Friday, September 23, 2011

ජේ.ආර්. ගහපු ගැට අපේ අය තාමත් ලිහනවා.

                                                                    
       "ජේ.ආර්. ගහපු ගැට අපේ අය තාමත් ලිහනවා." මීට වසර කිහිපයකට පෙර අපේ තාත්තා හිතවතෙකු සමඟ මෙලෙස පවසනු මා හට ඇසී ඇතත් ඒවනවිට කුඩා දරුවකුව සිටි මා හට පියා පැවසූ වදනේ අරුත හරිහැටි නොවැටහුනි.නමුත් මෑත කාලීනව සිදුවූ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය හා 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වරින් වර සංශෝධනය වූ ආකාරය පිළදබදව දැනුවත් වූ පසු එදා තාත්තා විසින් පැවසූ "ජේ.ආර් ගේ ගැට" කතාව හොදින් වටහා ගත හැකි විය.

   දේශපාලඥයන්ගේ චරිත විග්‍රහ කරන විචාරකයන් විශේෂ කොට දක්වන කරුණක් වන්නේ ප්‍රථම වරට අගමැති ධූරයට පත්වන විට ඔහුගේ වයස ප්‍රමාණයයි.සාමාන්‍යයෙන් අවු 72ක් පමණ වයසේ සිටින අද කාලේ බොහෝ දෙනෙකුට හරියට ඇවිද ගැනීමටවත් නොහැකිය.එකකෝ ලෙඩ ගොඩකි.දියවැඩියා,කොලොස්ටරෝල්,මුත්‍රඅමාරු නැති ලෙඩක් නැත.ඇස් පෙනීම හා කන් ඇසීමද දුර්වලය.මතකයද දුර්වලය.වතුර බිව් කෝප්පය තැබූ තැන මෙන්ම ඇස් කණ්නාඩි කුට්ටම තැබූ තැන මතක නැත.අපේ කතාවේ නායකයා වන ජේ.ආර් ජයවර්ධන මහතා 1977 වසරේ ප්‍රථම වරට අගමැති ධූරයට පත් වන විට තම දිවියේ 72 වෙනි වසර ගත කරමින් සිටියේය.නමුත ඒ වන විටත් ඔහු මනා සෞඛ්‍ය තත්ත්වයේ විය.කන් හොදින් ඇසුනි.කණ්නාඩි නැතිව ඇස් හොදින් පෙනුනි.කලබල වී නියම සිහි කල්පනාවෙන් කටයුතු කිරීම ඔහුගේ විශෙෂ ලක්‍ෂණයක් විය.වර්තමානයේ බොහෝ ඇමතිවරුන්ට අමාත්‍යාංශ ලේකම් වරු උපදේශකවරු රාශියක් සිටියද ජේ.ආර් විසින් එවැනි අය භාවිතා කලේ ඉතා අඩුවෙනි.රටේ ප්‍රධාන තනතුර මෙන්ම අමාත්‍යාංශ කිපයක් පාලනය කිරීම ඔහු මනා ලෙස කලේය.( මේ ලිපියේ වැඩිපුර ස්ථාන වල ජේ.ආර්.ජයවර්ධන මහතාව ජේ.ආර්. ලෙස කෙටියෙන් හදුන්වා ඇත්තේ  පහසුවට මිස ඔහුට අගෞරව කිරිමකට නොවන බව කිව යුතුය.)
 ජේ.ආර්. ජයවර්ධන මහතා කපටියකු,අවස්ථා වාදියකු,ජාතිවාදියකු,හීන් නූල් කාරයෙකු ලෙස ලේබල් වැදීමට හේතු වූ ප්‍රධන කරුණු විමසීමේදී ඔහු විසින්ම සැකසූ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් ඉන්පසු වරින් වර ඔහු විසින්ම අවස්ථා කීපයකදීම මෙම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමත් දැක්විය හැකිය.විධායක ජනාධිපති ක්‍රමය සැකසීමේදීද තමාගේ වයස හා තමාට ලැබුණු විශේෂ ජනතා බලයටම අනුකූලව ගනන් මිනුම් බලා තමාට වාසි දායක අයුරින් සැකසීමත් ව්‍යවස්ථාය,විධායකය හා ශේෂ්ඨාධිකරනය ත්‍රිත්වය අතර එක් තැනකින් එකිනෙක සම්බන්ධ කොට හා තවත් තැනකින් එකිනෙකට ස්වායක්ත අයුරින් රෙගුලාසි සෑදීම නිසා ජේ.ආර් අමුතු ආකාරයො ගැට ගසන්නකු බවට පත් විය.ඔහුගේ සමකාලීනයන්ට පවා ඔහුගේ ගැට හිරවීම සිදුවන්නේ කල් යන්න යන්න බව නොවැටහුණි.පක්‍ෂ විපක්‍ෂ භේදයකින් තොරව එදා සිටි අය ඔහුගේ ගැට වල හිරවිය.උග්‍ර ශ්‍රී ලංකා කාරයෙකු වූ මගේ පියාට ජේ.ආර්. වහ කදුරු මෙන් විය.ඒ කෙසේ වුවත්  ජේ ආර් අනුගමනය කළ ක්‍රම විදි නිසා සිංහලයන් වන අපට  ශ්‍රී ලංකාව තුල වැඩි වර ප්‍රසාද ලැබී ඇත.එමෙන්ම වසර 30ක් පමණ අපරට වැනසූ ත්‍රස්ත්‍රවාදී ක්‍රියාවන් ඇති වීමටද ජේ.ආර් වග කිව යුතුය.එදා සිටි බුද්ධිමත් සුළු ජාතිකයන්ට පවා කොලේ වසා තමන්ගේ ව්‍යවස්ථාව හා වෙනත් දේ සම්මත කර ගැනීම ජේ.ආර් සතුවූ මනා හැකියාව මොනවට පිළිඹිබු කරවයි.
