Monday, September 19, 2011

දොඩම්පේ ගණිතයා

හිරු බැස යමින් ඇත.රාත්‍රී ආහරය තමා විසින්ම සකසා ගත යුතු වීම හා නපුරු සතුන් තව ස්වල්ප වේලාවකින් වනය පුරා සැරීසැරීම ආරම්භ කරන බැවින් මහළු මිනිසා තමා වාසය කරන නිවහන වූ විශාල ගස් බෙනය තුලට ඇතුල් විය.රාත්‍රී ආහාරය පිළියෙල කර ගැනීමට අවශ්‍ය පල වැල සොයා වනයේ සැරිසැරීම නිසා විඩාවට පත්වී සිටි ඔහු තමා විසින් සකස් කරගත් කුඩා සයනයේ වැතිරුනේය.විවේකී සුවය විදිමින්ම ඔහුගේ සිත අතීතයට දිව ගියේය.

----------------------------------------------------------------------------------
    මහළු මිනිසා උපන් ගම වූ දෙඩම්පේ ගම්මානයේ වැඩිපිරිසක් රාජ සේවය සැපයූ අය විය.තමාද එලෙස පාරපරිකව උරුම වූ රජුගේ නැකැත් ගණින්නා තනතුර ලබා ගැනීමට කුඩා කල සිට පුරුදු පුහුණු වූ අයුරු සිහිපත් කලේය.තමාගේ ළමා තරුණ අවධියේ වැඩි කාලයක් ගතවී තිබුනේ ජ්‍යොතිෂය ආයුර්වේදය ,ගුප්ත විද්‍යාව උගෙනුමටය.ඉතා දැඩි අධ්‍යන පිළිවෙතක් පුරුදු පුහුණු කරමින් වුවත් තමාට දැනුම පුහුණුව ලබා දුන් තම පරපුරේ පූර්වාචාරීන් පිළිබදව ඔහු තුල කුඩා කල සිටම ගෞරව සම්ප්‍රයුක්ත බවක් විය.ශිල්ප මනා ලෙස උගෙන රජවාසල ප්‍රධාන නැකැත් ගණින්නාගේ තනතුරට පත්වී තම සේවය නියම ලෙස රටට ලබා දුන් අයුරු ඔහු මතකයට ආවේය.තමා විසින් වාස්තු විද්‍යාණුකූලව,විද්‍යානුකූල හා තාක්‍ෂණානුකූල සැකසූ සුභ මුහුර්ත අනුව ඉතා සාර්ථක අයුරින් සිදු කල ගෘහ නිර්මාණ,කෘෂිකාර්මික හා ආරක්‍ෂමය ක්‍රම උපෝපායන් වලින් සිංහල දේශය දියුණුවට සාර්ථකත්වයට පත්වූ අයුරු මෙනෙහි කරන විට ඔහුගේ සිත ආඩබරයෙන් පිනා ගියේය.එවන් අසිරිමත් වටිනා ප්‍රභූ දිවියක් ගත කල තමාට මේ මොහොතේ මිනිස් වාසයෙන් තොර මහ වනයේ විශාල රුක් බෙනයක හුදකලා දිවියක් ගත කිරීමට හේතුවූ සුවිශේෂී සිද්ධිය මහළු මිනිසාට මතක් විය.
 ---------------------------------------------------------------------------------
   සීතාවක රාජසිංහ රජුගේ ප්‍රධාන නැකැත් ගණින්නා ලෙස සේවය කළ දොඩම්පේ ගණිතයාට රූමත් දියණියක් විය.දුටුවන් මන බදිනා රූ සපුවකට හිමිකම් කියූ ගණිත දියණියට සීතාවක රාජසිංහ රජුගේ මුණුපුරකු වූ රාජසූරිය කුමරු පෙම් බැන්දේය.ගණිත දියණියද කුමරාට ලැදි විය.දෙදෙනා අතර තිබූ හාද කමට දොඩම්පේ ගණිතයාද කැමැත්ත දී තිබුණි.
  දිනක් සීතාවක රාජසිංහ රජු අසුපිට නැගී සංචාරය කරන අතර තුරදී වතුර පිහිල්ලකින් දිය නාමින් සිටි දොඩම්පේ ගණිතයාගේ රූමත් දියණිය දැක්කේය.ඇගේ රූ සපුවට වශී වූ රාජසිංහ රජු ඇයව තමාගේ අන්තඃපුරයට රැගෙන ගියේය.රජුගේ මෙම ක්‍රියාව නිසා රාජසූරිය කුමරුත් දොඩම්පේ ගණිතයාත් රජු කෙරෙහි තදින් වෛර බැදගත්තේය.රාජ උදහසට ලක්විය හැකි නිසා කරකියාගත හැකි දෙයක් නොමැතිව රාජසූරිය කුමරුත් පසුබා ගිය අතර රජු කෙරෙහි ඇති වෛරය පිටතට නොපෙන්වා සිටියත් දෙදෙනාම අවස්ථාවක් එනතුරු බලා සිටියේය.
   තමා පෙම්බැදි තරුණිය ඩැහැ ගැනීම නිසා රාජසූරිය කුමරුත් තම දියණියට වයසින් රුවින් ගැලපෙන රාජසූරිය කුමරු සමඟ විවාහවීම වෙනුවට වයසක රජුගේ අන්තඃපුර ස්ත්‍රියක් වීමට සිදුවීම ගැන දොඩම්පේ ගණිතයාත් රජු කෙරෙහි පැවති වෛරය වැඩිවෙද්දී රජුගන් පලිගැනීමට සුදුසු අවස්ථාවක් දෙදෙනාටම ලැබුනි.බලන මහ සටනින් කොනප්පු බණ්ඩාරගේ සේනාවට පැරදී බසු බසිනා විට පෙතන්ගොඩ උයනේදී උණ කටුවක් රජුගේ කකුලේ ඇණුනි.මෙහිදී රාජකීය වෛද්‍යවරුන් ලඟ නොසිටි නිසා කකුලේ තුවාලයට බෙහෙත් බැදීමට නියම වූයේ දොඩම්පේ ගණිතයාටය.රජු කෙරෙහි වෛරයෙන් සිටි ගණිතයා පිටහැස්ම ඇතිකෙරෙන පරිදි තුවාලයට බෙහෙත් බැන්දේය.රාජසූරිය කුමාරයාද අසල සිට ඊට උදවු කලේය.(ඇතැම් ඉතිහාස ග්‍රන්ථ වල පෙතන්ගොඩ උයනේදී රජුට නාගයෙකු දෂ්ඨ කල බවත් ගණිතයා නයි විෂ වැඩි වන පරිදි බෙහෙත් බැද හූනියමක් කල බව සදහන්ය.)රජු කල වරදට පලි ගැනීම සිදුකල නුසුදුසු ආකාරය නිසාම වීර සිංහල රජ කෙනෙකු අපහට නැති විය.රාජසිංහ රජුට එදා එම අකරතැබ්බිය  සිදු නොවන්නට සිංහල ඉතිහාස පොතේ සටහන් වෙනස් වීමටද ඉඩ තිබුනි.

