සංයමය, විශ්වාසය, හා අනාගත දැක්මක්, ඇති අයට මොන ආගමක්වත් ජෝතිසයක්වත් අවශ්ය යයි මා සිතන්නේ නෑ;

එහෙත් ප්‍රශ්නය නම් හෙට ගැන විශ්වාසය ඇතිකරන දේශපාලනික ආර්තික ස්තීරත්වයක් අපි නොදකින එකය.

නානා මස්කුරි ග්‍රීක ජාතික ගායිකාවා ගයන ඉන්ග්‍රීසි ගීයක මෙහෙම තියෙනෙව,

there is time, there is a time
there is time for love.....time for love

(ඔච්චර තමයි මට මතක)

ඉතින් 'වෙලාවක්' බලාගන්න එක වටිනව කියල හිතෙනව.

dakshika said...

උබ ලියපු චොරම ලිපිය තමා මේක.. මච්න් බල්ලො බිරුවට කඳු පාත්වෙන්න ඔනෙ නැ.. තමන්ට තමන් හරි කියල හිතෙනවනම්. කියල තේරුමක් දෙන්න බැරි උන්දල එක්ක විරසක වෙලා වැඩක් නැ.. උඹ කරන් ආපු වැඩෙ කරපන් මච්න්..

කැමති කෙනා පිලිගනී. අක්මැති කෙනා නොපිලිගනී. එච්චරයි.. ජය වෙවා... !

jhothishalanka said...

@ anonymous
ඔබගේ කමෙන්ටුව කියවූයෙමි.ඔබ එයින් පැවසූ දෑ සිතට ගත්තෙමි.සාගරයක් බදු වූ ජ්‍යොතිෂයේ ඉගෙනීමට බොහෝ දෑ ඇත.ඔබගේ මෙවැනි උපදෙස් ගරු කොට සලකමි.ඉදිරියටත් මෙවැනි දැනුවත් කිරීම් ඔබගෙන් බලාපොරොත්තු වෙමි.

Anonymous said...

එසේ නම් මම යෝජනාවක් කරන්නම්.
අපි ජ්‍යෝතිෂයේ ඇති ගැටලු ගැන කතා කරමුද ? අපි දන්නවා ජ්‍යෝතිෂය මහා සාගරයක් වගේ ගැඹුරුයි කියල. එහෙනම් අපි නොදන්න ගොඩක් දේවල් තියනවා කියල අපිට පිළිගන්න සිදු වෙනවා.
දැන් අපි කළ යුත්තේ, ජ්‍යෝතිෂය මාකට් කරන එක නවත්වලා, ඒක සාකචිඡාවට භාජනය කිරීම. ඔබ දන්නවා ජ්‍යෝතිෂය මුවාවෙන් කරන වැඩ නිසා ජ්‍යෝතිෂය බලවත් ලෙස අභියෝගයට ලක් වෙලා තියනාවා කියල.අපි මෙම අභියෝගය භාර ගන්න ඕනෙ. ජ්‍යෝතිෂය වෙනුවෙන් කරන්න තියන එකම දේ ඒකයි කියලයි මම විශ්වාශ කරන්නෙ.
මේක කොහෙන්ද පටන් ගන්න ඕනෙ ? ඔබම යෝජනා කරන්න.

jothiratna said...

"දැන් අපි කළ යුත්තේ,ජ්‍යෝතිෂය මාකට් කරන එක නවත්වලා, ඒක සාකචිඡාවට භාජනය කිරීම. "

මේ අදහස මමත් අගේ කරනවා..

jothiratna said...

@Anonymous
"සිදුහත් තවුසා බුදු වන විට, තුන් ලෝකයම ආලෝකමත් උනා කියන්නෙ, උන් වහන්සේ සම්පුර්ණ දෘෂ්ඨිය ලැබුවා කියන එක මිසක්, ශරීරයෙන් ආලෝකයන් පිටවුනා කියන එක නෙමෙයි. එහෙත් නිසි අවභෝධයක් නොලබපු මිනිසු ඒක අවභෝධ කරගන තියෙන්නෙ ඇගෙන් ආලෝකය පිටවුනා කියල."