     දරුවන් 11 දෙනෙකුගන් සමන්විතවූ පවුලක වැඩිමහල් දරුවා ලෙස 1906 සැප්තැම්බර් 17 වැනි දින උපන් ජූනියස් රිචඩ් ජයවර්ධන හෙවත් ජේ.ආර් ජයවර්ධනගේ පියා ඉයුජින් විල්ෆ්රඩ් ජයවර්ධන නම් විනිසුරුවරයායි. කොළඹ රාජකීය විදුහලෙන් ඉගෙනුම ලැබූ ඔහු කොළඹ විශ්ව විද්‍යාලයෙන් නීති උපාධිය ලබා ගත්තේය.තරුණ අවධියේදීම කිස්තියානි ආගම අතහැර බුද්ධාගම වැලද ගත්තේ බෞද්ධ දර්ශනය ගැන පැහැදීද එසේත් නැත්නම් තමන්ගේ ඉදිරි දේශපාලන ගමනට එය ඉවහල් වන බව පූර්ව අවබෝධයක් ලබා ගත් නිසාදැයි නිශ්චිතව පැවසිය නොහැක.(කෙසේ වුවත් ඔහු 100 %ක් පිරිසිදු බෞද්ධයෙකු මෙන් කටයුතු කලේය.) ඔහුගේ දේශපාලන ජීවිතයේ විශේෂ සන්ධිස්ථාන පහත පරිදි කෙටියෙන් දැක්විය හැක.
    * 1938 දී ලංකා ජාතික කොන්ග්‍රසයේ ක්‍රියාකාරිකයකු වීම.
    * 1940 දී ලංකා ජාතික කොන්ග්‍රසයේ සමලේකම් ධූරයට පත්වීම.
    * 1943 දී රාජ්‍ය සභාවේ කොළ නිල් ව්‍යවස්ථ්වට තේරීම.
    * 1946 දී එක්සත් ජාතික පක්‍ෂය ආරම්භ කරන විට එහි ආරම්භක සාමාජිකයකු  වීම
    * සර් එඩ්වින් විජේරත්නගේ මූලිකත්වයෙන් "ජාතික ගීය නිර්මානය සදහා පත්කල කමිටුවේ සාමාජිකයකු වීම.
    * 1952 දී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ "සඟ වෙද ගුරු ගොවි කම්කරු" පාඨයට එකට එක ලෙස "සිංහල පමණි" පනත ගෙන ඒමෙන් රටේ සුළු ජාතීන් අතර අප්‍රසාදයට පත්වීම.
  * 1953 ඩී.ඇස් සේනානායක ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා ලෙස ජේ.ආර්. යෝජනා කළ "සහනාධාර කප්පාදුව" නිසා හර්තාලයක් ඇති වීම.
    * 1973 ඩඩ්ලද සේනානායක මහතාගෙ අභාවයෙන් පසු එ.ජා.ප.නායකත්වයට පත්වීම.
  * 1977 මහ මැතිවරණයට ඉදිරිපත් වෙමින් "මේ රට ධාර්මිෂ්ඨ රටක් කරමු" හා සුප්‍රකට ධාන්‍ය රාත්තල් අට(ඇට අට) ලබාදීමේ පොරාන්දු ඉදිරිපත් කිරීම.
    * 1977 මහ මැතිවරණයෙන් විශිෂ්ඨ ජයක් ලබා 1977 ජූලි 23 දින අගමැති දූරයට පත්වීම.
  * 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් විධායක ජනාධිපති ක්‍රමය ,සමානුපාතික ඡන්ද ක්‍රමය හදුන්වාදීම හා විවෘත ආර්ථිකය හදුන්වා දීම.
   * 1977 දී තමා ලත් විශිෂ්ඨ ජයග්‍රහනය උපයෝගී කරගෙන ජේ.ආර් ගැසූ තවත් ගැටයක් දේශපාලන ඉතිහාස පොතේ රන් අකුරින් කෙසේ වෙතත් තද අකුරින් සටහන් වී ඇත.1983 පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවට 1977 පාර්ලිමේන්තුවම 1983 දක්වා දීර්ඝ කිරීමේ ජන්ද විමසීම හෙවත් සුප්‍රකට "ලාම්පු කළගෙඩි සෙල්ලම" ජේ.ආර් ගේ තවත් වික්‍රමයක් විය.ඔහුගේ ගැටයට හසුවූ ඡන්ද දායකයෝ අපූරුවට ජේ.ආර් ගේ ලාම්පු කළගෙඩි පහරවල් කෑවේය.
    ඉහත දැක්වූයේ ජේ.ආර් ජයවර්ධන මහතාගේ දේශපාලන ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථාන කීපයකි.මේ ලිපියේ ප්‍රධාන අරමුණ වූ ජයවර්ධන මහතාගො ජන්ම කේන්ද්‍ර සටහන අධ්‍යනය කිරීමට ඉහත දැක්වූ දෑ ගැන පාඨකයා දැන සිටීම අත්‍යාවශ්‍ය නිසා ඒවා නැවත මතක් කලමි.
    කන්‍ය ලග්නයෙන් ඉපදී ඇති ජේ.ආර් ජයවර්ධන මහතාගේ උපන් වේලාව සටහන් කර ඇති ස්ථානයක් සොයා ගැනීම අසීරු විය.කෙසේ වුවත් 1906 සැප්තැම්බර් 17 දින කන්‍යා ලගනයේ උදාවීම දළ වශයෙන් උදේ 6.00 ත් 8.00ත් අතරය.උපන් වේලාව නිවැරදිව නැති නිසා ජයවර්ධන මහතාගේ ජන්ම කේන්ද්‍රය පිළිබදව සියුම් විග්‍රහයක් කරීම අසීරු වුවත් ඔහුගේ ලග්න කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම සලකා බලා ඔහුගේ ජීවිතයේ සුවිශේෂී සිද්ධීන් සදහා එම ග්‍රහපිහිටීම් බලපා ඇති අයුරු දැක්විය හැකියි.
                             