     සොදුරු පෙතන්ගොඩ උයනට වැඩියා  ය
     නපුරු උණ කටුව පතුලේ ඇණුනා      ය
     එක්වී සිටි අයකු වටකොට මතුලා        ය
     රාජසිංහ දෙව් නාමෙත් මැකුණා         ය

  සීතාවක රාජසිංහ රජුගේ මරණින් පසු රාජසූරිය කුමාරයා සීතාවක රජු බවට පත්විය.ගණිත දියණිය අගමෙහෙසිය වූ අතර දොඩම්පේ ගණිතයා පුරුදු පරිදි සීතාවක රජුගේ ප්‍රධාන නැකැත් ගණින්නා විය.රාජසිංහ රජු මැරීම දොඩම්පේ ගණිතයා ලවා රාජසූරිය කුමරු සිදුකල බව දැනගත් රාජසිංහ රජුගේ සොහොයුරියක් මනම්පේරි මොහොට්ටි සමඟ කුමන්ත්‍රණය කොට රාජසූරිය රජු මැරවීය.තමාටද මරණය අත්විය හැකි බව දැනගත් දොඩම්පේ ගණිතයා යටියන්තොට වනපෙදෙසකට පලාගොස් එහි උස් කදුමුදුනක වූ විශාල ගස් බෙනයක තම අවසන් කාලය ගත කලේය. 
   

20 comments:

Podi Kumarihami said...

හරිම ලස්සන කතාවක්. නාකි රජවරුන්ට අන්තඃපුර තිබුනු බව මේ කතාවෙනුත් ඔප්පුවෙනවනේ.

මේ රාජසුරිය රජ උනේ මොන නමින්ද?

මේ බ්ලොග් එකට එනකොට මෙන්නෙ මේ පනිවිඩය එනවා. ඒක නතර කරන්ට ක්‍රමයක් නැද්ද?

//A username and password are being requested by http://www.sahithya.lk. The site says: "test"//

jhothishalanka said...

මම හිතුවෙ ඕක සාහිත්‍ය වෙබ් එකේ අවුලක් කියලා.සාහිත්‍ය වෙබ් එක ලෝඩ් කරන කොට මටත් එනවා.(මගේ බ්ලොග් එක ලොඩ් වෙනකොට මේක එනවනම් ලොවෙත් නැහැ.)ඔන්න සාහිත්‍ය තරගේ ගැජට් එකත් අයින් කරලාත් බැලුවා.

jhothishalanka said...

ඔය මේ බ්ලොග් එක බලන කව්රු හරි කියන්නකෝ මේ බ්2ලාග් එකට එනකොට පොඩි කුමාරිහාමිට ආපු මැසේජ් එක ඔයාලටත් එනවාද?

නදී said...

ලස්සනට ලියලා තියනව කතාව,පෙනේද නාකි රජවරුන්ගෙ හැටි.