ජ්‍යෝතිෂ්‍ය පිළිගන්න ගමන් මෙවැනි අදහසක් දැරීමෙන් ඔබ ඉතාම බුද්ධිමත් පුද්ගලයෙක් බවයි පේන්නෙ.. සාමාන්‍යයෙන් ජ්‍යෝතිෂ්‍ය විශ්වාස කරන අය අන්ත අන්ධ විශ්වාසයන්ගෙන් පිරිලා.. මේක ජෝතිෂ්‍යයට වර්තමානයේ හිමිවෙලා තියෙන පහත් පිළිගැනීමටත් හේතුවක්.. ඔබේ අදහස් මේ විදිහට එකතු කරන්න.. මම විශ්වාස කරනවා මමත් ඇතුළුව තවත් බොහෝ පිරිසක් මේ අඩවියත් එක්ක ඇති ඔවැනි අදහස් වලට ගරු කරන.. තවත් කාරණයක් දැනගන්න කැමතියි. "beyondframes " වෙබ් අඩවියේ ජෝතිෂ්‍ය සම්බන්ධයෙන් පල වුනු ලිපියකට කමෙන්ට් කලෙත් ඔබද?

Anonymous said...

@Jothiratna
මම Beyond Frame ගේ ගේ හිටපු "රසිකයෙක්". සමහර විට ඔබ හරි ඇති. එහෙත් ඔබගේ එක වැකියක් මට ගැටලු සහගතයි.
ජ්යෝැතිෂ්යF පිළිගන්න ගමන් මෙවැනි අදහසක් දැරීමෙන් ඔබ ඉතාම බුද්ධිමත් පුද්ගලයෙක් බවයි පේන්නෙ..
මින් ඔබ ව්යංයගාර්ථයෙන කියන්න උත්සහ කරන්නෙ කුමක්ද ? ජ්යෝුතිෂය කියන්නේ වැඩකට නැති දෙයක්ය, එය විශ්වාශ කරන අය බුද්ධිමත් නොවේය යන දෙයක්ද ?
මම මුහුණ දෙන්න කැමති අභියෝගය මේකයි.
මම ලංකා ජ්යෝ්තිෂට කියන්නෙ, අපි එකතු වෙලා මෙම අභියෝගය භාර ගනිමු කියලයි.
ප්රලශ්ණෙ වෙලා තියෙන්නෙ, චිරාත් කාලයක් ලංකාවේ ජ්යෝ තිෂඥයන් වශයෙන් පෙනි හිටියෙ, ජ්යෝකතිෂය ගැන දැනුමක් තිබෙන මිනිසු නෙමෙයි. බඩ ගෝස්තර වාදියො. මේ නිසා සාමාන්යන උගත් (ඒ කියන්නෙ තමා ඉගනගත් දෙයට පමණක් සිමා වීන උගතුන්) අය ජ්යෝාතිෂය ප්ර්තික්ෂේප කරන්න පෙළඹුනා,. ඒකෙ කිසිම වැරුද්දක් නැහැ. හේතුව, ඔවුන්ට පිළිගත හැකි අයුරින් ජ්යෝපතිෂය ගැන කතා කරන අය විරල නිසා,. තවත් විධිහකින් කියනව නම් ජ්යෝනතිෂය පිළිබඳව කෙලින් කතා කරන්න අය නොහිටිය නිසා.
නමුත් මට හිතෙන හැටියට ලෝකයේ ජන සංස්කෘතිය නව වෙනසකට සුදානම් වෙමින් පවතිනවා. මෙය ඉදිරි වසර 400 තුල සිදු විය යුතුයි. ලංකාවත් මෙම වෙනසේ සාමාජිකයෙක්.
ඒ සඳහා අඩිතාලම දමන්න කාලය දැන් හරි. ඒකයි මෙවැනි විරෝධතාවයන් මැද්දේ වුවත් ලංකා ජ්යෝෙතිෂ අරණ වගේ තැන් බිහි වෙන්නෙ.
අපිට තියෙන්නේ ඒවාගේ දේවල් වලට සහයෝගය දක්වන එකයි.
තව එකක්. මම බුදුන් වහන්සෙගෙ ඉගැන්වීම් අවභෝධ කරගත්තෙ ජ්යෝ තිෂ මුල ධර්ම වලින්. ඒ නිසාම බුද්ධ චරිතයේ හෝ ඉගැන්වීම් වලින් එන ඕනැම කරුණක් මම දකින්නෙ, එහි ගැබ් වෙලා තියන අරුත මත.
ඒ නිසාම ඔය තැන් තැන් වලින් දකින "බුදු රුස් " වාගෙ දේවල් බුද්ධාගම "මාකට් " කරන්න හදපු ඒව කියල තේරුම් ගන්න අපහසු නැහැ.
තවත් විධිහකින් කියමවනම්, අවිනිශ්චිත තාවයෙන් පෙළෙන, අසහන කාරී, ආත්ම විශ්වාශයක් නැති මිනිසුන් ආගමේ නාමයෙන් හෝ ජ්යෝනතිෂයේ නාමයෙන් ගොදුරු කර ගැනීමට මම විරුද්ධයි. "බැලුම්ගල" බිහි වෙන්න ඕනෙ, හුදෙක් ඒ ගැන දැනුමක් නැති අය අතරින් නෙමෙයි. "බැලුම්ගල" වගේ දේවල් බිහිවෙන්න ඕනෙ, ආගම, ජ්යෝුතිෂය වගේ විෂයන් සම්බන්ධයෙන් දැනුමක් ඇති අය අතරින්.
ඔයාලගෙ අතේ තමයි, අපේ ක්රි යාකාරිත්වයේ අනාගතය පවතින්නෙ.