      * ලග්නාධිපති බුධ ග්‍රහයා විපරිත රාජ යෝග බලයෙන් කුජ සමඟ 12 වැන්නේ එක්වීම මෙන්ම 12 අධිපති රවි ග්‍රහයා ලග්නාධිපති බුධ සමඟ පරිවර්තනය වීම තම අරමුණු ඉටු කර ගැනීමටම කටයුතු කිරීම.දුර දක්නා නුවණ මෙන්ම විනිවිද දකින ස්වභාවය හා කලබල නොමැති කම පෙන්නුම් කරයි.ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කිරීම ඒවා සම්මත කර ගැනීම කළගෙඩි ලාම්පු සෙල්ලම තම අරමුණු සපල කර ගත් අවස්ථා ලෙස දැක්විය හැකි අතර පාර්ලිමේන්තු බෝම්බ ප්‍රහාරයේදී මැති ඇමතිවරු සියළු දෙනා පිස්සු බල්ලන් මෙන් කළබල වී බයෙන් බිරාන්තව මේස යටට රිංගීම සිදු කලත් ජේ.ආර් ජනාධිපතිගේ මුහුනෙන් පවා කලබල බවක් නොපෙනුනු බව එදා එම සිද්ධියට මුහුණ දුන් අය පවසා ඇත.
    * හය අධිපති ශනි හය වැන්නේම ක්‍ෂෙත්‍ර බල වී සදුගෙන් සප්තම වී සිටීම විශේෂ පිහිටීමක් විය.සතුරු ස්ථානාධිපති එම ස්ථානයේම බල වීම ප්‍රබල සතුරු මර්දන යෝගයකි.සදුගෙන් කේන්ද්‍රගත ශනිගේ ක්‍ෂෙත්‍ර බලයෙන් ඒ සදහා අවශ්‍ය සේනා බලයද හිමිවේ.සිරිමා මැතිණියගෙ ප්‍රජා අයිතිය අහෝසි කිරීම,විජය කුමාරතුංග මහතා අත්අඩංගුවට ගැනීම,ජනතා විමුක්ති පෙරමුණ මර්දනය කිරීම උදාහරණ ලෙස දැක්විය හැක.එමෙන්ම 1977 මැතිවරණ පශ්චාත් ප්‍රචන්ඩ ක්‍රියා නොවැලැක්වීම හා 1983 කළු ජූලිය තම සතුරන් මර්දනයටම භාවිතා කිරීම දැක්විය හැක.
    * දෙක අධිපති සිකුරු දෙවැන්නේම ක්‍ෂෙත්‍ර බල වීම ඔහුගේ කතාවට වචනයට බලපෑවේය.මහළු වයසේදී පවා ඇස් පෙනීම කන් ඇහීම හොදින් පැවතීමටද මෙම සිකුරු පිහිටීම ඉවහල් විය.නීතිඥ වෘත්තියෙන් ඉහලට නොගියත් කටහඩ වෘත්තියක් වූ නීතිඥ වෘත්තියට සුදුසුකම් ලද්දෙකු විය.එමෙන්ම ඔහුගේ සුවිශෙෂී වූ වාග් විලාසය හා ශබ්ද කෝෂය විටෙක හාස්‍යජනක විය.තවත් විටෙක රළු ද්වේශ සහගත විය. පහත දැක්වෙන්නේ ඊට උදාහරණ කීපයකි.
   1) ජේ.ආර් සිංහල කතා කිරීමේදී යම් අසාමාන්‍ය කමක් පෙන්වීය. "කරනවා" වෙනුවට ඔහු භාවිතා කලේ "කොරනව" යන්නය.
           සුදු පාට = ධවල වර්ණය
           ගුවන් හමුදාව = ආස්යන්තරා හමුදාව
           ශිෂ්‍ය ශිෂ්‍යාවන් =ශික්ෂ ශික්සාවන්
           බොහොම = බෝම
      ඔහුගේ ශබ්ද කෝෂයේ තවත් විශේෂ වචන කිහිපයක් විය.

    2) 1977 මහ මැතිවරණයේ ජයග්‍රහණයෙන් පසු "අපි පොලිසියට සතියක් නිවාඩු දෙනවා" යනුවන් පැවසීම තම විරුද්ධ වාදීන් මර්දනය හඩගා කීමක් බදු විය.