Amila Chathuranga said...

යස වැඩේ අර රාජසූරිය ලොක්කට මොන එකක්ට පලි ගන්න ගියාද මන්ද..බිඳුන බඳුන බිධුනට පස්සෙ මොකටද කෑලි අහුලන්න ගියේ...

Anonymous said...

මම ඔයාගෙ බ්ලොග් එකට ආවමත් ඔය පනිව්ඩය ආවා..මම බය උනා මගේ වින්ඩෝස් වල ප්‍රශ්නයක් කියල... කුරුමිනියා.

Podi Kumarihami said...

ඔන්න දැන් නම් ආවේ නැහැ...:)))

තිරිසනා said...

අයියේ ඔන්න මගෙන් අදත් අදාල මාතෘකාවට නැති ප්‍රශ්නයක්.22 දෙකර්ණාදිපති 9 වැන්නේ ඉන්න කොට ඒ ග්‍රහයාට අදාල අතුරු දසාවකදී විවාහයක් වෙයි කියල හිතන්ඩ පුලුවන්ද? එහෙම තියෙද්දී විවාහයක් කරන එක සුදුසුද නුසුදුසුද?

Gimhani said...

හොද ලිපියක්.
ඉස්සර හිටිය රජවරු හරිම නරකයි නේද. ලස්සන කෙල්ලෙක් දැක්කොත් රජාට එයාව ඕන.

දැන්නම් මෙසේජ් එක එන්නේ නෑ...

Chanaka Aruna Munasinghe said...

මකර අධිරාජයානම් එහෙම නෑ. ලස්සන කෙල්ලො දැක්කට ඕනෙ වෙන්නෙ නෑ. හැබැයි චොකොලට් දැක්කොත්නම් ඕනෙ වෙනවා

Chanaka Aruna Munasinghe said...

@ Gimhani

මකර අධිරාජයානම් එහෙම නෑ. ලස්සන කෙල්ලො දැක්කට ඕනෙ වෙන්නෙ නෑ. ඒත් චොකොලට් දැක්කොත්නම් ඕනෙ වෙනවා

හිස් අහස said...

කතාව ගෙඩි පිටින්ම අමු අමුවේ කියාදාන්නේ නැතිව නියම ලස්සනට කතාව ලියලා තියනවා . මාර ආසාවෙන් කියෙවුවා

මැසේජයක් නම් ආවේ නෑ

Bindi said...

අනේ ඇත්තටම කෙල්ලෝ නාන තැන් වලට එබිකම් කරන පුරුද්ද රාජකීය එකක් නොවැ. රජවරුන්ගේ ඔය දකින දකින කෙල්ල ඕන වෙන කැත පුරුද්ද හින්ද අපේ ඉතිහාසේ වෙනස් වුනානේ . පාලි ගැනීම කලෙත් මහා නරක වෙලාවක . මුනත් එක්ක තරහ වෙලා නහය කපාගන්න වගේ වැඩ නේ අපේ කට්ටිය කරන්නේ .

@ මකරා ..

කෙල්ලෝ නෙමේ මකරියෝ කියා වෙනස් කරමු නේද . මකරු චොක්ලට් කන්න ඔච්චර පෙරේතද ඈ

APW said...

ada mokak hari graha maruwak thiyanawada ?

jhothishalanka said...

@APW
ada visesha graha maruwak nam nehe

APW said...

Saturn transit in Chitra Nakshatra from 19th september 2011

Read this :

http://www.astrogle.com/astro-predictions/saturn-transit-in-chitra-nakshatra-from-19th-september-2011.html

Thanks

jhothishalanka said...

APW ඔතන කියන්නේ ශනි ග්‍රහයා හත නැකතේ සිට සිත නැකතට ගමන් කිරීමක් ගැන මේ වගේ තත්ත්ව නිතරම සිදු වෙනවා.මෙම ග්‍රහ සංකයමන වැඩි වශයෙන් සලකන්නේ ලෝකායත ජ්‍යොතිෂයේදී(රට රටවල් වල තොරතුරු හා ස්වභාවික සංසිද්ධි ගැන)
ග්‍රහයන් රාශියක සිට තවත් රාශියකට සංක්‍රමනය වීමක් අද දින නැත.

APW said...

පැහැදිලි කිරීමි වලට ස්තූතියි !!

Pradeep said...

මේ ලිපියත් අනිත් ලිපි වගේම ගොඩක් ආසාවෙන් කියවපු හොද ලිපියක්.
මේ ලිපියට අදාල නැති පුද්ගලික ජ්‍යොතිෂ කරුණු ගැන දැනගන්න ඔබව සම්බන්ධ කරගන්න පුලුවන් ඊ-මේල් ලිපිනයක් සදහන් කරන්න පුලුවන්ද?

Anonymous said...

anna tawa ekek copy karala,,, ubeema tawa blog ekak da dan naa,,, " akeekary"

Related Posts Plugin for WordPress, Blogger...