jothiratna said...

@Anonymous
තවත් ටික වෙලාවකින් මට රැකියාවට පිටත් වෙන්න තියෙනවා.. ආපහු ආවට පස්සේ ඔබට දීර්ග පිළිතුරක් දෙන්න බලාපොරොත්තු වෙනවා..

jothiratna said...

@Anonymous
"ජ්‍යෝතිෂ්‍ය පිළිගන්න ගමන් මෙවැනි අදහසක් දැරීමෙන් ඔබ ඉතාම බුද්ධිමත් පුද්ගලයෙක් බවයි පේන්නෙ.. "

මම මෙහෙම කියන්න හේතුව උනේ වර්තමානයේ ජ්‍යෝතිෂ්‍ය පිළිගන්න බොහෝ දෙනා සිමෙන්ති කළුගල් වලින් රැස් විහිදෙනවා වගේ දේවල් බලාපොරොත්තු වෙන අය. සරලව කිව්වොත් පහල බුද්ධි මට්ටම් වල ඉන්න අය. නමුත් ඒකෙන් අදහස් කරන්නෙ නැහැ හැමෝම ඒ විදිහයි කියල. නමුත් අති බහුතරයක් එහෙමයි. පුද්ගලිකව මම විද්‍යාව ප්‍රධාන සත්‍ය විදිහට අරගෙන විද්‍යාත්මක නොවන දේ සත්‍ය විය හෝ විය නොහැකියි කියන මතයෙයි ඉන්නේ. පුද්ගලිකව මම ආගම් සියල්ල ප්‍රතික්ෂේප කලත් ඔය කියන ආගමික ශාස්තෘවරු සිටියානම්, අදාල කාල වල සිටි බුද්ධියෙන් ඉහල(ධාර්ශනිකයන්) සාමාන්‍ය මිනිසුන් කියලයි විශ්වාස කරන්නෙ. ආගමික ශාස්තෘ වරයක්ගේ සිරුරින් රැස් විහිදීම ප්‍රතික්ෂේප කිරීම සාමාන්යෙන් ජ්‍යෝතිෂ්‍ය විශ්වාස කරන්නෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න බැරි දෙයක්. ඒකයි මන් කලින් කියපු දේ කියන්න හේතු උනේ..

ජ්‍යෝතිෂ්‍ය ගැන මිනිසුන්ගේ මතය වෙනස් කරන්න ඕනේ අඩ්වටිස්මන්ට්ස් දාල නෙවෙයි ජ්යෝතිශ්යයේ හැකියාව ප්‍රභලතාව පෙන්නලා. නමුත් පුද්ගලිකව මටනම් තාම මගේ හිතේ ඇඳුනු නියම ජ්යෝතිර්වේදියෙක්වනම් මුණ ගැහිලා නැහැ.

Anonymous said...

උඹ දැන් අමුඩෙ ඇඳල ඊට උඩින් සරම ඇඳන් පාරේ යන්ව නේ! අනේ පලං බං බොරු විකාර නොකිය!

-සුමින්ද දේවාදිත්‍ය

Anonymous said...

http://beyondframe.wordpress.com/2011/08/15/%E0%B6%A0%E0%B6%B8%E0%B7%92%E0%B6%BD-%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A-%E0%B6%A0%E0%B7%8F%E0%B6%B1%E0%B6%9A-%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A%E0%B6%9C/

Kumar Wellalage said...

Aha mama meke a Anonymous ahanna kemathie Oba gini koorak kate danawa, miris guliyak kate danawa. hodai ema awastha deka tathwa yatate vigraha karanne kohomada.

Sathawa rajas thamas ethi bawa oppu karanne kohomada?
Pancha thathwa oppu karanne kohomada?

Oya dewal Bududahamata sambanda Karanne Kohomada?

Related Posts Plugin for WordPress, Blogger...