     3) 1971 දී රතු ලංකාවක් උදෙසා විප්ලවීය ප්‍රායෝගිකත්වය අත්හදා බැලූ ජනතා විමුක්ති පෙරමුණ මර්දනය කිරීමට අවශ්‍ය සහය ජනතාවගේ හඩින්ම ලබා ගැනීමට ඔහු සිය වචන භාවිතා කලේය  "ඔන්න, ඔබේ පුටුව යට සරුපයෙක් ඉන්නවා...දැන් ඔබලා මොකොද කොරන්නේ...?" ජේ.ආර්. මාතර රාහුල යේ පැවැති උත්සවයක දී ජනතාවගෙන් ප්රශ්න කළේ ය. "සර්පයා මරනවා.." ජනතාව ලව්වාම ජේ. ආර්. කියවා ගත්තේ ය. ..... "ජනත විමුක්ති පෙරමුණ කියන්නේ සරුපයෙක්...ඒ සරුපයා නැති කල යුක්තේ තමුන්ණාන්සේලා පැවසූ ආකරයටම තමයි." බව ජේ.ආර්. ජනතාවට කීවේ ය. කලු ජූලිය හමුවේ ජේ. ආර්. ජනතා විමුක්ති පෙරමුණ තහනමට ලක් කළේ ය.
  4) 1983 කළු ජූලිය අවස්ථාවේ රටේ කළබල ඇතිවූ විට ජේ.ආර්. පැවසූ "තමන්ගෙ ආරක්‍ෂාව තමන් සලසා ගත යුතුය" යනුවෙන් කළ ප්‍රකාශය ජනාධිපති වරයකුට නොවටිනා වචනයකි.
  5) දෙස් විදෙස් මාධ්‍යවේදීන් හමුවේ ප්‍රථම වරට උතුරේ අර්බුධය "ජනවාර්ගික අර්බුධයක්" ලෙස දැක්වීමද ජේ.ආර් සිදුකල බරපතළ වරදකි.එදා එම වචනය වෙනුවට "ත්‍රස්තවාදී කල්ලියක කරදරයක්" යන්න භාවිතා කළ යුතුව තිබුනි.
  6) 1978 ව්‍යවස්ථා සංභේධනයෙන් පසු "මෙම ව්‍යවස්ථාව විශේෂයි.මේකෙන් කොරන්න බැරි ගෑනියෙක් පිරිමියෙක් කිරීම හා පිරිමියෙක් ගෑනියෙක් කිරීම පමනයි." යනුවෙන් පැවසීමද ආන්දෝලානාත්මක විය.
  7)ජේ.ආර් ගේ වචනය බොහෝ විට දෙපැත්ත කැපෙන හා දෙපැත්තටම නැති වූ බවක් බොහෝ විට දැකිය හැකි විය.වරක් මාධ්‍යවේදියකු ඔබ ජ්‍යොතිෂය විශ්වාස කරනවාද? යනුවෙන් ප්‍රශ්නයක් ඇසූ විට මොහොතක් නිහඩව සිට "මම ඕක විශ්වාස කරන්නෙත් නැහැ.නොකරන්නෙත් නෑ " යනුවෙන් පැවසීය නමුත් මූනිච්චාවට එසේ පැවසුවත් ජේ.ආර්.ජ්‍යොතිෂය තදින් විශ්වාස කලේය.ඉන්දියාවට ගොස් තමාගේ නාඩි තල්පත පරීක්‍ෂා කිරීම මෙන්ම වර්තමාන ජනාධිපති තුමා සිදු කරන්නාක් මෙන් "ආරක්‍ෂණ බල යන්ත්‍රයක්" ඔහු නිතර භාවිතා කළ බව සදහන්ය..
  8) ජේ.ආර් ඉදිරිපත් කිරීම් හා ප්‍රකාශ අන් අයව නොමග යවන ආකාරයෙන් විමද විශේෂ විය.ඔහුගේ ව්‍යවස්ථාවේ ඉදිරි ඵල විපාක එදා සිටි ඇතැම් දේශපාලඥයන්ට වැටහීමක් ඇති වුවත් ඒ වන විට ඔවුන්ද ඊට අනුමැතිය දී තිබුනි.මාධෘවේදීන්ගේ ප්‍රශ්න හමුව් ලිස්සා යමටද ජේ.ආර් රුසියෙක් විය.ජනාධිපති ධූරයෙන් ඉවත්ව බොහෝ කලකට පසු 1978 පැවසූ ව්‍යවස්ථාවෙන් කළ නොහැක්කේ ගෑනියකු පිරිමියකු කිරීම හා පිරිමියකු ගෑනියෙකු කිරීම පමනක් යන ප්‍රකශය ගෙන හැර "ඔබ එදා එසේ පැවසුවේ ඇයි" යනුවෙන්  මාධ්‍යවේදියකු ප්‍රශ්න කලත්  "මම එදා එහෙම කිව්වද මට මතක නෑ" යනුවෙන් පිළිතුරු දී ජේ.ආර්. අහක බලා ගත්තේය.

  ජේ.ආර් ජයවර්ධන මහතාගො ජන්ම කොන්ද්‍රයෙ ගුරු රවි කේතු ග්‍රහ පිහිටීම්ද විශේෂය. රවි ලග්නයේ සිටීම නොපසුබට උත්සාහය එඩිතර කම පෙන්නුම් කරන අතර කේතු පහේ සිටීම අධ්‍යාපනයේ සාර්ථකත්වය හා මනා නුනන පිළිඹිබු කරයි.උපතේදී අහස් මුදුනේ (10 වැන්නේ) සිටින ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයාද ජේ.ආර්ගේ ජීවිතයට විශාල බලපෑමක් ඇති කලේය.ජීවිතයේ වටිනාම කාලය මහළු වයස්දී ලගා කරදුන්නේ ගුරු මහ දශාව ලැබීම එතෙක් ප්‍රමාද වූ බැවිනි.1977 මහ මැතිවරණයෙන් අගමැති දූරයට පත්වන විට ඔහු ගතකොට ඇත්තේ ගුරු මහ දශාවයි.




 ප.ලි 
   මියගිය ජේ.ආර් ගේ කේන්ද්‍රය ගැන පවසනවාට වඩා ජීවත්ව සිටින ප්‍රභල ක්‍රියාකාරී දේ්ශපාලකයකුගේ කේන්ද්‍රය විග්‍රහ කිරීම වඩාත් සුදුසු මෙන්ම විස්තර දන්නා මියගිය දේශපාලකයකුගේ ග්‍රහයන් එහෙට මෙහෙට කරකවමින් ජ්‍යොතිෂ විග්‍රහ කිරීම මහ ලොකු වැඩක්දැයි මෙය කියවන ඇතැම් අයට සිතිය හැක.මෙම ලිපිය ලිව්වේ ජ්‍යොතිෂය ගැන වැටහීමක් ඇති අයට තවත් විශ්ලේශණාත්මක අවබෝධයන් ලබා ගැනීමට උපකාරක ලිපියක් ලෙසිනි.මාගේ ලිවීම තරමක් ආවේගකාරී වීම හා අනවශ්‍ය වර්නනා ප්‍රශස්ති ලිවීමට අකැමැති වීමත් මාගේ ඡායාරුව ප්‍රොපයිලයට දමා ඇති නිසා ස්වයං ආරක්‍ෂාවටත් දේශපාලන හා ලෝකායත අනාවැකි හා ලිපි පල කිරීම සීමා කොට ඇත.ඒ පිළිබදව පාඨකයන්ගෙන් සමාව අයදිමි.

32 comments:

Podi Kumarihami said...

ලංකාවේ දේශපාලන නායකයන් බොහොමයක් 'කන්‍යා' ලග්නයෙන් උපත ලැබීම විශේෂයක්ද?

ඔය නාඩි තල්පත බැලීමෙහි සත්‍යයක් තියනවාද?

jotirathna said...

එතකොට JRගෙ කේන්දරේ සැලකිය යුතු මට්ටමේ රාජ යෝගයක් නැද්ද?

email- jotirathna@gmail.com

මාරයාගේ හෝරාව said...

"ජේ ආර් අනුගමනය කළ ක්‍රම විදි නිසා සිංහලයන් වන අපට ශ්‍රී ලංකාව තුල වැඩි වර ප්‍රසාද ලැබී ඇත"

මෙන්න මේ ටික තමා මට තේරුනේ නැත්තේ..?

Anonymous said...

@මාරයා

දැන් අවුරුදු ගානකට කලින් එක පාරක් දෙමල පක්ෂයක් විපක්ෂයේ ප්‍රධාන පක්ෂය බවට පත් වුනා ඔබට මතක ඇති.ඒ වෙලේ ජේ ආර් මහත්මයා විවස්ථාව වෙනස් කර දැන් තියෙන තත්වයට පත කල නිසා නැවත කිසි දිනක සුළු ජාතික පක්ෂයකට රටේ ප්‍රදාන විපක්ෂය බවට හෝ ආණ්ඩු පක්ෂය බවට පත්විය නොහැකියි.

රට මෙහෙය වන්නේ සිංහල පක්ෂ දෙකෙන් එකක් පමණයි.
5%ජන්ද සීමාව 12% දක්වා වත් ඉහල දැමිය හැකිනම් සුළු ජාතික පක්ෂ දියවෙලාම යනවා.
bradman weerakoon ගේ පොත් කියවා බලන්න.

-Nathan-

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

ලංකාවේ බිහිවුණු දක්ෂතම රාජ්‍යා නායකයා කව්ද ? කියල මගෙන් ඇහුවොත් උත්තරය තමයි ජේ ආර් . ත්‍රස්තවාදී ප්‍රශ්නයට ජේ ආර් ට වඩා වගකියන්න ඕනි ඉන්දිරා ගාන්ධි සහ රජිව් ගන්ධි කියන ගොන් දෙබාන .

@මාරයා - හොඳම උදාහරණය , සමානුපාතික ඡ්න්ද ක්‍රමය . ඒක නොතිබුනා නම් හැමදාම විපක්ෂය වෙන්නේ උතුරේ දෙමල පක්ෂ . අද ඒ තත්වය තිබුනා නම් එජාපයට වඩා මන්ත්‍රි ආසන ලැබෙන්නෙ දෙමල සංධානයට ,ලංකාවේ ප්‍රධාන විපක්ෂය දෙමල සංධානය වුනා නම්

01)මහින්ද රාජපක්ෂට කීයටවත් යුද්ධෙ ඉඅවර කරන්න ලැබෙන්නෙ නැ
02) බලහත්කාරයෙන් කරගෙන ගියා නම් (එච්චර හරියක් කොරා..න්න ඉන්දියාවෙ ඉඩ දෙන්නෙත් ප්‍රධාන විපක්ෂය දෙමල ජාතිකයින් නම් ) , මෙහලහකටත් යුධි අධිකරණයට ගිහින්

jhothishalanka said...

මාරයාට මම කියන්න ගියෙත් බුවා හා නතාන් කියපු කතාවම තමයි.1977 මහ ඡන්දෙන් නිදහස් පක්‍ෂය ආසන කීපයක් පමනක් දිනමින් අන්ත පරාජයකට පත්වුනා ආසන ක්‍රමය තවදුරටත් තිබුනා නම් විපක්‍ෂ නායකකම දෙන්න වෙන්නේ දෙමළ නායකයකුට නමුත් එදා ජේ.ආර්.තවත් ගැටයක් ගහලා සමානු පාතික ක්‍රමය ගෙනල්ල අනුරව විපක්‍ෂ නායකයා කලා.

මාරයාගේ හෝරාව said...

බොහෝම ස්තූතියි තිදෙනාටම කාරනාව මෙහෙම පැහැදිලා කලාට... ඒ කතාව හරි...

මට ඒක හරහා තව ප්‍රශ්නයක් ආවා නෙව.

සමානුපාත ක්‍රමය හරහා දෙමළ ජාතිකයින් පැත්තකට විසි කරලා දාලා සිංහල පක්ෂයකටම ප්‍රධාන විපක්ෂය හැටියට පත් වෙන්න දීමම නෙවෙයිද අවසානයේදී ඔවුන්ව දේශපාලන මාවත පැත්තකට දාලා ත්‍රස්ථවාදී පැත්තට අරගෙන යන්න පහසුවක් උනේ.. ඒ හරහා අද වෙනකොට අපිට මොනවද ලැබිලා තියෙන්නේ...

ඇනෝ හැටියට කමෙන්ට් කරලා තියෙන Nathan යන අය ගැන මං හරියටම නොදන්න හින්දා මං බුවාගෙන් ඉල්ලා සිටින්න කැමතියි ඔය කතාව ගැන පෝස්ට් එකක් ලියන්න කියලා. විශේෂයෙන්ම ඔය ක්‍රියාව ගැන ඔබ දරන මතයත්.. එයින් සිදු වූ හොඳ හා නරක දෙපැත්තම ගැනත් එක්කම...
හා එදා එසේ නොවුනානං එයින් පසුව විය හැකි තත්වයන් ගැන කල හැකි උපකල්පනයන් සගින්ම... මං හිතන්නේ බුවා මගේ ඉල්ලීම ඉටු කරාවි කියලයි.

නැවත වතාවක් තිදෙනාටම ස්තූතියි...

jotirathna said...

@Podi Kumarihami
ඔය කතාවේ සත්‍යතාවයක් ඇති කියල මම හිතන්නේ නැහැ.JRගේ මේ කෙන්දරසටහනත් නිවැරදියි කියල මමනම් විශ්වාස කරන්නේ නැහැ.රාජ්‍ය නායකයෙක් තමන්ගේ කෙන්ද්‍රසටහන ලේසියෙන් අනෙක් අයට ලැබෙන්න සලස්වාවී කියල හිතන්න අමාරුයි.

email- jotirathna@gmail.com

Anonymous said...

ජේ ආර් ගේ කේන්ද්‍රයේ පුනැස්ථානාධිපති වූ කුජ 12 වැන්නේ යෝග වීමත් වික්‍රම්ස්ථානාධිපති වූ කුජ 12 වැන්නේ යෝග වීමත් අනුව මනුෂ්‍යයන් බල්ලන් බලලුන් ගානට සැලකීමත් මනුෂ්‍යන් ආත්ම වල ඉරණම තැන තැන තීන්දු කර පෙන්වූ තම සිතට අධිපති වූ චන්ද්‍රයාද 12 වැන්නේ යෝග වී කුජ ගෙන් පීඩා වී සිටීමෙන් සිත් පිත් නැති චරිතයක් පෙන්නුම් කෙරේ.කරපු සියලු වික්‍රමයන්(ලාම්පු කළගෙඩි,වැවස්ථා සංශෝදන ) කිසිදු සත්භාවයකින් නොකල බව මින් මොනවට පැහැදිලි වේ.රාහු 11 වැන්නේ ගෝචර වීමෙන් ඒ සියලු වික්‍රම කටයුතු සඳහා තිබූ බාදක අරිෂ්ඨ දෝෂ බංගයෙන් මග හැරී ගොස් තිබෙන බව මින් පෙනේ.

සත් අපායක් යට තවමත් අපායේ සැප විඳිනා බව මින් සක් සුදක් සේ කිව හැක.

jhothishalanka said...

@Anonymous
ජේ.ආර්ගේ කේන්ද්‍රයේ සදු පිහිටීම ගැන විස්තරයක් නොකිරීම මග් ලිපියේ අඩුවක්.ඔබ ඉතා විශිෂ්ඨ ලෙස එම අඩුව පුරවා තිබෙනවා.ස්තූතියි.

jotirathna said...

@Anonymous
තම තමන්ගේ විශ්වාස මත පිහිටලා මෙවැනි ශ්‍රේෂ්ට පුරුෂයන්ට අපහාස කිරීම මම තරයේ ප්‍රතික්ෂේප කරනවා. තම තමන්ගේ විශ්වාස මත පදනම් වෙලා ජෝතිෂ්‍ය අවශ්‍ය ආකාරයට හැසිරවීම වරදක්. buwa කිව්වා වගේ ලංකා ඉතිහාසයේ අග්‍රගන්‍ය දේශපාලඥයා JR . ඔහුගේ දේශපාලන බාවිතය ඉතාම විශිෂ්ටයි. JR ට මෙන් ක්‍රමවත් අද්යාපනයක් ලැබුනානම් අද JR ඉන්න තැන ඉන්නේ R.ප්‍රේමදාස .

jhothishalanka said...

@jotirathna
ඇනෝ කමන්ටුව කවුරුන් එව්වා දැයි හරිහැටි 2නාදන්න නමුත් ඔහු(ඇනෝ)ජ්‍යොතිෂය මැනවින් උගත් අයකු බව වැටහේ.පුන්‍යස්ථානාධදපති සිකුරු බලවත්ව සිටියත් සදු පාප කර්තී වීම හා අනිත් ග්‍රහ පිහිටීම් අනුව ඔහුගේ(ජේ.ආර් මහතාගේ) ඉදිරි ආත්මය තරමක් දුක්ඛිත බවක් පන්නඑම් කරනවා.

jhothishalanka said...

@anonymous
ජේ.ආර් මහතාගේ කේන්ද්‍රයේ පුන්‍යස්ථානාධිපති කුජ නෙවයි සිකුරු

Anonymous said...

ජයවර්ධන ජනාධිපති තුමා සම්බන්දව මට නම් කිසිදු පැහැදීමක් නැත.වර්තමාන ජනාධිපති තුමාට සමහර ජන මාධ්‍ය වලින් මහරජ යනුවෙන් උපහාසාත්මකව හැදින්වුවත්,සැබවින්ම රජෙක් ලෙස අත්තනෝමතිකව හැසිරුනේ ජයවර්ධන මහතා බව කිවයුතුය.පුද්ගලික ජන මාධ්‍ය නොතිබූ එකල රජයේ ගුවන් විදුලියේ එතුමා හැදින්වුයේ උතුමා,උතුමාණන් වහන්සේ ආදී ලෙසිනි.රුපියල් 10 යක වැටුප් වැඩිවීමක් ඉල්ලා වැඩ වර්ජනය කල රජයේ සේවකයන් 80000 පමණ කිසිදු අනුකම්පාවකින් තොරව සේවයෙන් පහකලේ එතුමාය.සිංහලයන්ට එතුමාගේ පාලනයෙන් යහපතක් සිදුවුවේ නැත.83 ජුලියෙන් පසු සිංහල මිනිසුන්ට සිදුවූ විපත්තීන් කොපමණද? එසේම දකුණේ මර්ධනය කල සිංහල තරුණ පිරිස කොතරම්ද.ගැටඹේ විහාරයට කටු කම්බි ගසා එදා බොදු විරෝදියෙක් ලෙසද එතුමා හැසිරිණි.අවසන් වශයෙන් වර්තමාන දුෂිත දේශපාලන සංස්කෘතියට දොර කවුළු විවර කිරීමට වැඩිපුරම දායක වුවේ එතුමාගේ ක්‍රියාකාරීත්වය බව කියමි.

Anonymous said...

@jotirathna ...
මනුෂ්‍ය ගති පවතුම් ඇති රාශියකින් ඉපදුණු මා අමනුෂ්‍ය කේන්ද්‍ර සටහන් දුටුවිට ඔහු රජෙක් වුවත් ඔහුව ඔහුගේ ක්‍රියා හෝ ආරෝපිත චරිත හෝ වාසි නොබලා බුදුන්ගේ නිර්මල ධර්මය ගුරු කොට සත් මනුෂ්‍ය ගති පැවතුම් දෙවි කොට සලකා කේන්ද්‍ර සටහනක් විග්‍රහ කිරීම නුරුස්සයි නම් ඔබද එවන් රාශියකින් ඉපදී ඇත්දැයි මා හට සාදාරණ සැකයක් උපදී.

jotirathna said...

@JHOTHISHALANKA
අදාල ප්‍රකාශයේ ජෝතිශ්‍යමය කරනා ගැන මම ප්‍රශ්න කරේ නැහැ. මොකද එහෙම ප්‍රශ්න කරන්න තරම් දැනුමක් මට නැහැ. නමුත් මම ප්‍රශ්න කරේ අදාළ ප්‍රකාශය ගැන. එක සම්පුර්ණයෙන්ම අපහාසාත්මකයි. අපහාස කිරීම අරමුණු කරගෙන ජෝතිෂ්‍ය තමන්ට අවශ්‍ය විදිහට යොදාගැනීමක් තමයි කරලා තියෙන්නේ.

jhothishalanka said...

කමෙන්ටු වැටෙන ආකාරය ගැන නම් මගේ වැඩි පැහැදීමක් නැත.මැරුනු ජේ.ආර්. මහතාගො හොද නරක ගැන අපි වාද විවාද කිරීම සිත් රිදවා ගැනීම නුසුදුසු යැයි සිතේ.

Anonymous said...

@JHOTHISHALANKA
වරද පිළිගනිමි.එසේනම් ධනවත් යම් තරමක ගුණ වන්තයෙකි.එහෙත් 12 වැන්නේ චන්ද්‍රයා වික්‍රමස්තානාධිපතිගෙන් පීඩා වීම සලකා ක්‍රියා පිළිබඳව පෙර විග්‍රහය එලෙසම වෙනස් නොකර තබමි.

jhothishalanka said...

ඇනෝ කමෙන්ටුවෙන් මියගිය ජේ.ආර්.මහතාට අගෞරවයක් යම් තරමකින් හෝ සිදුවී ඇති බව මමත් පිළිගනිමි.මා ඊට උඩ ගෙඩි දුන්නා නොවේ.නමුත් ඇනෝගේ ජ්‍යොතිෂ විග්‍රහ කිරීම හරි සිත් ගන්නා සුලුයි.ඔබ දෙදෙනාම මගේ බ්ලොගයේ පාඨකයන්ය.එකිනෙකාගේ සිත් නොරිදෙන අයුරින් කමෙන්ට් නොකොට සහෝදරත්වයෙන් කටයුතු කරන ලෙස මගේ ඉල්ලීමයි.

jotirathna said...

@Anonymous
ඔබ ඔතරම් ඔබේ ජෝතිෂ්‍ය දැනුම ගැන විශ්වාසයක් තබා සිටින්නෙක් නම් ඔබට අභියෝගයක් කිරීමට කැමතියි.පහත email ලිපිනයෙන් මාව සම්බන්ධ කරගන්න.මගේ උපන් වෙලාව ඇතුළු විස්තර ඔබ වෙත ලැබෙන්න සලස්වන්නම්. මට පිළිගත හැකි මට්ටමේ කරනා දෙකක් වත් ඔබට මගේ කෙන්ද්‍රසටහන පරික්ෂ කර කිවහැකිනම් මේ පොස්ටුවෙන්ම ඔබේ ප්‍රකාශ පිළිගෙන ප්‍රසිද්ධියේ ඔබෙන් සමාව ගැනීමට මම සුදානම්.
jotirathna@gmail.com

jhothishalanka said...

@jotirathna ඔයා ඇනෝගෙන් සමාව ගත යුතු තරමේ වරදක් කොට නැත.ඇනෝගේ කමෙන්ටුවේ නම් ඔබට අගෞරවයක් කොට ඇත.සමාව ගත යුත්තේ ඇනෝ ඔබගන් බව මගේ පෞද්ගලික හැගීමයි.ඔන්න දෙදෙනාගේ සුහද සංවාදයට මේ බ්ලොගය විවෘතයි.

jotirathna said...

ඔහු මට කියූ දේ ගැන කිසිදු ගැටළුවක් නැහැ. මම කැමතියි මගේ අභියෝගයට ඔහු මුහුණ දෙන ආකාරය නිරීක්ෂණය කරන්න. ඔහු සාර්ථක වනවානම් ඔහුගේ ජෝතිෂ්‍ය දැනුම ගැන මගේ ගෞරවය, ඔහුගේ ප්‍රකාශයට විරුද්ධ වීම සම්බන්ධයෙන් සමාව ගැනීමෙන් පෙන්වන්න කැමතියි.

Anonymous said...

@jotirathna
ඔබට යම් පමණක සිත් තැවුලක් ඇතිවීනම් මගේ කණගාටුව මම පළකිරීමට කැමැත්තෙමි.ඔබ දුන් අභියෝගය නොයෙක් කරුණු සලකා කාරුණිකව ප්‍රතික්ෂේප කරමි යන්නයි.එයින් ඔබ කුමක් අර්ථකථනය කිරීමට උත්සාහ ගත්තත් මට ඉන් ප්‍රයෝජනයක් නැත.

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

@මාරයා - පෝස්ට් එකක් ලියන්න තරම් දෙයක් තමයි , ඒත් මම අත්විඳල නැති ඉතිහාසයක් ගැන එහම ලියන්න පුලුවන්ද කියන එකත් ප්‍රශ්නයක් .. මේ ගැන මම ඉදිරිපත් කරන මතයත් වර්ථමානය ගැන වගේ අවධාරණය කරල කියන්න හැකියාවක් නැ , වෙන කෙනෙක් සම්පූර්නයෙන්ම වෙනස් විග්‍රහයක් කරන්න ඉඩ තියෙයි .

ඔබ මතු කල ප්‍රශ්නය ගැන කථා කලොත් , දෙමල ජනතාව ආයුධ අතට ගැනීමේ මූලික කාරණාවල් බොහොම ඇත කාලයට විහිදෙනවාය කියලයි කියන්නෙ , ඇත්තටම කිව්වොත් ඉංග්‍රිසින් ගේ පාලනයේ අන්තිම කාලයට . ඒ නිසා මේ සිද්ධියේ බලපැමක් තිබුනාය කියල මට හිතෙන්නෙ නැ .ලක්ෂ ගානක් ඡ්න්ද ලබාගෙනත් විපක්ෂ නායක කම අහිමිවෙන ක්‍රමයකට වඩා සමානුපාතික ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදයට හිතකරයි කියන තැන ඉඳන් බලන කෙනෙක් නිසා මම ඒ දේ දකින්නෙ යහපත් විදිහට , ඒත් ඒ කාලේ ප්‍රායෝගික අත්දැකීම් තියන කෙනෙක් ජාතික ප්‍රශ්නයට ඔය සිදුවීමේ බලපැම වෙනස් ආකාරයකට විග්‍රහ කලොත් (ඔබ විග්‍රහ කර ඇති ආකාරයට ) ඒ ගැන බරපතල ලෙස ප්‍රශ්න කිරීමෙ හැකියාවකුත් මට නැහැ . මොකද මම ලියන්නෙ වර්ථමානයේ ඉඳන් අතීතය දිහා බලාගෙන නේ

jotirathna said...

@Anonymous
ඔබත් මමත් අප දෙදෙනාම අනන්‍යතාවයන් හෙළි නොකර සිටිනා අයයි.එසේනම් ඔබට මගේ අභියෝගය පිළිගැනීමට නොහැකි කාරණය නොවැටහේ.ඔබ මෙන්ම ජෝතිෂ්‍ය මමද විශ්වාස කරමි.නමුත් ඔබ අභියෝගය ප්‍රතික්ෂේප කිරීමෙන් සිදුවන්නේ ජෝතිෂ්‍ය පිලිබඳ මේ අඩවියේ පාටකයන්ගේ විශ්වාසය බිඳ වැටීමයි. ඔබගේ ජෝතිෂ්‍ය දැනුම ප්‍රමාණවත් නැති බවට ඔබ තුලම සැකයක් හෝ හීනමානයක් ඇති බව මම යෝජනා කරන්නට කැමතියි.

Anonymous said...

@jotirathna
ඇනෝනිමස් තත්වයේ කමෙන්ට් කලද මාගේ අන්න්‍යතාවය හෙලිකිරීමට මම මැලි නොවෙමි.තිරිසනා යනුවෙන් පෝස්ට් දමන්නේ මමයි.වෙනත් නෙට්වර්ක් පද්ධතියක පිහිටි පරිගණකයක සිට සත්‍ය අයිඩී එකකින් ලොග් වීම මා ලබ ඇති පරිගණක දැනුම නිසාම මම සිදු නොකරමි.
ඔබේ අභියෝගය ගැන මට කිව හක්කේ මෙපමණකි.නියම ජ්‍යෝතීර්වේදියකු භාවිතා කරන්නේ උගත් ශාස්ත්‍රයත් බුද්ධියත්ය.ඒ බුද්ධියේ පිහිටෙන් ඔබ අභියෝගය කරන ලද ආකාරයද, හෝරාවද සලකා මම ඔබ කරන අභියෝගය බාර නොගනිමි.
@JHOTHISHALANKA
ජ්‍යෝතීවේදියකු ඔන්ල්යින් අභියෝග භාරගත යුතුද? මැයෙන් ලිපියක් පළකල යුතුව ඇත.

APW said...

http://lifethroughastrology.com/will_prince.html

Anonymous said...

@තිරිසනා

අනේ ගොනෝ තිරිසනා කියන්නේ සත්‍ය අයිඩී එකක් වෙන්නේ කොහොමද?
නිකං බූරුවා වගේ තප්පුලන්නේ නැතිව හිටිං. ඔය කිව්ව අභියෝගයවත් බාර ගන්න බැරිනං තොගේ දැනුම කන්නද?
හෝරාව බලලා බාර ගන්න බැරිය කියලා ඇග බේරගන්න පුළුවන්ද? එහෙමනං උඹේ දැනුමට වඩා හෝරාවේ බලවත්කම වැදගත් වෙන්න ඕන.තෝ නං මීහරකෙක්ම තමා.නිකංම නිකං තිරිසනා කියලා දාන්නේ නැතිව මී හරකා කියලා දාගං. ඌත් තිරිසනෙක්නේ.

ජෝතිස ලංකා කරුණාකර මේ කමෙන්ටුව ප්‍රසිද්ධ කරන්න එහෙම නොකර ඉන්න තරං දෙයක් මේකේ නැහැ.
හැබැයි මට සැකයක් තියෙනවා තිරිසනා නමින් ද්විත්ව රංගනයක යෙදෙන්නේ ඔබමයි කියලා. ඒක සත්‍යයක්නං මේක නොදා හිටියත් මට කමක් නැහැ. මොකද ඔබේ අඩවියේදී ඔබ ඔබේ ගෞරවය ආරක්ෂා කරගත යුතු නිසා.

Anonymous said...

ඔය jotirathna උන්නැහේ දෙමු බලන්ට තමුන්ගේ කේන්දරය හදා ගන්න ඕන කරන තොරතුරු ටික තමුන්ට ඔය තරංම ඕනනං ඕක බලාගන්ට. මොකද මං අර තිරිසනා කියපු කෙනාගේ භාෂා ශෛලියට කැමති නැති උනත් ඔහු කල විග්‍රහයේ වරදක් දකින්නේ නැහැ. ඒ හින්දා මං දෙන්නං තමුන්ට ඒ වගේ විග්‍රහයක්.

-තවත් ඇනෝ බට්ටෙක්

jhothishalanka said...

@anonymous
කනගාටුයි ඔබේ කමෙන්ටුව පලකල නොහැකියි.තිරිසනා හා මම(ජ්‍යොතිෂලංකා) එක්කෙනෙක් නොව දෙදෙනෙකි.ඔබ එය පිළිගන්නවා නම් පිළිගන්න.ඔබගේ කමෙන්ටුවේ තිරිසනාට බැනවැදී ඇති ආකාරය හරිම නින්දිතයි.ඔබ ජ්‍යොතිරත්නද නොවේ මම එයද හොදින් දනිමි.ඔබ ඒ කමෙන්ටුව එවන ලද්දේ නරක හිතකිනි.තිරිසනාත් ජෝතිරත්නත් දෙදෙනාම ජ්‍යොතිෂය විශ්ලේෂනාත්මකව සිතන බුද්ධිමත් අය.ඔබගේ කමෙන්ටුව පල කල නොහැකියි.

Chanaka Aruna Munasinghe said...

[ කෙසේ වුවත් ඔහු 100 %ක් පිරිසිදු බෞද්ධයෙකු මෙන් කටයුතු කලේය. ]

දෙවෙනි ලෝක යුද්ධෙන් පස්සෙ ජපානෙට සම්බාධක දාන අදහසින් පවත්වපු සැන් ෆ්‍රැන්සිස්කෝ සමුලුවේදී "නහී වේරේන වේරානි" ගාථාව කියල සම්බාධක සමුලුව ජපානෙට ආධාර දෙන සමුලුවක් කලේ ජේ ආර්.

Anonymous said...

77 viyavasthavata bavuddha agamika padhanamak thiyanava man hithanne......eka nathi karanna kiyala dan rosi senanayaka ehema ka gahanavane.....

Related Posts Plugin for WordPress, Blogger...